Monday, May 30, 2016

චින්ගීස් අයිත්මාතෆ් හා ගුරු ගීතය. 1 කොටස

බ්ලොග් අඩවි කීපයක චින්ගීස් අයිත්මාතෆ්, දුයිෂෙන් හා ගුරු ගීතය පොත පිළිබඳව සඳහන් කල හෙයින් පරිවර්ථන වලට පමණක් සීමා වන්නට සිතූ මම අවශ්‍යතාවය අනුව යම් යම් සටහන් තැබිමටද ආරම්භ කරමි.

        දැදිගම වී. රොද්‍රිගු මහතා විසින් රුසියන් බසින් සිංහල බසට පරිවර්තනය කල “ ගරු ගීතය “ නම් වූ නව කතාව චින්ගීස් අයිත්මාතෆ් විසින් ලියු බව ඔබ කවුරුත් දන්නා කරුණකි. එහි රුසියානු නම “ පියෙර්වි උචීතිල් “ වේ.

රුසියානු භාෂාවෙන් ගුරුවරයා හඳුන්වන වදන් දෙකකි.

1.   උචීතිල්

2.   ප්‍රිපදවාතිල්


“ උචිතිල් “ යන වචනය  “ උචිත් “ යන ක්‍රියා පදය හා බැඳේ. උචිත් යන්නෙහි අර්ථය වන්නේ යම් දෙයක් ගොඩනැගීම සඳහා ඉගැන්වීම හෝ පුහුණු කිරිමයි. ඒ අනුව “ උචිතිල් “ යනු යම් දෙයක් ගොඩනැගීම සඳහා උගන්වන හෝ පුහුණු කරන පුද්ගලයා වේ.


“ ප්‍රිපදවාතිල් “ යන වචනය “ ප්‍රිපදවාත් “ යන ක්‍රියා පදය හා බැඳේ. එහි තේරුම වන්නේ මනාලෙස ලබාදීම යනුවෙනි. ඒ අනුව ප්‍රිපදවාතිල් යනු මනාලෙස ලබාදෙන්නාය. කුමක්ද? දැනුම.

තවද  “ උචිතිල් “ වරු සෝවියට් හා රුසියානු ප්‍රාථමික හා කණිෂ්ඨ පාසල් වල සිටින ගුරුවරු පිරිසකි. “ ප්‍රිපදවාතිල් “ වරු ජේෂ්ඨ පාසැල්වල, විශ්ව විද්‍යාල හා අධ්‍යාපන ආයතන වල අධ්‍යාපනය ලබා දෙන ගුරුවරු පිරිසකී.
ඒ අනුව කුඩා අල්තීනායිට දුයිෂෙන් වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම උචීතිල් කෙනෙක් වූයේය. මන්ද දුයිෂෙන් ඇයට ජීවිතය ගොඩනගා ගැනීමට ඉගැන්වූ නිසාවෙනි.

තවද පියෙර්වී උචිතිල් යනු වෙන් අදහස් වන්නේ “ මුල් ගුරුතුමා “ ලෙස වේ.

සටහන - ෆීලික්ස් ප්‍රනාන්දු.

Saturday, May 28, 2016

වැස්ස.


මම ප්‍රීතිමත්ය සෑම ලෙසකින්ම.තෙල නගරය මොහොතින් පෙඟුනේය.
තෙල පියැසි දූලි සහගත, පසුගියදා,
අද පෑදි සේද සේ දීප්තිමත්ය,
කඩා හැලෙන දිය දහර රිදී.

මම ප්‍රීතිමත්ය, මගේ දුක්කප්‍රාප්තිය වියැකෙන්නේය.
මදහසින් කවුළු තුලින් බලමි,
එතරම් කඩිසරව නුඹ, අසලින් පසුකර යන්නේය.
ලිස්සා යන විදි මත, තනිකඩවම.

මම ප්‍රීතිමත්ය, වැස්ස තදින් හැළුනට,
නාඳුනන දොරකඩ හැරගිය,
හකුළා දමන්න නුඹ තෙත කුඩය.
හා හැරයන්න වැසි වළාවෙන්.

මම ප්‍රීතිමත්ය, නුඹ මා අමතක කළාය.
කුමක්ද, පිළිවෙළ ඉක්මවූ ද්වාරමණ්ඩප වෙතින් පිය මනින,
නුඹ මාගේ කවුළුව දෙස බැල්ම නොහෙලන්නේය.
මුහුණ මතට මගේ නුඹ වීසි නොකරන්න.

මම ප්‍රීතිමත්ය, නුඹ මා, අසලින් පසුකර යන්නේය.
නුඹ මට තවමත් දෘශ්‍යමානය.
එතරම් ප්‍රශස්තය හා නිර්දෝෂිය.
ගෙවියන්නේය ලාලසී වස්සානය.


7 අප්‍රේල් 1908. මොස්කව්.
හොදසේවිච් ව්ලාදිස්ලාෆ්.
රුසියන් බසින් සිංහල බසට,

ෆීලික්ස් ප්‍රනාන්දු.

Friday, May 27, 2016

වසන්තය.


