Wednesday, December 27, 2017

පුවත්පත් හා සඟරා කියවන්නාගේ සිතුවිලි.


උෆීමිස්කි ප්‍රාදේශීය පුවත්පත


නො කියවන්න උෆීමිස්කි ප්‍රාදේශීය පුවත්පත් : ඒ අතරින් ඔබ ආකර්ශණීය නොවන්නේ ය කිසිම තොරතුරකට පිළිබඳ උෆිම්ස්කි පළාතේ.
රුසියානු මුද්‍රණ හිමිකර ගත්තේ ය තම නියාවන් බොහෝ ප්‍රභවයන් ලොවේ. රුසියානු මුද්‍රණ සතුවන්නේ ය:  කොමාරෝව්ස්කි ආලෝකය, අරුණෝදය, දේදුන්න, ආලෝකය, සෙවනැළි, කිරණ, පුළිඟුව, අරුණෝදය වැනි දෑ. නමුදු ඇයි ද එතරම් අඳුරු?
රුසියානු මුද්‍රණ හිමිකර ගත්තේ ය නිරීක්ෂකයා, ආබාධිතයා හා සයිබීරියාව.
මුද්‍රණය හිමි වන්නේ ය විනෝදාස්වාදය, ක්‍රීඩා භාණ්ඩ, එනමුදු එයින් අවශ්‍ය වන්නේ ය, එයට එතරම් සතුටු බව....
රුසියානු මුද්‍රණයට ඇත්තේ ය හඬ  හා  දෝංකාරය තමන්ට ආවේනික...සේ?
දිගු කලක් නො වන, නො හැක්කේ ය පාරට්ටු කරන්න තම සියවසෙන්...
රුසියාවට ඇත්තේ ය කුඩා සමූහයක් මොස්කව් සමගින්.
රුසියානු සංකල්පය  තද ආවරණයක් තුළ යවන්නේ ය.
හිමි වන්නේ ය නිරෝගී බව හා වෛද්‍යවරයා, එනමුදු ඒ අතරේ කොපමණ සොහොන් ද?


උෆීමිස්කි ප්‍රාදේශීය පුවත්පත්      -   සතිපතා නිකුත් වන පුවත්පතකි. 1864 වසරේ සිට ඌෆාහී දී නිකුත් විය. සංස්කාරකවරු, වේ. බුත්කේවිච්, ඊ. ගුරේවිච්. මොස්කව් හා පෙතෙර්බූර්ස්කි පත්තරවල ලිපි හා පණිවිඩ මූලික වශයෙන් නැවත මුද්‍රණය කරන ලදී.

ආලෝකය                             -            දිනපතා නිකුත් වූ දේශපාලනික, ආර්ථික හා සාහිත්‍ය යන කරුණු සාකච්ඡා කළ පුවත්පතකි. 1882 වසරේ සිට වේ.වේ. කමරෝෆ් විසින් පෙතෙර්බූර්ග් නගරයේ දී ප්‍රකාශයට පත් කෙරුණී.

අරුණෝදය                           -          දේපාලනික හා සාහිත්‍යමය තොරතුරු ඇතුළත් දිනපතා පුවත්පතකි. 1880 වසරේ සිට කීව් නගරයේ දී ප්‍රකාශයට පත් වූ අතර ප්‍රකාශක හා සංස්කාරක පේ.ආ. අන්ද්‍රේව්ස්කි විය.

දේදුන්න                               -             නිරූපිත සතිපතා නිකුත් වූ සඟරාවකී. මොස්කව්
නගරයේ දී නිකුත් වීමට ආරම්භ වූයේ 1883 වසරේ සිට ය. ප්‍රකාශක හා සංස්කාරක එන්.පේ. ගිල්යාරෆ්, ප්ලාතෝනෆ්.

ආලෝකය හා සෙවනැලි       -              කලාත්මක හා කාටූන් ඇතුළත් සතිපතා නිකුත්
වූ සඟරාවකී. 1878 – 1884 වර්ෂ තුළ දී මොස්කව් නුවර දී නිකුත් කරන ලදී. මෙය ප්‍රකාශ කරන ලද්දේ එන්. එල්. පුෂ්කරේෆ් විසිනි. 1882 වසරේ දී චේහෆ් විසින් සහයෝගීතාවයෙන් කටයුතු කරන ලදී.

කිරණ                                 -              සතිපතා නිකුත් වූ දේශපාලනික, සාහිත්‍යමය හා
සමාජයිය ජීවිතය පිළිබඳ කරුණු ඇතුළත් සඟරාවකී. 1880 වසරේදි හා 1881 සිට 1890 දක්වා කාලය තුළ පිතර්බුර්ග් නගරයේ දී නිකුත් වූ අතර, ප්‍රගතිශීලි ලේඛකයෙකු හා නවකතාකරුවෙකු වූ එස්.එස්. අක්‍රේයිත්ස් සංස්කාරක විය. චේහෆ් “ නාමපත්‍ර“ තුළ (1886) ඔහුව හැඳින්වූයේ ය “ යුදෝෆබ් යුදෝෆෝබෝවිච් අක්‍රේයිත්ස්“.

පුළිඟුව                                -              සතිපතා නිකුත් වූ නිරූපිත සඟරාවකී. සහිත්‍යය,
විද්‍යාව හා කලාව සඳහා වෙන් විය. 1879 සිට 1883 දක්වා කාලය තුළ පිතර්බූර්ග් නගරයේ දී නිකුත් විය. ගේ.දේ.ගොප්පේ ප්‍රකාශකයා වූ අතර එන්.පේ. අලෝවේර්ත් සංස්කාරක වූයේ ය.

