Saturday, October 22, 2016

මම ආදරය කරමි ඔබට එතරම්ම උමතුවෙන්.


මම ආදරය කරමි ඔබට එතරම්ම උමතුවෙන්.
ඔබ වාසනාවේ මංපෙත් විවර කර දුන්නේය.
සිහිනය සීසිකඩ හැරීය නිසසලව,
හදවත ගැහෙන්නේය, සුසුම්ලන්නේය පියයුරු.

එ රැයේ හඳපානේ
කව්දෝ කෙනෙකුගේ පසෙහි,
පියකරු මිතුර, සුකොමාළ මිතුර,
සිහිපත් කරන්න ඔබ මා.

කුමක් උදෙසා සියල්ල එසේ වූයේද?
නුඹව කුමක් උදෙසා දුටුවේද මම?
හද අසරණ ඉරී ගියේය,
වැනසුවේය ඔබ මා.

මා ඉදිරියේ ප්‍රභාමත්විය ඔබ,
ඇල්මෙන් රැක බලාගත් සිහිනයක් සේ.
ලාලසාවේ හැඟීම් පුබුදු කලේය.
ජයගත්තේය සුන්දරත්වය.

එසේ බලාපොරොත්තුවෙන් නොසිටිමි මම මරණ දඬුවම
මගේ ඉන්ද්‍රජාලික සිහින වලින්.
මම ආදරය කරමි ඔබට තිගැස්මෙන් තොරව,
හුරුවෙන් තොරව හා කඳුළින් තොරව.

එනමුදු විශ්වාස නොකරමි, දරුණු නිසා
එසේ ඔබට හැකිවිය කිරීමට,
බලාපොරොත්තු ලබාදිම මට බහුල, බහුල
හා සියළු වාසනාවන් අනපේක්ෂිතව බිදී යන්නේය .....

කුමක් කරම්ද, වෙනකෙක් සමග වන්නේය තුස්නා,
ඔහු සමග දිවි ගෙවන්න, ආදරයෙන්,
කෙදිනක හෝ ටිකකට හෝ
සිහිකරන්න මා.

1889.
යූ.ආ. අදමෝවිච්.
රුසියන් බසින් සිංහල බසට,

ෆීලික්ස් ප්‍රනාන්දු.

5 comments: