Sunday, August 5, 2018

සිසුවියෝ.




ජීවිතය, සිසිරයේ භූ දසුන් මෙනි. 

ආපසු සමාජ ශාලාවේ සිට පැමිණි ස්වේත්කා යහන මත වැතිර සිටියා ය, මොර දී හැඬුවා ය. පොළොව මත තැන තැන විසිර තිබුණි ඡායාරූප. ඈ කඳුලින් ඉදිමුණු දෑස් විවර කර, කෙටි කාලයකට සන්සුන් වූවා ය. ඒ නමුත් ඇයට තවදුරටත් වැදගත් විය, නැවතත් ඡායාරූප දෙස බැලීම. යුවතිය නැවත මොර දී හඬන්නට වූවා ය. ඇගේ හැඬීම වාග්විද්‍යා පීඨයේ ශිෂ්‍ය නේවසිකාගාරයේ පළමු මහලට ඇසෙන්නට විය. එම අවස්ථාවේ දී පටු ආලින්දයේ සිටි සිසූවියෝ පුදුමයෙන් මෙන් දෙවන මහල වෙත නෙත් හෙළුවෝ ය. ස්වෙත්කා පළමු වසරේ සිසුවියක වූවා ය. තාන්‍යාගේ කාමරයේ අසල්වාසියා ය. අපහසුවෙන් නෙත් පහලට හෙළමින්, මුළුතැන්ගෙයින් පිටතට පැමිණීමට හදිස්සි වූවා ය. යන්තමට කේතලය නටන්නට විය. කෙසේ වුවත් සමහර කුඩා ළමිස්සියෝ, රාත්‍රී ආහාරය සකසමින් උත්සාහ නො කලහ කිසිවක් ගැන විමසීමට, දැන ගත්තෝ ය. තාන්‍යා කෙසේ වෙතත් අකමැති වුවා ය කවරෙකු සමග හෝ දොඩවන්නට නිකරුනේ. විචක්ෂණ යුවතියෝ අපකීර්තියට පත්වීමට බිය වූහ.
-        ස්වේත්, දැන් ඇති නැද්ද? කාමරයට ඇතුලු වන තාන්‍යා ඇසුවා ය. යමු තේ බොන්න, සැහැල්ලු වෙයි.

ස්වෙත්කා තවත් වැඩියෙන් කඳුළු සලන්නට වූවා ය හා කෝපාවිෂ්ඨ ව කෑගැසුවා ය.

-        මගේ දෛවය කඩාගෙන වැටුණා. උඹ තේ බොන්න කතා කරනවා.
තාන්‍යා මදහස පෑවා ය, කිට්ටු වෙමින් තැන තැන වීසිරුණු ඡායා රූප වෙත. ඈ ඒවා එකතු කරන්නට පටන් ගත්තාය. පසුව ඇය නැවතුවුවා ය තම දෑස් එක් ඡායාරූපයක් මත. එහි ස්වෙත්කා ප්‍රීතිමත් ව කළු මුහුදු ඉවුරේ කඩවසම් තරුණයෙකුව වැළඳ ගනිමින් සිටිනු සටහන් වී තිබුනේය.
-        මේකට දෛවය කියල ද උඹ කියන්නේ? තාන්‍යා ඡායාරූපය මතට කිවිසුමක් යැව්වා ය.
-        ඔව්. හිතන්නකෝ! තදින් කෑගැසුවා ය ස්වේත්කා, දුඹුරුවට හුරු කළු හිසකෙස් පීරමින් කඳුළු පිරි මුහුනින්. උඹට පිළිකුල් ද, මට තේරුම් ගන්න අමාරුයි! නමුත් මම එයාට ආදරෙයි.!

තාන්‍යා බුද්ධිමත් බැරෑරුම් දෑසින් කෝපාවිෂ්ඨ ව යෙහෙළිය දෙස බැළුවා ය. ඈ දැන සිටියා ය, ස්වෙත්කා සමගින් වාදයකට පැටලීම දැන් නිෂ්ඵල බව. තාන්‍යා මුලින් ම තේරුම් ගත්තා ය සැබෑ හැඟීම අන්ද්‍රේයිගේ ස්වේත්කා වෙත. ඇය විශ්වාස කළේ නැත, වෛද්‍ය සිසුවෙක්, ධනවත් දෙමව්පියන්ගේ දරුවෙක්, තම දෛවයේ මගට එකතු කර ගැනීම, සාමාන්‍ය පවුලක යුවතියක් ඉහල අධ්‍යාපනයෙන් යුතු. ඔහුට අවැසි වූයේ ලිහිල් සම්භන්ධයකි. එලෙස ම ඔහුට එය හිමි වුනි. ස්වේත්කා කිසිදු සොයාබැලීමකින් තොර ව ඔහුව විශ්වාස කළා ය. මුලින් ම තැනුවා ය දීප්තිමත් සැළසුම් ඔවුන්ගේ සබැඳි අනාගතයට.

