Saturday, January 28, 2017

ඔබ කෙරෙහි නැවතත් මම ආදරය කරමි හා වශි වීමි.







ඔබ කෙරෙහි නැවතත් මම ආදරය කරමි හා වශි වීමි
එවැන්නක් සිදු නොවන්නේ යැයි - නුඔ පවසන්නෙහිද?
එහෙත් මාගේ සෑම පැමිණීමක්ම අපූර්ව ය හා නැවුම් ය,
ගුප්ත යැයි මට හැඟෙන්නේ ය පැරීසිය.

සිදුවන්නේය එසේ. ජීවත් වන්නේය නුඹ, ජීවත් වන්නේය මිහිමත.
ගෙවී යන්නේය වසන්තය හා කුළුඳුලේ යුරු
නුඹට හැඟෙන්නේද ඒ මදනළ කොතරම් නාඹර දැයි
හා නැවත බිඳු ව්‍යාකූල වෘත්තාන්තයක.

කුළුඳුලේ මම ලියමි පදවැල්
ලියුවත් පදවැල් කලක සිට.
ආනන්දජනක කැළඹීම් වලට බෙහෝ ඉඩහැරියේ ය,
මතකයේ රැඳේ මගේ මෑතක - එකම දෙයක්.

සිදුවන්නේය එලෙස .... නොමැරුවෝය, නොකළෝය දූෂණය
ලාලසාව නොදන්නේය, උපද්දවමින් නැවත හා නැවත.
නුඹ - මගේ නෑඹුල් පදවැල්ය
හා නෑඹුල්, අමරණීය ආදරයයි.

රසූල් ගම්සාතෆ්.
රුසියන් බසින් සිංහල බසට,

ෆීලික්ස් ප්‍රනාන්දු.

4 comments:

  1. පට්ට...
    ඒක නං සුපිරි කවිය
    ජයවේවා

    ReplyDelete
  2. //නුඹ - මගේ නෑඹුල් පදවැල්ය//

    ලස්සන යෙදුමක්.

    ජයවේවා!!!

    ReplyDelete
  3. මා උත්සහ කරන්නේ මුල් කෘතියට ආසන්න වන්නටය.
    ඔබට තුති.

    ReplyDelete