Saturday, September 19, 2020

 මතක් වෙනවට ලියනවා. 02.

 

          1987 ජූලි 29 බදාදා උදෑසන, රේඩියෝවේ බොල් යකඩ හඬින් ඇහැරුණෙමි. “ මොරටුවේ කැම්පස් කොල්ලෙක් වෙඩි වැදිලා මැරිලා. “ තාත්තා මහ හඬන් මට ඇසෙන සේ කීවේ කාමරයේ දොර රෙද්ද මදක් ඈත් කරමිනි. ඇඳෙන් බසින්නට කළ උත්සහය වෙනදා මෙන් එක වර සාර්ථක වූයේ නැත. දෙපයේ මස්පිඩු වේදනාව තදින් දැනුණි. දෙවන වර සාර්ථක විය. ගාට ගාට කුස්සියට ගොස් කලය නවා වීදුරුව පිරෙන්නට වතුර වත්කළෙමි. කට සෝදා, එක උගුරට වතුර වීදුරුව බිව්වේ පෙර දින පිපාසය එතෙක් පැවති බැවිනි. මෙම විරෝධතාවයේදී ක්ලිෆඩ් පෙරේරා නම් වූ මොරටුව සරසවියේ සිසුවා වෙඩි වැදී මුලින් ම මිය ගියේ ය. තවත් 21 දෙනෙකුට ආසන්න පිරිසක් එතනදී මියගොස් තිබුනු බව වාර්තා වූවා මට මතකයි. එදින සිට සෑම නගරයක ම පාහේ විරෝධතාවයන් පැවතිණී. මොරවුට නගරයේ විරෝධතාවයෙන් මොරටුව දිගරොල්ල පාලම අසල දී, මගේ ගමේ එවකට නැගී ආ ව්‍යාපාරිකයෙක් වෙඩි පහරකින් මිය ගියේ ය. මෙම විරෝධතාවයන් ඇඳරි නීතිය ද නොතකා 1987 අගෝස්තු මස 2 තෙක් පැවතිණි. මෙම විරෝධතාවය පදනම් කරගනිමින් පුද්ගලයින් 132 ක් පමණ මිය ගොස් තිබූ බව මට මතකයි. විශාල විරෝධතා මධ්‍යයේ 1987 ජූලි 29 දින සවස 3.30 පසු වනවාත් සමග වාගේ ඉන්දු ලංකා ගිවිසුම අත්සන් කළහ. ශ්‍රී ලංකාවේ එවක ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන හා එවක ඉන්දීය අගමැති රජීව් ගාන්ධි අත්සන්කරුවෝ වූහ. පසු දින එනම් 1987 ජූලි 30 දින පෙරවරු 10.00 පමණ රජීව් ගාන්ධිගේ නික්ම යාමට පෙර ආචාර පෙළපාලියක් පැවැත්වූ අතර එතනදී ශ්‍රී ලංකා නාවික සෙබළෙක් වන විජිත රෝහණ විජේමුණි විසින් රජීව් ගාන්ධිට රයිෆල් බඳින් පහරක් එල්ල කළේ ය. රජීව් ගාන්ධිට එතරම් හානියක් නොවූ බව වාර්තා විය.

රටේ තත්ත්වය එතරම් යහපත් නොවන බව මට ඒත්තු ගියේ ය. මන්ද ඉන්දීය හමුදා ප්‍රහාරයක් කොයි මෙහොතේ හෝ එල්ල විය හැකි යැයි මට හැඟී ගියේ ය. මන්ද ඒ වන විටත් ඉන්දියාව විසින් ලංකාවේ ස්වෛරීත්වයට සුවිසල් හානියක් සිදුකර තිබූ බැවිනි. මෙම ගිවිසුම අත්සන් කරන මොහොත වන විට ඉන්දීය යුද නැව් යුගලයක් කොළඹ අවට මුහුදේ සැරිසරන ලදී. ගිවිසුම අත්සන් කර පැය කිහිපයක් ගත වීමටත් පෙර ම ඉන්දීය හමුදා භටයින් සේනාංක වශයෙන් ගුවනින් හා සාගරයෙන් යාපනට ගොඩ බසින ලදී. මතකයේ හැටියට ඊට නායකත්වය දුන්නේ ලුතිනන් ජනරාල් දීපේන්ද්‍ර සිංහ වේ. එදින සවස් භාගය වන විට ඉන්දීය හමුදා උතුරේ ස්ථානගත විම ආරම්භ කරන ලදී. ශ්‍රී ලංකා හමුදාව කොළඹට කැඳවා අවසන් වූයේ එදිනදී ම ය.

“ කොහොම වුනත් මේ කලබල අස්සේ දැන් කොහේවත් යන්න ඕනේ නැහැ.“ තාත්තා කීවේ උදේ කෑමට වාඩිවෙනවාත් සමග ය.

“ ඔය ලියුම එයාට දෙන්න. “ තාත්තා අම්මාට කීවේ ය.

“ මොන ලියුමද? “ ඇසුවෙමි.

ලියුම් කවරය අලවා තිබු ලෙසින් ම තිබුණි. එය විවර කර තිබුනේ නැත. විවර කළෙමි එය. 1987.07.23 දාතමින් සෝවියට් දේශයේ පැට්‍රිස් ලුමුම්බා අනුස්මරණීය ජනතා මිත්‍රත්ව සරසවියට මා තෝරාගෙන ඇති බව දන්වන ලිපිය එහි විය. 1987 ජූලි 29 වන බදාදාව, මගේ ජීවිතයේ සදාතනික සටහන, ඒ වන විටත් තබා අවසන් විය. දැන් කළ යුත්තේ කුමක් ද? ඉංග්‍රීසි බසින් වූ ලිපිය ඉතාමත් අවදානයෙන් කියවා අවසන් කළෙමි. 1987 අගෝස්තු 04 දින ශ්‍රී ලංකා රජය සමග ගිවිසුම්ගත වීමටත්, මා හට වීසා ලබාදීමට නිර්දේශ කරනු ලබන ලිපිය රැගෙන යාමටත් පැමිණෙන ලෙස දනවා තිබුණි. ඒ අනුව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට ගොස් අදාල කටයුතු සිදුකර වීසා ලබාගැනීම සඳහා එදින ම සෝවියට් තානාපති කාර්යාලයට ගියෙමි. එවකට එය පිහිටා තිබුනේ කොළඹ 07, අංක 62 හි වූ, ශ්‍රීමත් අර්නස්ට් ද සිල්වා මාවතෙහි ය. පාස්පොට් ප්‍රමාණයේ ඡායා රූප දෙකක්, රු.240.00 ක් වීසා ගාස්තු සඳහා හා ගුවන් ගමන් බලපත්‍රය අදාල ලිපිය සමගින් ඉදිරිපත් කළෙමි. රූමත් සෝවියට් කාන්තාවක් මදහස පා, “ Are you student …………………………………. Lumumba,“ යන වචන දෙක පමණයි මට තේරුනේ. මම හිස වනා “ යේස් “ කීවෙමි. “ I am coming. Please stay here කියා මා අත තිබු ෆයිල් එක ගත්තා ය. එයින් ඇයට අදාල දෑ තොරා ගන්නවා මම දුටුවෙමි. “ Money කියා රු.240.00 ද ගත්තා ය. පැය භාගයකට පසු ඇය පැමිණ “ 13th, this month come and collect your Visa. 20th of August you can fly to Moscow. Your air ticket will be issued by Aeroflot office. “ කීවා ය. 1987 අගෝස්තු 13 වන දින වීසා හා ඊට අදාල ලේඛන ද රැගෙන නිවසට පැමිණියෙමි. පසුදින එනම් 14 වන දින කොළඹ 01 හි පිහිටි “ එරොෆ්ලොට් “ කාර්යාලයට ගොස් ගුවන් ටිකට්පත ලබා ගත්තෙමි. මේ සියළුම දෑ සඳහා බස් හා දුම්රිය ගාස්තුවත්, රු.240.00 ක් පමණයි වියදමට ගියේ. එදා සවස නිවසට පැමිණියේ කොළඹ කොටුවෙන් ගමනට අවශ්‍ය අඩුම කුඩුම හා සීතලට අඳින ඇඳුම් කිහිපයක්ද මිල දී ගෙන ය. එවක “ එරොෆ්ලොට් “ ගුවන් සේවාව සතියකට දින දෙකක් කොළඹ සිට මොස්කව් දක්වා ගමන් කරයි. ඒ සඳුදා හා බ්‍රහස්පතින්දා යන දින දෙකෙහි දී ය. තව දින හයකින් මගේ මොස්කව් ගමන නියත ය. හිත සතුටින් ඉපිල ගියේ ය.

ගෙදර සැම තරමක් කාර්යබහුල විය. මා හට රැගෙන යාම සඳහා මිරිස් කුඩු, ගම්මිරිස් කුඩු, උම්බලකඩ ගෙදර කෙටෙන්නේ ය. සීනි සම්බෝල, අළුවා, කිරිටොපි සැදෙන්නේ ය. තේකොළ, ‍කෝපි කුඩු ඇහිරෙන්නේ ය. පේයාව, වික්ස්, පැනඩෝල්, ඩිස්ප්‍රීන් ගමන් මල්ලට ඇහිරෙන්නේ ය. කලිසම්, කමිස, ටී ෂර්ට්, සීතලට අඳින ඇඳුම් ගමන් මල්ල තුළ දැනටමත් සුදානම් ය. එදා මගේ හිතට බයක් දැනුණි. ප්ලේන් එකේ, පිටරට, ඉගෙනගන්න යනවා. ඒ චකිතය කියා නිම කළ නොහැකි ය.

1987 අගෝස්තු 19 දින උදා විය. පාසැලේ මාගේ සමාන්තර පන්තියක මිතුරෙක් මා හමුවීමට නිවසට පැමිණියේ එදින සවස 6.00 පමණ ය. අම්මා හා තාත්තා ඔහු කවරෙක් ද යන්න විපරම් කළ හ. ලී වැට අද්දර කතාවට වැටුනෙමු. “ මොකද මචං කරන්නේ ? හෙන ප්‍රශ්නේ නේද ? “ මගෙන් ඇසුවේ ය. “ රස්සාවට යන එකත් නැවතුනා, මචං. කැම්පස් පටන් ගන්නේත් නැහැ දැන්ම. “ ඔහු කවරෙක් ද යන්න දන්නා නිසා එලෙස කීවෙමි. “ මචං මේ ක්‍රමයේ වැරැද්ද. මේක වෙනස් වෙන්න ඔනේ. මොකක් ද ඔයා හිතන්නේ. “ මිතුරා ඇසුවේ ය. “ මේ යන විදිහට ක්‍රමය නම් වෙනස් වෙන එකක් නැහැ. “ කටට ආවට කීවා මට මතකයි. “ සමාජ ක්‍රමය නිකං වෙනස් වෙන්නේ නැහැ. වෙනස් කරන්න ඕනේ. අපි ඒකට නායකත්වය ගන්න ඕනේ. ඔයාට ඒක ගැන මෙහෙම කියන්න බැහැ. මම යාළුවෙක් එක්ක එන්නම් හම්බ වෙන්න. “ එක හුස්මට මිතුරා කීවේ ය. මිතුරා අළුත් පාර දෙසට පාපැදියෙන් නික්ම ගියේ ය. මම ‍දොරකඩ සිට ගත්තෙමි. දැන් ඔහු රජයේ නිළධාරියෙකි.

“ ෆීලීක්ස්...., මම අහගෙන ඌ කියපු දේවල්. ඔය චේගුවේරා කාරයෙක්. හෙට නේද යන්න තියෙන්නේ. බහින්නේ නැහැ ගෙයින් එළියට.“ ගිගුම් දුන්නේ ය තාත්තා. “ මොකද, මොකද මේ ගිරිය පුප්පගෙන. “ අම්මා නැවී ගවුමෙන් අත පිසදමමින් පැමිණියා ය. “ මෙයාව හම්බවෙන්න ආපු එකා, චේගුවේරා කාරයෙක්. යාළුවෙක් එක්ක එනවා කිව්වේ. “ තාත්තා දැඩි මන්දස්වරයෙන් කීවේ ය. තාත්තාගේ කනට සියල්ල වැටී ඇත. කොහේ සිට ඇහුම්කන් දුන්නේ ද කියා තේරුම් ගැනීම අදටත් මට ප්‍රහේලිකාවකි. අම්මා වැඩි යමක් කිව්වේ නැත. “ 71 විඳපු දුක මතක ද? “ ඇය එපමණක් තාත්තාගෙන් ඇසුවා ය. “ ම්හ් “ යනුවෙන් පමණක් තාත්තා පිළිතරු දුන්නේ ය. එදින රාත්‍රියේ නින්දට ගියේ සතුට, චකිතය, භය යන සියළු ම හැඟීම් මුසු වූ කුමක් දෝ වෙනම ම එක් හැඟීමක් සමගිනි. සියළු බර හැරදා වෙනදා මෙන් සැහැල්ලුව වෙතට සිත ගියේ නැත. ඒ අහලකටවත් ගියේ නැත.

Tuesday, September 15, 2020

මතක් වෙනවට ලියනවා. 01.

 

අ.පො.ස ( උසස් පෙළ ) ප්‍රතිළුල ලැබුණා. විශ්ව විද්‍යාලයට ඇතුළත් වීමට සුදුසුකම් ලැබුව ද, එතැනින් එහාට, ඉල්ලුම්පතට කැඳවීම්ක් ලැබෙන තෙක්  අවිනිශ්චිත ව සිටියෙමි.

එලෙස ම 1986.12.19 දින නිකුත් වූ රජයේ ගැසට් නිවේදන‍යෙන්, සෝවියට් සමාජවාදී සමූහාණ්ඩුවේ පූර්ව උපාධි ශිෂ්‍යත්ව - 1987 යන හිසින් අයදුම්පත් කැඳවා තිබුනි. ඒ සඳහා ද අයදුම් කළෙමි.

උසස් පෙළට වාණිජ්‍ය විෂය ධාරාවෙන් පෙනී සිටි මම ගණකාධිකාරිවරයෙකු හෝ උපාධිධාරියෙකු වී‍මේ සිහිනය පසු පස හඹා යාමට පටන් ගත්තෙමි. ඒ අනුව ඊට අදාල වෘත්තිය සුදුසුකම් සපුරා ගැනීම සඳහා න්‍යායාත්මක හා ප්‍රායෝගික කටයුතු ආරම්භ කළෙමි. ප්‍රායෝගික පුහුණුව සඳහා මා අයදුම් කළ රත්මලානේ පිහිටි ආයතනයෙන් කැඳවීම් ලැබු හෙයින්, 1986 දෙසැම්බර් මස සිට විගණන පුහුණු තනතුරේ රාජකාරී ආරම්භ කළෙමි. මුලින් ම රත්මලානේ පිහිටි එම ආයතනය තුළ මාස දෙකක් මූලික පුහුණුව ලැබුවෙමි. පසුව දිවයිනේ විවිධ පුද්ගලික ආයතනවල, පොල් වතු, තේ වතු හා සංචාරක හෝටල්වල විගණන කටයුතු පුහුණුව සඳහා වරින් වර මා හට යාමට සිදු විය.

ඒ අතරතුර සෝවියට් දේශයේ ශිෂ්‍යත්වයට තෝරා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ තුනකට, අවස්ථා තුනක දී කැඳවා තිබුණි. 1987 මැයි මස අවසාන වන විට අදාල සම්මුඛ පරීක්ෂණ අවසන් වී තිබුණි.

1987 වසරේ ජූලි මස ආරම්භයේ සිට ම මරදානේ ආමර් වීදියේ පිහිටි පුද්ගලික ආයතනයකට විගණනය සඳහා ගියෙමි. වෙනදා මෙන් අම්මා ඔතා දෙන දවල් බත් එකත් රැගෙන 1987 ජූලි 28 අඟහරුවාදා දින ආමර් වීදිය කරා පිටත් වූයෙමි. දුම්රියෙන් කොටුව දුම්රිය ස්ථානයට ගියෙමි. ඉන් පිටතට පැමිණි මා හට වෙනදා නොමැති කලබල ගතියක් ඇති බවත්, ජනයාගේ ඒකරාශි වීමක් පවතින බවත් දැනුණි. වේලාව පෙරවරු 7.30 පමණ විය. මේ කලබලය එවක යෝජිත ඉන්දු ලංකා ගිවිසුමට එරෙහි ව විය. එදා මෙම ගිවිසුමට එරෙහි ව කොටුව බෝධිය අසල දී විරෝධතා ව්‍යාපාරයක් කැඳවා තිබුණි. එම විරෝධතාවයට ජවිපෙ හා මව්බිම සුරැකීමේ සංවිධානයේ පිරිස් සහභාගි වූහ.          මගේ මතකයේ රැඳුනු ආකාරයට ජවිපෙ නායකයින් වන එච්.බී. හේරත්, ගුණරත්න වනසිංහ, ගාමිණි විජේසේකර යන අය එම විරෝධතා ව්‍යාපාරයට සහභාගි වූහ. මව්බිම සුරැකීමේ සංවිධානයට එවක සිටි විපක්ෂ නායිකා සිරිමාවෝ බණ්ඩාරනායක, ජිනදාස නියතපාල, ගාමිණි ඊරියගොල්ල යන අය සහය දුන් බව මා හට මතකයි. මව්බිම සුරැකීමේ සංවිධානයට හැඩිගල්ලේ පඥ්ඤාතිස්ස හිමි, මාදුළුවාවේ සෝභිත හිමි නායකත්වය දුන් බව මතකයි. පෙරවරු 7.30 ට පමණ මම කොටුව පල්ලිය ඉදිරියෙන් බස් එකට නැග ආමර් වීදිය කරා යන විට විරෝධතාවය ආරම්භ වී තිබුණි. උදෑසන රාජකාරී ආරම්භ කර පැයක් ගත වූ පසු කොටුවට විශාල පිරිසක් ඇදී ආ බව දැනගැනීමට ලැබුණි. මධ්‍යහ්න 12.00 පසුවුනා මතකයි. සියළු ම නිළධාරීන් නිවෙස් කරා යා යුතු බව සාමාන්‍යාධිකාරී විසින් දැනුම් දෙන ලදී. “ බෝ ගහ ලඟ කලබල, කඳුළු ගෑස් ගහලා “ යනුවෙන් අයෙක් කියනවා ඇසුණි. ගෙදරින් ගෙන ආ බත් එක නොකා ම අතට ගත්තෙමි. ආමර් වීදියේ සිට පයින් කොටුව පැත්තට එන්නට පටන් ගත්තෙමි. කොටුව දෙසට පාරවල් වසා ඇති බවත්, වෙඩි තියන බවත් කොටුව දෙස සිට පැමිණෙන අයෙක් කීවෝ ය. ඒ සමග ම මරදාන දෙසට යන බව දැනගත්, ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථයක පාපුවරුවේ එල්ලුනෙමි. එය මරදාන දෙසට රැගෙන යාමට රියදුරාට නොහැකි වූයේ විශාල ජනගඟක් ගලා එන බැවිනි. ඔහු බස්රථය වෙනතකට හැරෙව්වේ ය. බේස්ලයින් පාරට ආවා මතකයි. එතනින් බොරැල්ලට අවේ විදුලි වේගයෙනි. කොන්දොස්තර මහතා “ අපි කටුබැද්දට යනවා, යන අය ඉන්න“ කිව්වා. ඒ වන විට වේලාව පස්වරු තුන පසුවී ඇති බව පාපුවරුවේ ඉහල පඩියේ සිටි ‍කාන්තාවක් කිව්වා මතකයි. බොරැල්ල හන්දියට දස දෙසින් ජන ගඟ ගලා එන්නට වූයේ ය. සමහරෙක් ඉවක් බවක් නැතිව ඒමේ අත දිව ගියහ. රජයේ කාර්යාලවල නම් සටහන් වූ කොල පාට ජීප් රථ එල්ලේ නාරාහෙන්පිට දෙසට පියාඹා ගියේ කෑලි හැලෙන්න ඔන්න මෙන්න තිබිය දී ය. මා පැමිණි බස් රථය ජනයාගෙන් ඉතිරි ගියේ ය. ඉදිරි පාපුවරුවේ අන්තීම පඩියේ දකුණු කකුල තබාගෙන වම් කකුල බස්රථයේ ඉදිරි බෆර් එකට තබාගෙන දකුණු අතින් පැති කණ්නාඩියේ එල්ලි ගමන ආරම්භ කළෙමි. බස් රථය ඉතා අපහසුවෙන් ගමන ආරම්භ කළ අතර අධික ජන ගඟ හා වාහන තදබදය මැද්දෙන් නාරාහෙන්පිට හන්දියට පැමිණෙන විට සවස 4.00 පසු වී තිබුණි. එතැන් සිට දකුණට හරවා 120 බස් ගමන් කරන පාරට පැමිණ වැල්ලවත්ත මිලාගිරිය සාන්ත පාවුළු බාළිකා විදුහල අසලට පැමිණියෙමු. ගාලුපාරට බස්රථය හැරවීමට අවකාශය අහිමි කරමින් පිරිසක් පොලු මුගුරු රැගෙන බස්රථය ඉදිරියට පැමිණිය හ. ඔවුන් දහයකට ආසන්න පිරිසකි. “ බැහැපල්ලා ඔක්කෝම. අපි බස් එක පුච්චනවා.“ කඩුවක් දරා සිටි එකෙක් කීවේ ය. තවෙකෙක් රියදුරාගෙන් බස්රථයේ යතුර ඉල්ලා සිටියේ ය. “ දීපං සල්ලියි මැෂින් එකයි.“ වියපත් කොන්දොස්තරට කෙසඟ කොල්ලෙක් තර්ජනය කළේ ය. “ පුතා මම මේවා ඩිපෝවට දෙන්න ඕනේ. මගේ රස්සාව ගහල යයි.“ කොන්දොස්තරට අතුල් පහරක් සැනෙකින් එල්ල කළේ ය ‍කෙසඟ අධමයා. කොන්දොස්තර මුදල් හා ටිකට් මැෂින් එක දුන්නේ නැත. රියදුරා ද යතුර දුන්නේ නැත.

මම දැක්කේ එපමණකි. අනෙක් අධමයෝ අපිව පලවා හැරිය හ. කර කියා ගැනීමට කිසිවක් නොමැති අපි හිස් ලූලූ අත දිව ගියෙමු. සාරි ඇඳගත් කාන්තාවන් කීපදෙනෙක්ම ඒවා පැටලී ගාලුපාර මත වැටෙනු දුටිමි. ඔවුන් වත්තන් කරගනිමින් ගැහැණු හා පිරිමි කිපදෙනෙක් නැවත කොළඹ දෙසට පැමිණිය හ. “ දැන් මොකද කරන්නේ. කොහොමද යන්නේ “. මම ඔවුන්ගෙන් විමසු‍වෙමි. “ කෝච්චියෙවත් යන්න බලමු.“ එක් අයෙක් පිළිතුරු දුන්නේ ය. එතැන් සිට වැල්ලවත්ත දුම්රිය ස්ථානය පාගමනින් ගියෙමු. දුම්රිය ස්ථානයට පැමිණි අපට දැක ගැනීමට හැකි වූයේ, ජනයාගෙන් උතුරා යන වේදිකාවය. වේලාව සවස 5.00 ට ආසන්න වී තිබුණි. මුහුදුබඩ මාර්ගයේ ඉහලට හා පහලට දුම්රිය ගමන් නොකරන බව නිවේදනය කරන ලදී. කළ හැකි කිසිවක් නොමැති බව හැඟී ගිය ‍හෙයින්, රේලි පාර දිගේ පා ගමනින් නිවෙස් කරා යන පිරිසට මම එකතු වූයෙමි. දෙහිවල, ගල්කිස්ස, රත්මලාන, අඟලාන, ලුනාව, මොරටුව දක්වා පා ගමනින් ම පැමිණියෙමි. මොරටුව දුම්රිය ස්ථානයේ ලී බංකුවක් මත ටිකක් ගිමන් හැරියෙමි. “ ඇඳිරි නීතිය දාලා ගෙවල් වලට යන්න.“ දුම්රිය සේවකයෙක් කීවේ ය. ඉතිරි ටිකත් රේල් පාර දිගේම යාමට තීරණය කළෙමි. කොරළවැල්ල දුම්රිය ස්ථානය හරහා නිවසට පැමිණෙන විට වේලාව රාත්‍රී 7.00 පසු වී තිබුණි. ඇඟට ලේ ඉනුවේ ය. යකෙක් කන්න බඩගින්නක් දැනුනේ නාන විටදී ය.


Thursday, April 16, 2020

මවගේ දියණියෝ.



අම්මා නිහඬ වන්න වූවා ය, තම දෙනෙත් කොවුලා සමගින් වූ පැරණි ඔරලෝසුව මත යොමා.


අම්මාගේ හදවත නිහඬවම ගැහෙන්නේ ය කමිසය යටින්. අලේස්‍යා හිස තබාගත්තා ය. තුක්.... තුක්...තුක්...
එකම පන්තියේ සිටි සාෂාගේ යෙහෙළියගේ පියා මියගියේ ය. ගුරුතුමිය කීවේ හදවත නැවතිලා කියාය.
අලේස්‍යාට සාෂා පිළිබඳව කණගාටුවක් දැනුනේ නැත. සාෂා සමග ඇය ඉතා අඩුවෙන් කතා කර ඇත. එලෙසම ඔහුව මගහැරියා ය. ඇයට හැඟී ගියේ සිනහ උපදවන විමතියකි. අලේස්‍යාගේ දෑස් සිරුර අභ්‍යන්තරයේ තිබුනා නම්, ඒවා විහිදුවා බලා අත්පොලසන් දෙනු ඇත. එනමුත් ඇය සුපුරුදු දෑසින් සාෂාගේ මුහුණ දෙස බැළුවා ය.
තුක්... තුක්... තවමත් ගැහෙන්නේ ය. නමුත් හෙමීහිට. නතර වුනොත්? ඒ අදහසින් අලේස්‍යා හිස එසෙව්වා ය, මෙහොතකට පසුව දැඩිව සැඟවුනා ය මවගේ පියපතර අතර. අම්මා එලෙස නම් කළා ය තම දෑත්, අලේස්‍යා හැඬූ දා, ආරාධනා කළා ය “ ඒ තටු තුලට “. පසුව සෙනෙහසින් ඉවත් කළා ය මුහුනේ දැවටෙන කේරැළි. හිසේ තෙරපුනේ ය වෑහුන කඳුළු. අම්මා තරුණය, ඇයගේ ආච්චි තවමත් ජීවතුන් අතරය. ඇගේ ආච්චි ජීවතුන් අතර යැයි කීමෙන් හැඟෙන්නේ, ඩිංගක් සතුටු වූවා ය අලේසියා ගැන. අම්මා ඇයට පෙර මිය යාමට හැකිය.
සාෂා සති දෙකකට පසුව පාසැලට පැමිණි‍යේ ය. ඇයගේ අම්මාට එකතු කළ මුදල් ඇය ගත්තා ය. අලේසියා දැන සිටියේ නැත, ‍කොපමණ මුදල් තුබුනා ද කියා. ඇයටත් ඩිංගක් කැමැත්තක් ඇති විය. ඇගේ පියා ද මිය ගොස් ඇත. ඇයට ඒ කුඩා මුදල වුවද ප්‍රමාණවත් ය.
අලේස්‍යාගේ තාත්තා ඔවුන් හැර ගියේ කාලෙකට ඉහතදීය. ඔහු වෙනත් නැන්දා කෙනෙකු සමගින් ජීවත් වන බව හා වෙනත් දරුවන් සඳහා සෙල්ලම් බඩු මිලදී ගන්නා බව අලේස්‍යාගෙන් එය සැඟවුයේ නැත. අම්මා, ඔහු සමග දුරකතනයෙන් කතා කරන විට, ඒ බව අලේස්‍යා තේරුම් ගත්තා ය. අලේස්‍යාගේ කුසට යමක් දීමට නොමැති දිනවලදී ඈ ඊට ඔහුට බැන වැදුනා ය, ඔහුට කීවා ය. අලේස්‍යායාට ඒ වචන ඉතාමත් හිත් රිදවන සුළු විය. ඈ එකෙනෙහිම කාමරයේ සිට කෑගසන්නට වූවා ය, “ අම්මා එපා.. “. මව දරුණු ලෙස ඇයව නිහඬ කළා ය, රිසීවරය දෙතනට තද කරමින්. “ අලේස්යා නිහඬ වෙයන් උඹ “. තට්ටු කරමින් දෑතින් මිටිමොලවා අම්මාගේ උකුලට, අලේස්යා එකෙනෙහිම මුළුතැන් ගෙට දිය ගියා ය. දරුණු ලෙස ඉල්ලා සිටියා ය “ කියන්න මම බඩගින්නේ නොවන බව, අම්මා “. අම්මා තවත් තාත්තා සමග කුපිත වූ අතර, කඩිනමින් රිසීවරය වීසි කළා ය.
“ අලේස්යා, වටේ කැරකෙන එක නවත්වන්න, හෙට නැගිටින එකක් නැහැ“, හදිස්සියේම කෙදිරිගෑවා ය අම්මා.
අම්මාගේ දැඩි හඬින් සියළුම බය භිරාන්ත ගති ඇසිපිය හෙලන මෙහොතකින් අතුරුදන් විය. නිසලව පහතට යොමමින් හා වසාගනිමින් දෑස් අලේස්‍යා නිදන්නට වූවා ය.
අම්මා අවදිවූවා ය හතට. අලේස්‍යාට ඔරලෝසුවේ සීනු හඩ ඇසුනි. එනමුත් දැන සිටියා ය ප්‍රමාද වී ඇයව අවදිකරන බව. මුළුතැන් ගෙයි කේතලය නද දෙන්නට විය. පසුව තාච්චියේ රත්වන තෙල් සී සී හඬ පැතිරුවේ ය. ඒ උණුසුම් හඬ ඇඟපුරා විහිදුනි. ඒ පණිවිඩය ගෙන ආවේ වැදගත් දෙයකි. අම්මා මිය නොගියා ය. දැන් නොවේ. නිදාගන්නට අකමැතිය, අවදිවෙන්නට අකමැතිය. අකමැති විය අඩනින්දට වැටෙන්නට ඒ ප්‍රසන්න සිතිවිලිත් සමගින්.
බිත්තයෙන් එහා වූ අසල්වැසියාගේ නිවස්නයෙන් ගීතයක් වාදන වන්නට විය. අලේස්‍යාට හැකිවුයේ තේරුම් ගැනීමට “ love “ හා “ my “ යන වදන් පමණි. ප්‍රියකරමින් නටන රිද්මයට, ඇය ඇඟලි වලින් තට්ටුකළා ය ගුදිරිය මතට, පියානෝවේ යතුර මතට මෙන්, සැහැල්ලුවෙන් හා අක්‍රමවත්ව. පෙර නිමිති පෙන්විය ගීතය තවත් හඳුනානොගත් සතුටක්. අනාගතයට මග ‍පෙන්වීය, අනාගතය වඩාත් වාසනාවන්ත හා ගුප්ත වන බව.
පිසිමින් මුළුතැන්ගෙයි, අම්මාද ඇසුවා ය ඒ ගීතය, කිපෙන තෙල්  හඬ අතරින් හා උදෑසනින්ම කවුළුවෙන් ඇතුළු වන කොසු මිට ගල්තාර මත වැදෙන හඬ අතරින්. දිගු නොවන කාලයකට සිහිවූවා ය ඈ හට පාසැල් කාලය, ඒ ගීතය ගුවනට එක්වූ විටදී, “ ඇයි සියල්ල එලෙසම නොවන්නේ, ඇය කියාපෑ ලෙසට?“ අතරතුරේදී ඇය සිහිකළා ය. එනමුත් මෙම පැනයට පිළිතුරු දීමේ උත්සහය කැඳෙව්වේ ය දැඩි ආශාවේ සමෘද්ධිමත් කාලයට. අම්මා නැවත වරක් සනාථ කළා ය, තාරුණ්‍ය ඇයව පහසුවෙන් රවටා දැමූ බව.
අම්මා ගත්තා ය අංගරාග මංජුසාවෙන් කුඩා කැඩපත, වත්සුනු තැවරීමට. වසර තිහට ඇය ඊට වඩා වියපත් බව පෙන්වූවා ය. එය ඇයව තැවුලට පත් කළේ ය. ඇදෙන සුළු හා උස් දෙතන පෙරදී මෙන් වූ, තාරුණ්‍යයේ ශක්තිය හැරදා ගියේ නැත. අම්මාගේ ඇතුලාන්තයේ මෙතෙක් තාරුණ්‍යයේ දීප්තිය විසුවා ය. ඇය ඇවිළුවා ය ගින්දර, ඇය පිරිමින්ගේ හිත් ගත් විට, ඇයට තෑගි පිරිනැමූහ. සමාජශාලාවේ සිට නිවසට ඇරලූහ. ඒ දීප්තිය උපන්නේ කන්‍යාවක්ව සිටි‍යෙදී ය හා එය තවමත් දැවී ගොස් නැත.
-        අලේස්, නැගිටින්න, සිපගත්තා ය ඈ දියණියගේ නළල.
අලේස්‍යා, තමා තවම නිදි බවක් පෙන්වූවා ය. අම්මාගේ තරහව ඉන් පටන් ගැනිනි.
-        නැගිටින්නේ නැත්නම්, මෙහෙ තියලා යනවා! ඉවරයි, අම්මා නැගිට්ටා ය ඇඳෙන්, කලබල නොවෙමින්, දොරකඩ වෙතට හැරුණා ය.
        නිදියන අලේස්‍යා වෙතට පැනීමට හිත් දුන්නේ නැත. පාසැලට හිමිදිරියේ යන්නට සිදුවන්නේ ය හෝ තනියම ගෙදර සිටින්නට සිදුවන්නේ ය. පහසුවෙන් අවදිවීමට ඇයට නොහැකි විය. අලේස්‍යා අපේක්ෂා කළා ය, අම්මා තව වරක් තමන් වෙතට සෙනෙහසින් පැමිණීම, නළල් තලය අතගා, ප්‍රසන්නව හා සෙනෙහසින් අවදීවීමට කරන ඉල්ලීම. දැනටමත් කණගාටු වෙමින් තම සෙල්ලම පිළිබඳව, ඇයට දැනුනා සේය අම්මාගේ මෘදු අත හා උණුසුම් චුම්බනය.
-        උඹ ලිපිගොනුව ගත්තාද? මුළුතැන්ගෙයි සිට අම්මා කෑගැසුවා ය.
අලේස්‍යා අනපේක්ෂිතව පිළිතුරු දුන්නා ය “ ඔව් “ හා සතුටු වූවා ය. ඇය තමාව සොයා ගත්තා ය.
-        නැගිට්ටද, අන්තිමේට. අම්මා කාමරයට ඇතුළු වූවා ය. ඇඳගන්න ඉක්මනට, වෙල්ලවැහුම් කන්න.
        කෑම මේසය මත අම්මාගේ අංගරාග මංජුසාව තිබුනි. විනිවිද පෙනෙන මංජුසාව, දම්පාට සේයාවක් සමගිනි. ඉන්ද්‍රජාලීය සිලුවට නලයක් ඉංග්‍රීසි අක්ෂර සමගින් යොමු කරගත්තේ ය අලේස්‍යාගේ බැල්ම. අද හොඳම දවසයි පාසැලෙන් පැමිණි පසු එය උත්සහ කිරීමට, අම්මාගේ පැමිණිමට ප්‍රථම. දිනක් අලේස්‍යා උත්සහ කළා ය දෙතොල් සායම් ගැන්වීමට, එය අම්මාට මෙන් පෙනුමක් ඇති නොකළේ ය ඇයට. දැන් ඇයට හැගුනේ ය තමා තුල විසල් හැකියාවක් ඇති බව හා හුරුකමක් ඇති බව.
-        අද බලමු, රුසියානු ක්‍රමයට උඹට හිමිවන්නේ කුමක්ද කියා හතරෙන් එහා. කීවාය මව අණක් සේ. මතක් කළා ය සැන්දෑවේ කලින්ම රැකියාවෙන් පසු ආච්චිගේ නිවසේ සිටින අලේස්‍යාව රැගෙන ඒමට යා යුතු බව හා හැකි විය යුතුවේ එක් කරගෙන ඒමට. හතට පාෂා එනවා.
අලේස්‍යාගේ හදවත කඩා වැටනේ ය. ඇය දැන සිටියා ය ඇයට තුනක් හිමි වන බව. බටයක් සේ එතුනු වෙල්ලවැහුම් අමුත්තක් ඉසිළු‍වේ ය. ඒවා ඇයටම වෙන්වූ වෙල්ලවැහුම් නොවේ. වෙනත් දැරියකගේය. අලේස්‍යාට ඒවා කෑමට අයිතියක් නැත.
අවසන් පාසැල් දිනය නිමා විය. රුසියන් භාෂාවට ලකුණු තුනක් සනිටුහන් විනි. අලේස්‍යා වෙනත් යමක් බලාපොරොත්තු නොවුවා ය. එය ඉතාම අඩු ලකුණකි. ගෙදරට පැමිණ වීසිකරමින් ‍සෝචනීය ලිපිගොනුව කොරිඩෝවට, ඇය ආරම්භ කළා ය, කලබලයෙන් සොයන්නට තැනක් දින පොත වසන් කිරීමට. කුඩා කබඩ් පොඩ්ඩේ එක ලාච්චුවක්වත් නොවීය අම්මාට අහම්බෙන්වත් විවර කල නොහැකි.
ගිම්හාන ප්‍රමෝදයට හා අපරික්ෂාකාරී බවට කැඳවමින්, ජනේලයේ වීදුරුව අතරින් ගලා ආයේ ය වසන්තයේ ඝන කිරණ. අලේස්‍යා හිඳගත්තා ය. කෑම මේසය මත තවදුරටත් අම්මාගේ අංගරාග මංජුසාව රැඳුනි. මෙහොතකට සතුට හා සැහැල්ලුව ඇති විය, ලකුණු තුනක් නොලැබුනා සේ. අලේස්‍යාට ටික කලෙක සිට ආසාවක් ඇතිවිය ඇහි බැම පාට කර බැලීමට. ගනිමින් අම්මාගේ කුඩා කැඩපත, ඇය හැසිරෙව්වා ය ඝන කළු ඇහි පිහාටු පාටකරන බුරුසුව ඒවා මතින්. එකෙනෙහිම ඇස මත තැවරුනි, තීන්ත ආපසු කැරකුනි. තවමත් කල් වේලා ඇත්තේ ය. සැබෑ ජීවිතය තව ඉදිරියේ ය. ඇය ජෙෂ්ඨ සිසුවියක් වූ දා, අම්මා ඇයට මිලදී ගැනීමට ආරම්භ කරන්නේ ය තනපට හා අඩි උස සපත්තු, පාසැලට යාමට අවසර දෙන්නේ නිදහස් කල වරලස සමගිනි.
කොරිඩෝවෙන් අඩි ශබ්දයක් ඇසුනි. අලේස්‍යා කඩිනමින් අංගරාග මංජුසාව නියම ව තිබු තැනම තිබ්බා ය.
-        අලේස්, දැන් කලා ආච්චි ලඟට යන්න. කීවා ය අම්මා දොර අසල සිටම.
ආච්චිගේ ශීතකරණය සැමදා රසයෙන් පිරුණු එකකි. සැමදා නිදහස් පරිඝණකයෙන් සිතැඟි පරිදි කාටුන් නැරඹීමට හැකිය. ඒ සතුට දනවන පුවත නිසා අලේස්‍යාට දිනපොත ද අමතක වූවා ය.
බලමින් දියණියගේ සපත්තු දෙස, අම්මාට මතක්වූවා ය, තමාට අමතක වූ බව අලේස්යාට මේස් සමග පැළදිය හැකි සෙරෙප්පු ජොඩුවක් මිලදී ගැනීමට නොහැකි වූ බව. ආච්චි නිසැකවම අවලාද නැගීමට පටන්ගන්නේ ය. අම්මා සෑහීමට පත්නොවී සුසුම් හෙළුවා ය.
ඇයට හැත්තෑවන දශකය පසුවිය. ඇය වයසට වඩා තරුණ බවක් පෙන්වූවා ය යන්න කීම, සුදුසු ‍නො‍වේ. ඇය තව දුරටත් රැකියාව කළේ දුම්රිය පළේ අයකැමි ලෙසටය. ඇය වැඩ මුරයෙන් අඩක් ‍සේවය කළා ය. දිගු වේලාවක් අසුන්ගෙන සිටීම නිසා ඉඟටිය රිදුම් දෙන්නට වූ අතර පසුව නොහැකි විය චලනය වීමට. ඇයට මාවතේ සිට නිවස දක්වා පැමිණිමට අපහසු විය.
අම්මා හා අලේස්‍යා පැමිණෙන විටදී, ආච්චි මුළුතැන් ගෙයි ආහාර පිසිමින් සිටියා ය.
-        මේ අපි, අම්මා නිවසට ඇතුළු වූවා ය.
-        යසයි, ඇතුලට එන්න, කීවා ය ආච්චි පෙරලමින් කට්ලට්. දිගු කාලෙකටද? ඇසුවා ය දැඩි නොවන හඬින්.
-        හෙට වෙනකන්. මම වේලපහින් එන්නම්. කීවා ය අම්මා, පිටත්ව යාමට කඩිනම් වෙමින් හා සිපගනිමින් අලේස්‍යාව සමුදෙන විටදී.
ආච්චි සැහැල්ලුවෙන් හිස වැනුවා ය, නිහඬවම. දන්නවා, කොහොමද වෙලපහින් උඹ එන්නේ කියලා, ඇවිදිනවා උදේ වෙනකන්, දවල් කෑම වෙලාව වෙනකල් නිදියගන්නවා, හැන්දෑවටයි උඹ එන්නේ හෙට දවල් නෙවෙයි. දරුවා සෑම නිවාඩු දිනකම ආච්චි ලඟය. අම්මාව පේන්නෙ නැහැ හා ගෙදර යන්න හිත් දෙන්නේ නැහැ. සිටිය හැකිද, දරුවෙක් අම්මාගේ ගෙදරය යන්නට අකමැති?
-        කන්නවත් දෙනවද?
-        ඇය කිසිවක් කෑවේ නැත. සුප් හැඳි දෙකක් පමණි.
අලේස්‍යා, රැව්වා ය, කෙඳිරිගෑවා ය. ඇයව දැකීමට වඩා, ආහාර ගැනීමට කැමති වුවා ය.
-        මම ගියා.
-        යන්න, යන්න. දොර වසමින් ආච්චි කීවා ය. අපි දවල් කෑම ගමු. අවධානය යොමු කළා ය ඇය මිනිබිරිය වෙතට.
අලේස්‍යා දිගු වෙලාවක් සිටියා ය නාන කාමරයේ, දෑත් සෝදා නවුම් විය.
ආච්චි කට්ලට් මත ස්මිතානා තැවරුවා ය. බඩගින්න නිසාදෝ, ස්මිතානා නිසාදෝ, ඇත්තටම කට්ලට් රසවත් විය. ඒ නිසා අලේස්‍යා සිතුවා ය අම්මාගෙන් ඉල්ලා සිටීමට මෙලෙසම කෑම පිසින්න කියා.
-        කෙහොමද ඉස්කෝලේ වැඩ?
-        අලේස්‍යාගේ සියල්ල බිඳ වැටුනි. ඇයට රුසියානු බසට ලකුණු තුනකි. කොහේද ඇය දින පොත තැබුවේ? ඈ එය වසන් කිරීමට අසමත් වූවා ය. එය මේසය මතය. අම්මා එය සොයාගනී.
-        වරදක් නැහැ. උත්සහ කළා ය සැහැල්ලුවෙන් පිළිතුරු දීමට අලේස්‍යා.
“ අවාසනාවන්ත දරුවෙක්. ආච්චි සිතුවා ය. උදේන්ම නැගිටිනවා, ඉගෙන ගන්නවා. අම්මා ගෙදර කුස පුරවන්නේ නැහැ හා තමන්ට අයිති නැති පිරිමි පස්සේ දුවනවා. සැබවින්ම අපි ඒලෙස පෙරදින වලදී ජීවත් වුනා. සීයා? යොමු කළා ය බැල්ම පින්තුරය දෙසට මිය ගිය සැමියාගේ, ප්‍රතිමාව අසල තිබෙන. සිතුවා ය ආච්චි. ඒ නිසා තමයි මට තනි නාස්ත්‍යා සමගින් අවාසනාව බැළුවේ? “
අලේස්‍යා හුරුවූවා ය, ආච්චි නිතර නිහඬව සීයාගේ රූපයත් සමගින් කළ කතා කිරීමට. ඒ මොහොතේ දී උත්සහ කළා ය නොබැලීමට ඇය දෙස, එය ආච්චි විසින් ඇයට හොරා සිදුකළා ය.
“ වැඩෙන්නේ ය ඩිංගක් අලේස්‍යාන්කා, මට පුළුවන් ඔබට සැනසිල්ලේ ඉන්න දෙන්න.“ සිතමින් තව කුමක් දෝ කෙඳිරිගෑ‍වා ය ආච්චි.
අම්මාට යන්තමට හැකි වූවා ය සූදානම් වීමට. හරක් මස් පිළියෙල කළා ය, ස්නානය කළා ය, නැවත වරක් වත්සුනු තැවරුවා ය හා ඇඳ ඇතිරිලි මාරුකළා ය. කාලෙකින් පිරිසිඳු නොකල බිම දෙස සිසාරා බැළුවා ය. “ බොහෝ ගෞරව ඇති වෙයි “, හා ඇතු ගෑවේ නැත. මැද සාලයේ මේසය මත තිබුනේ ය අලේස්‍යාගේ දින පොත.
“ කෝ,කෝ, ඇත්තටම කෙහොම වුනත් ඇයට ලකුණු හතරක් දීල, ඇය දින පොත පේන්නම තියලා“ සිතුවා ය අම්මා, විවෘත කරමින් දිනපොත. නමුත් එහි සටහන් වී තිබුනේ ලකුණු තුනකි.
“ ඉඩහැරියා ය , ඈ නොපැමිණී බව දැනගැනීම. එය ඉතා බුද්ධිමත්ය. ළමා කාලයේදී මම නිතර සැඟවු‍නෙමි. “ මේ මෙහොතේදී අම්මා පැහැදිලිවම සිහිපත් කළා ය ඒ සැඳෑව. ඇයට නොහැකි විය තිරව පැවසීමට, දිනපොත සැඟවා දැමීම යන කරුණට ඔහු සම්බන්ධ ද නැද්ද යන බව. ඇයට වයස කීයද? හයක්, එහෙම නැත්නම් අටක්. සීතල විය, සැදෑව. අවට හිත් ගත්තේ නැත. ඇය හා ආච්චි කොහේදෝ සිට ආපසු නිවසට පැමිණිය හ. අම්මා කේන්තියෙන් සිටියා ය. ඒ නිසා ඇය පසුපසින් එල්ලී ආවා ය. ආච්චි ආපසු හැරී බැළුවේ නැත, හා තුවාල ලත් ඇත්තියක් වූවා ය ඇයගේ දැඩි බවින්. අම්මා හදිස්සියේම නැවතුනා ය. එනමුත් ආච්චි දිගටම ගමන් කල අතර, තට්ටු පහක් වූ ගොඩනැගිල්ලට මුවාවු අතර ඇස් මානයෙන් වහං වූවා ය. භීතියටපත් අම්මාට දැනටමත් අමතකය කෝන්තර, දිව ගියා ය ඇය පසුපස. ඇයට මුළු මාවතට ඇහෙන්නම කෑගසන්නට හිත්වූවා ය: “ අම්මේ “ එනමුත් වහංවෙමින් ඒ ගොඩනැල්ලටම, දැන සිටියා ය ඉදිරියේ වූ සිලුවටය. ආච්චි නොනවත්වා එකම වේගයෙන් ගමන් කළා ය. අම්මා නිහඬ එනමුත් කඩිනම් පියවරයන්ගෙන් ආච්චිට නොදැනෙන ලෙසට ගාටමින්, කිට්ටුකළා ය, අභිබවා නොයමින්, පෙර සේ පියවර දෙකකින්. පසුව ඇය හසුවුනා ය. එලෙස ඔවුන් නිවස වෙතට ගමන් කළ හ, එකදු වදනක් වත් හුවමාරු කර නොගනිමින්.
අම්ම දැන් පැහැදිලිවම අවබෝධ කරගත්තා ය, නිවසට හැරුණු ආච්චි දැනගත් බව ඇය ආච්චි පසුපස නොයන බව.

පාෂා පැමිණි‍යේ ය හිස් අතින්. අම්මා ඔහුව හමුවුනා ය යන්තමට සැඟවුනු විමතිය සමගින්. ඔහු එය දුටුවේ ය, එනමුත් දෙතොල් විහිදුවා සිනාසු‍නේ ය.
-        ආයුබෝවන්, සූකිරි කැටේ. ඇදගත්තේ ය ඔහු ඇයව ඉඟටියෙන්.
“ ඔබ, මම බලනවා, තමන් තුළ විශ්වාසයෙන් “  සිතුවා ය අම්මා, සැහැල්ලුවෙන් ඇදිලා යමින්.
දොරකඩ අසල තිබුනේ ය පාවහන්, සැමියා විසින් තබන ලද. ඇය වෙසෙසින් ඒවා එළියට ගත්තා ය පාෂා වෙනුවෙන්ම. ඔහු ඒවා දැන් පැළඳ ගන්නේ ය. ආරාධනා නොකළා ය. එහෙත් කාමරයට ඇතුළුවුනේ ය. අසුන් ගනිමින් අත් ඇඳි පුටුවේ, ඇය ඉදිරියේ එල්ලා තිබූ කැඩපතින් තමාව පිරික්සීමට පටන්ගත්තා ය. අම්මා ඇඳ සිටියේ සරල අමතර සැරසිළි නොමැති නිල් පාට ගවුමකි. එය නොසළකා හරිමන් වඩාත් ප්‍රයෝජනවත් මනාව ගැලපෙන සිරුර, නයිලෝන් මේස් කූට්ටම කළවා හොඳින් සිහින් කළේ ය. වීසිකරමින් කකුලක් මතට කකුලක් තබා, ඇය වාඩි වූවා ය ගවුම අතරින් දෙපා නග්නව වැඩියෙන් පෙනෙන ලෙසට.
“ බලමු, උඹ මොකක්ද කරන්නේ කියලා? “  සිතුවා ය ඇය ක්‍රෝධ සහගතව.
-        ගැහැණු දරුවා එන එකක් නැද්ද? පාවහන් උනා දමමින් ඇසුවේ ය පාෂා.
මුලින්ම අම්මාට තේරුම් ගියේ නැත, කුමන ගැහැණු දරුවෙක් පිළිබඳව ඔහු කියන්නේ ද කියා. පසුව තේරුම් ගනිමින්, ඔහු බලා සිටියේ කොරිඩෝවේ තිබූ අලේස්‍යාගේ ලිපි කවරය දෙස බව අනුමාන කළා ය. ඇයට එතරම්ම දැනුනි තමා නින්දාවට පත්වූ බව. පිසුවා ය හරක් මස්, මිලදී ගත්තා ය මිල අධික කේක් ‍ගෙඩියක්. ඔහු පැමිණියේ ඇයත් සමගින් යහන්ගත වීමටය, මල් කළඹක් හෝ බෝතලයක් මිලදී ගෙන ප්‍රදානය ක‍ළේ නැත. ඒත් දැන් තවත් ඉඩහරිනවා ඔහුට දියණිව නම් කිරීමට ගැහැණු දරුවා ලෙසට.
-        මගේ කෙල්ලගේ නම අලේස්‍යා. මේ එයාගේ ගෙදර. කැමැත්තක් ඇති වුනොත් එතකොට එයි.
-        කෙසේ හෝ මේ මො‍හො‍තේ නොපැමිණියා ය. පාෂා කීවේ ය, සිනහවෙමින් කපටි ලෙස හා කෝපයක් නොමැතිව. මම වැසිකිලියට යන්නද ?
-        අන්න අතන, අම්මා පෙන්වූවා ය.
ඔහු මා පිළිබඳ කුමක් සිතුවේ ද. සැබවින්ම ඔහු සිතන්නේ ද මට දරුවෙක් සිටින බව. මම කඩාපනිමි ඕනැම කෙනෙක් මතට, මාව භාරගන්නවා නම්.
වැසිකිළියෙන් පිටතට එමින්, පාෂා දැන නොසිටියේ ය, කුමක් කතා කරන්න ද කියා. අවංක සිනහව දිගටම පැවතියේ ය ඔහුගේ.
-        සුප් ඕනද?
පාෂා නැමුනේ ය.
-        මොනව හරි ‍බොමුද? ඔහු ඇසුවේ ය තනිවම සිනාසෙමින්.
-        ඔයා මොනව හරි ගෙනාවද? ප්‍රමෝදමත් වෙමින් තමා පිළිබඳව, පිළිතුරු දුන්නා ය අම්මා.
-        නැහෑ..., මට පුළුවන් ද ඉක්මනට යන්න. කී‍වේ ය ඔහු, තමා ගැන තෘප්තියෙන්.
-        ඉක්මනට යන්න.
අම්මා අපරික්ෂාකාරීව ඔහුව ඉවතට ගෙන ගියා ය. අගුල දැම්මා ය දොරේ. ඇය තේරුම්ගත්තා ය කිනම් හේතුවක් නිසාවත් ඔහුව තවදුරටත් නිදහස් නොකල යුතු බව. කොරිඩෝවේ මුල්ලක අලේස්‍යාගේ ගොනු කවරය වැතිර තිබුනේ ය.
“ තම නිවස වෙතට යන්න “ එස් එම් එස් පණිවිඩයක් සනිටුහන් කළා ය. පාෂා කීපවරක් ඇමතූ අතර ඇය රිසීවරය ගත්තේ නැත.
ඇතුල් වෙමින් මුළුතැන් ගෙට, අම්මා මුලින්ම එළියට ගත්තා ය හරක් මස් වලින් පිරි තාච්චිය හා පිගානකට නොබෙදාම කෑමට පටන් ගත්තා ය.
ඉතිං, මොනව කරන්නද, පළමු තේරීම දැනටමත් හඳුනාගෙන ඇත. යහපත් දේ ගැන ඇය මීට පෙරදී බැළුවේ නැත. දැන්වත් දෑත් පපුව මත තබමින් බැළුවේ නැත, ශක්තිමත් බුද්ධියටවත් උපකාර කළේ නැත. එලෙස ඇය පාසැලේ එකම පංතියේ ඉගෙන ගත් අද්භූත මිතුරාව පිටත් කළා ය. ඔහු එකම තැනැත්තා වූයේ ය ඇගේ මුළු ජීවිතය පුරාවටම ආභරණ තෑගි කළ, නොසළකා හරිමින් සැමියාගේ විවාහ ගිවිසගැනීමේ මුදුව පවා. හදවතක හැඩය ගත් රිදී පැන්ඩනය. එලෙස ඔහු කිසිවෙකුට සැලකුවේ නැත හා එතරම් කලක් බලාපොරොත්තු වුයේ නැත. ඩිංගක්වත් බිය වූයේ නැත, උපාධිය සඳහා ඇතුළු විය, කවි කියා දුන්නේ ය. සමහර විට තමාම රචනා කළේ ය. දැන් ‍මොස්කව් වලදී හොඳට හම්බකරනවා. හුරුබුහුටි වීය.
නිතර සිහිකරමින් අහිමිවූ පිරිමින් පිළිබඳව විසල් කණගාටුවක් උපදවා නොගත්තා ය. නමුත් දැන් නොවේ.
කුස්සියේ පිහිටි රූපවාහිණිය මගින් ඒකාකාකරී ටෙලි නාට්‍ය කතාංගය බැලීමෙන් පසු, ආච්චි කලබලයක් නොමැතිව තවත් එක් කට්ලට් තාච්චියක් පිසුවා ය. අලේස්‍යා දිවගියා ය විටකදී පරිඝනකය වෙතට ශාලාවේ පිහිටි, විටකදී මුළුතැන්ගෙයි සිටි ආච්චි වෙතට.
-        ආච්චියේ, ඔයා වයස කීයේදි ද කසාද බැන්දේ? අනපේක්ෂිතව ඇසුවා ය අලේස්‍යා.
-        සීයා එක්ක ද? පෙරලා ඇසුවා ය ආච්චි, සිහියට නගන්නා සේ. සීයා එක්ක, ස්වර්ග රාජ්‍යට මම ඇතුලත් වුනේ, මට අවුරුදු විසිහතේදී. ජනේල පඩියේ හේත්තු වී, හැඟීම් බරව විස්තර කරන්නට පටන්ගත්තා ය. මම කෙල්ලක් විදිහට ඒ කාලයේ හිටියේ. අම්මා මගේ මැරිලා. ස්වර්ග රාජ්‍යට ගියා. මාව දෙන්න ඇය කැමති වුනේ නැහැ. ඔහු තරුණ නොවු අතර, දික්කසාද වී සිටියේ ය. ඒ කාලයේදී...... ඒක බැහැ බැහැ! තරවටු කළා ය ආච්චි ඇඟිලි වලින්, සිතමින් කුමක් දෝ පුද්ගලීක යමක් කීවා ය. දැන් වගේ නෙවෙයි, මිනිස්සු මවනවා කැමති ඕනෑ දෙයක්.