-        කෙල්ලනේ, වසන්තයේ දී, විශ්වවිද්‍යාල අධ්‍යාපනය අවසන් කර, අන්ද්‍රේයි විවාහ කරගන්නවා. දැන්වූවා ය ස්වේතකා යෙහෙළියන්ට කාමරයේ, නව පංති වාරය ආරම්භ වූ දින දී ම.
කොහෙන් ද එවන් විශ්වාසයක්? එදින තාන්‍යා ඇසුවා ය.
-        ඇත්තට ම ඔයා හිතනව ද, කෙනෙක් නිකං සල්ලි වියදම් කරනවා කියලා මට කළු මුහුදේ නිවාඩුව ගත කරන්න?
-        ඇයි “ නිකම් ම“ ? තාන්‍යා සිනාසුනා ය.
-        මම දන්නවා, මොකක් ගැන ද ඔයා ඉඟි මරන්නේ කියලා. තරහින් කීවා ය ස්වේත්කා. වඩාත් දුර යන්න වුවමනා නො වන නිසා ඒ සඳහා කල් ගත වන්නේ ය.
-        ඔයා වාද කරනවා, සෑම කොපෙක් එකක් ම ගණන් කරන පවුලකින් පිට වූ පුද්ගලයෙකු සේ. අන්ද්‍රේයි පෙහොසත් නේ..
-        ඔයා කියන්න කැමති: අපි යුවලක් නෙවෙයි කියලා ද? සිනාසුනා ය ස්වේත්කා. අහපන් තාන්‍යා, ඔයා ලඟ අහම්බෙන්වත් නැද්ද චිත්‍රය “ නුසුදුසු විවාහය “ චිත්‍ර ශිල්පී පලේනෝෆ්ගේ?

දැන් ස්වේත්කා යහන මත වැතිරුනා ය. හඬින් වැලපුනා ය. තාන්‍යා නිවැරදි යැයි පෙනී ගියේ ය. අන්ද්‍රේයි ඝෘජු ව ම ඇයට කිවේ ය, කිසිවකුටත් ඔහු හා සම්භන්ධ වීමට නො හැකි බව. වෛද්‍ය අධ්‍යාපනය අවසන් කිරීමෙන් පසු ව ඔහු විදෙස්ගත වූවේ ය.
ස්වේත්කා නැවත දෑස් විවර කළා ය, ඉකි ගසමින් ඇසුවා ය:
-        තාන්, ඌ පාදඩයෙක් නේ, මම ඊට වඩා වෙනස් නේ?
-        අයියෝ “ මෝඩී “ . උඔ ආදරය කළා එච්චරයි. මිතුරිය පිළිතරු දුන්නා ය.
-        ඔයාට තේරෙනව ද, එයා මට එහෙමයි සැළකුවේ!
-        අයියෝ පටන් ගන්න එපා! තාන්‍යා ඉල්ලා සිටියා ය. යමු තේ බොමු!
ස්වේත්කා නැගිට්ටා ය හා අස්ථීර පියවරයන්ගෙන් කැඩපත වෙතට යොමු වූවා ය, යමින් අවසාන කඳුළු බිඳු පිස දැමුවා ය.
-        උපදෙස් දෙන්නේ නැහැ මුහුණ දෙස දැන් බලන්නට. කලකිරෙනවා. තාන්‍ය කීවා ය.

ස්වේත්කා අත වනා කැඩපතින් තමන් දෙස බැළුවා ය. දකිමින් තමාව ම කම්පාවට පත් වූවා ය.

-        මේ මම ද? යටි ගිරියෙන් කෑගැසුවා ය ඇය. දෙයියනේ! ඇයි මගේ හැදියාව ඉඩ නො දෙන්නේ සියල්ල දැන් කියන්න. කුමක් ද මම එයා ගැන හිතන්නේ!
-        වාඩිවෙයන් තේ බොන්න, මුරණ්ඩු ලෙස නැවත මිතුරිය කීවා ය.
උගුරු කීහිපයක් පානය කරමින්, ස්වෙත්කා ටිකෙන් ටික පියවි සිහියට පැමිණීමට පටන් ගත්තා ය.
-        තාන්, එයා පාදඩයෙක්.
-        දැන් අන්ද්‍රේයිට අළුත් නමක් ද ඒ? සිනාසුනා ය මිතුරිය.
-        නවත්තපං! රවා බැළුවා ය ස්වේත්කා. කැමතියි කියන්න, ඔහු යහපත් වෛද්‍යවරයෙක් වෙයි කියලා.
ස්වෙත්කා ගැඹුරු හුස්මක් හෙළුවා ය.පසුව හිටි හැටියේ ම ඇසුවා ය කොහේ ද වේරා, නීනා, කාත්‍යා.
-        පාලනය කර ගත්තා ය! හිස සෙළෙව්වා ය තාන්‍යා. උඹ සියළු දෙනාව ම පළවා හැරියා. උඹ ඒ අයව එළෙව්වා නේ.

