Friday, July 29, 2016

මම.

මම සියයක් සූර්යයන් පානය කලෙමි. එහෙත් ඒ සියල්ල මට ප්‍රමාණවත් නැත,
සියල්ල ප්‍රමාණවත් නැත. හදවතේ දුකක් නැත.
මම කෙදිනකවත් මගේ දුක දෝරේ ගලා හැරියේ නැත
දූළි පිරි හා ඈතට විහිදුනු මඟේ.

අද - දුරස්ථබව, එහෙත් හෙට - වහල්බව හා සන්තාපය,
අද - අඳුර, එහෙත් හෙට - කාන්තිය හා දාහය,
නමුත් කෙදිනකවත් මගේ පසුපස කුදුවී නැත
මම කෙඩෙත්තුවෙන් හා මිහිකතේ දරුණු බවින්.

හිම සහ ධූළි, හා දාහයේ අමිහිරි ගඳ......
නද දෙන පියගැට පෙළ. මම උඩඟු හා හිතුවක්කාර.
මම - සියළු දෑ ඩැහැගන්නෙකි, කාගේ නමද - නිර්ධන පාන්තික,
ඇදීයන්නවුන් නව හිරු හා ලොව වෙත.

1919.
අලෙක්සාන්ද්‍රෝව්ස්කි වසීළි ද්මීත්රීවිච්.
රුසියන් බසින් සිංහල බසට,

ෆීලික්ස් ප්‍රනාන්දු.

No comments:

Post a Comment