දෙවන කොටස.
ස්තාලින් හා ස්වෙර්ද්ලෝෆ් සෝවියට් රාජ්‍ය ගොඩනැගීමෙහිලා
ලෙනින් ආසන්නයේම සිටි සහකරුවෝ වූහ. ලෙනින් සමග ස්තාලින් කාමෙන්යෙෆ්, සිනෝවියෙෆ්,
රීකෆ් සමග වෙනත් වැඩ වර්ජන පැහැර හැරියවුන්, සටනින් පැනගියවුන් සොයා හඹායන්නට විය.
ඔක්තෝම්බර් සමාජවාදී විප්ලවයෙන් නෙරපාහැරියවුන් වන රුසියානු ඉඩම් හිමියන් හා
ධනවතුන් සෝවියට් ජනරජ සූරා කන්නට විය. ඔවුන්ගේ ඉලක්කය වූයේ කම්කරුවන් හා ගොවියන්
විනාශ කිරීම, සෝවියට් බලය දියකර හැර නැවත රුසියානු ධනපති පාලනය ස්ථාපනය කිරීමයි. ඒ
අනුව සිවිල් යුද්ධය හා ආයුධ සන්නද්ධ අරගලය ආරම්භ විය. සෝවියට් පාලනය, සමාජවාදී
නිජබිම අනතුරේ බව නිවේදනය කරනලද අතර ඊට එරෙහිව ජනයා සටනට කැඳවන ලදී. බොල්ෂේවික්
පක්ෂය කම්කරුවන් හා ගොවීන්, විදේශිය ආක්‍රමණිකයන් හා ධනපති ඉඩම් හිමියන් එරෙහිව පෙළගස්වන ලදී. 1918
වර්ෂයේ වසන්තයේදී බ්‍රිතාන්‍ය හා ප්‍රංශ අධිරාජ්‍යවාදීන් චෙකෝස්ලෝවැකියානු හමුදා
සේනාංකයක් ගොඩනගන ලදී.
පක්ෂයේ
මධයම කාරක සභාවේ කටයුතු ස්තාලින් විසින් ඔහුගේ දැඩි අධික්ෂනය යටතේ මෙහෙයවන ලදී.
1918 නොවැම්බරයේදි ජර්මනියේ හා ඔස්ට්‍රියානු - හංගේරියාවේ විප්ලවය ආරම්භ විය. මධ්‍යම
කාරක සභාව විසින් ස්තාලින් වෙත උක්රායින් පෙරමුණ සංවිධානය කිරීමට පැවරුවේ
උක්රායින් කම්කරුවන්ගේ හා ගොවියන්ගේ උන්නතිය සඳහාය. ක්‍රමානුකූලව ස්තාලින් පක්ෂ ක්‍රියාකාරී
20 දෙනෙක්, පක්ෂයේ පාලකයින් වශයෙන් වරෝෂිලෝෆ්ගේ මූලිකත්වයෙන් බඳවාගන්නා ලදී.
නොවැම්බර් අවසානයේ උක්රායිනයේ කැරළිකාර හමුදා ජර්මානුවන්ට එරෙහිව සටන සටන් කල අතර
හර්කොෆ් නගරය මුදාගන්නා ලදී. මින්ස්ක් නගරය බස්නාහිරින් නිදහස් කර ගන්නා ලදී.
බෙලොරුසියානු ජනරජය ගොඩනගමින් හා බටහිර ප්‍රදේශය නිදහස් කරගැනීම සඳහා ස්තාලින්
විශාල දායකත්වයක් ලබා දුන්නේය.
1918 නොවැම්බර්
30 දින ආරක්ෂාව සඳහා කම්කරු - ගොවි සභා පිහිටුවන ලදී. එහි මූලිකත්වය දැරුවේ
ව්ලදිමීර් ඉලිච් ලෙනින් වේ. එහි කාර්යභාරය වූයේ යුද්ධ පෙරමුණේ හා පසුපස ආරක්ෂාව
සැපයීම හා කර්මාන්ත, ප්‍රවාහන පද්ධතිය ක්‍රියාකාරි කිරීම වේ. ආරක්ෂක සභාවල සමස්ත
රුසියානු මධ්‍යම විධායක කමිටු නියෝජිතයින් මෙහෙයවන ලද්දේ ස්තාලින් විසිනි.
1918 වර්ෂය
අවසානයේ බටහිර පෙරමුණ දරුණු ලෙස පරාජයට පත්විය. එම පරාජය තුනී කිරීම සඳහා ලෙනින්
විසින් මධයම කාරක සභාවවෙත ස්තාලින්ව හා දෙර්ෂින්ස්කිව යොමු කලේය. රතු හමුදාව රටේ උතුරේ හා දකුණේ තම බලය තහවුරු
කරගත්තේ දැඩි ආක්‍රමණයකිනි. නැගෙනහිර පෙරමුණින් පැමිණි ස්තාලින්ව 1919 වර්ෂයේ දී
ලෙනින් විසින් රජ්‍ය පාලනය පිළිබඳ ජන කොමසාරිස් ලෙස පත්කලේය. ස්තාලින් කැරළි
ගැසූවන් විනාශ කර දැමු අතර, අනුකම්පා රහිතව සතුරන් හා ද්‍රෝහින් විනාශකර දැමුවේය.
1919 ගිම්හානයේ ස්තාලින් බටහිර පෙරමුණේ පිහිටි ස්මලියෙන්ස්ක් නගරයේ සිට පෝලන්ත ප්‍රතිප්‍රහාරය
සැළසුම් කළේය. එය ජයග්‍රහණයෙන් අවසන්වූ අතර, මධ්‍යම කාරක සභාව 1919 සැප්තැම්බරයේදි
ඔහුව දකුණු පෙරමුණට යොමුකලේ එහි ජයග්‍රහණය සඳහාය. එහි ජයග්‍රහණය සඳහා ස්තාලින්
විසින් ඉදිරිපත්කල සැළැස්ම මධ්‍යම කාරකසභාව විසින් අනුමත කලේය. ඒ සඳහා ඔහු විශාල
වැඩ පිළිවෙලක් ඒ සඳහා සංවිධානය කල අතර, මෙහෙයුම දැඩි අධීක්ෂනයට ලක් කරමින් එහිදී
සිදුවන වැරදි නිවැරදි කිරීමට දැඩි ලෙස කැපවුනේය. ලෙනින්ගේ පැවරීම පරිදි උක්රායිනයේ
යුද්ධයෙන් විනාශ වූ ආර්ථිකය ගොඩනැගීම සඳහා ස්තාලින් මූලිකත්වය ගත්තේය. 1920 දී
ස්තාලින් උක්රායීන ගල් අඟුරු ආකර කම්කරු හමුදා සභාවේ මූලිකත්වය දැරු අතර ගල් අඟුරු
ආකර කම්කරුවන් අරගලය සඳහා බලමුළු ගැන්වූයේය.
1920
වර්ෂයේ මැයි මාසයේදි ස්තාලින් නිරිතදිග මධ්‍යම කාරක සභා පෙරමුණ වෙත ගියේය.මෙහිදී
ඔහු කීව් හා ල්වෝෆ් නගර පෝලන්ත පෙරමුණෙන් මුදවා ගත්තේය. සිවිල් යුද්ධය පැවති සියළුම
වර්ෂ ගෙවී ගියේ ලෙනින්ගේ හා ස්තාලින්ගේ දැඩි ශ්‍රමයත් සමගිනි. දැඩිව බැඳුනු ඔවුන්ගේ
දෑත් රතු හමුදාව ශක්තිමත් කලේය. සෝවියට් රාජ්‍යයයේ වැදගත් දේශපාලනික ගැටළු නිරාකරණයේදී
ලෙනින් නිරන්තරයෙන් ස්තාලින් සමග සාකච්ඡා කර තීරණ ගැනීමට උත්සුක වූයේය. ඔවුන් රටේ
දෙකොනක සිටි අවස්ථාවලදී වුවද තම අදහස් හා එකඟතාවයන් ලිපි, විදුලි පුවත් හා සටහන් මගින්
හුවමාරු කරගත්හ. ස්තාලින් නිරන්තරයෙන් යුධ පෙරමුණේ තත්ත්වයන් ලෙනින් වෙත වාර්තා
කලේය. ස්තාලින්ගේ යුද්ධය පිළිබඳ තම අදහස් ඉතාමත් වෘත්තීය මට්ටමේ එවා බව තහවුරු
වූයේ එම අරගල බහුතරයක් ජයග්‍රහණයෙන් අවසන්වීම නිසාවෙනි.
“ ව්‍යාකූලත්වය හා සන්ත්‍රාසය පැවතියේ කොතැනද, ඕනෑම මෙහොතක
ස්තාලින් සහෝදරයා එතැන මතුවන්නේය.“ ( කේ.ඒ. වරෝෂීලෆ්. ස්තාලින් හා රතු හමුදාව.
1940. පිටුව 6 – 7 )
ස්තාලින් පක්ෂයේ සාමාජිකයින් හා ජනතාව සංවිධානය කල අතර,
එහි නායකත්වය තම ශක්තිමත් දෑත් මතට ගත්තේය. සැමවිටම රතු හමුදාවේ ජයග්‍රහණයෙන් අරගල
නිමා කලේය. ඔහු යුද්ධයේ විද්‍යාව හා යුද්ධයේ කලාව පිළිබඳ අධ්‍යනය කල හැකි පුහුණු පාසලක්
බඳුය.