නීනා ඔයා එන්න කලින් ම තමාගේ කර්සාකෆ් වෙත ගියා, වේරා හා කාත්‍යා නෑයින් ලඟට ගියා රාත්‍රිය ගත කිරීමට. අපේ තෙවෙනි වසරේ සිසුවියන් දුර්වල නාඩි තියෙන අය වගේ. කාත්‍යා කීවා ය: “ මම පස්වන වසරේ දී මෙවන් ඉරණමක පැටළුනා නම්, කිසිම ආදරයක පැටළෙන්නේ නැහැ.“

-        කොපමණ බුද්ධිමත් ද! කාත්‍යා කඩා වැටුනා ය. සිතන්නට හැකිය, ඒ පිළිබඳ කවරෙකු හෝ අපෙන් ප්‍රශ්ණ කරන බව. පියවී සිහිය නැති කර ගන්නවා. එච්චරයි. නීනා වෙතට දීමා කොච්චර ඇවිත් යනව ද භූ විද්‍යාත්මක සමීක්ෂණ කාර්මීක පාසැලේ ඉඳලා? ඇය ආදරය කළා නම් බැඳලා ගෙඩක් කල්. අනෙක එයා ජීවත් වෙන්නේ මෙහෙ. ඇය පහසුව නිසා කසාද බඳින්න කැමති නැහැ. ඔහු මොඩයා වගේ ඇය වෙනුවෙන් හැම තැන ම යනවා.
-        ඒක ඒ අයගේ වැඩක්. මළානික ව තාන්‍යා පැවසුවා ය.
-        යසයි. උඹ මට තේරුම් කරල දීපන්. සගයෙක් කාර්මීක පාසැල අවසන් කරනවා, හමුදා සේවයෙන් පසුව තමා ම, කෙල්ලක් පස්සේ දුවනව නම්, කොහොම ද ඒක තේරුම් ගන්නේ?
-        ස්වේත්, මොකක් හරි වෙන දෙයක් ගැන කතා කරමු. තාන්‍යා පිටු පා පිළිතුරු දුන්නා ය.
-        උඹට උඹේ ඔය ප්‍රතිපත්ති එක්ක කවදාවත් කසාද බඳින්න වෙන්නේ නැහැ. කේන්තියෙන් කීවා ය මිතුරිය. උඹ එක්ක කතා කරන්න පුළුවන් සාහිත්‍යය පිළිබඳ විතරයි. ඇයි උඹ කැමති නැත්තේ ඔපාදුප කතා කරන්න. පිළිගනින් කලාත්මක නිර්මාණයක විග්‍රහය, නතාෂා රස්තෝවා පිළිබඳ හා පියෝතර් බියෙස්ඌහෆ් පිළිබඳ කතා කරමු.
-        හැරෙන්න එපා. සන්සුන් ව පිළිතුරු දුන්නා ය තාන්‍යා.

දොරට තට්ටු කළ හ,  දොරකඩින් මතු වූවා ය දෙවෙනි වසරේ ඉගෙන ගන්නා වීකා වරෝනවා.
-        ස්වේතා අන්තෝනවාට දුරකතනයට එන්න කියනවා.

ස්වේත්කා පැන්නා ය ගින්නට හසු වූ අයෙකු සේ, ඇගේ දෙපා මත පැළදීම ප්‍රතික්ෂේප කළ ඒ පාවහන් කඩිමුඩියේ පළඳා ගැනීමට පටන් ගත්තා ය.

-        තාන්කා, ඒ අන්ද්‍රේයි කතා කරන්නේ. ඒ ඔහු.
-        ඔව්, ඇත්තට ම. නියෙව්වා ය තාන්‍යා. එයාට වුවමනා වන්නේ උඹගේ ශාරීරික යෝග්‍යතාවය හසුරවා ගන්නට. කොහේ ද උඹ යන්නේ ඔය අවුල් පෙනුමෙන්? මම ගිහින් කතා කරන්න ද?

