Tuesday, February 28, 2017

සුළඟ හමන්නේ ය කවුළුවෙන්.


සුළඟ හමන්නේ ය කවුළුවෙන්
නුඹ මතින් හා මා මතින්.
පිහිය, පිගාන, ගෑරප්පුව, හැන්ද
නුඹට හා මට.

ඉහළින්ම ඇරඹිණි කපා වෙන් කිරීම
නුඹට හා මට
නැවුම් අදහස් යන්තමින්
නුඹට හා මට.

පළතුරු යුෂ බිඳක්, පාන් කැබැල්ලක්
නුඹට හා මට.
තිදසේ රැළි ගැසුන මංපෙත
නුඹට හා මට.

නීල අහසේ පැහි වියමන
නුඹට හා මට.
අනුකම්පාව මට යන්තම්න්
නුඹට හා මට.


1969.
යුන්නා මරීත්ස්.
රුසියන් බසින් සිංහල බසට,
ෆීලික්ස් ප්‍රනාන්දු.

1 comment: