Saturday, July 2, 2016

සහෝදරියන් දෙදෙනෙක්.


නිකළායි අග්නිෆ්ත්සේෆ්.



ඔවුන් සහෝදරියන් දෙදෙනෙකි. අයෙක් නබෝ ගැබෙන්ය,
එහෙත් ඒ, අනෙකී, මිහිකතෙන්ය.
මම ආඩම්බරයෙන් සිටියෙමි, ඔවුන්ගෙන් කවරෙක් මාහට
ලබාදීමට දෙවියෝ හට හැකිවූයේයද.

මේ ඇය, අහසින් බට වූ ඇය,
හා ඇය, අනෙකී මිහිකතෙන් වූ?

එකියක්, මැඩෝනාගේ පිළිරුව සේය,
අනෙකී,හෙරක් සේය.
මම සුසුම්ලමි පසුතැවිල්ලෙන්,
හෙරතුල ආදරයක් හටගැනෙන්නට හැක්කේය මා කෙරෙහි.

මේ මැය තුල, කවරෙක්ද පිළිරුව සේවූ මැඩෝනාගේ,
හා මැය තුල, අනෙකි, කවරෙක්ද හෙර?

නමුත් ඒ, කවරෙක්ද පිළිරුව සේවූ මැඩෝනාගේ,
හා ඇය, කවරෙක්ද විලෝම,
එකෙනෙහිම මදහස පැවෝය මාවෙත ආදරණීයව.
මෙතෙක් යක්ෂයාද ස්වයංව තේරුම් නොගත්තේය.

කොහේද නුඹ, පිළිරුව සේ වූ මැඩෝනාගේ,
හා ඇය, ඇගේ විලෝමය!


2000.08.15.
නිකළායි අග්නිෆ්ත්සේෆ්.
රුසියන් බසින් සිංහල බසට,

ෆීලික්ස් ප්‍රනාන්දු.

No comments:

Post a Comment