එනමුත් ස්වේත්කා උණ්ඩයක් සේ කාමරයෙන් ඉගිලුනා ය, සවන් නො දී තාන්‍යාට. “ පිස්සි“ හිස වනා තාන්‍යා තම කෝප්පයට තවත් තේ වත් කළා ය. විනාඩි කීහිපයකට පසුව දොර නිහඬ ව කාමරය තුළට විවර විය. මතු වෙමින් දොරකඩින් ස්වේත්කා අඩපණ ව උළුවස්සට හේත්තු වූවා ය. තාන්‍යා මේසය එපිටින් නැගිට්ටා ය, මිතුරියව මේසය වෙත කැඳවාගෙන ගියා ය. නිහඬ ව ම ඇයව වාඩි කළා ය. පසු ව විමසිලිමත් ව ස්වේත්කා දෙස බැළුවා ය. ඇය, වැළඳගෙන උරහිස්වලින් තමන්ගේ, සිතමින් පැද්දුනා ය, උත්සහ කළා ය තමාව නැළවීමට .

-        තාන්කා, උඹ දැනගෙන හිටිය නම්, මට කොච්චර දැන් අපහසු ද කියලා. තවත් වාතාවරණය නරක් වෙලා, අන්ද්‍රේ සමගින් කතා කිරීමට පෙර තිබූනට වඩා. එක් වර ම ස්වේත්කා කිවා ය.
-        සිත්ගන්නාසුළු යි.
-        ඔව්, එය සිත්ගන්නාසුළු යි, ස්වෙත්කා එකඟ වූවා ය. ඇගේ දෑස් තුළ කඳුළු කැට දිස්නෙ දෙන්නට වීය.
-        හිතන්න, ආල්ලා නැන්දා කතා කළේ අල්මාආතා ඉඳලා. ඇගේ නොන්නා කසාද බඳිනවා ලු. මගුල අප්‍රේල්වල.
-        ඉතිං උඹට ඇති වැඩේ මොක්ක ද? තාන්‍යා දෙඋර සෙළෙව්වා ය. නෑනා කසාද බඳිනවා. ඒක අපුරුයි.
-        තාන්‍යා, බොරු උනන්දුව ඕනේ නැහැ. නෝන්කට අවුරුදු දහනමය යි. අපිට විස්සට වැඩියි. අපි විශ්වවිද්‍යාලයේ ඉගෙනීම අවසන් කරනවා. යහපත් කසාදයක් බදින්න අපිට වාසනාව නැහැ.
-        ප්‍රශ්නයක් නැහැ, තව මාස තුනයි තියෙන්නේ විශ්වවිද්‍යාලය අවසන් කරන්න. එච්චරයි කාලය ඉතුරු වෙලා තියෙන්නේ. දොම්නසින් සිනාසුනා ය තාන්‍යා.

ස්වේත්කා මේසයෙන් නැගිට්ටා ය බලාපොරොත්තු සුන් ව අත වනා යහන වෙත ගියා ය.

-        උඹ දැනටමත් නිදාගන්න වැතිරෙනව ද? තාන්‍යා ඇසුවා ය. හොඳයි. දැන් මම පිඟන් හොදලා පස්සේ වැතිරෙනවා.

ස්වේත්කා කිසිත් පිළිතුරක් නො දුන්නා ය. ඈ බිත්තිය දෙසට හැරුණා ය, ගැඹුරට හුස්ම ගනිමින්, දෑස් වසා ගත්තා ය. ඇයට කිසිවක් පිළිබඳ සිතීමට සිත් දුන්නේ නැත. ඇයට තමන් ඇදුනු තන්තුවක් සේ දැනුණි, ඕනෑම අවස්ථාවක පීඩනය නිසා පැලී යාමට සූදානම්. ඇයට වුවමනා වූයේ එක් දෙයක් පමණී. ඉක්මනට ම නිදා ගන්න. නමුත් සිතිවිලි, කෝපය එකසේ, එකිනෙක සමග විඩාබර මනසේ පැටළුණි. ස්වේත්කා නැවතත් සුසුම් ලැවා ය. දැන් ඈ අන්ද්‍රේයි හා නෝන්කා සමග කිපුනා ය. පසුව එකිනෙකා පිළිබඳ එකිනෙකා පසුපසින් සිතුවා ය.
තාන්‍යා හෙමිහිට කටයුතු නිම කළ පසු, කාමරයේ විදුලිය විසන්ධි කර, ඈ ස්වේත්කා දෙස බැලා සිනාසුනා ය. මිතුරිය, අත මත කම්මුල තියාගෙන, ශාන්ත ව නිදා ගත්තා ය.

