Sunday, June 4, 2017

රන්වන්.





මුළු දිනය ම තෙත්බර සිසිරයේ පවන
මම ආශ්වාස කළෙමි ත්‍රාසය සහ විෂාදය තුළ.
මම කැමැත්තෙමි රෑ ආහාරය ගන්නට, සහ තාරුකා
රන්වන් අඳුරු මඩිස්සලයේ!

සැලෙමින් කසාවන් මීදුමෙන්,
මම කුඩා උමඟ තුළට වීමි.
මම කොතැනකවත් එවන් ආපනශාලාවක්
හා එවන් රස්තියාදුකාරයන් නොදුටුවෙමි!

පහල නිළධාරීන්, ජපනුන්,
න්‍යායවාදීන්  විදෙස් කෝෂ්ඨයේ.....
කවුළුවෙන් එහා හැඟෙන්නේ ය රන්කාසී
තැනැත්තෙක් හා සියල්ලෝ වෙරිමත් වූවෝ ය.

වන්න එතරම් ආදරණීය, වෙනස් වන්න,
යාප්පුවෙන් ඉල්ලමි ඔහුගෙන්,
මට කඩදාසියක් පමණක් නොදෙන්න
රූබල් තුනක් මම රැගෙන නොයමි!

කුමක් මම කරම් ද බීමත් රැල සමගින් ?
කෙසේ මා පැමිණියේ ද මෙතැනට, දෙවියනි මගේ ?
මට ඒ මත ඇත්නම් අයිතියක්,
වෙනස් කරන්න මට මගේ රන්වන්!


1912.
ඕ.ඒ. මන්දෙල්ෂ්තාම්.
රුසියන් බසින් සිංහල බසට,
ෆීලික්ස් ප්‍රනාන්දු.

2 comments:

  1. ඒක නං ටිකක් අවුල් වගෙයි අනේ මංද අද කවිය කිසි ගතියක් නෑ වචන ටික විසිරිල වගෙයි
    නිකං ඔරිජිනල් එක බලං ඒකෙ පද ටික එහෙම්ම තියෙන්න පරිවර්තනය කළා වගෙයි
    ටිකක් පදගතාර්ථ පරිවර්තනය ක්

    වෙනද තියන ක්‍රියේටිව් ගතිය අද නෑ
    සමාවෙන්ට
    හිතණදේ පමණයි

    ReplyDelete
  2. නිදහසට කරුණු නැත.ඔබගේ අදහසට ඉතා ගරු කරමි.

    ReplyDelete