Friday, February 3, 2017

වේලාපත්කඩය.





එඬේරෙක් වූයෙමි.

මම පෙර ආත්මයේ එඬේරෙක් වූයෙමි.
මම හරක් රංචුවක් මහළු වන තෙක් රැක බලාගත්තෙමි.
සාමූහීක හැඟීම නිසා නොවේ
දැන් මගේ ආත්මය ව්‍යාකූල වන්නේ ය.

එහෙත් මේ ආත්මයේ මම කවියෙක්.
රැකබලාගමි එළිසමයෙන් යුත් රංචුව
ඕදාත තණබිම මත ලුහුඬු සටහන් පුස්තකයේ,
තණ පුස්තක නොමැති හෙයින්.

ඔවුන්ගේ ගිජුබව ව්‍යාපාර ගිළ දමන්නේ ය.
මෙහිම හිඟයෙන් නිර්මිතය.
නිෂ්ඵල ය ප්‍රසිද්ධ වීම,
අශිෂ්ට නීති රිති බලපවත්වන රටක.

කවරෙකු වන්නේ ද මම ඒ ආත්මයේ,
මරණින් ඔබ්බට කුමක් අපේක්ෂා කරන්නේද මාව,
මම සියල්ල මායිම් නොකරමී.... නමුත් විශ්වාස කරන්න,
එහිදී මම මුණ නොගැසෙන්නේ ය නිෂ්ඵලත්වය සමගින්.


අන්ද්‍රේයි දෙමෙන්ත්යේෆ්.
රුසියන් බසින් සිංහල බසට,
ෆීලික්ස් ප්‍රනාන්දු.

No comments:

Post a Comment