Friday, February 10, 2017

යුද්ධය සමීපයේ.





කාහටද හැක්කේ මිය යන්න - මිය යන්නේ ය,
කවරෙක් නොමැරී ජීවත්වන්නේද - නොමියෙන්නේ ය,
අවලාද නගමින් පවතින්නේ ය පරපුරෙන් පරපුරට,
ඔහුට මී මුණුබුරා පරිභව නොකරන්නේ ය.

අවසානයට පෙර වූ යුද්ධය මත
එක්ව නව මිතුරන් සමගින්
පිවිසෙමු වෙනත් පසකට.
ස්මාරක පවතින්නේ ය ආදරණීයයන් වෙනුවෙන් අප සමගින්!

වාසනාවන්තයා, කවරෙක්ද නොනැසි පවතින්නේ
තම යුධ මිතුරන් හා වික්‍රමයන්
සුවවන්නේ ය තුවාල හා යති
අවසාන සටනට සමස්ත ලෝකය සමගින්.

යසස ඇති වන්නේ ය වදන් නැත,
ආලෝකය සියල්ලන් සඳහා, නමුත් සරලය,
එය ජීවිතයයි - නිතර කොඳුරන තෘණ
ඉදිරියේ පුළුල් ඝොෂාකාරී අරඹය.

අර්සේනියි තර්කෝව්ස්කි.
රුසියන් බසින් සිංහල බසට,

ෆීලික්ස් ප්‍රනාන්දු.

4 comments:

  1. බොහොම ලස්සනයි.

    කාලෙකින් ගොඩවෙන්න බැරි වුනාට බොහොම කනගාටුයි..

    එත් කාලෙකට පස්සේ ගොඩවුනත් ඒ රසය එහෙම්ම මයි..

    පොඩි කමෙන්ට් එකක් දෙන්නම්.
    මට පෙන විදියට ඔබ රුසියන් වැකි එහෙම්මම සිංහලට හරෝනවා වගේ තමයි තේරෙන්නේ.
    එක එහෙම නෙමෙයි නම් සමා වෙන්න.
    රුසියන් වැකි කෙලින්ම සිංහලට හරෝනකොට ඒවායේ පොඩි අපිට නුහුරු නුපුරුදු සහ නිකන් මීටර් වෙන්නේ නැති ගතියක් දැනෙනවා.
    ඔබට පුළුවන් නම් අපේ රටාවට පොඩ්ඩක් විතර ගලපලා ලියන්න, එතකොට තව ගොඩක් සාර්ථක වේවි කියලා හිතෙනවා.

    ReplyDelete
  2. ඔබගේ කමෙන්ටුව කීපවරක් සාවදානව කියෙව්වා.වැකි එහෙම පිටින්ම රුසියන් බසට හරවන්නේ නැහැ. ලොකු උත්සහයක් ගන්නවා අපේ රටාවට ගලපන්න. නමුත් මුල් කවියට හා එහි රටාවට,අදහසට හානිකරන්නත් බැහැනේ.බෙහෝ රුසියානු කවි හා කතා වල මුල් නිර්මාණය කටොරයි.ඒ නිසා වෙන්න ඇති නුහුරු ගතියක්ඔබට දැනෙන්නේ. කෙසේ වෙතත් ඔබගේ අදහසට මම ගරු කරනවා. ඒ අනුව ඉදිරි පරිවර්තන කටයුතු කරන්න යොමු වෙනවා.ඔබ මගේ පෙම්වතියේ කවිය කියවන්න. පුෂ්කින් එය ඉතා සුගමව ලියලි තියෙනවා.ස්තූතියි.

    ReplyDelete
    Replies
    1. http://rusiyanuparivartana.blogspot.com/2016/05/v-behaviorurldefaultvmlo.html

      Delete
    2. ඔබේ නිහතමානීකම අගය කරනවා.

      ඔබ දුන් ලින්ක් එකේ පොස්ටුවට මම එතන කමෙන්ට් එකක් දාන්නම්.

      Delete