Wednesday, February 15, 2017

රාත්‍රි දුම්රිය.


සැලුනේ ය ආකාශ ගත ආරුක්කුව.


එය ඉතා ආසන්නයේ පිහිටියා සේය
සුළඟට, ජලයට, වැල්ලට.
අනපේක්ෂිතව මතුවිය සංචලනය,
තවමත් අපැහැදිලි,
වටේ කැරකෙන්නා සේ
මන්දගාමීව
වළාකුළු තුල.
චන්ඩ බිඟුන් රොද බඳිති
සර සර නද දෙන්නේ ය මුර්ජ අරණ
හැක්කේය, ඉරා දමන්නට සීමාවන්,
ගලා හැලෙන්නේ ය පව්වේ සිට ඟග
ලතෝනි ලති ආතතියෙන්
දෑළෙ පෙන.
හැක්කේය, අකුණු ජනිතවීමට,
ගල්කුළු ඟගබඩ කඩා වැටෙන හඬ,
ඈතින් ඇසෙන.
නුඹ රැඳිසිටින්නේ ය,
සේ භූමිකම්පාවක්,
දෝංකාරයෙන්,
ඇඹරීමෙන්,
තෙරපීමෙන්.
අරණ ඔසවන්නේ ය අතු රිකිළි,
සැලුනේ ය ආකාශ ගත ආරුක්කුව,
වීදුරු නද දෙන්නේ ය.....
එහෙත් ඒ
තැන්නේ
අතරින් සුළඟ
රාත්‍රි දුම්රිය ඇදෙන්නේ ය.

1967.
අළෙක්සාන්දර් යීෂින්.
රුසියන් බසින් සිංහල බසට,

ෆීලික්ස් ප්‍රනාන්දු.

No comments:

Post a Comment