Thursday, June 1, 2017

ක්‍රිමියාවේ ඔක්තෝම්බරය.





ක්‍රිමියාවේ ඔක්තෝම්බරය
තාරුණ්‍ය නැවත පැමිණියා සේ.
විනිවිද‍ පෙනෙන්නේ ය ගුවන
නබෝගැබ තද නිල්පැහැය.
මැයි මස සේ
මිතුරු රැහැයි ගීත කණ්ඩායම,
උදෑසන පමණක්
ඔවුන්ව බිය ගන්වන්නේ ය මල් තුහින.

මම සිසිරය
පටලවා ගත්තෙමි වසන්තය සමගින්.
මට වැටහුනා පමණයි,
කවරෙක් කුමකට වරදකරුද කියා.....

යූලියා ද්‍රනිනා.
රුසියන් බසින් සිංහල බසට,
ෆීලික්ස් ප්‍රනාන්දු.

2 comments: