Wednesday, February 15, 2017

බක්මහේ සැඳෑවක්.


හරිතවන් ය තියුණු බුද්ධියෙන්,
වෙහෙසට පත් උද්යෝගයෙන්,
ගමන් කළේ ය දෙදෙනෙක්.
ඔවුන් අතර - මමියකි,
ලකල් හා නව යොවුන්.

1957.
ගෙන්නාදි ෂ්පාලිකෆ්.
රුසියන් බසින් සිංහල බසට,

ෆීලික්ස් ප්‍රනාන්දු.

රාත්‍රි දුම්රිය.


සැලුනේ ය ආකාශ ගත ආරුක්කුව.


එය ඉතා ආසන්නයේ පිහිටියා සේය
සුළඟට, ජලයට, වැල්ලට.
අනපේක්ෂිතව මතුවිය සංචලනය,
තවමත් අපැහැදිලි,
වටේ කැරකෙන්නා සේ
මන්දගාමීව
වළාකුළු තුල.
චන්ඩ බිඟුන් රොද බඳිති
සර සර නද දෙන්නේ ය මුර්ජ අරණ
හැක්කේය, ඉරා දමන්නට සීමාවන්,
ගලා හැලෙන්නේ ය පව්වේ සිට ඟග
ලතෝනි ලති ආතතියෙන්
දෑළෙ පෙන.
හැක්කේය, අකුණු ජනිතවීමට,
ගල්කුළු ඟගබඩ කඩා වැටෙන හඬ,
ඈතින් ඇසෙන.
නුඹ රැඳිසිටින්නේ ය,
සේ භූමිකම්පාවක්,
දෝංකාරයෙන්,
ඇඹරීමෙන්,
තෙරපීමෙන්.
අරණ ඔසවන්නේ ය අතු රිකිළි,
සැලුනේ ය ආකාශ ගත ආරුක්කුව,
වීදුරු නද දෙන්නේ ය.....
එහෙත් ඒ
තැන්නේ
අතරින් සුළඟ
රාත්‍රි දුම්රිය ඇදෙන්නේ ය.

1967.
අළෙක්සාන්දර් යීෂින්.
රුසියන් බසින් සිංහල බසට,

ෆීලික්ස් ප්‍රනාන්දු.

Monday, February 13, 2017

නෑඹුල් තුසර.


තුසර ගං ඉවුරු වසා දැමුවේ ය.


මෙන්න, නෑඹුල් තුසර වැටුනේ ය,
නෑඹුල් තුසර.
තුසර ගං ඉවුරු වසා දැමුවේ ය
නෑඹුල් තුසර.
එහෙත් ගඟ ගලන්නේ ය කළුවට,
නෑඹුල් තුසර.
සියළු ජීවීයන් යටකළේ ය,
නෑඹුල් තුසර.
මගේ සියළු ආදරයන් අඳුරු කළේ ය,
නෑඹුල් තුසර,
සියළු ජීවීයන් තවත් යටකළේ ය,
නෑඹුල් තුසර.
මිදි දියෙන් වැසෙන්නේ ය ජීවය,
නෑඹුල් තුසර,
එනමුදු මිහිමත වසන්තයක් ඇත්තේ ය,
නෑඹුල් තුසර!
මම සුභ පතමි ඔබට,
නෑඹුල් තුසර,
ශෝකජනක නොවෙමින්, නෝක්කාඩු නොකියමින්,
නෑඹුල් තුසර.
අසන්තෝෂයෙන් යන්නේ වුවත්,
නෑඹුල් තුසර,
නුඹේ වියපත් මග ඔස්සේ,
නෑඹුල් තුසර.

1938.
ව්ලාදිමීර් ලුගෝව්ස්කොයි.
රුසියන් බසින් සිංහල බසට,
ෆීලික්ස් ප්‍රනාන්දු.

Sunday, February 12, 2017

සෝවියට් ධජය.






ධජය, ආඪ්‍යය අග්නියෙන්,
මලින් බරවන, හිමිදිරිය සේ.
ඒ මත හීන් රනින් යුත්
විකුම් තුනක් දැවෙන්නේ ය:
කුළුගෙඩිය නිදහස් ශ්‍රමය,
දෑකැත්තේ නැම්ම වාත්තු කරන්නේ ය,
පස්කොන් තරුව හා එය
රනින් යාව පිහිටා ඇති.

ජන රුපු සේනා පරදවා ඇත
ජන දෑතින්,
හා සියක් ජනයා ඒ ධජය
ලෙලවති තමන් මතින්,
උච්චතම ස්ථානය මතින්,
ඈත ආයාමය මතින්,
කෙත් වතු හා නගර අතරින්,
නිමක් නැති තරංග පේළි අතර.

ඒ තුළින් මනුෂ්‍යත්වය ගෙන එන්නේ ය,
හා මිහිමත එවන් ධජයක් නැත්තේ ය;
ඒ තුළ අපේ තේජස් උණුසුම් වර්ණය යි,
හා මිහිමත වඩා උණුසුම් ධජයක් නැත්තේ ය;
ඒ තුළ අපේ බිය උපදවන ආලෝකය යි,
වඩා ශක්තිමත් ධජයක් මිහිමත නැත;
සත්‍ය යි, ඒ තුල අපේ ලෝහිත වසර ඇත්තේ ය,
සත්භාවයෙන් යුත් තවත් ධජයක් නැත්තේ ය!

1937.
නිකළායි තීහනෆ්.
රුසියන් බසින් සිංහල බසට,

ෆීලික්ස් ප්‍රනාන්දු.

Friday, February 10, 2017

යුද්ධය සමීපයේ.





කාහටද හැක්කේ මිය යන්න - මිය යන්නේ ය,
කවරෙක් නොමැරී ජීවත්වන්නේද - නොමියෙන්නේ ය,
අවලාද නගමින් පවතින්නේ ය පරපුරෙන් පරපුරට,
ඔහුට මී මුණුබුරා පරිභව නොකරන්නේ ය.

අවසානයට පෙර වූ යුද්ධය මත
එක්ව නව මිතුරන් සමගින්
පිවිසෙමු වෙනත් පසකට.
ස්මාරක පවතින්නේ ය ආදරණීයයන් වෙනුවෙන් අප සමගින්!

වාසනාවන්තයා, කවරෙක්ද නොනැසි පවතින්නේ
තම යුධ මිතුරන් හා වික්‍රමයන්
සුවවන්නේ ය තුවාල හා යති
අවසාන සටනට සමස්ත ලෝකය සමගින්.

යසස ඇති වන්නේ ය වදන් නැත,
ආලෝකය සියල්ලන් සඳහා, නමුත් සරලය,
එය ජීවිතයයි - නිතර කොඳුරන තෘණ
ඉදිරියේ පුළුල් ඝොෂාකාරී අරඹය.

අර්සේනියි තර්කෝව්ස්කි.
රුසියන් බසින් සිංහල බසට,

ෆීලික්ස් ප්‍රනාන්දු.

Friday, February 3, 2017

වේලාපත්කඩය.





එඬේරෙක් වූයෙමි.

මම පෙර ආත්මයේ එඬේරෙක් වූයෙමි.
මම හරක් රංචුවක් මහළු වන තෙක් රැක බලාගත්තෙමි.
සාමූහීක හැඟීම නිසා නොවේ
දැන් මගේ ආත්මය ව්‍යාකූල වන්නේ ය.

එහෙත් මේ ආත්මයේ මම කවියෙක්.
රැකබලාගමි එළිසමයෙන් යුත් රංචුව
ඕදාත තණබිම මත ලුහුඬු සටහන් පුස්තකයේ,
තණ පුස්තක නොමැති හෙයින්.

ඔවුන්ගේ ගිජුබව ව්‍යාපාර ගිළ දමන්නේ ය.
මෙහිම හිඟයෙන් නිර්මිතය.
නිෂ්ඵල ය ප්‍රසිද්ධ වීම,
අශිෂ්ට නීති රිති බලපවත්වන රටක.

කවරෙකු වන්නේ ද මම ඒ ආත්මයේ,
මරණින් ඔබ්බට කුමක් අපේක්ෂා කරන්නේද මාව,
මම සියල්ල මායිම් නොකරමී.... නමුත් විශ්වාස කරන්න,
එහිදී මම මුණ නොගැසෙන්නේ ය නිෂ්ඵලත්වය සමගින්.


අන්ද්‍රේයි දෙමෙන්ත්යේෆ්.
රුසියන් බසින් සිංහල බසට,
ෆීලික්ස් ප්‍රනාන්දු.

Wednesday, February 1, 2017

ප්‍රේම කිරීමේ සමය.





කදුළු.........

ප්‍රේම කිරීමට කාලයක් ඇත්තේ ය,
ඇත - ලිවීමට ප්‍රේමය ගැන.
කුමකටද විමසන්නේ:
මගේ ලිපිය ඉරාදමන්නට?
මම ප්‍රමුදිතය
ජීවතුන් අතරය මිහිමත පුද්ගලයෙක්,
නොපෙනෙන,
කුමක්ද හිම කාලයේ
දිගු කලක් හිසින්
ඒ යුවතිය ඔසවාගෙන ආවේ,
ඕනෑ තරම් දරාගත් දුක
හා වාසනාව හා කදුළු ...
විමසීමට අවශ්‍ය නැත:
ඉරාදමන්න මගේ ලිපිය!
ඇත සමයක් ආදරය කිරීමට,
ඇත - කියවීමට ආදරය ගැන.

යූලියා දෘනීනා.
රුසියන් බසින් සිංහල බසට,
ෆීලික්ස් ප්‍රනාන්දු.