Thursday, October 27, 2016

ПЕРВАЯ ЛЮБОВЬ. ප්‍රථම පෙම.



                               Что я вздыхаю,
                               Видя прекрасных
                               Милых девиц?
                               Юлии равной,
                               Ах! не увижу
                               Я никогда.

                               Часто встречаю
                               Прелести, разум,
                               Часто в одной;
                               Горесть заступит,
                               Ближе спознавши,
                               Место любви.

                               В Юлии только
                               Прелести, разум
                               Дружны с душой!
                               Как же возможно
                               Чувствовать боле
                               Прежню любовь?

                               Так я вздыхаю,
                               Видя прекрасных
                               Милых девиц;
                               Юлии равной,
                               Ах! не увижу
                               Я никогда.


                               <1804>






ප්‍රථම පෙම.


                    කුමක් උදෙසා මම සුසුම්ලම්ද,
                    බලමින් ලකල්
                    සුන්දර කෙල්ලන්?
                    යූලියාට සම,
                    අහ්! නොදකින්නෙමු
                    මම කෙදිනකවත්.

                    නිතර හමුවන්නෙමි
                    පහටු, සතන්,
                    නිතර එකක්ය;
                    ගැහැට හාරන්නේය,
                    සමීපව හඳුනාගැනීමේ,
                    නවාතැන ආදරයේ.

                    යුලියා තුල පමණයි
                    පහටු, සතන්
                    එක් ආත්මයෙන්!
                    කෙසේ කලහැක්කේද
                    හැඟෙන්නේය වැඩියෙන්
                    පෙර ආදරය?

                    එසේ මම සුසුම් ලන්නෙමි,
                    බලමින් ලකල්
                    සුන්දර කෙල්ලන්;
                    යුලියාට සම,
                    අහ්! නොදකින්නෙමු
                    මම කෙදිනකවත්.

                    1804.
                    ඉවාන් මාර්තිනෝවිච් බෝර්න්.
                    රුසියන් බසින් සිංහල බසට,
                    ෆීලික්ස් ප්‍රනාන්දු.

Saturday, October 22, 2016

මම ආදරය කරමි ඔබට එතරම්ම උමතුවෙන්.


මම ආදරය කරමි ඔබට එතරම්ම උමතුවෙන්.
ඔබ වාසනාවේ මංපෙත් විවර කර දුන්නේය.
සිහිනය සීසිකඩ හැරීය නිසසලව,
හදවත ගැහෙන්නේය, සුසුම්ලන්නේය පියයුරු.

එ රැයේ හඳපානේ
කව්දෝ කෙනෙකුගේ පසෙහි,
පියකරු මිතුර, සුකොමාළ මිතුර,
සිහිපත් කරන්න ඔබ මා.

කුමක් උදෙසා සියල්ල එසේ වූයේද?
නුඹව කුමක් උදෙසා දුටුවේද මම?
හද අසරණ ඉරී ගියේය,
වැනසුවේය ඔබ මා.

මා ඉදිරියේ ප්‍රභාමත්විය ඔබ,
ඇල්මෙන් රැක බලාගත් සිහිනයක් සේ.
ලාලසාවේ හැඟීම් පුබුදු කලේය.
ජයගත්තේය සුන්දරත්වය.

එසේ බලාපොරොත්තුවෙන් නොසිටිමි මම මරණ දඬුවම
මගේ ඉන්ද්‍රජාලික සිහින වලින්.
මම ආදරය කරමි ඔබට තිගැස්මෙන් තොරව,
හුරුවෙන් තොරව හා කඳුළින් තොරව.

එනමුදු විශ්වාස නොකරමි, දරුණු නිසා
එසේ ඔබට හැකිවිය කිරීමට,
බලාපොරොත්තු ලබාදිම මට බහුල, බහුල
හා සියළු වාසනාවන් අනපේක්ෂිතව බිදී යන්නේය .....

කුමක් කරම්ද, වෙනකෙක් සමග වන්නේය තුස්නා,
ඔහු සමග දිවි ගෙවන්න, ආදරයෙන්,
කෙදිනක හෝ ටිකකට හෝ
සිහිකරන්න මා.

1889.
යූ.ආ. අදමෝවිච්.
රුසියන් බසින් සිංහල බසට,

ෆීලික්ස් ප්‍රනාන්දු.

Monday, October 17, 2016

සෝවියට් සමාජවාදී සමූහආණ්ඩු සමූහයේ ගීතය.



සමූහය ආලංඝනීයයි සමූහආණ්ඩු නිදහස්
එක්සත්ය සදාකල් උදාර රුසියාව.
සදාකල් දිනේ ප්‍රභූත රිසි දනගේ,
එකම, තෙදැති සෝවියට් සමූහය!

යසස, නිදහස් ජන්මභූමිය අපගේ,
ජන මිතුදම් විශ්වසනීය බලකොටුවයි!
සෝවියට් පතාක, ජන පතාක
ඉඩහරින්න ජයෙන් ජයට රැගෙන යන්නේය!

අතරින් චණ්ඩ මාරුත දිදුළුනේය අපට නිදහසේ හිරු,
ලෙනින් උදාර අපට මග ආලෝකමත් කලේය.
හා අපව සඤ්ජාත කලේය ස්තාලින් - සරදය මත දනගේ,
දහදිය මත හා වික්‍රමයන් මත ජීවන සුසුම ‍හෙළුවේය.

යසස, නිදහස් ජන්මභූමිය අපගේ,
සුඛය දනගේ විශ්වසනීය බලකොටුවයි!
සෝවියට් පතාක, ජන පතාක
ඉඩහරින්න ජයෙන් ජයට රැගෙන යන්නේය!

අපි අපේ හමුදාව ඔසවා තබන්නෙමු සටනේදී,
ආක්‍රමණිකයින් නිවට මාවතේදීම නිමානය කරන්නෙමු!
අපි සටනේදී තිරණය කරන්නෙමු ඉරණම පරපුරේ,
අපි ජන්මභූමියේ මහිමය වෙත රැගෙන යන්නෙමු!

යසස, නිදහස් ජන්මභූමිය අපගේ,
මහිමය දනගේ විශ්වසනීය බලකොටුවයි!
සෝවියට් පතාක, ජන පතාක
ඉඩහරින්න ජයෙන් ජයට රැගෙන යන්නේය!

පබැඳුම     -       එස්.වි. මිහාල්කෝෆ් හා ග.ආ. එල් - රෙගිස්තාන්




සංගිතය    -       ආ.ව. අළෙක්සාන්ද්‍රෝෆ්.




රුසියන් බසින් සිංහල බසට,

ෆීලික්ස් ප්‍රනාන්දු.

Sunday, October 16, 2016

හේමන්තය.





ආසන්නය දැඩි සීතල කාලය,
තුන්දා දිනමුව සිට
ඉස්සේය පියසි ප්‍රථම තුහින.
උකුවූ සිලිල ශිත නදියට,
වැටෙන්නේය හිම
වළාකුලින් ලැසි හා නීල.

එතරම් තෙත් සඳ දිසි
අපට කවුළු තුලින්,
නබෝගැබ පහත්වූවා සේ,
දඩයක්කරුවා දිනදසුන බලන්නේය
කාලය මන්තුකරන්නේය,
කවදා ද ඔහු පිසදමන්නේ හිම මත ලිස්සන ලෑලි ජෝඩුව.

නිවහනේ ස්නේහය විජයග්‍රාහිය,
අපිට නත්තල්
රැගෙන එන්නේය රමණීයත්වය ළමුන්ගේ නත්තල් ගස.
විල අසල තියුණු හඬ දෙන්නේය හිම පා තල,
හා පහන්
අතු මත - යුරු දෙව්යන්ගේ බිඟන්.