අරුණෝදය                          -             සතිපතා නිකුත් වූ සඟරාවකී. රුසියානු යුදෙව්
ජනයා නියෝජනය කළ සඟරාවකි. 1879 වසරේ සිට 1883 දක්වා කාලය තුළ පීතර්බූර්ග් නගරයේ දී නිකුත් විය.

නිරීක්ෂකයා                          -             මාසිකව නිකුත් වූ සඟරාවකි. සාහිත්‍යමය හා
දේශපාලනික, අධ්‍යාපනික සඟරාවකි. 1882 වසරේ සිට පීතර්බූර්ග් නගරයේ දී ආ.පේ. පිතිකෝව්ස්කි විසින් නිකුත් කරන ලදී.

ආබාධිතයා                           -              රුසියානු ආබාධිතයා, යුධමය පුවත්පතකි, 1813
වසරේ සිට හා 1869 සිට පිතර්බූර්ග් නගරයේ දී නිකුත් විය. සේනධිපති මූලස්ථානය නියෝජනය කරන ලදී.

සයිබීරියාව                           -              සතිපතා නිකුත් වූ පුවත්පතකි.1873 සිට 1887
දක්වා කාලය තුළ යීර්කුත්ස්ක් හී දී නිකුත් විය.

විනෝදාස්වාදය                    -              සතිපතා නිකුත් වූ සාහිතයමය හා උපහාසාත්මක
සඟරාවකී. 1859 වසර ආරම්භයේ සිට 1880 වසර පුරා මොස්කව් නගරයේ දී නිකුත් වූ අතර සංස්කාරක ලෙස ෆේ.බේ. මිල්ලර් කටයුතු කළේ ය.

ක්‍රීඩාභාණ්ඩය                    -                 දරුවන් වෙනුවෙන් වෙන් වූ නිරූපිත සඟරාවකි.
තේ.පේ. පාස්සෙක් විසින් 1880 සිට සතිපතා පීතර්බූර්ග් නගරයේ දී නිකුත් කරන ලදී.

දෝංකරය                           -               දේශපාලනික හා සාහිත්‍යමය සතිපතා නිකුත් වූ
පුවත්පතකි. නිකුත් වූයේ පීතර්බර්ග් නගරයේ දී ය. ප්‍රකාශකයින් හා සංස්කාරකනරුන් ලෙස ඒ.ඒ. ක්රායෙව්ස්කි හා බේ.ඒ. බිල්බාසෆ් කටයුතු කරන ලදී. 1883 වසරේ දී නිදහස් මතධාරී දීසාවට මෙම පුවත්පත යොමු විය. 1884 වසරේ දී ප්‍රකාශ කිරීම නතර විය.

සියවස                             -                  මාසික සාහිතයමය, අධ්‍යාපනික හා
දේශපාලනික සඟරාවකි. ස්ලැවෝනියානු හැඟිමැති සඟරාවකි. 1882 වසරේ දී පීතර්බූර්ග් නගරයේ දී එම්.ඒ. ෆිලිප්පෝෆ් විසින් නිකුත් කරන ලදී.

රුසියාව                           -                  ස්ලැවෝනියානු පුවත්පතකි. 1880 සිට 1882
වසර දක්වා මොස්කව් නගරයේ දී ඊ.එස්. අක්සාකෆ් විසිනි.

මොස්කව්                        -                            සතිපතා නිකුත් වූ සාහිත්‍යය හා කලාත්මක
සඟරාවකි. 1882 වසරේ සිට 1883 දක්වා කාලය තුළ මොස්කව් නගරයේ දී ඊ.එස්. ස්තාලින්ස්කි විසින් නිකුත් කරන ලදී. මෙම සඟරාව ප්‍රජාතන්ත්‍රවාදී පිරිස් විසින් බලාපොරොත්තුවෙන් සිටියහ. 1882 වසරේ දි චේහෆ් විසින් මෙම සඟරවට ලිපි නිකුත් කරන ලදී.

රුසියානු සංකල්පය         -                    මාසික ව නිකුත් වූ විද්‍යාත්මක, සාහිත්‍යමය හා
දේශපානික තොරතුරු ඇතුළත් මධ්‍යස්ථ මතධාරි යොමුවක් තිබු සඟරාවකි. 1880 වසරේ දී මොස්කව් නගරයේ දී වී.එම්. ලව්රෝෆ් විසින් නිකුත් කළ අතර එස්.ඒ. යූරේෆ් සංස්කාරකවරයා විය.

ස්වස්ථතාව                     -                     විද්‍යාත්මක ප්‍රසිද්ධ පුවත්පතකි.
ස්වස්ථතාවයට මුල් තැන දුන් 1883 වසරේ දී පීතර්බූර්ග් නගරයේ දී නිකුත් කරන ලදී. 1874 වසරේදී එම නමින් ම සඟරාවක් නිකුත් විය.

වෛද්‍යවරයා                  -                             සතිපතා නිකුත් වූ වෛද්‍ය සඟරාවකී. 1880
වසරේ දී පීතර්බූර්ග් නගරයේ දී කේ.එල්. රික්කෙර් විසින් නිකුත් කරන අතර මහචාර්ය වී.ඒ. මනස්සේයිනා විසින් සංස්කරණය කරන ලදී.



අන්තොන් පාව්ලොව්ච් චේහෆ්.
රුසියන් බසින් සිංහල බසට,
ෆීලික්ස් ප්‍රනන්දු.

No comments:

Post a Comment