Sunday, February 12, 2017

සෝවියට් ධජය.






ධජය, ආඪ්‍යය අග්නියෙන්,
මලින් බරවන, හිමිදිරිය සේ.
ඒ මත හීන් රනින් යුත්
විකුම් තුනක් දැවෙන්නේ ය:
කුළුගෙඩිය නිදහස් ශ්‍රමය,
දෑකැත්තේ නැම්ම වාත්තු කරන්නේ ය,
පස්කොන් තරුව හා එය
රනින් යාව පිහිටා ඇති.

ජන රුපු සේනා පරදවා ඇත
ජන දෑතින්,
හා සියක් ජනයා ඒ ධජය
ලෙලවති තමන් මතින්,
උච්චතම ස්ථානය මතින්,
ඈත ආයාමය මතින්,
කෙත් වතු හා නගර අතරින්,
නිමක් නැති තරංග පේළි අතර.

ඒ තුළින් මනුෂ්‍යත්වය ගෙන එන්නේ ය,
හා මිහිමත එවන් ධජයක් නැත්තේ ය;
ඒ තුළ අපේ තේජස් උණුසුම් වර්ණය යි,
හා මිහිමත වඩා උණුසුම් ධජයක් නැත්තේ ය;
ඒ තුළ අපේ බිය උපදවන ආලෝකය යි,
වඩා ශක්තිමත් ධජයක් මිහිමත නැත;
සත්‍ය යි, ඒ තුල අපේ ලෝහිත වසර ඇත්තේ ය,
සත්භාවයෙන් යුත් තවත් ධජයක් නැත්තේ ය!

1937.
නිකළායි තීහනෆ්.
රුසියන් බසින් සිංහල බසට,

ෆීලික්ස් ප්‍රනාන්දු.

Friday, February 10, 2017

යුද්ධය සමීපයේ.





කාහටද හැක්කේ මිය යන්න - මිය යන්නේ ය,
කවරෙක් නොමැරී ජීවත්වන්නේද - නොමියෙන්නේ ය,
අවලාද නගමින් පවතින්නේ ය පරපුරෙන් පරපුරට,
ඔහුට මී මුණුබුරා පරිභව නොකරන්නේ ය.

අවසානයට පෙර වූ යුද්ධය මත
එක්ව නව මිතුරන් සමගින්
පිවිසෙමු වෙනත් පසකට.
ස්මාරක පවතින්නේ ය ආදරණීයයන් වෙනුවෙන් අප සමගින්!

වාසනාවන්තයා, කවරෙක්ද නොනැසි පවතින්නේ
තම යුධ මිතුරන් හා වික්‍රමයන්
සුවවන්නේ ය තුවාල හා යති
අවසාන සටනට සමස්ත ලෝකය සමගින්.

යසස ඇති වන්නේ ය වදන් නැත,
ආලෝකය සියල්ලන් සඳහා, නමුත් සරලය,
එය ජීවිතයයි - නිතර කොඳුරන තෘණ
ඉදිරියේ පුළුල් ඝොෂාකාරී අරඹය.

අර්සේනියි තර්කෝව්ස්කි.
රුසියන් බසින් සිංහල බසට,

ෆීලික්ස් ප්‍රනාන්දු.

Friday, February 3, 2017

වේලාපත්කඩය.





එඬේරෙක් වූයෙමි.

මම පෙර ආත්මයේ එඬේරෙක් වූයෙමි.
මම හරක් රංචුවක් මහළු වන තෙක් රැක බලාගත්තෙමි.
සාමූහීක හැඟීම නිසා නොවේ
දැන් මගේ ආත්මය ව්‍යාකූල වන්නේ ය.

එහෙත් මේ ආත්මයේ මම කවියෙක්.
රැකබලාගමි එළිසමයෙන් යුත් රංචුව
ඕදාත තණබිම මත ලුහුඬු සටහන් පුස්තකයේ,
තණ පුස්තක නොමැති හෙයින්.

ඔවුන්ගේ ගිජුබව ව්‍යාපාර ගිළ දමන්නේ ය.
මෙහිම හිඟයෙන් නිර්මිතය.
නිෂ්ඵල ය ප්‍රසිද්ධ වීම,
අශිෂ්ට නීති රිති බලපවත්වන රටක.

කවරෙකු වන්නේ ද මම ඒ ආත්මයේ,
මරණින් ඔබ්බට කුමක් අපේක්ෂා කරන්නේද මාව,
මම සියල්ල මායිම් නොකරමී.... නමුත් විශ්වාස කරන්න,
එහිදී මම මුණ නොගැසෙන්නේ ය නිෂ්ඵලත්වය සමගින්.


අන්ද්‍රේයි දෙමෙන්ත්යේෆ්.
රුසියන් බසින් සිංහල බසට,
ෆීලික්ස් ප්‍රනාන්දු.

Wednesday, February 1, 2017

ප්‍රේම කිරීමේ සමය.





කදුළු.........

ප්‍රේම කිරීමට කාලයක් ඇත්තේ ය,
ඇත - ලිවීමට ප්‍රේමය ගැන.
කුමකටද විමසන්නේ:
මගේ ලිපිය ඉරාදමන්නට?
මම ප්‍රමුදිතය
ජීවතුන් අතරය මිහිමත පුද්ගලයෙක්,
නොපෙනෙන,
කුමක්ද හිම කාලයේ
දිගු කලක් හිසින්
ඒ යුවතිය ඔසවාගෙන ආවේ,
ඕනෑ තරම් දරාගත් දුක
හා වාසනාව හා කදුළු ...
විමසීමට අවශ්‍ය නැත:
ඉරාදමන්න මගේ ලිපිය!
ඇත සමයක් ආදරය කිරීමට,
ඇත - කියවීමට ආදරය ගැන.

