Sunday, January 29, 2017

පෙම්වතුන්ගේ හමුවීම.




එය ආශ්චර්යයි, නුඹ පැමිණියා!
පිටව යන්නෙමි මුහුද වෙත, අද්දර මිහිකත,
නුඹගේ දෑස් නීල වණින් දෝංකාර දෙන ලෙසට
මාගෙන් නීල වර්ණය පිටව ගියේය.

එය ආශ්චර්යයි, නුඹ පැමිණියා!
පිටව යන්නෙමි හිරු වෙතට, එහි රැස් තුළට.
සිනහවන්නට විය වසන්ත සිනහවෙන්
දියත්ත, දිව එන අප වෙත.

මුහුද තුසරෙන් තවමත් වැසී ඇත.
ඇම්බර රූටනය මැන්නේ ය ධාවනය.
වෙනෙකෙක් ඔරුව තුළ, ඇතිලියක් තුළ සේ,
සුදු පෙණ පිඩු තුළ ගිලි මිරිකුනේ ය හිම.

අපි යන්නෙමු ඈතට සීතට කැටි ගැසුණු රළ ඔස්සේ,
සීතට කැටි ගැසුණු ඒවායේ මැසිවිල්ල ඔස්සේ.
අප හැර අන් කිසිවෙකු ඇහුම්කන් නොදෙන්නේ ය,
නීල තුසර තුළ දුක්වන සේ.

අන්ද්‍රේයි දෙමෙන්ත්යේෆ්.
රුසියන් බසින් සිංහල බසට,
ෆීලික්ස් ප්‍රනාන්දු.

11 comments: