Sunday, July 1, 2018

ගිම්හානය.




ගිම්හානය විසිර ගියේ
පැසුණු හුලංතලා මලක
පුළුන් විසිරෙන්නාක් මෙනි.


මරීයා අන්තෝනවා, හිරු නැගීමටත් පෙර අවදි වෙමින්, නිවසෙන් පිටතට ගියා ය. සෑම උදෑසනක ම, නිරත වෙමින් ගෙවත්තේ කටයුතුවල, ඇය පිරිසිඳු වාතය භුක්ති වින්දා ය. නමුත් දැන් ඇයට සුන්දර ගිම්හාන උදෑසනක අසිරිය භුක්ති විඳිමට කල් වේලා නැත්තේ ය. නම වන පංතියේ පුතාගේ ඇඳ සකස් කළා ය, නමුත් මේ වන තෙක් ඔහු නිවසට පැමිණියේ නැත. මරීයා අන්තෝනවා, තැතිගැන්වුණා ය එයින්, උත්සහ කළා ය අවදි කිරීමට සැමියව.
-        විත්යා! යූර්කා රෑ ගෙදර ඇවිල්ලා නැහැ. ැඬුමෙන් බිරිඳ කීවා ය.
-        මරූස්යා, සන්සුන් වෙන්න. ඔයාගේ යූර්කා උයන් කුටියේ නිදි. ඔයා කලින් ම වාගේ නින්දට ගියා නේ. සැමියා පිළිතුරු දුන්නේ ය හා අනෙක් අතට හැරුණේ ය.
මරීයා අන්තෝනවා ගැඹුරු හුස්මක් හෙළුවා ය. එ නමුත් මවගේ හදවත අදහස් අතර සලිත විය. කවරාකාරයේ ප්‍රතිවිපාකවලට මුහුණ දීමට තම පවුලට සිදු වේ ද, යූර්කා තමාව පාලනය කර නො ගන්නේ නම් හා අත්දැකීම් මද බව හේතුවෙන් සිදු කරන්නේ නම් යම් මෝඩකමක්.
        මරීයා අන්තෝනවා සැමියාගේ නො සැළකිලිමත්කම බෙදා නො ගත්තා ය නව යොවුන් පුත්‍රයාගේ සම්බන්ධකම් සමගින්. එම හේතුවෙන් ඇය තමාට ම අස්වැසිල්ලක් සොයා නො ගත්තා ය, යූර්කා උදෑසන දක්වා ඇවිදින තෙක්. ඇය කෙසේ වෙතත් තීරණය කළා ය උයනට ගොස් බැලීමට, ඇත්තට ම පුතා එතැන ද කියා.
        අලුයම ශක්තිය එක්රැස් කරගත්තේ ය, දැනටමත් පැහැදිලි ව දැකීමට හැකි විය පෑදි රේඛා පළතුරු ගස්වල හා ඒවා අතර පිහිටි කූඩාරම්වල.
        “ ඔන්න නැවත හිතුවා නිදාගන්න මෙතන! පිරිමියෙකු විදිහට හැදිච්චාවේ!“ මරීනා අන්තෝනවා තමාට ම කොඳුරා කීවා ය, කිට්ටු වෙමින් තම පුතා රාත්‍රිය ගත කළ නවාතැනට. පැමිණෙමින් කිට්ටුවට, මරීයා අන්තෝනවා තුෂ්ණිම්භූත වූවා ය: නවාතැනේ පිවිසුම අසල පාවහන් යුගල දෙකක් තිබුණි, එකක් පිරිමි පාවහන් ය හා අනෙක කාන්තා පාවහන් ය.
        “ අවසානයි! ගිලිහුනා ඔවුන්!“ අපහසුවෙන් හුස්ම හෙලා මරීයා අන්තෝනවා, අපහසුවෙන් අසල වූ බංකුව මත හිඳගත්තා ය. පසුව නො බලමින් සාතිශය සම්පූර්ණත්ත්වය දෙස, මහත් වේගයෙන් නිවස වෙතට ගියා ය. දුවමින් සැමියා නිදා සිටි කාමරයට, හතිලමින් ඇය, නැවත ඔහු ව අවදි කරවන්නට වූවා ය.
-        වීත්‍යා! යූර්කා නවාතැනේ තනියම නෙමෙයි!
-        සන්සුන් වෙනව ද නැද්ද උඔ. අසතුටින් අනෙක් පසට හැරෙමින් ස්වාමියා කීවේ ය. ඇයි උඔ නිදහසේ ඉන්න නො දෙන්නේ කාටත්?
-        ඔයාට සැනසිල්ල ලැබෙයි, සෙරෙබ්‍රෝවා අපි ලඟට අද ආපු දාට! බිරිඳ කෑගැසුවා ය. ඔයා ම දන්නව, ඉවාන් එයාගේ දුව ව යූර්කගේ ඔලුවේ ගහයි කියලා! දෙයියනේ, අපි අසල්වැසියන් විදිහටනේ ජීවත්වෙන්නේ: හැමදා ම මුණගැහෙන්නයි සිද්ධ වෙන්නේ...
-        දෙයියන්ට ම ඔප්පු වෙච්වාවේ, ඉතිං මෙකෝ? වික්තර් තම තරහව බිරිඳ මතට මුදා හැරියේ ය. ඇඳෙන් පැන මාර්ගයට දිව ගියේ ය.
-        ඔයා කොහේ ද යන්නේ? වික්ෂිප්ත ව බිරිඳ විමසුවා ය, දුවමින් ස්වාමියා පසුපසින්.
-        සුභ පතන්න තරුණ යුවලට! උපහසාත්මක ව වික්තර් කීවේ ය.
මරීයා අන්තෝනවා ඉක්මන් කළා ය සැමියා පසුපසින් උයනට යාමට. කූඩාරම අසල දී ඔවුහු, එකිනෙකා සමග කතා නො කළෝ ය, නතර වූවෝ ය. දෙදෙනා ම තීරණය නො කළෝ ය කූඩාරම ඇතුළත බැලීමට. එකෙනෙහි ම වැඩිමල් දියණිය, අවදි වූවා ය හඬින් හා පියසි දොරටුව වෙතට පැමිණියා ය. දකිමින් දෙමව්පියන්, ව්‍යාකූල ව සිටිමින් කූඩාරම තුළ, සිනාසුනා ය. “ දැක්ක ද අම්මගේ සිසුන් තම ගුරුවරිය ව: පුළුල් කසිකබල් නාන කබායක් ඇඳ සිටිනවා, නො පීරු, අළු පැහැ වකුටු කෙස් සියල්ල අවුල් වී ඇත. තාත්තගේ පෙනුම ද එතරම් ම හොඳ නැත: කෙසඟ, උස්, කොට කලිසම හා බැනියම හැඳ ගත්, අවුල් වූ හිසකෙස් සමගින්. ඔවුන් කිසි දිනෙක මෙතරම් කලබල වූ දිනයක් මට මතක නැත. යූර්කා නිසා. හිනත් යනවා!“ උස් හඬින් කීවා ය:
-        අම්මේ, යූර්කා නැවතත් මගේ කූඩාරමේ රෑ නතර වුනා. ගෙනියන්න එයාව කරුණාකරලා!
වික්තර් බිහිසුණු ලෙස බිරිඳ දෙස බැළුවේ ය. ඒ වැරදිකාරිනිය දෑස් පහලට හෙළුවා ය.
-        දෙයියනේ, මට තවත් නිදාගන්න තිබුනා! අද මට රේස් එකක් තියෙනවා! සැමියා තුෂ්ණිම්භූත වූවේ ය. ඔව්, ඔහු ඒ කාත්‍යාව කසාද බැඳපුදෙන්! මට නිදහසේ ඉන්න දෙන්න!
-        පියා නම් කරන්නේ ය! තුෂ්ණිම්භූත වුවා ය මරීයා අන්තෝනවා. වෙන කවරෙකු හෝ පුතාට නුවණ දුන්නාවේ.
-        ඔයා අපේ ගුරුවරිය, ඔන්න පුතාට නුවණ දෙන්න, වික්තර් කීවේ ය, අත වනමින්, පසු ව නිවසට ගියේ ය.

