Thursday, October 24, 2019



නිවෙන දැල්වෙන නබෝ තරු මල්
වෑහෙයි අමාවකට
නිසසල කළු ගං මෝය අද්දර මුනිඳු පිදුමට


වුවද අමාවක, ශ්‍රී වත ඔබේ
බිඳලයි රුදුරු ගොම්මන්
බොර ගං මා හද පතුලේ


නිවාලන්නට සසර ගිනිදැල්
පුදමි මුනිඳුට සහසක් පහන් දැල්
සමිඳු පාමුල බෝ.


ෆීලික්ස් ප්‍රනාන්දු.