දීමා නැවතත් සොයා නො ගත්තේ ය නීනව ශිෂ්‍ය නේවාසිකාගාරයේ දී. ඈ ස්වෙත්කා, වේරා හා කාත්‍යා සමගින් චිත්‍රපටියක් නැරඹිමට පිටත් ව ගියා ය. එතරම් උස නැති, සුදුපැහැ හිසකෙස්වලින් යුතු, දයාබර වතක් ඇති ඔහු, ගෞරව සම්මානලාභී ජ්‍යෙෂ්ඨ සිසුවෙකු සිහිපත් කරන්නේ ය. විමතියෙන් බලමින් තාන්‍යා දෙස, දීමා ව්‍යාකූල ව කීවේ ය.

-        ඇය ගියා ද? තේරුම් ගන්න නෘනව, තාන්‍යා කීවා ය. අද හැන්දෑවේ මොකද වෙන්නේ?
-        ඔබ එනව ද, දීමා? තාන්‍යා සුන්දර ව මදහස පෑවා ය. තේ ඕනේ ද?
-        ස්තූතියි. සිටි තැන ම සිට දීමා කිවේ ය. පසුව මේසය වෙත පැමිණියේ ය. ඇයි ඔයා ඒ අය සමග ගියේ නැත්තේ.
-        විද්‍යා සම්මන්ත්‍රණයට සූදානම් වෙනවා. අප වෙත වසන්තයේ දී සිසුන් තම රටෙන් පැමිණෙනවා.
-        ආ ඇත්ත ද? දීමා ඇසුවේ ය. තාන්‍යා වෙන කිසිවක් කීමට නො දැන සිටියා ය.
-        ඔව්, සමහර විට, ගොඩක් පොත් කියවනවා ඇති ඔයා? ප්‍රශ්ණ කෙරුවේ ය හිටි හැටියේ ම තරුණයා.
-        වාග්විද්‍යා පීඨයේ අපි, නිරායාසයෙන් ම කියවනවා. සිනාසුනා ය තාන්‍යා.
-        දන්නව ද, මට දැනුනා, නීනා සියළු නිවාඩු දිනයන් එයාගේ ගමේ ම ගෙවනවා කියලා. සමහර විට, ඇයට එහි කවුරු හරි ඇති?
-        මම ඒක දන්නේ නැහැ. ක්ෂණික ව පිළිතුරු දුන්නා ය තාන්‍යා. ඔයා ම එයාගෙන් අහන්න.
-        ඒකාන්තායන් ම. මම එහෙම කරන්න යන්නෙ නැහැ. සමා වෙන්න, මම ඔයාගේ වැඩ පාඩු කරනවාට. ස්තූතියි.. කියමින් දීමා දොරකඩ වෙත හැරුණේ ය.

තාන්‍යා දොම්නස් ව සිතමින් ඔහු දෙස බැළුවා ය: “ යහපත් තරුණයෙක්, ආචාරශීලි. කොහොම වුනත් ස්වෙත්කා කියන්නේ ඇත්ත: තව මොනව ද නීනට වුවමනා?“
චිත්‍රපට ශාලාවේ සිට යුවතින් ආපසු පැමිණියේ ප්‍රීතිමත් ව ය: ප්‍රහසන චිත්‍රපටිය ඔවුනගේ සිත් ගති. ඔවුහු තාන්‍යාට චිත්‍රපටියේ අන්තර්ගතය පවසන්නට වූවෝ ය.