යූලියා දෘනීනා.
රුසියන් බසින් සිංහල බසට,
ෆීලික්ස් ප්‍රනාන්දු.

Tuesday, January 31, 2017

ආදරය තුල කුඩා දෑ සිදු නොවන්නේය.





සිනහව ප්‍රතිචාර දක්වන්නේය සංසිඳවීමට.


ආදරය තුල කුඩා දෑ සිදු නොවන්නේය.
සකළ උතුම් අභිප්‍රායන් පරිපූර්ණය...

යමෙක් නෙලන්නේය සුවඳ පැලෑටි මෙහි.
තම පැතුම් සැඟවෙන්නේ නැත.
වෙන් වීමෙන් පසු
සෝදිසියෙන් බලන්නේය කවුළුවෙන් එපිට.

ආදරය තුල කුඩා දෑ සිදු නොවන්නේය.
සකළ සැඟවුනු අභිප්‍රායන් පරිපූර්ණය...
බලාපොරොත්තු නොවු ශෝකය එල්ලා වැටෙන්නේය.
සිනහව ප්‍රතිචාර දක්වන්නේය සංසිඳවීමට,
එනමුදු නොබෝදා හාස්‍ය ජනක විය.
පසුගිය කියමන් වෙත කැඳවන්නේ නැත.
ඔවුන් අමතක කර ඇත බොහෝ කලක් සිට.

එසේය, හැඟෙන්නේය, ආදරය මරාදමන්නේය.
හා පෙනෙන්නේය, ඇත්තටම නියතය.
ආදරය තුල කුඩා දෑ සිදු නොවන්නේය.
සකළ රහස්‍ය අභිප්‍රායන් පරිපූර්ණය...


අන්ද්‍රේයි දෙමෙන්ත්යේෆ්.
රුසියන් බසින් සිංහල බසට,
ෆීලික්ස් ප්‍රනාන්දු.

Monday, January 30, 2017

ගම්මණ්ඩියේ දී.




ආදරය කරමි, කවදා පියසි මතට
වැස්ස වැටෙන්න විට,
සියල්ල එසඳ මා තුල
නලංගුව නිහඬ වන්නේ ය.

මට ඇසෙන්නේය ස්වර මාධුර්යය වැස්සේ.
වැස්ස ඒකාකාරය,
නමුදු කමනීයයි.
හා සියල්ල ආත්මය වටා ස්ථාවරය.

වාසනාවන්තය මා,
කුඩා දරුවෙක් මෙන්.
පිදුරු මැස්ස මතින් ආශ්වාස කිරීමට අපහසු පිදුරු ගඳ හමන්නේය.
කපොලු අතරින් වෑහෙන්නේය වදුලේ හරිත ආලෝකය.
පදවැල් බඳින්නේය වැස්ස....
හා කඩිනමින් අහසේ අළුපාටින්
මැකියන්නේ ය විලේ නීලවර්ණය.

පදවැල් බඳින්නේය වැස්ස.
මම පිට වුනෙමි මඩුවෙන්.
අවට සියල්ල
මුල් වරට සේය.
මම දේදුන්න ස්වර්ගයේ දොරටුව සමග සැසඳුවෙමි,
ජීවිතය තුල මම කොතැනටද දැන්.

අන්ද්‍රේයි දෙමෙන්ත්යේෆ්.
රුසියන් බසින් සිංහල බසට,
ෆීලික්ස් ප්‍රනාන්දු.

Sunday, January 29, 2017

පෙම්වතුන්ගේ හමුවීම.




එය ආශ්චර්යයි, නුඹ පැමිණියා!
පිටව යන්නෙමි මුහුද වෙත, අද්දර මිහිකත,
නුඹගේ දෑස් නීල වණින් දෝංකාර දෙන ලෙසට
මාගෙන් නීල වර්ණය පිටව ගියේය.

එය ආශ්චර්යයි, නුඹ පැමිණියා!
පිටව යන්නෙමි හිරු වෙතට, එහි රැස් තුළට.
සිනහවන්නට විය වසන්ත සිනහවෙන්
දියත්ත, දිව එන අප වෙත.

මුහුද තුසරෙන් තවමත් වැසී ඇත.
ඇම්බර රූටනය මැන්නේ ය ධාවනය.
වෙනෙකෙක් ඔරුව තුළ, ඇතිලියක් තුළ සේ,
සුදු පෙණ පිඩු තුළ ගිලි මිරිකුනේ ය හිම.

අපි යන්නෙමු ඈතට සීතට කැටි ගැසුණු රළ ඔස්සේ,
සීතට කැටි ගැසුණු ඒවායේ මැසිවිල්ල ඔස්සේ.
අප හැර අන් කිසිවෙකු ඇහුම්කන් නොදෙන්නේ ය,
නීල තුසර තුළ දුක්වන සේ.

අන්ද්‍රේයි දෙමෙන්ත්යේෆ්.
රුසියන් බසින් සිංහල බසට,
ෆීලික්ස් ප්‍රනාන්දු.