Tuesday, May 24, 2016

රුවල.

ධවල වණින් ලෙළදෙයි රුවලක් හුදකළාව.
මීදුම්බර සයුරේ නිල්වන්,
කුමක් සොයන්නේද ඔහු ඈත රටින්?
කුමක් හැරදැමුවේද ඔහු මව් දෙසින්?

රළ කෙළියේය - පවන පිඹයන්නේය.
හා තුඹය වකගැසෙන්නේය හා හඬතලන්නේය.
අඳෝමයි! ඔහු වාසනාව නාෙසාෙයන්ෙන්ය.
හා වාසනාවෙන් පැනයන්නේද නැත.

ඔවුන් යට නික්මයමින් බබළන නිළඹරය.
ඔවුන් මතින් රන්හිරු කිරණය.
එහෙත් ඔහු, දුර්දමය, යදින්නේය කුණාටු,
ඇත්තා සේ කුණාටු තුල සංහිඳියාව.

1832.
මිහායිල් ලෙර්මන්තෝෆ්.
රුසියන් බසින් සිංහල බසට,
ෆීලික්ස් ප්‍රනාන්දු.

7 comments:

  1. අපුරුයි ෆෙලික්ස්.. ජය

    ReplyDelete
  2. ෆීලික්ස්....මැ‍යි මාසේ අද වෙනකොට පෝස්ට් 28ක් දාලා. අගෙයි!

    අද බ්ලොග් එකේ අකුරු වෙනස්කරලා. ඒක හොඳ තීරනයක්.

    ReplyDelete
  3. මගේ උත්සහය එක් දිනකට එක පරිවර්ථනයක් පෝස්ට් කරන්නයි. ඔබලාගේ ඇගයීම මට ශක්තියක්.

    ReplyDelete
  4. ලෙර්මන්තොව් ගේ කවි වලට කැමතියි. හොඳ පරිවර්තනයක්.

    ReplyDelete
  5. ඔබ පෙම්වතියේ නමින් වූ පරිවර්ථනය කියෙව්වාද? ඒ පිළිබඳ ඔබගේ අදහස දෙන්න.

    ReplyDelete
  6. This comment has been removed by the author.

    ReplyDelete