Thursday, November 30, 2017

ලෙනින්ගේ ගීතය ගැයුණු වගයි.


2017.11.29 දින “ ඔක්තෝබර විප්ලවයෙන් උපන් සෝවියට් සාහිත්‍ය “ යන තේමාව කොටගෙන ශ්‍රේෂ්ඨ ඔක්තෝම්බර් සමාජවදී විප්ලවයට සියවසක් පිරීම නිමිති කොටගෙන කොළඹ රුසියානු කේන්ද්‍රයේ දී, රුසියානු සාහිත්‍ය කවය විසින් රුසියානු සාහිත්‍ය උත්සවයක් පවත්වන ලදී. එය පෙරවරු පෙරවරු 10.00 සිට පවත්වන ලදී. ඡායාරූප හා පොත් ප්‍රදර්ශනයක් හා පස්වරු 4.00 ට සාහිත්‍ය උත්සවය හා ග්‍රන්ථ එළිදැක්වීමේ උත්සවය ආරම්භ විය. එහිදි මා විසින් පරිවර්තිත “ ලෙන්න්ගේ ගීතය “ නම් වූ කාව්‍ය සංග්‍රහය එළිදක්වන ලදී.

එලෙසම “ ලොව කැළඹූ දස දවසක්“ නමින් එච්.ජයරත්න මහතා විසින් පරිවර්තිත කෘතිය, සිරිමාන්න කරුණාතිලක මහතා විසින් රචිත “ ඔක්තෝම්බර් විප්ලවය හා සෝවියට් දේශයේ මූලාරම්භය “ යන කෘතිය, චූලානන්ද සමරනායක මහතා විසින් පරිවර්තිත “ උත්තම ආලයක කතාවක් “ යන කෘති ත්‍රීත්වයද හිදී එළිදක්වන ලදී.



කොළඹ සෞන්දර්ය විශ්වවිදයාලයේ සිසුවියන් ඉදිරිපත් කල රංගනය.






ආරාධිතයින් සඳහා පොත පිලිගැන්වීම.