-        ආච්චියේ ඔයා එයාට ආදරය කළා ද? උනන්දු වන්නට වූවා ය අලේස්‍යා.
-        ආදරය කළා, නොකළා, තමන්ගේම නිවසකට කැමති වුනා. උඳුනකට. දැඩිව කීවා ය ආච්චි, සිතමින් ඇයි දැයි අලේස්‍යා ආදරය පිළිබඳව මෙතරම් කළින් විමසන්නේ. ඇත්තටම, ඔහු මාව රැකබලාගත්තා හොඳටම, පියවරයක් වත් ඉවත් වුනේ නැහැ. එවකට මම ශක්තිමත් කෙල්ලක් පීඩාකාරී එකියක් වුනා, රවුම් මුහුණ, මම හිතුවේ නැහැ, මා කෙරෙහි කාගේ දෝ දෑස් යොමුවී තිබුණු බව. ඒ ඔහු දෑස් ‍යොමු කළේ. ආත්මය තුලට එබුනා. බාහිර ඔපය දෙස නොවේ බලන්න ඔනේ. අන්න එහෙමයි.
-        ජීවත් වුනා, ජීවත් වුනා, ශෝක නොවී. සුසුම් හෙළුවා ය ආච්චි දිගු නිහැඬියාවකින් පසුව. දෙවියෝ නැවත ගත්තා ඔහුව, හදවත දුර්වල වී තිබුනා. ආත්මය සමාදානයේ සැතපෙනවා දෙවියන්ගේ සේවකයා, ආච්චි සාන්ත කුරුසිය ඇන්දා ය, හිස නැමුවා ය දේව මැණියන්ගේ සුරුවමට, ජනේල පඩිය මත තබා ඇති.
-        ජීවිතය, බැරෑරුම් එකක්, සරල වුනත් ලෙහෙසි නැහැ, අලේසෙන්කා. දෙවියන්ට ගරු කරන්න, තම මවට ගරු කරන්න, ඇහුම්කන් දෙන්න. ආච්චි ඇයගේ හිස පිරිමැද්දා ය.
තවත් මොනවා හෝ සිත්ගන්නා යමක් සවන්දීමේ බලාපොරොත්තුවෙන් සිටි අලේස්‍යා ඉක්මන් වූයේ නැත මැදසාලයට යාමට. එනමුත් පෙනිගියේ ය, කතාව දෙවියන් ගැන මිසක, ආච්චි ආපසු පෙර වූ කතාව වෙත නොපැමිණෙන බව. සීයා ඇයට පෙම් කල අයුරු ගැන නොකියන බව. සැබවින්ම වැඩියෙන් යමක් කීමට ඇත්තේම නැද්ද? අලේස්‍යා කැමති වූවා ය ඇසීමට, මවට ඇහුම්කන් දෙන්නේ කෙසේද? ආච්චිගේ අම්මා කැමති නොවුනා නම් ඇය විවාහ කර දීමට, අවාසනාවක් වූයේ ය. ආච්චි ඉවත්කළා ය සුරුවමේ තිබුනු දූවිලි.
තට්ටු කළ ඇතුල් වන දොරට.
-        මේ මම. හදිස්සියෙන් හා උස් හඬින් තමාව හැඳින්වූවා ය අම්මා.
-        අම්මා....! දිව ගියා ය අලේස්‍යා ඈ වෙතට.
-        ආහ්.. උඹ මේච්චර කලින්! ඇමතුමක් දුන්නෙත් නැහැ! ඇති වෙන්න ඇවිද්ද ද? සතුටු වූ ආච්චි මුළුතැන් ‍ගෙයින් පිටට ආවා ය.
-        ලැහැස්ති වෙන්න, අලේස්. මෘදුව අණ කළා ය අම්මා.
-        ටිකක් වාඩිවෙලා ඉන්න. කන්න, කට්ලට් රත්කලා. එහේ මෙහේ දුවන එකන කරන්නේ.
-        අම්ම, අපි වාඩිවෙමු. සිතුවාය අලේස්‍යා, කාටුන් බලා අවසන් කිරීමට නොහැකි වූ බව. මැද සාලයට දිව ගියා ය පරිඝණකය වෙතට.
අම්මා, ආච්චි සමග රෑ කෑමට අසුන් ගත්තා ය.
කට්ලට් බෙදමින්, ආච්චි ස්මිතානා එකතු කරගන්නා ලෙසට කීවා ය. එහෙත් අම්මා ඉක්මනින් ප්‍රත්ක්ෂේප කළා ය. “ ස්මිතානා එක්ක රහයි “ උත්සහ කළාය ඒත්තු ගැන්වීමට.“ එපා ස්තූතියි“, විලිස්සුවා ය අම්මා. කවර පිරියකින් අලේස්යා ඒ කට්ලට් කෑවාද යන්න ආච්චි සිහිකරමින්, වේදනව සමගින් කුමක් ගැනදෝ නිවැරදි කල නොහැකි දෙයක් පිළිබඳව සිතුවාය. ගොඩක් පහුවෙලා කුමක් දෝ කීවා ය. දියණිය ඇයට තවත් ඇහුම්කන් දෙන්නේ නැත. එනමුත් රුහිරෙන් ඇති වන හැඟිම කිසිවකින් වෙනස් නොවන බලයකි තම දරුවන් කෙරෙහි පවතින ශක්තියකි අම්මාගේ, සියළුම සිතුවිලි වඩා.
-        සාමාන්‍ය මිනිහෙක් උඹට ඕනේ. නාද්කා තොප්තිරේවාගේ පුතා දික්කසාද වෙලා ගොඩක් කල්. වැඩකරන, නිරෝගී මිනිහෙක්. එයාගේ අම්මා වැඩිය වචනයක් වත් කතා කරන්නේ නැහැ.
-        අම්....මා..... යටිගිරියෙන් ඇද්දා ය අම්මා.
-        ඒ දික්කසාදය වුනේ එයාගේ වැරැද්දෙන් නෙ‍මෙයි. ඇය ඔහුගෙන් ඉවත් වුනා. මොකක් ද එයාගේ අම්මේ ගැන කියන්නේ? දරුවාට තාත්තා කෙනෙක් වුවමනයි. උඹේ එහාට මෙහාට යන එක නෙමෙයි.
-        එහාට මෙහාට යන එක හොඳයි, ඔයා තාත්තා එක්ක ජීවත් වුන විදිහට වඩා. අම්මා ආච්චිගේ වචන කපාහැරියා ය.
ආච්චි නිහඬ වෙමින් ගත්තා ය මේසයෙන් ලුණු හා කලබලයක් නොමැතිව, ඉස්සා ය  තම පිඟානට. අම්මා ඇස් කොනින් ඇය දෙස බැළුවා ය. ඇය ලබාගත්තා ය තම කට්ලට් එක. විනාඩි කිහිපයක් ගත විය. සපමින් අවසන් කැබැල්ල, ඇය නිහඬියාව බින්දා ය.
-        කව්ද කිව්වේ, ජීවිතය සැහැල්ලු වෙයි කියලා? කොහොම වුනත්  පාපය හැංගෙනවා. සීයා ඇවිද්දා, බිව්වා. ඉවසන්න වෙයි. වෙනත් පුරුෂයින් පස්සේ දුවන එක නෙමෙයි.
-        ඉවසන්න? අම්මා පුදුම වුනා ය. තමාගේ දරුවා ගැන දුක හිතුනේ නැද්ද? තාත්තා මට ඉනපටියෙන් තලන කොට? ඔහු මගේ පාසැලට බීමත්ව කඩාගෙන පනින කොට? ඔයාට මං ගැන දුක හිතුනේ නැහැ. මට හැඟෙන්නේ මොකක්ද කියලා ඔයා අහලා වත් නැහැ.
ආච්චි අවධානයෙන් යන්තමට විවර කළා ය මුළුතැන් ගෙයි දොර. එලෙසම දොර ලඟ සිටියා ය අසුන් නොගෙනම.
