Saturday, January 11, 2020

චිත්තාපර මහ, මැදියම ගැඹුරු ය.



චිත්තාපර මහ, මැදියම ගැඹුරු ය
ලතා මණ්ඩපය ස්තෙප්හි හුදකළාවේ
නිහඬ ව කිරා වැටෙන්නේ ය පැතිරුනු තැන්න
ඇල් මැරී ඇත රාත්‍රී මද පවන.

පීත රයි, ඈතින් ප්‍රදීප්ත ය
සයුර තෙක් ඉමක් නොමැති ව රැඳෙන්නේ ය
සුළඟට හමා යන්නට විය - ඔවුන් අඩ නින්දේ ය
පැසුණු කරල් සර සර හඬ නගන්නේ ය.

සුළඟ හමා යන්නට විය - වළාකුළු තුළ සැඟවෙන්නට විය
මුළු මහ තුළ ම කැරකෙන්නට විය
මන්දගාමී ව මෘදු සේයාව තුළට කිඳා බසින්නට විය
ඕවිට හා ‍දෙනිය අසළින්.

රැල්ලක් සේ පැතිරයන්නේ ය අඳුරු ගොම්මන කෙත් වතු මතින්
සේ ම ඈත කඩඉම මතින්
ආලෝකය වළාකුළු අතරින් පිරී ඉතිරී දිව යන්නේ ය
දීප්තිමත් කසාවන් තරංග‍යෙන්.

හීන දැකීමෙන්, සුරංගනා කතාවන්ගෙන්
හැඟී යන්නේ රාත්‍රිය විපරිත බව යි
ඇසළ මහේ රාත්‍රී යාමයන් කාංසාවෙනි, අනුරාගයෙනි
හිමිදිරිය සුමිහිරි සිහිනයකි.

ඉවාන් බුනින්.
රුසියන් බසින් සිංහලයට,
ෆීලික්ස් ප්‍රනාන්දු.

1 comment:

  1. හුඟ දවසකින් ආවේ මේ පැත්තේ

    ReplyDelete