එනමුත් යූර්කා බාධාවකින් තොර ව තම කුටියේ නිදාගත්තේ ය. නින්ද ඔහුගේ එතරම් ම ගැඹුරු ය. ඔහුට දෙමව්පියන්ගේ එකදු කටහඬක්වත්, කුරුල්ලන්ගේ ගායනයක්වත්, වෙනත් කිසිඳු හඩක්වත්, ගමේ සහචරයින්ගේවත් ඇසුනේ නැත.
පියා කුටිය තුළ රාත්‍රිය ගත කිරීමට අවසර දුන් හෙයින්, කොලුවා සතුටු වූවේ ය. යූර්කාගෙ නිවස තුළ ඉතා උණුසුම් ය. අක්කා, මුළු රාත්‍රිය පුරා ම නො නිඳන තම කුඩා දැරියව එහි රැඳෙව්වා ය. එය ඩිංගක් යූර්කාව පීඩාවට පත් කළේ ය. ඔහු අක්කාගෙන් විමසුවේ ය. “ ඕල්‍යා, නරක ද මෙහෙම කළොත්, අක්සානාට රෑට නාඬා ඉන්නට? ඈ පුදුමයෙන් තම දුඹුරු පැහැ සහෝදරයා දෙස බැළුවා ය, පියා මෙන් දෑස්වලින්, කීවා ය.“ ඉස්සෙල්ලා ම අක්සානට තව ම අවුරුද්දයි. දෙවනුව නිතර ම ඇය හඩන්නේ නැහැ!“
දැන් යූර්කා තුළ මතු ව ආවේ ය යම් නිදහසක්, ඔහු ප්‍රබෝධමත් විය. වෙසෙසින් ම පීඩනයට පත් කළා ය ඔහුව එතරම් ම කුඩා නො වන ලේලිය හා අම්මා. ඇය ඔහුගේ සෑම පියවරක් ම පාලනය කළා ය. ගත කරමින් රැය කූඩාරමේ, අඩු තරමින් ඔහුට හැකි විය ගැලවී සිටීමට මවගේ තියුණු දෘෂ්ටියෙන්. නමුත් වඩාත් රසවත් වන්නේ, ඔහුට කිසි සේත් තේරුම් ගැනීමට නො හැකි වීම, ඇයි මව තරම් ම ඔහුව සුරක්ෂා කරන්නේ කියා? පෙනෙන්නේ ගමේ මැරයින් සමග ඔහු ඇයි හොදැයිකම් නො පවත්වන බව යි.
තරුණයා සිහිනෙන් සිනාසුනේ ය. ඔහුට කාත්‍යා සෙරෙබ්‍රෝවාව සිහිනෙන් පෙනුණි, ඔහුගේ පංතියේ සිසුවියක්, ඇයත් සමග මිතුරු වූවා ය. ඔවුහු දිව ගියෝ ය මල් පිපුණු තණ බිස්ස මතින්. කාත්‍යාගේ තඹවන් හිසකෙස් මඳ සුළඟින් විසිර ගියේ ය. දෙදෙනා ම මිහි මත නො වන්නවුන් සේ, ඒ මතින් පියඹා ගියහ. හිරු දීප්තිමත් ව රැස් විහිදෙව්වේ ය, වළාකුළු රහිත අහසේ. හිරු කොපමණ තදින් දිදුලුවේ ද යන්න, කෙසේ ද කාත්‍යා දිව යන්නේ කියා බැළීමට යූර්කට බාධා කළේ ය. ඈ උස, මුදු කෙල්ලකී කාරුණීක සිනහවකින් යුත් වතක් හිමි. ඝෘජුව ම මුහුණ මතට රැස් වැටි යූර්කාගේ දෑස්, හිරු අන්ධකාර කළේ ය. ( කුටියේ විශාල නො වු සිදුරක් විය, අහසේ සිට වැටෙන හිරුකිරණ, හුරුබුහුටි කළු හිසකෙස්වලින් යුත් තරුණයාව පියකරු කළේ ය. )
යූර්කා ගැටිස්සියන්ට පියකරු වූවෙකි. වසරක් පාසා වැඩෙන දේහය, ඔහු තමා වෙත අන්‍ය සිත් ඇද ගත්තේ ය. සියළු ගැටිස්සියන් අතරින් නිහඬ, නිරහංකාර, ගෞරවනීය හැඟීම්වලින් යුත් කාත්‍යා ඔහුගේ සිත් ගත්තා ය. කලක සිට යූර්කා ද ඇයගේ සිත් ගත්තේ ය. එසේ වුවත්, ඇය ඒ බව ඇඟෙව්වේ නැත. අවසානයේ දී ඔහු තීරණයක් ගත්තේ ය, ඇරයුම් කළේ ය ඇයට රෑමුව සක්මන් කිරීමට. ඉන් පසු, තම නිවසේ සිර වී සිටිනවට වඩා, සෑම නිදහස් විනාඩියක් ම එකිනෙකා දැකීමට යොදා ගත්තෝ ය.
හිරුකිරණ යූර්කව අන්ධ කළේ ය. කත්‍යා මලින් පිරි තණබිස්ස සමගින් කොහේට දෝ අතුරුදහන් වූවා ය. තරුණයා දෑස් විවර කළේ ය, එකෙනෙහි ම අතකින් දෑස් ආවරණය කළේ ය. “ දෙයියනේ, හිල වහන්න ඕනේ, නැත්නම් ඉර නිදාගන්න දෙන්නේ නැහැ.“  පසු ව යූර්කා මිහිරට ඈනුමක් යැව්වේ ය, තවත් විනාඩි කීපයක් ඇඳ මත දිගා වී සිටිමින්. අවසානයේ නැගිට නිවසට ගියේ ය.
ඕල්‍යා අක්සානා සමග වූවා ය. දෙමව්පියන් රැකියාවට ගොසින් ය. අක්කා, උදේ ආහාරය පිළිගන්වමින් මල්ලිට, බැරෑරුම් ලෙස කීවා ය.
-        “ යූරා, ඔයා අම්මට අනුකම්පා කරන්න ඕනේ. “ සියල්ල අඩපණ කළා ය. “ ක්ලාවා සෙරෙබ්‍රෝවා නැන්දා අපේ පැත්තට නැමෙනවා. බයත් හිතෙනවා, ඔයා මෝඩයා වගේ එයාගේ කෙල්ල වෙතට නැමෙයි කියලා.“
-        ඒගොල්ලෝ, ඔක්කොට ම පිස්සු හැදිල ද? නිසල ව යූර්කා ඇසුවේ ය, වීදුරුවට තව කිරි වත් කරමින්. අපි මිතුරන් පමණයි!
-        කොහොම වුනත් ඔයා ටිකක් පරෙස්සමෙන්. ඇයි අපි සියල්ලන්ව ම භය කරන්නේ.

වැඩිහිටියන්ගේ ස්ථාවරය යූර්කව පුදුමයට පත් කළේ ය. දොස් තැබිය හැකි කිසිවක් ඔහු කළේ නැත. සෑම සවසක ම එකොළහ වන විට කාත්‍යා නිවසේ වූවා ය. නමුත් යූර්කා මිතුරන් සමගින් ඇවිදීමට ගියේ ය රාත්‍රි අන්දකාරය පැතිරුණු ගම වටා. සමහර විට ඔවුහු දඟ කෙරුවෝ ය. ඊයේ අසල්වැසියෙකු වූ ආදම් පෙත්‍රෝවිච්ගේ කොරටුවට රිංගුවෝ ය.
නිවැරදි කරමින් ස්වාමියා විසින් පැවරූ කටයුතු, යූර්කා නිවසට දිව ගියේ ය. ඕල්‍යා, අක්සානාව නිදා ගැනීම සඳහා ඇඳ මත වැතිරෙව්වේ ය.

-        නිහඬ වෙන්න! මල්ලිගේ ඇඟට කඩා පැන්නා ය. දවල්ට පොඩ්ඩක්වත් නිදාගත්තුදෙන්. මෙනවා දෝ අද රෑ දිගු වේලාවක් කඩා හැළුනේ. දැඩි රස්සනයක් තිබුනා.
-        චිහ්, රස්නෙයි! හෙමිහිට යූරා කිවේ ය. අහන්න, දෙමව්පියන් මට වැඩ ලයිස්තුවක් දීලා තියනවා, සින්ඩරෙල්ලට වගේ! ලූණු සුද්ද කරන්න. දැන් මට යන්න පුළුවන් ද කිමිදෙන්නට?
-        ඔයාට දැන් පුළුවන්! අක්කා සිනහ සුනා ය. තට්ටු කළා ය මල්ලිගේ ඝන හිසකෙස් මතට.

යූර්කා පියවරක් පස්සට ගත්තේ ය හා ද්වේෂයෙන් තොර ව මැසිවිලි නැගුවේ ය.