-        ඔහුට පමණක් අනුකම්පා කළා ය. ඔහු අසලින් ඔයා දිව්වා, කලේන්කා, ක‍ලේන්කා කියා. නිහඬවම අවසන් කළා ය අම්මා.
අම්මා නිහඬ වන්න වූවා ය, තම දෙනෙත් කොවුලා සමගින් වූ පැරණි ඔරලෝසුව මත යොමා, එම බැල්මෙන් එය නැවැත්විය හැකි වන්නා සේ. විවර වූ දෙනෙතින් කඳුළු වැගිරු‍නේ ය. පසුපසින් සිටියා ය ආච්චි.
-        සියල්ලම කණගාටුදායක විය. එයින් කියවෙන්නේ අපේ ඉරණම එවැනි එක්ක කියා ය. සීයාව කතාවට ඇදලා ගත්ත නිසා නේ. ආච්චි අම්මගේ උර මත දෑත් තිබ්බා ය.
අම්මා ඉක්කමනින් තේ බොන්නට වූවා ය.
-        කෙසේ තිරණය කරයි ද, එසේ මිය යමි මම. නවතින්නට.. මට අඬගහනවා එයා ලඟට මගේ අම්මා. උඹ කා වෙනු‍වෙන් ද අලේසෙන්කා එක්ක ඉතුරුවෙන්නේ? අපේ අභාග්‍ය සම්පන්න සීයාට මම මොකක්ද කියන්නේ? ආරක්ෂා නොකළා ය, සම්බන්ධ නොකළා ය. නිසලව හා වෙනසක් නොමැතිව නියම කළා ය ආච්චි.
අම්මා දැනගෙන සිටියා ය, ඒ පැරණි ඔරලෝසුව පෙර දිනක ආච්චිට දායාදය ලෙස තෑගී කල එකක් බව. එනමුත් කෙදිනකවත් ආච්චි නොකියා සිටියා ය ඒ පිළිබඳ, සම්පූර්ණ විශ්වාසයෙන්, තමගේ මෝඩ හා යල්පැන ගිය අදහස්.
-        කුමක්ද නිතරම සිදුවන්නේ. තිත තිබ්බා සේය ආච්චි.
අම්මා කිසිවක් නොකියමින්, ඔලෝසුව දෙස දිගටම බලාසිටියා ය. ඔරලෝසු කටු දුර්වලව සලකුණු කළේ ය ටික්.. ටික්...ටික්..
මුළුතැන්ගෙට තට්ටු කළා ය අලේස්යා.
-        උඹ මොකද කිට්ටුවට ආවේ? අම්මා වෙතට යාමට නොදී, අගේ ඇඟට ගොඩ වුනා ය ආච්චි.
කාටූන් බලලා ඇතිවූ බව අලේස්යා කීවා ය. එනමුත් අම්මාගේ හැඬීම දුටු ඈ තුෂ්ණිම්භූත වූවා ය. “ අම්මා... ඔයා මොකද මේ “?
කාටූන් පිළිබඳව ඇසුනු අම්මාට, ක්ෂණයෙන් සිහියට නැගුනේ ‍මේසය මත රැඳුනු දින පොතය. “ පාඩම් තව හොඳට කළා නම්, කාටූන් බලනවා “, කීවාය අම්මා හා අවසාන වදන් සමගින් බලාපොරොත්තු නොවු ලෙස සිනහසුනා ය. ආච්චි ද සිනහසෙන්නට වූවා ය.
-        ලකුණු තුනක්, ඇති කියලා හිතුව ද? දැඩි බවක් පෙන්වීමට උත්සහ කරමින්, අම්මා ඇසුවා ය.
අලේස්‍යා හිස නවාගත්තා ය. ඔහු ඒ මෙහොතේ පැමිණියේ ය. එනමුත් ඔහු පැමිණියේ ඇය ඔහුව බලාපොරොත්තු වූ ලෙසට නොවේ. අම්මා කතා කළේ මුළුමනින් වෙනස් ආකාරයකට ය. අලේස්‍යාට හැඟී ගියේ ය, කිසිලෙසකින් වත් ඇය වැරදි නැති බව.
-        කමක් නැහැ, පලයං. එන අවුරුද්දේ උඹේ හම ගලවනවා. ලකුණු තුනක් ගන්න උත්සහකරන් එපා. තේරුණාද?
අලේස්‍යා කිවිසමින් කාමරයට දිව ගියා ය. පළමුවරට ඇයට දැනුනා ය සැහැල්ලුවක්, අසීමිත දුක් කන්දරාවකට පසු හදිස්සියේම මතුවූ. නමුත් මොකක් නිසාද අම්මා හැඬුවේ. ඒ පැනය ඈ තුල ජනිත කළා ය නව භීතියක්.
-        උඹ, ලකුණ තුනක් ගත්ත එකි! මම ඉස්කොලෙන් ඇහුවා. සාමාන්‍ය ලෙසට කතා කළා ය. ආච්චි දයාබරව නොනවත්වා සිනාසුනා ය.
ඔවුන් සිනහසුනෝ ය, එකිනෙකාගේ දෑස් දෙස බලමින්.
කවුළුව අසල සිටිමින්, ආච්චි දෑසින් පිටත්කර යැව්වා ය අම්මාව හා අලේසෙන්කාව. ඔවුන් දැනටමත් බස් නැවතුම්පල අසලට පැමිණිය හ. ඒ මෙහොතේම සමූහය තුල අතරමං වූහ බලාපොරොත්තු සහගත ජනයා.
“ පේන විදිහට, ආයෙමත් බස්එක කැඩිලා “ සිතුවා ය ආච්චි.
ඇය සිහිකළා ය උදෑසන සිට ඒ බස්නැවතුම් පලේ වාඩිවී සිටි බව, පොල වෙතට යන තෙක්. බස් රථය පිරෙන්න සෙනඟ හිටියා. සමහරු හිටගෙන සිටියා. සමහරු ඉඳගෙන සිටියා. මට ඉඩක් දුන්නා තරුණයෙක්. කුලෑටිව, ලැජ්ජාවෙන් ආරාධනා කළේ ය. “ ආච්චි වාඩිවෙන්න “. ඔහු උනන්දුවෙන් කුමක් සිතන්නේ ද, වයසට ගිය දුටු විට? සමහර විට මැරුණ කෙනෙක් දෙස බලනවා සේ. කෙහොම වුනත් අපි ජීවතුන් අතර හා මියගියත් එකවගෙයි. කෙහොම වුනත් අපි එකිනෙකාගෙන් කෙටි පියවරකින් ඈතින් සිටිමු. මේ බස්රථයේ අපි සියළුදෙනාම එක්ව ජීවිතය පුරා යන්නෙමු.
ඒ තරුණයාව තවත් පෙනෙන්නට නැත. මම සියළුදෙනාවම දකිමි. සෑමකෙනෙක්වම මට දැනෙනවා, සෑමකෙනෙකුගේම ඇතුලාන්තයේ මම සිටිමි. අපේ කාගේ හර කෙනෙකුගේ දරුවෙක්. වයසක කාන්තාවන්ට, පිරිමින්ට මව්වරු සිටිති.
ආච්චි සිහිපත්කළා ය තම මව ව, මේ දැන් දුටුවා සේ ඇයව. පිවිසෙති ඔවුන් කෝල්‍යා සමගින් නිවස තුලට. අම්මා වාඩි වී සිටින්නේ ය බිම. දං සුද්ධ කළා ය. කොල්‍යා එකෙනෙහි ම: “ දෑවැද්ද එකතු කරන්න අම්මා. “ අම්මා නැගිට්ටා ය, සිටගෙන බැළුවේ ය ඔවුන් දෙස, භීරාන්ත වූ දරුවෙක් ලෙසට ය. විටෙක එක් අයෙක් දෙස බලන්නේ ය, විටෙක තවෙකෙක් දෙස බලන්නේ ය. “ ලූද්කා, එකඟවුනා ය අම්මා, මෝඩ කෙල්ල උඹ“. කෙඳිරිගාන්ට වූවා ය, දෑතින් හිස අල්ලමින්. දෙපයින්ම දං ගොඩ මත සිටගෙන සිටියා ය, නොසෙල්වි තදින් හා නොදැනුවත්ව.
“ කෙ‍සේ ‍වෙතත් අපි දරුවෝ වෙමු හා දරුවන් සේ සිටින්නෙමු“ කෙදිරිගෑවා ය ආච්චි.


අල්යෝනා අනාතෝලියෙව්නා බෙලෝඌසෙන්කො.
රුසියන් බසින් සිංහල බසට,
ෆීලික්ස් ප්‍රනාන්දු.
2020. අප්‍රේල් 13.