-        කොහොම වුනත් අපරාදේ උඹ අපි එක්ක නො ගියේ. අපි මහ සද්දෙට හිනා වුනා. නීනා කිවා ය අදිමින් තම දුඹුරු, වකුටු කෙස්. මට කෙට්ටු වෙන්න ඕනේ! සිනමා ශාලවේ දී දාඩිය දැම්මා කබායේ හිටපු නිසා.
-        උඹලා මැකරෝනිවලට කැමති ද? විමසුවා ය වේරා. ඔව් තව කට්ලට්.
-        මම යි වැරදිකාරිය? කෑ ගැසුවා ය නීනා. ඒකට අම්මා: ඇය කියනවා, මැකරෝනි කනව නම් පාන් නැතුව, කට්ලට් හෝ මස් එක්ක, ඇය හිතන විදිහට එය නිරර්ථක ආහාරයක් කියලා.
යුවතියෝ සමච්චලයට සිනාසුනහ. නමුත් කාත්‍යා මෙසේ කීවා ය.
-        කෙහොමවත් මගහරින්නේ නැහැ තමන්ගේ ගමේ පුරුදු.
-        අපොයි, ඇති උඹ! අත වනා කීවා ය නීනා. ඒ නිසයි මගෙන් නගරයේ ඔයගොල්ලෝ වෙනස් වෙන්නේ. පහසු වෙයි, විශ්වවිද්‍යාල අධ්‍යාපනයෙන් පසුව අපි අපේ ගම්වලනේ ඉන්නේ. තාන්‍යා අහගනින්.
-        නැහැ, උඹ ඇහුම්කන් දෙනව නම් හොඳයි, බරපතල ලෙස තාන්‍යා පැවසුවා ය. දීමා නැවත පැමිණියේ ය. නීන්, උඹට දැනෙන්නේ නැද්ද, ඇයි උඹ හැසිරෙන්නේ අශෝබන ලෙස? මුණගැහෙන්න නියම කර ගන්නවා, පස්සේ මග හැරලා යනවා.
-        ඉතිං මොකෝ? වටකුරු දෙඋර සෙළෙව්වා ය නීනා. මට කැමති නම්, ඔහේ ආපුදෙන්.
-        උඹ සියල්ල ඒ වගේ කියල ද තීරණය කරන්නේ. තාන්‍යා ගර්හිත ව බැළුවා ය යුවතිය දෙස.
-        වීසි කරලා දාපන්, තන්‍යා! උපහාසයෙන් සිනා සුනා ය ස්වේත්කා. නීන්කා, දීමව අතිරේක ව තියාගන්නව. එයා කර්සාකෝෆ්වල තරුණ පශු වෛද්‍යවරයා සමගින් බැඳෙන්න බැරි වුනොත්, එතකොට දීමාව කසාද බඳිනවා. නේ ද නීන්?

නීනාගේ පිළිතුරේ සිනහව පමණක් විය. විහිළුවට මුෂ්ටිය පෙන්වා ස්වේත්කාව බිය ගැන්වුවා ය.
වේරා හා කාත්‍යා ‍නො දොඩා ම මදහස පෑහ. ඔවුන් සමහර දින අමතර කතාවලට දායක වන්නේ නැත. යුවතියන් හදවතේ ගැඹුරින් ම ඊර්ෂ්‍යා කළහ නීනිට. ඈ අනෙක් යුවතියන්ට වඩා වෙනස් වූවා ය, ඈ තම නිදහස රඳවා ගත්තා ය, තම වසරේ ම සිසුවියන් හා පස් වන වසරේ සිසුවියන් සමගින්. ඒ සමග ම, ඈ ඔවුන් සමගින් තියුණු ව සිටියා ය. ඒ නිසා නිතර ම ඔවුන් අතර ගැටුම් ඇති විය. වාග්විද්‍යා පීඨයේ බෙහෝ සිසුවියන් අතරින් වෙනස් වන නීනා, අරමුණු කර නො ගත්තා ය නො වටිනා බව නතර වීමට විශ්වවිද්‍යලය අවසානය දක්වා නගරයේ. එසේ ම කවරෙකු දැන සිටියේ ද, ඇය පිළිබඳ සැළකිළිමත් වන බව නාගරීක තරුණයෙක්. තේරුම් නො ගත්තෝ ය ඇයි ඇය එතරම් ම ඔහුව මග හරින්නේ කියා. එසේ ම නීනා දිගින් දිගට ම ආවාට ගියාට දීමාගේ හැඟීම්වලට සැළකුවා ය.

බක් මස උදා විය. ස්වෙත්කා නෑනාගේ විවාහ මංගල්‍යයට සහභාගි නො වුවා ය. තාන්‍යාට තම තීරණය ඉතා සරල ව පැහැදිළි කළා ය.
-        හිතා ගන්න ඔයා, එහි සියල්ලන්ගේ ම කඳුලු වෑහෙන්න ගනියි සතුටට, ඒත් මට දුකයි. කමක් නැහැ සතුටු වෙච්චාවේ මම නැති ව ම.
-        ඉගෙන ගන්න ඕනේ, අනෙක් අයගේ වාසනාවේ දී සතුටු වෙන්න. සන්සුන් ව තන්‍යා පිළිතුරු දුන්නා ය.
-        තාන්‍යා, උඹ මාව කම්පාවට පත් කරනවා. කෑ ගැසුවා ය ස්වේත්කා. උඹ ලියෙෆ් නිකළොයිවිච් තල්ස්තෝයිව මුණ ගැසුනා වගේ. ඔයා කියනවා වගේ ම! මතක් කර ගන්න! උපාධිය ලබා ගැනීම එතරම් ම ඈතක නො වේ.“ මෙන්න මගේ ගම්මානය “. නුඹ සියළු ම වළාකුළු අතරින් පියාඹන්නෙහි ය.

තාන්‍යා වාදයට පැටළුනේ නැත. ඈ ඒ සියල්ල අගේට තේරුම් ගත්තා ය. ඇයි ද ඇයට දැනුනේ, ඇය තනි නො විය යුතු බව. නැත, යුවතිය කුමරෙකු බලාපොරොත්තු නො වුවා ය. තාන්‍යා එකෙනෙහි ම දීමා පිළිබඳ සිතුවා ය. “ ඔන්න එහෙමයි, ඔහු මගේ හිත ගත්තේ“
එනමුත් නීනා දිගින් දිගට ම දීමාගේ ඉවසීම පරීක්ෂා කළා ය. ඔහු වෙනදා මෙන් සවස් වී පැමිණියේ ය, ඇය සමග ඇවිද යාමට වසන්තයේ වීදි ඔස්සේ. කාලගුණය ඉතා හිතකර ව පැවතිණි. හිම බෙහෝ කලකට පෙර දිය වී ගොසින් ය. ගල්තාර වියළි ඇත. නැඹුල් දළු තුරු මතින් ලොවට විවර වන්නට විය.
තාන්‍යා ඉස්තෝප්පුවේ කවුළුව අසල සිටගෙන,  අඳුරු අහස දෙස බැළුවා ය. ඇගේ හදවත වැළඳ ගති මින් පෙර අත් නො දුටු සාංකාවක්. ඇය මෑත කාලයේ දී ජීවත් වුනේ කුමක් ගැන දෝ අපේක්ෂාවෙන්, නමුත් නිච්චියට ම කුමක් ද කියා තමන්ට ම පැහැදිලි කර ගැනීමට නො හැකි වූවා ය. එය ඇයව කනස්සල්ලට පත්කළේ ය.

-        ආයුබෝවන් තාන්‍යා! සන්සුන් ව කීවේ ය දීමා.
-        ආ.. දීමා! තාන්‍යා පිළිතුරෙන් දමා ගැසුවා ය ඔහුට.
-        අද එළිමහන හොඳයි. ඔවුහු එකඟ වුවෝ ය සක්මන් කිරීමට.
-        දීමා, පෙර දින රෑ නීනා දේශණවලින් පසුව ගෙදර ගියා. සමාව අයදින්නියක මෙන් තාන්‍යා පැවසුවා ය.
-        වෙන්න බැහැ! ඇය ඊයේ මට දුරකතනයෙන් කතා කළා නේ.
තාන්‍යා දෙඋර සෙළෙව්වා ය. ඇය තුළ අවංකව ම තරුණයා පිළිබඳ කණගාටුවක් උපන්නේ ය. ඇයට කිසිවක් කිරීමට නො හැකි විය.
-        හොඳයි, තාන්‍යා, මම යනවා. මලානික ව කීවේ ය දීමා. ඔහුට එක වර ම නුහුරක් දැනෙන්නට විය. ඔහු විහිළුවක් ලෙස පෙනෙන බව දැනෙන්ට විය.
-        ඔයා එන්න. තීරණයකට නො එලඹි ආරාධනා කළා ය ඈ.
-        ස්තූතියි.

