Tuesday, May 9, 2017

සිලෝන් ( සිහල ද්වීපය ).

මිහිමඬලේ ළඟ පාත,
විජන විවික්ත වෙරළබඩ,
ධ්‍රැවය තෙක් විවට සයුරයි....



මාතර - ඕලන්දක්කාරයින්ගේ බලකොටුවයි. අගල් හා ප්‍රකාර,
ඒවා තුළ ද්වාර... සෙවන ඇති මංපෙත්
පොල්රුප්පාවේ, පොල් අතරින් -
ගෙපැල් සිංහලයින්ගේ..දකුණු පසින් කාන්තිය විහිදෙන,
උණුසුම් තාපී වියළි මුහුදු වැල්ල හා සයුර ය.


තුඩුව දෙවුන්දර ඉපැරණි තාල ගස් තුළ ය. එහි නැවුම්ය,
මෝසම මිහිරට ඇදෙන්නේ ය, ආලින්දය යට
හෝටලයේ කණු මත - සිලිල හඬය :
එය, බමනය වෙමින්, සෝදාහරින්නේ ය අශ්මරී
කැකැරෙන්නේ ය සේද පෙණවලින්...



ඊලඟ අද්දර,
පිළිසරණක් නැති. වනයේ කුඩා,
කඳුකර, ඉමක් කොනක් නැති. ඕදාත දුහුවිල්ලෙන්
කණ වන්නේ ය දෑස්... මාරුකරති අශ්වයින්,
රැස් කන්නෝ ය දරුවන්, යාචක... හා නැවත
බලන්න නුඔ දැවෙන මාවත මතින්,
මුහුදු බොක්ක මත. කවුඩා,
හරිත - නීල පිහාටු වලින් යුත්, විවේක ගන්නේ ය
රන් හූයන් මත විදුලි ලිපියේ....

කළපුව රන්න අවට - ඉඳුනිලක් සේ ය.
හාත්පස රත් ගන්වන්නෝ ය රෝස රණහංසයින්,
මඩ කඩිති තුළ කිරති මී හරක්. ඒවා මතින්
සිටිති, සුදට දිළෙන කොක්කු, හා ගුමුගුමුව සමගින්
දිදුළති මැස්සෝ...ඉහලට, කොළ අතු අතරින්,
විසල් නෙත් සිසාරා විහිදුවමින් බලති වඳුරෝ....






පසුව නැවතත් කසඩ ගම්මණ්ඩියේ,
දුසිමක් දුගී නිවාස. සයුරේ,
බැසයන හිරුගේ කාන්තියෙන්, රෝස පැහැ ගෝමරය
නිසල රුවල්, පිටුපසින්, ලන්ද තුළ,
එළ නිල් කඳුය... රාත්‍රියේදී කවුළු තුළින්
එබි බලන්නේ ය තාරකපති ...එනමුදු හිමිදිරියේ නිල්වන්
හා නිකැළැල් අඹරේ - බමුණු ගිජුලිහිනි,
කෝපි වන්, මැටි හිසින් යුත් :
ලුහුබඳිති රළගෙඩි තුළ මත්සකයින්....



යළිත් මංපෙත :
ලා නීල විල, වලය
සුදු ලුණුවලින්, වැවී හා වැසී ඇත.

සියල්ල වනගත ය හා ළකල්  ය, ඒදන් උයනේ සේය:
නෙරන්නේ ය කූරු ඇකේෂියා, රක්ෂා කරමින්
රටාගත මෙළොක් අතු ඉති,
මලින් වැඩුණු සිහින් පතොක්, මිලින වන්නේ ය
සොඬ ඝන වැල් තුළ... ගින්නක් මෙන්
ජ්වලිත ගුරුලේත්තුව මානෙල් රූරා හැලෙන,
කළු සලබයෝ සසලවෙති... ඕවිටේ
වැතිරෙන්නේ ය මහ තලඑළලු : පිඹුරා....
මෙන්න හීන්සීරුවේ එතෙන්නේ ය, බඩගා යන්නේ ය අහකට

මුණ ගැසෙන්නේ ය බනේ කරත්ත. පියසි ඒවායේ,
පිදුරු හෙවිලි කර ඇත, ඈතට නෙරා යන්නේ ය
හා ඉදිරියට හා පසුපසට. ඊලය තුළ ගොන් බානේ,
පොරෝදුවේ අනින කොටු ය :
“ මෙක්, මෙක් “ හඬතලන්නේ ය බක්කිය, සියල්ල නිරුවත්,
ලකල් කාල සිරුරෙන් හෙබි... මෙහි වෙරලේ වැලි,
ගියේ ය තාලගස් - නීල ගැබේ එහා මෙහා යති
ඒවායේ පවන් සලන කොළ, ගයති
වනාන්තරවල කුකුළෝ, එනමුත් කේඩෑරි, අපූර්ව,
අපේ තරුණයින් සේ.... මුදුනේ
කරකැවෙති රාජාලි, සසල වන්නේ ය තියුණු ඇස් ඇති උකුස්සා
තණ බිස්සේ හරහා දුවති සුන්දරව
සිලිබිල්ලෝ, කැස්වටුවෝ...රුක් මත
සිටිති ඔටුනු මොණරු...හදිස්සියේ ම ලි කඳෙන්
දිව ගියේ  ය කිඹුලා, වැටෙනවා ඇසුණි වතුරට
හා ටක්කෙට ම වෙඩි බෙහෙත් පුපුරවා හැරියේ ය මසුන්මරන්නා!

එහිදී නිතර මුණගැසෙන්නේ ය අලියෙක් : සිටිමින්
හා කිරාවැටෙන්නේ ය ඕවිටේ, පුන් හිරු රැසේ ;
එහි දිවියා, ඌ කෑදරයෙකි, ඌ බුදින්නේ ය,
බල්ලෙක් මරා දමන විට, හදවත පමණක් ;
එහි ඌරෝ හා ඉතා අලස වලස්සු ;
එහි ඉත්තෑවෝ, දුවති දිය පානයට,
මතු කරමින් ඉපනැලි, බියකරු ලෙස කඩිසරය,
දොම්නස් ව, කනස්සල්ලෙන්....

මෙහි සිට,
ඒ වනරොදෙන්, ඒ වෙරළෙන්
ධ්‍රැවය තෙක් විවට සයුරයි ...


1916 ජූලි 27.
ඉවාන් බුනින්.
රුසියන් බසින් සිංහල බසට,
ෆීලික්ස් ප්‍රනාන්දු. 

No comments:

Post a Comment