Friday, June 9, 2017

සැඩ ගිම්හානය.




උදා විය සැඩ ගිම්හානය
උණුසුම් දිනයන්ට සමුදෙමින්.
අවර හිරුගෙන් උණුසුම් වූ,
පළුද්දේ මැස්සා දිවි ගෙව්වේ ය.

හිරු! කුමක් මිහිමත සොබමන් කරන්නේ ද
මිලාන දිනකට පසුව ?
වියමන සැහැල්ලු කැටි නූලෙන්
එතුණේ ය බැල්ලිය වටා.

හෙට දින වේගයෙන් වැටෙන්නේ ය වැසිපොද ඉක්මනින්,
වළාකුළු මුවා කර හිරු.
රිදී මකුළුදැල් සඳහා
ජීවත් වීමට ඇත්තේ දින දෙක තුනකි.



හේමන්ත තිමිරය.

කණගාටු විය, සිසිරය! දෙන්න අපට ආලෝකය!
රකින්න හේමන්ත තිමිරයෙන්!
අනුකම්පා කරන්න අපට, සැඩ ගිම්හානය :
මකුළුදැල් ඒ අපි.



1941 ඔක්තෝම්බර් 4.
ද්මිත්‍රීයී කෙද්රින්.
රුසියන් බසින් සිංහල බසට,
ෆීලික්ස් ප්‍රනාන්දු.

No comments:

Post a Comment