-        ඔයාගේ වදික්ටයි අවුල් වූ හිසකෙස් තියෙන්නේ, මගේ අල්ලන්න එපා..
-        අහ්, උඹ ඉත්තෑවෙකු වගේ! අක්කා සිනහ සුනා ය. පසු ව සුසුම්ලමින් කීවා ය. ඉක්මනට ම එයා එනව නම් අපි ව එක්කරගෙන යන්න. තව ම බැහැ. එයා තව ම පුහුණුවේ.
-        හමුදාවට ගියා කියලා මොකක්වත් වූනේ නැහැ. තමුන්ගේ අධ්‍යපන අයතනයේ රස්සාවක් හොයාගන්න බැරි වුනා ද?
-        ගොඩක් දේවල් ඔයාට තේරෙනවා! අපේ ගිණුම්කරණ දෙපාර්තමේන්තුවේ කෙල්ලන් පමණයි පුහුණු වෙන්නේ. කෙහොම වුනත් හදවත ඔබගේ අහන්නේ නැහැ කාට ද ආදරේ කියලා, සිහි කරමින් අක්කා කීවා ය.

යූර්කා අපහසුවෙන් සුසුම්ලැවේ ය. එනමුත් කිසිඳු පිළිතුරක් නො දෙමින් තම කාමරය වෙතට ගියේ ඇඳුම් මාරු කිරීමට ය. පොකුණට තම පංතියේ සිසුන් සමග කාත්‍යා පැමිණිය යුතු වුවා ය. ඔහුට දිව යාමට නො හැකි විය, දොරකඩින් ආදම් පෙත්‍රෝවිච් මතු වූයේ ය.

-        ඇතුළට එන්න අවසර ද? අසල්වැසියා ඇසුවේ ය.

ඕල්‍යා, පිඟන් සෝදමින් සිටි අතර, දෑත් පිසදමා ගත්තා ය. පසු ව තුවායත් සමගින් කාමරයෙන් පිටතට ආවා ය.

-        ආ ඔබ ද, ආදම් පෙත්‍රෝවිච්! ඇතුළට එන්න කරුණා කරලා!
-        ස්තූතියි, ඕල්ගා. ඔයා තනියම ද? අම්මලා නැද්ද? අමුත්තා ඇසුවේ ය, හිඳගනිමින් පාපුටුවේ.
-        ඒගොල්ලෝ වැඩට ගිහිල්ලා. තාත්ත ව නගරයට යැව්වා, අම්මා ඉක්මනට එයි.

මහළු ජර්මානුවා හිස සෙළෙව්වේ ය.

-        ඔව්,ඔව් මට තේරෙනවා.

ඔල්ගා, ඔහු තවත් යමක් කියනකම් සිටියා ය. එනමුත් ආදම් පෙත්‍රෝචිච් නිහඬ ව සිටියේ ය. ඔහු සිත්ගන්නාසුළු පුද්ගලයෙකි. ඔහු ගමේ වෙනත් පිරිමින් අතරින් සියුම් ව වෙනස් වූවෙකි. අකමැති වුයේ ය බලවත් උච්චාරණයන්ට හා මත්බීමවලට, දුම්පානය කළේ නැත, තිර නිහඬ ජීවන රටාවක් ගත කළේ තම මුතුන්මිත්තන් වූ ලන්සින් ලෙසට ය. ඔහුගේ දරුවන් බෙහෝ කලකට පෙර වැඩි වියට පත් වූ අතර ඔවුහු විවිධ නගර කරා ඇදි ගියෝ ය. ඔහු බිරිඳ සමගින් ඉතා කැමැත්තෙන් තම කොරටුවේ ජීවිත් වන්නේ ය. කුකුළන් හා හාවුන් හැර කිසිඳු ජීවියෙකු රඳවා ගත්තේ නැත. ආදම් පෙත්‍රෝවිච් ගිම්හානයේ නිතර ම ගියේ පිදුරු තොප්පිය ලාගෙන ය. එය ඔහුගේ තුනී හිසකෙස් ආවරණය කළේ ය. එතරම් උස් නො වු, පිරුණු, සැමදා පිළිවෙලකට ඇදුම් පළඳින, ගිම්හානයේ නිවාඩුව ගත කිරීමට ගමට පැමිණි පුද්ගලයෙකුගේ හැඩරුව ඔහුගෙන් විද්‍යාමාන විය.

ඔහුට තම මව්බිම වූ ජර්මණිය හැර දැමීමට සිදු විය. ඔහු නැවතත් ජර්මණියට යන්නේ නැත. ඔහුගේ බිරිඳ, ඔහු මෙන් නො සලකා හරිමින් දිගු කලක් රුසියාවේ ගත කළ ජීවිතය, කතා කළේ උද්දීපනයත් සමගිනි. නමුත් ආදම් පෙත්‍රෝවිච්ගේ රුසියානු භාෂිතය ඩිංගක් යහපත් ය, එනිසා ගම්වැසියන් සමගින් වැඩියෙන් අදහස් හුවමාරු කරගත්තේ ඔහු විසින් ම ය.

-        ආදම් පෙත්‍රෝවිච්, ඔබ කුමක් ද කියන්නට කැමති ? ඔහුගේ සිතීම විච්ඡින්න කළා ය ඔල්ගා.
-        ඔව්..., හොඳ නැහැ..ගොඩක් හොඳ නැහැ.
-        මොකක් ද “ හොඳ නැත්තේ“ ආදම් පෙත්‍රෝවිච්?
-        ඔව්, හොඳ නැහැ. පිළිතුරු දුන්නේ ය ඔහු. නැවතත් නිහඬ වන්නට විය.
ඕල්ගා වික්ෂිප්ත ව බැළුවා ය අසල්වැසියා දෙස හා බලාපොරොත්තු වූවා ය, තවත් කුමක් ඔහු පවසයි ද කියා. නමුත් ආදම් පෙත්‍රෝවිච් හිස වනා නැවති කීවේ ය:
-        ඔව් එච්චර හොඳ නැහැ.. ගොඩක් හොඳ නැහැ. දන්නවනේ, අසල්වැසියන් වගේ අපි ජීවත් වෙන බව. ඔබේ පවුල වැදගත් පවුලක් නොවේ ද. හොඳ නැහැ, නැවතත් අසල්වැසියා හිස වැනුවේ ය.
ඔල්ගාගේ ඉවසීම අවසන් විය. එලෙස ම අක්සානාව ඇහැරවන්න බිය වූවා ය. තීරණය කළා ය පැහැදිලි කරවා ගැනීමට, කුමක් සඳහා අසල්වැසියා පැමිණියේ ද කියා.
-        ආදම් පෙත්‍රෝවිච් මොකක් ද සිද්ධ වුනේ ?
-        එච්චර හොඳ නැහැ.. බලන්න ඔල්ගා, ඔයා විද්‍යාපීඨය අවසන් කළා. කසාද බැන්දා. සැමියා යුධ පෙරමුණේ සාරගර්භ තරුණයෙක්. ඔව් හොඳ මදි යි.
-        හොඳ නැහැ. ඇයි සැමියා නරක ද? විස්මයට පත් වූවා ය ඔල්‍යා.
-        පිස්සු ද, නැහැ ඇත්තෙන් ම! මම කියන්නේ ඔයාලගේ පවුල යහපත්. ඔයාගේ මල්ලි, අවාසනාවට, හොඳ නැති ගැටව් සමග ආශ්‍රය කරනවා. හොඳ දෙයකට යොමු කරන්න ෆෙද්‍යා ෆෙරෙෆ්කීන්ට පුළුවන්නේ ?
-        ඒ මොකක් ද ඒ?
-        තේරුම් ගන්න, අද අහක දැම්මා පත්තක්කා. දින තුනක් ගණන් කළෙත් නැහැ. මට කිව්වා ෆෙරෙෆ්කීන්ට, ඔබලාගේ යූරි, ඒ බෝයිකො සමගින් රාත්‍රියේ පැනලා මගේ කොරටුවට. ඔව් හොඳ නැහැ.
-        ඔබ ඇත්ත කියන්නේ, ආදම් පෙත්‍රෝවිච්, ඒක ඇත්තට ම හොඳ නැහැ. එකඟ වූවා ය ඕල්‍යා හකුළුවමින් දෙබැමි.
-        ඔන්න මම කියනවා.. ආදම් පෙත්‍රෝවිච් සුසුම් හෙළුවේ ය. කමක් නැහැ, මම ඔබේ කටයුතුවලට බධා කරන්නේ නැහැ. කියන්න අම්මලට මම ඇවිත් ගියා කියලා.
-        නිසැක ව ම. ආදම් පෙත්‍රෝවිච්.

කාර්යාලයේ සිට පැමිණි මරීයා අන්තෝනවා මිදුලේ ඇපල් හෙවන යට වූ බංකුව මත හිඳගත්තා ය. ගමනේ දී වූ දාහය නිසා ඇය රත්පැහැ ගැන්වි සිටියා ය.

-        ඕල්‍යා, දුවේ, බොන්න මොනව හරි ගේන්නකෝ මට! අම්මා කැගැසුවා ය.

ඕල්‍යා ක්වාස් වත් කර ගෙන පැමිණියා ය වීදුරුව සමගින් අම්මා වෙතට.

-        මහන්සි ද? හැඟුම් බර ව දුව ඇසුවා ය.
-        අයියෝ, පිච්චුනා! අත වනමින් මරීයා අන්තෝනවා ඉතා ආසාවෙන් ක්වාස් බීමට පටන් ගත්තා ය.

ඩිංගිත්තක් අස්වැසිල්ලක් ලද පසු ඇය සැහැල්ලුවෙන් සුසුම් ලැවා ය.

-        සැහැල්ලුවක් ලැබුනා වගේ!
-        අම්මා, ආදම් පෙත්‍රෝවිච් ඇවිත් ගියා.
-        ඉතිං? මොනව ද එයාට ඕන වුනේ?
-        පැය භාගයක ඔහුගේ නිහැඬියාවෙන් පසු ව හා සුසුම් ලෑමෙන් මට තේරුම් ගියා, යූර්කා මිතුරන් සමගින් ඔහුගේ පත්තක්කා පාත්තිය තුනී කර ඇති බව. ඕල්‍යා සිනහසුනා ය.
-        ඔන්න පුතණ්ඩියා ත්‍රාඩ! වික්ෂිප්ත වූවා ය මරීයා අන්තෝනවා. ඒවට එයාට වෙලාව කොහෙන් ද? මම නිදා ගන්න එක නතර කළා! මට මොනව ද තවත් කරන්න පුළුවන්, අසල්වාසින්ගේ කොරටු ආරක්ෂා කරන්න ද?
-        ඇයි නැත්තේ? කෙහොමත් නිදා ගන්නේ නැහැ නේ. දුව උසුළුවිසුළු කළා ය.
-        ඔක්කෝ ම තාත්තගේ! ඔයාලට විහිළුවක් විතර යි. ඉක්මනට ම ගමේ සියල්ල නිහඬ ව ම වෙන එකක් නැහැ. නැහැ, ආදම් මම බලා ගන්නම්, එයා වෙලාවට ගෙදර එන්න ඕනේ.

රාත්‍රියේ දී, මුළු පවුල ම සැනසිල්ලේ ආහාර ගත් පසු, මරීයා අන්තෝනවා නිවහැනිල්ලේ පුතාගෙන් විමසුවා ය.

-        යූරා ඇයි උඔ අසල්වැසියන්ගේ කොරටුවලට රෑට රෑට රිංගන්නේ? ඒක වැඩක් ඇති දෙයක් නෙමෙයි?
-        අම්මා ඇත්ත කියන්නේ. වික්තර් බිරිඳ ව අනුමත කළේ ය. ගමේ එහා කෙළවරේ ගෙවතු හෝ කොරටු තිබුන නම් කමක් නැහැ. හිතුව ද ඔයගොල්ලෝ ඒ අසල්වැසියාගේ කොරටුවක් බව.

