වැස්ස චිරි චිරි ගා බේරෙන්නේ ය.
සඳ
පායා නැත, තරු දිදුළන්නේ ද නැත.... නැත රේඛාවන්, නැත සිලුවටයන්, ඩිංගක් හෝ
දීප්තිමත් තිතක් නැත්තේ ය. සියල්ල නිරන්තර ව ගිලි ගියේ ය, කුට්ටි කැපෙන අන්ධකාරයේ.
ඔබ බලන්න, බලන්න ඔබට කිසිවක් නො පෙනෙන්නේ ය, නියත ව ම ඔබේ දෙනෙත් උදුරා දමයි...වැස්ස
චිරි චිරි ගා බේරෙන්නේ ය, බාල්දියකින් සේ. බිහිසුනු කිළි..
ගම්බද
මග ඔස්සේ ඇදි යන්නේ ය තැපැල් අස් ජෝඩුවක්. තනි අසු බැඳි කරත්තයේ අසුන් ගෙන සිටියේ
ය පිරිමියෙක් දුම්රිය ඉංජිනේරු හිම කබාය ලා ගත්. ඔහු අසලින් ඔහුගේ බිරිඳ වූයේ ය. දෙදෙනා
ම තෙතබරියන් වී. අසරුවා ඉතා බීමත් ව සිටියේ ය. උපතින් කොර ගසන්නේ ය, හඩින් සුසුම්
හෙළන්නේ ය, වෙවුලන්නේ ය හා ඇදි යන්නේ ය ලෙඩ කපුටෝ වැල කන්නා සේ, ලැජ්ජාවේ මුදුනෙන්
කාරිය ඇන හිටින්නේ ය, නවතින්නේ ය හා වීසි වෙන්නේ ය පැත්තකට. මග බිය උපදවන සුළු ය,
පියවරක් පසා, මඩ වලවල්, ගොඩැලි, පැහැදිලි නැති පාලම් පොඩ්ඩක්. වම් පසින් වෘකයෙක් උඩු
බුරන්නේ ය. දකුණු පසින් කතා කරයි ගිරිකඳුරු.
-
අතරමං නො වුනේ ද අපි මාවතේ? ඉංජිනේරුවා සුසුම් ලන්නේ
ය. බිහිසුනු මගක්! අපිව පිටට ඇදලා ගන්න එපා!
-
මොකකින් ද ඇදලා ගන්නේ? අහ්! මොන ප්‍රාකාරයෙන් ද
මාව ඔබ ඇදලා ගන්නේ? එහ් නින්දිත අයුරින්! සැලෙන්න! සුරතළියේ!
-
පෙනෙන විදිහට , අතරමං වෙලා අපි මාවතේ, ඉංජිනේරුවා
කියන්නේ ය. කෙහේට ද අපිව අරගෙන යන්නේ, යක්ෂයන්? පේන්නේ නැති ද? මේක පාරක් ද?
-
පාරක් වුනා!
-
පොළොව එය නො වේ, බේබදු හොම්බ! දකුණට හැරියන්! ඉතිං
ලුහුබැඳපන්! කොහේ ද සබුක්කුව?
-
මංමුළාව පරිදි, ඔබේ ප්‍රධානත්වය...
-
මරනවා, අනිනවා, මතක තියාගනින්! එලවා දමනවා
දුර්ජනයා! නැවතියන් කොහේ ද යන්නේ? එතන පාරක් ද?
අශ්වයෝ
නැවතෙති. ඉංජිනේරුවා පිම්මේ යන්නේ ය, එල්ලෙමින් අසරුවාගේ උරහිසින්, අදිමින් තෝන්
ලණුව දකුණට. මඩේ කලවම් කරන්නේ ය, හදිස්සියේ ම හැරෙමින් එකෙනෙහි ම, එයින් නො වේ
සියල්ලෙන් නො වේ. උද්දාමයට එහා ආරම්භ වන්නේ ය කුමක් දෝ බියකරු. අසරුවා ඇකිලෙන්නේ ය
හා වියැකෙන්නේ ය, එල්ලි සිටින්නේ ය ප්‍රපාතයක මුදුනින්. ඉංජිනේරුවට දැනෙන්නේ ය,
තනි අශ්වයා යෙදු කරත්තය මගීන් සමගින් පියඹා යයි අපාය වෙතට.
ගිරිකඳුර ගැඹුරු නො වේ. ඉංජිනේරුවා
නැගිටින්නේ ය, රැගෙන යන්නේ ය දර මිටිය
බිරිඳට හා ඉහලට බඩ ගෑවේ ය. ඉහලට, ගිරිකඳුර මුදුනට, අසරුවා වාඩි වී සිටින්නේ ය හා
ලතෝනි දෙන්නේ ය. උල් කුළ පනින්නේ ය ඔහු වෙතට හා මුෂ්ටිය ඉහලට ඔසවමින්, කැබලිවලට
ඉරා දැමීමට සූදානම්, විනාශ කිරීමට, මඩින්නට.
මරනවා, පල් හොරා! කෑ ගසන්නේ ය ඔහු.
මුෂ්ටිය
ඔසවාගෙන හා දැනටමත් මගේ අඩක් අසරුවාගේ බුදලයක් සේ ය. තව විනාඩියක්
මීෂා,
මතක් කරන්න කුකුයෙෆ්කා!( ජනවාසයක නම ) බිරිඳ කීවා ය.
මීෂා
වෙවුලන්නේ ය හා ඔහුගේ බිහිසුනු මුෂ්ටිය නවතියි මාවතේ අඩක. අසරුවා රැකුනේ ය.
අන්තොන්
පාව්ලොව්ච් චේහෆ්.
රුසියන්
බසින් සිංහල බසට,
ෆීලික්ස්
ප්‍රනාන්දු.
No comments:
Post a Comment