සියළුම දිගු කාමර ඉස්පාසුය,
මගේ හුරුබුහුටි මිතුර,
ඔල්වාරම් දෙමි මම සැහැල්ලු වීණාවෙන්.
පැමිණෙන්නේය නිහඬ හේමන්තය:
කෙත, නිවස -
සියල්ල හුරුබුහුටි හා සැපපහසු වන්නේය.

1916.
මිහායිල් අළෙක්සේවිච් කුස්මින්.
රුසියන් බසින් සිංහල බසට,

ෆීලික්ස් ප්‍රනාන්දු.

Saturday, October 15, 2016

ආදරය.





සේ පවලම්, හිරු පනේල
ඉසින්නේය,  ලාලනය කරවමින් දන ....
එය වූයේ ප්‍රබෝධමත් බක්මහේ
සුවිශාල චතුරශ්‍ර අතරින් වූ එකක් මතය.

නුඹ මාව, හුදකලා වූ, බැල්මෙන්
ඒකාලෝක කළාය, සේ දිනිඳු, අනපේක්ෂිතව ....
ගියෙමි මම අසලින් නුඹ සමග,
සේ වියපත්, ධෛර්යමත් මිතුර.

මා මතකයේ නොරැඳේ, කවරක් අරබයා කතා කළෙමුද ....
නොදනිමි මා, කෙතැනට ගියෙමුද අපි ....
බැල්මෙන් අපි කැඳවීම් විවරකළෙමු,
මදහසින් අපි පිළිවදන් සොයාගත්තෙමු.

ගෙදරට මම අපසුපැමිණි දා,
සියළු දෙනා වටවිය හා ගැයුවේය, නද දෙමින්,
හමුවූ සියල්ලෝම කිසිවකට මුත් සිනාසුනි,
එක් එක් අශ්මරී මා දෙස බැළුවේය!

දැරියකගේ දෙකොපුල් සේ, රත්පැහැ විය
කවුළුවේ වීදුරු, බැස යන හිරුගේ කිරණින් ....
එය වූයේ ප්‍රබෝධමත් බක්මහේ,
නිදිනැති රැයේ මුවවිට.



අළෙක්සේයි පෙත්රෝවිච් ක්රායිස්කි.
රුසියන් බසින් සිංහල බසට,

ෆීලික්ස් ප්‍රනාන්දු.

Thursday, October 13, 2016

හැර ගිය ආදරය.


හැරගියේය ආදරය නෙත්කළු වතින්,
දුර්මුඛ දෑසින් යුත් සිනහවකින්,-
ඔබ ජීවමාන වූවාය, හා මම ජීවත්වී අවසානය,
අප උදෙසා නොවේ ඉහලින් සිසි බැබළුනේ.

වර්ණවත් කරමින්  ඔටුන්න හිමියා මීදුමේ,
වළා මත සිසිය,
නමුදු නුඹට නොවේ සිසි ඉඟිනොකරන්නේ,
තවත් නොවේ මාහට සිසි නිමිති නොකියන්නේ....

ගෙවීගියෝය ප්‍රමෝධයන් ජීවිතාවසාන,
සිරගතව නැගිට සිටියේය ගොන්නේ දොරටු වෙත,
හා නිසලව වැටෙන්නේය හිම පියලි
ඔබට විස්කි, හා මට අප්‍රසාදයෙන් රැළි ගැන්වූ නළල.

දැන් පියමනින්නෝය දැඩි කිරීමට තුහින,
අවශ්‍යය අපි අපිට,  නුඹව හා මාව,
කඩිනම් කරන්නේය, පසෙකට දමමින් කඳුළු,
අස්වැන්න පෑගෙන්නේය ගොඩැල්ලේ කමත මත.





1929.
සෙර්ගේයි ක්ලීච්කෆ්.
රුසියන් බසින් සිංහල බසට,

ෆිලික්ස් ප්‍රනාන්දු.