ඕල්‍යාගේ හා යූරාගේ සිනහව එළියට පැන්නේ ය. පියා ඕනෑකමින් දැඩි ව බැළුවේ ය ඔවුන් දෙස. මව අමනාප වූවා ය.

-        මම කියනවා, අද එකක්, හෙට තව එකක්. උඹට සියල්ල විහිළු. ස්වාමිපුරුෂයාට අවලාද නැගුවා ය.
-        යූර්කා උඹ උවමනාවට වඩා ඇවිදින්න එපා. මම බලන්නේ නැහැ. ඉක්මනට ම ළමා කාලය ඉක්ම වූ බව. මතක් කරන්නේත් නැහැ. දැඩි ව පියා කීවේ ය.

යූර්කා රවා බැළුවේ ය. රාත්‍රී ආහරයට තුති පුදා මගට බැස්සේ ය.

-        කියන්න එයාට, රෑ දොළහට ගෙදර එන්න කියලා! මරීයා අන්තෝනවා සිගරට්ටුවක් උරා බීමට එළියට යන්නට සැරසුනු සැමියාට කොඳුරා කීවා ය.

වික්තර් අත වනා නිහඬ කරමින් තම පුතා පිටුපසින් ගියේ ය. මරීයා අන්තෝනවා හෙමිහිට කාමරයට ගොස් ඩිංගක් ජනනේලය විවර කළේ පියාගේ හා පුතාගේ සංවාදය ඇසෙනු පිණිස ය. යූර්කා කකුලක් කුළුණ මත තබා ගෙන සපත්තුව බඳින පටිය ගැට ගසමින් දොර ලඟ සිට ගෙන සිටියේ ය. පියා සිගරට්ටුව උරමින් නිහඩ ව පුතා දෙස බැළුවේ ය. යුර්කා දොර අසලින් ඉවත් ව යන විට දී, වික්තර් ඔහු ව කැඳෙව්වේ ය.

-        යූර්කා, උඹ ම බලාපන්, රෑ දොළහට ගෙදර එන්න ඕනේ, තේරුනා ද?
-        තේරුනා, බලවත් අසතුටින් ගිගුරුවේ ය.

මරීයා අන්තෝනවා, සටන මෙහෙයවමින් මුළු දිනය පුරා ම, රාත්‍රියේ දී දැඩි වෙහෙසට පත් වූවා ය. නමුත් කලින් නින්දට යාමට නො ලැබෙන්නේ ය ඇයට. ගිම්හානයේ සැදෑව දිගු ය. ඒ නිසා වැඩිමනත් දෙයක් කිරීමට කැමති ය. අවසානයේ දී නින්දට වැතිරෙන්නට හැකි වූවා ය. සැමියා දැනටමත් වැතිර සිටියේ ය. එනමුත් නින්දට වැටී නැත. ඇඳ අසලින් ම විවර ව තිබු කවුළුවෙන් තරු පෙනෙන්නට විය. ඔහු සිතමින් නබෝගැබ දෙස බැළුවේ ය. අවස්ථාව ලද සැනින් ඇයගේ ළදරුවා සන්සුන් ව හා සතුටින් නිදද් දී වැඩිහිටි දියණිය ද නින්දට වැතිරුණා ය. මරීයා අන්තෝනවා සැමියා අසලින් ම වැතිරුණා ය.

-        බලමු, එයා ඔයාට කොච්චර ඇහුම්කන් දෙනව ද කියලා? ඇය නො සතුටින් කීවා ය. රෑ දොළහ වෙන්න කිට්ටුයි.
-        ඇති දැන්, මරූස්! කොල්ලා දැනටමත් වැඩිලා, ඔයා එයා පස්සෙන් ම යි. කිකිළිය පැටවුන් පස්සෙන් වගේ. නිදා ගමු.
දෙමව්පියන් නින්දට වැටුණේ නැත. දොර නිහඩ ව විවර වී ඇත. මරීයා අන්තෝනවා මදහස පැවා ය. යූරා එයාට කිව්වට වඩා ටිකක් කළින් පැමිණියේ ය. පුතා තම කාමරයට ගියේ ය. එළාගෙන ඇඳ නින්දට වැතිරුණේ ය.
-        වීත්, මොක ද එයා අද රෑ ගෙදර ගත කරන්නේ? කොඳුරමින් බිරිඳ ඇසුවා ය.
-        තමන්ට උපයා ගන්නවා, තේරෙන්නේ නැද් ද? එලෙසින් ම කොඳුරමින් සැමියා පිළිතුරු දුන්නේ ය.

මරීයා අන්තෝනවා සැමියා ව තල්ලු කර, අනෙක් පසට හැරුණා ය. විනාඩි කීපයක් ගෙවි ගිය අතර, සැනෙකින් රාත්‍රී නිහැඬියාව, මිදුලේ දොර විවර වන හඬ බිඳ දැමුවේ ය. පසු ව තදින් දොර වැසෙන හඬ හා තරමක් දුරින් ජීවත් වන ස්තෙෆාන් වෙලිච්කෝගේ මොර දීම පැතිරුණේ ය.

-        හොඳයි,ඔව්! හොඳමයි. මොර දුන්නේ ය ඔහු. සියළු ශක්තිය යොදා දොරවල් වැසුවේ ය තමා අවට වූ.
-        යූර්කා! දෙමව්පියයෝ එක හඬන් මොර දුන්හ.
-        ඇයි මම නෙමෙයි? ඒ ෆියෙද්කා, දැන් සමාජ ශාලාවේ ඉඳලා ළමයින් සමග ආවා, ස්තෙෆාන් මාමාගේ ගෙදරට. දෙපාරක් කඩුළු දොර වැහුවා. ඇහැරෙව්වා එයා ව. සිනහවක් සමගින් යූර්කා කීවේ ය.

ඕල්‍යා ද ඇඳෙහි වැතිර සිටිමින්, සිනහවෙන් වෙවුලා ගියා ය.