වසත්කලදී බුන් මිදිදිය
ඇදියාවි කැළඹුනු නදී දියේ,
කවදා වෙල්යාය අතරින් පතර,
කළුපැහැගත් නිරුවත් මිහිකත,
හා හීන් මීදුම පතිත වන්නේය වළාකුළු මත,
අඩ නාඹර කෙත් මත, සිහින නිරර්ථකය. ශෝකය රැකෙන්නේය.
කොඩුකාර මාගේ ආත්මය තුල,
නමුත් ඇය පමණක්ද හුදෙක් නාඹර වන්නේ,
නිසල ලෝහිත ගිනිදැල් ඇවිළුනේය.
ඔහු සමග කාලය ගෙනයන්නේය.
කව්ද එතරම් විඳේව්වේ. බාගදා
ඇය වෙත හඳවත තුල ආදරය සෙයා නොගත්තේය.

1830,
මිහායිල් ලෙර්මන්තෝෆ්.
රුසියන් බසින් සිංහලට,
ෆීලික්ස් ප්‍රනාන්දු.

Wednesday, May 25, 2016

ලිහිණියා.

ලිහිණියා, පැසුළු ලිහිණියා සෝචනීය මොරගැසීමකින් හෙම්බත්ව
    ඇල් මුහුදු ආගාධය මතින්.
හා කොතැනින් දඩිබිඩියේ පැමිණියේද?කුමක් සඳහාද? කිමෙක්ද ඇය ආඩාපාළි
මෙලෙස සුපුන් අපරිමිත ශෝකයෙන්ද?

තෙරක් නොමැති දුර - සමාචාර නොවන නැබ රැව්වේය.
    පැද්දෙන්න පටන් ගැන්නේය පෙන පැසුළු රළ මස්තයේ.
වැළපෙන්නේය උත්තර පවන, හා ලිහිණියා වැළපෙන්නේය, උන්මත්තක,
    ලැගුම් අහිමි ලිහිණියා දුරු රට සිට.


1894.
කන්ස්තන්තීන් බල්මොන්ත්.
රුසියන් බසින් සිංහල බසට,
ෆීලික්ස් ප්‍රනාන්දු.

Tuesday, May 24, 2016

රුවල.

ධවල වණින් ලෙළදෙයි රුවලක් හුදකළාව.
මීදුම්බර සයුරේ නිල්වන්,
කුමක් සොයන්නේද ඔහු ඈත රටින්?
කුමක් හැරදැමුවේද ඔහු මව් දෙසින්?

රළ කෙළියේය - පවන පිඹයන්නේය.
හා තුඹය වකගැසෙන්නේය හා හඬතලන්නේය.
අඳෝමයි! ඔහු වාසනාව නාෙසාෙයන්ෙන්ය.
හා වාසනාවෙන් පැනයන්නේද නැත.

ඔවුන් යට නික්මයමින් බබළන නිළඹරය.
ඔවුන් මතින් රන්හිරු කිරණය.
එහෙත් ඔහු, දුර්දමය, යදින්නේය කුණාටු,
ඇත්තා සේ කුණාටු තුල සංහිඳියාව.

1832.
මිහායිල් ලෙර්මන්තෝෆ්.
රුසියන් බසින් සිංහල බසට,
ෆීලික්ස් ප්‍රනාන්දු.

Monday, May 23, 2016

මුනිවත.



නුඹව නොසෑහෙන්නේය මට,
නුඹට - නොසෑහෙන්නේය ඇයව.
හා ඒකිනෙකාට නින්දා කළෙමු .....
නමුත් එළඹ ඇත කාලය, නෙපමාව නිර්වානයට,
අපි වැතිරෙමු හා නිහඬවෙමු
විකුණු පැරණි කවිච්චිය මත
අපි වැතිරෙමු හා නිහඬවෙමු,
එකිනෙකා නිහඬවන්නේය තම තමන් ගැන පමණී.

සහසිකව අපි නිහඬවන්නේමු, හා ඒ හැම පිටින්ම,
සමීපයේ සිටිමින් නිහඬවන්නේමු, හා පියාසැරියේදී,
කුමක් කරම්ද? එසේ පුරුදුවිය,
කුමක්ද? නුඹ සමග අපි සැමදා - වෙන්ව,
හා අපි සැමදා නුඹ සමග - පිරිමැස්මේ.

1999.02.10
ව. තාත්යානා පව්ලෝව්නා.
රුසියන් බසින් සිංහල බසට,
ෆීලික්ස් ප්‍රනාන්දු.

Sunday, May 15, 2016

මාරුතය.



නිර්ව්‍යාජව ජීවත් නොවෙමි මම,
චංචල සිහින වලට ආදරය කරමි මම,
දවාලන හිරු කාන්තියෙන්,
තෙත්බර සඳුගේ දීප්තියෙන්.

ජීවත් නොවෙමි මම නිර්ව්‍යාජව,
තත්වැයි ඉඟියකට කන් යොමමි මම,
මලකින් හා රුකකින් බියකරු,
මුහුදු රලේ පුරාවතින්.

තිර පැතුමින් නොබිනිය හැකි,
බොඳ අනාගතයක ජීවත් වෙමි මම,
මීදුමින්බර අරුණෝදයේ සුසුම්ලමි,
ගොම්මනේදී ඉපිලෙමි සරුවට.

නිරන්තර අනපේක්ෂිත ප්‍රීතියේ,
සිපගත්තේය බියසුළු කොළ අතු,
ජීවත්වෙමි නිර්දය පළායාමේ මම,
ජීවත්වෙමි ගිජු සාංකාවේ මම.

1895 දී,
කොන්ස්තනිතීන් බල්මොන්ත්.
රුසියන් බසින් සිංහල බසට,
ෆීලික්ස් ප්‍රනාන්දු.