-        ඔන්න, ෆියෙද්කා ස්තෙෆාන්ට ව්‍යායාමයක් හැදුවා! අපේ දොරවල් , වික්තර් කීවේ ය හා සිනහසුනේ ය.
-        ඔව් ස්තෙෆාන් මාමා, පැන්න දා, මට පදනම් ලෑවේ ය, මම තණ බිස්ස මතින් නිවසට ආපසු පැමිණෙන විට දී. ෆ්යෙද්කා හා වෙනත් ගැටව් දිව්වෝ ය.
-        ඇහුන ද? නැවතත් ඔහු අතීතයේ කරදරයට වැටිලා. දැඩි ලෙස කම්පා වූවා ය මරීයා අන්තෝනවා හා හෙමීහිට කවුළුවෙන් එබී බැළුවා ය, පාරේ ගමන් කරන්නේ කව්ද කියා.

ස්තෙෆාන් නැවත වරක් දොර හඬින් වැසුවේ ය හා මේස් බැනියම කොට කළිසමට යට කරමින් නිවසට ගියේ ය. මහත, නො පීරු ඇද වැටෙන හිසකෙස් සමගින්, පමණක් නො වේ කොට කළිසම හා මේස් බැනියම ඇඳගත් ඔහු සිනහව උපදවන සුළු ය. මරීයා අන්තෝනවාට සිනහව නවතා ගැනීමට නො හැකි විය.

උණුසුම් මධ්‍යහ්නයේ දී, කලින් කතා කර ගැනීමකින් තොර ව, යූරාගේ පංතියේ මිතුරෝ පොකුණ අසලට එකතු වූහ. කාත්‍යා හා යූරා ඉවුර මත හිඳගෙන කිමිදෙන මිතුරන්ගේ සංචලනයන් නැරඹුවෝ ය. යූරා ඇද කැමීලීයා මලක් කඩා කාත්‍යාට පිරිනැමුවේ ය. ඇය මදහස පෑවා ය.

-        මතක ද. යූරා වසන්තයේ දී ඔයාලගේ මිදුලේ පිපිලා තිබුණා ලස්සන ඩැෆඩීල් මල්. ඔයා දැන ගෙන හිටිය නේ මම ඒවාට කැමතියි කියලා. නමුත් ඉරා දැමුවා මල් තුනක්.
-        අයියෝ, එපා වෙලා. අම්මා දැක්කේ නැහැ. ඇය හරියට ආදම් පෙත්‍රෝවිච් වගේ, ඕනේ එකක විස්තර කියනවා, කොරටුවේ වවනවා. ලෝබකමට නෙමෙයි. කුතුහලයට. ඒ කාලයේ දී කොපමණ ආගන්තුක දේවල් වැවුව ද.
-        එයාට ඒක තමාගේ ජාතියේ සාධාරණ පෙළඹවීමක්. කාත්‍යා නිකට දණහිස මත තබා නිහඬ ව පොකුණ දෙස බලමින් කීවා ය.

පොකුණ පිහිටි තැන, ගමේ ඉතා ම මනස්කාන්ත ස්ථාන කිහිපයන්ගෙන් එකක් ලෙස සැලකේ. එක් පසකින් වනය පොකුණ වසා පැතිරුණි. අනෙක් පසින් බිම් තිරුව පැතිරිණි. එය වෙතට එකිනෙකට වෙනස් මාවත් දෙකක් ලඟා විය. එකක් දිගු ය, බීම් තීරුව හරහා වැටී තිබිණි. අනෙක කෙටි විය. වනය මැදින් වැටී ඇත. පොකුණට ජලය උල්පතකින් ගෙන ආවේ ය. එබැවින් උණුසුම් දිනවල දී ද පොකුණ සිසිල් ව පැවතියේ ය. ඉහල ස්ථරය පමණක් මීටර් භාගයක් රත් විය. පොකුණ ටෙනිස් පිත්තක හැඩය ගත්තේ ය. ඇතැමෙකු පමණක් පිහිනා පොකුණ තරණය කිරීමට තීරණය කළේ දැඩි සීතල වූ ජලකඳ හා ඉවුරු අතර දිගු දුරක් තිබූ නිසාවෙනි.
කාත්‍යා සිහි ගැන්වූවා ය, ඇය හය වසර පංතියට සමත් වූ දා, ඇයගේ යෙහෙළියන් සමග මෙම පොකුණට කිමිදීම සඳහා පැමිණි බව. පසු ව මිතුරියන් ස්ට්‍රෝබෙරි කෑමට කැලයට ගිය අතර, කාත්‍යා එහි රැඳීමට තීරණය කළා ය. පොකුණේ එතරම් ම ඈත නො වු ඉවුර මත සිටි යුවතියට නුදුරින්, බිලි බෑවේ ය කාත්‍යාගේ මස්සිනා. ඔහු නිවාඩුව ගත කිරීමට ගමට, දෙමව්පියන් වෙත පැමිණියේ ය. ඔහුට පෙනී ගියේ ය නෑනා තනි ව ම ඉවුර මත සිටිනා බව. කාත්‍යා මදක් හිරු රැස් නා පොකුණට වැදුනා ය. ඈ ඉවුරෙන් තරමක් ඈතින් මලක් දුටුවා ය, ජලය මතුපිට පැද්දෙන. “ සිත්ගන්නාසුළු යි, කව් ද එවන් සුන්දර කුසුමක් ජලයට වීසි කළේ “ සිතුවා ය යුවතිය, තීරණාත්මක ව මල වෙත පිහිනා යාමට පටන් ගත්තා ය. ඇය පිහිනීමට දක්ෂ නො වුවා ය, එනමුත් ඇයට ඒ මල තෙක් පිහිනා යාමට සිතිණි. එයට ලඟාවිමත් සමග ම ඇය යටින් පිහිනුවා ය, පිහිනීමෙන් මතු වන පෙරළෙන රැළි මල ඈත් කළේ ය. කාත්‍යා ආපසු හැරී බැළු විට ඉවුර ඉතා ඈතින් පිහිටියේ ය. ඈ ඉතා බියපත් වූවා ය, නො සන්සුන් ව ජලයේ සලිත වන්නට වූවා ය. දෑත් කොපමණ හිරිවැටුනේ ද, ඊයම් සේ ඝන විය. ඇගේ දෑස් තුළ කඳුළු මතු විය. කාත්‍යා ඉවුර වෙත පිහිනීම ආරම්භ කළා ය. මල ගැන තවත් සිතුවේ නැත.
ගොඩට පැමිණීමත් සමග යුවතිය, ශක්තිය අහිමි ව, වැල්ල මත දිගා වූවා ය. යන්තම් නො ගිලී බේරුණු බව යෙහෙළියන් නො දුටු නිසා කාත්‍යා සතුටු වූවා ය. නමුත් ඒ සියල්ල මස්සිනා දුටුවේ ය. කලිසම ගලවමින් හා බිලිපිත්ත අමතක කරමින්, ඔහු වතුරට පැනීමට සූදානම් වුවේ තම නෑනන්ඩිය ව බේරා ගැනීමට ය. ඇය ආරක්ෂිත ස්ථානයක් කරා පිහිනා ගිය බව දුටු ඔහු සැනසුම් සුසුමක් හෙළුවේ ය. නැවතත් කලිසම හැඳ ගනිමින් බිලි බෑම පටන් ගත්තේ ය. කාත්‍යා එතැන් සිට කිසි දිනෙක ඉවුරෙන් ඈතට පිහිනා ගියේ නැත, පෙළඹවීමකින් තොර ව.

-        කාත්‍යා ඔයා ගෙදර යනව ද? ඇගේ ස්මරණය බිඳ දැමුවේ ය යූරා.
-        යමු. එකඟ වූවා ය ඈ. යමු කැළැව මැදින් වැටුණු පාරෙන්. අද රස්නෙයි, ඊයේට වඩා.
-        ඔවුහු වනය තුළට ගියහ. පාර දිගේ සීනු හැඩැති මල් පිපුණේ ය. ඕවිටේ නානා ප්‍රකාර මල් පිපුණි.
-        ලස්සනයි නේ ද? කාත්‍යා විමසුවා ය.

යූර්කා නිහඩ ව ම හිස වැනුවේ ය. ඔවුහු කිසිවක් කතා නොකර ම, රළු මාවත මතින් එළිමහනට පැමිණියහ. යූර්කා කාත්‍යාට උපකාර කළේ ය කළඹකට මල් එකතු කිරීම සඳහා. වන රොදෙන් පිටතට වූ ඔවුහු, සිසාරා දර්ශණීය ව පෙනෙන කුඩා කඳු ගැටයක් මතට පැමිණියහ. තිරිඟු කෙත මඳ සුළඟින් ලෙලෙයි. ඩිංගක් එහායින් උපන් ගම්මානය යි. දෑත් අල්ලා ගනිමින් ගැටව් සිනහවත් සමගින් බැස්සෝ ය.
ගිම්හානය අවසන් ය. උයනේ දී, රාත්‍රී නින්දට යාම සීතල නිසා නුසුදුසු විය. යූර්කා නිවසට පිටත් වූයේ ය. එකෙනෙහි ම ඕල්‍යා දියණිය සමගින් ස්වාමියා සේවය කළ ස්ථානය වෙත පිටත් වූවා ය. කුඩා අක්සානා නොමැති නිවස පාළු ස්වභාවයක් ඉසුළුවේ ය. එහෙයින් උපරිම හඬින් සංගීතයට ඇහුම්කන් දීමට අවස්ථාව උදා විය. ඇත්ත, ඒ සඳහා නිතර නිතර දෙමව්පියන්ගෙන් අවස්ථාව ලැබුණු බව. ඇය වෙනුවෙන් වාදනය කළ ගීත කාත්‍යාගේ සිත් ගත්තේ ය. ඈ කවුළුව විවර කළා ය, ඒ ගීත අසමින් මදහස පෑවා ය. යුවතිය තේරුම් ගත්තා ය, ඒ ගීත තුළින් යූර්කා තම හැඟීම් ඇයට පැහැදිලි කිරීමට උත්සාහ කරන බව.
පළමු කහවන් බර්ච් පත්‍ර මතින් ඔවුහු පාසැලට ගියෝ ය. ගිම්හානය විසිර ගියේ පැසුණු හුලංතලා මලක පුළුන් විසිරෙන්නාක් මෙනි. ඔවුන්ට දුක දැනෙන්නට විය. අනෙක් පසින් සිසිරය ඔවුන් කුල්මත් කළේ ය. සෑම දිනක ම පාසැලේ දී ඔවුහු එකිනෙකා ව දකින්නෝ ය. පාසැල අවසන් වී දෙදෙනා එකට නිවසට යති. එය ඇත්තට ම වාසනාව නො වන්නේ ද?

ලීදියා වසීළියෙව්නා ලිත්වීනා.
රුසියන් බසින් සිංහල බසට,
ෆීලික්ස් ප්‍රනාන්දු.

4 comments:

  1. මම ගොඩක්ම ආසා රුසියානු සාහිත්‍යට. ස්තුතියි මේ පොස්ට් එකට.ඒ ආසාව තවත් වැඩි උනා

    ReplyDelete
  2. ආපහු රුසියානු සාහිත්‍යය විඳින්න පුළුවන්. ආපස්සට කියවගෙන යන්නම් හැකි වෙලාවට.

    ReplyDelete
  3. බොහෝ ස්තූතියි. හැකි හැමවිටම පරිවර්තනයක් එකතු කරනවා. මේ දිනවල පරිවර්තනයක් කරනවා සිතුවම නමින්. කොටස් වශයෙන් එකතු කරන්නම්.

    ReplyDelete