තාන්‍යා දුකෙන් ඔහු දෙස බැළුවා ය. “ කෙහොම වුනත් නීනා දරුණුයි. මේ වගේ තරුණයෙකුගේ සිතට වේදනා දෙන්නේ. සිතුවා ය ඈ, හූල්ලමින්.
දීමා දිනකට පසු ව පැමිණියේ ය. නීනා නිතැතින් ම කාත්‍යා හා වේරා සමග චිත්‍රපටියක් නැරඹීමට සුදානම් වූවා ය. දකිමින් දීමව, සුසුමක් ඉහළට ඇද්දා ය.
-        ඔයා? ඇත්තට ම අපි අද හමුවෙන්න ගිවිස ගත්ත ද?
-        අපි පෙරේදා ගිවිස ගත්ත නේ. ඒත් ඔයා...
-        මොකක් ද මම ? කතාව විච්ඡින්න කළා ය නීනා. මට ගෙදර යන්න ඕන වෙලා තිබුනා. හිතන්නේ ශෝකාන්තයක් කියල ද? දැන් අපි කෙල්ලෝ ටික එළියට යනවා. සමා වෙන්න ඔයාට ටිකට් එකක් ගත්තේ නැහැ. කැමති නම්, මම එනකම් ඉන්න.
දීමා බැරෑරුම් ලෙස නීනා දෙස බැලුවේ ය. තාන්‍යා අවධානය යොමු කළා ය, ඔහුගේ දෙනෙත් තුළ ඇවිලෙන ගින්න දුටුවා ය.
-        ඉතිං මොකෝ, පලයං. කිවේ ය ඔහු, කෑම මේසයේ පුටුවේ හිඳ ගනිමින්.
-        ස්තූතියි, චිත්‍රපටිය බලන්න අවසර දුන්නට. සමච්චලේට පවසා නීනා කාමරයෙන් එළියට ගියා ය.
ස්වේත්කා, නිහඬ ව ම බලමින් ඒ  අවස්ථාව, විරිත්තුවා පමණි. නමුත් කිසිවක් නො පවසමින්, කාමරයෙන් එළියට ගියා ය. අමුත්තාව සතුටු කිරීමට අවැසි දෑ ගෙන ඒමට.
-        දීමා ඔබ නීනා නිසා කොච්චරක් කැප කරනව ද. සමහර විට ගොඩක් ඇයට ආදරේ ඇති? බලාපොරොත්තු රහිත ව ඇසුවා ය තාන්‍යා හා එම පැනයෙන් ම ඈ බියපත් වූවා ය.
-        තවත් නැහැ. හිටි හැටියේ ම දරුණු ලෙස පිළිතුරු දුන්නේ ය දීමා.
තාන්‍යා පුදුමයෙන් බැලුවා ය ඔහු දෙස. ඔහු ඇගේ බැල්ම සතු කර ගත්තේ ය හා මදහස පෑවේ ය.
-        ඇත්ත ම යි, තාන්‍යා ඒක සිදු වුනේ දැන් නෙමෙයි නේ. මම හිතුවා තවමත් සියල්ල සිද්ධ වෙනවා කියලා. නමුත් දැන් අවසානයට ඒත්තු ගියා, නැහැ කියලා.
-        දන්නව ද ඔයා, තවත් මෙහෙ එන්න එපා.
-        එනවා. අවසර දෙනව නම්, ඔයාව බලන්න. කීවේ ය ඔහු, කෙලින් ම බලමින් දෑස් දෙස.
යුවතිය වික්ෂිප්ත වූවා ය හා රත් පැහැ වූවා ය.
-        මම දන්නේ නැහැ. නීනා මොනවා කියයි ද කියලා?
-        තාන්‍යා, මට එයා මොනව කිව්වත් කමක් නැහැ.
-        මම දන්නේ නැහැ. නැවත කීවා ය තාන්‍යා. ඔයා කැමති ද එන්න. විශ්වාස කරනවා නීනාගෙන් පළිගන්න නෙමෙයි නේ?
-        ඔබත් මට රිද්දවන්නේ නැහැ නේ ද තාන්‍යා? බැගෑපත් ව උච්චාරණය කළේ ය දීමා.
ඔවුන් එකඟත්වයට පත් වූහ සවස උද්‍යානයේ දී මුණ ගැසීමට. තාන්‍යා, දිනය තුළ දී තටු ලැබුනා සේ ගමන් කළා ය. සූදානම් වෙමින් හමුවට, ඇය තම ඇඳුම් බහළුවේ අඩිය පිරික්සා බැලුවා ය. ඈ ගෙල බඳින ලේන්සු කිහිපයක් එයින් එළියට ගත්තා ය. ඉන් එකක් තෝරා ගෙන කැඩපත වෙත ගියා ය.
-        අහ්! නිල්පාට ලේන්සුව උඹට කොච්චර ගැලපෙනව ද! ස්වේත්කා කෑ ගැසුවා ය. ඇයි පෙර දී පැළදෙව්වේ නැත්තේ? බලපං, කොච්චර ආකර්ෂණීය ද කියලා?
-        ස්තූතියි! තාන්‍යා මදහස පෑවා ය.
-        උඹ යනව ද?
-        ඒක උඹව පුදුම කරවනව ද? සන්සුන් ව විමසුවා ය තාන්‍යා.
-        කැමති නම් කියපං, කව්ද ඔහු?
-        එක් යහපත් පුද්ගලයෙක්. මදහස පා තාන්‍යා කාමරයෙන් පිටතට ගියා ය.
දීමා සමග ඈ උද්‍යනයේ ඉබාගාතේ ඇවිද ගියා ය. පසු ව චිත්‍රපටියක් නැරඹීමට ගිය හ. මුලින් ම තාන්‍යාට නුහුරු හැගීමක් ඇති විය. දීමා තුළ ඈ කෙරෙහි විශ්වසනීය හැඟීමක් ඇති විය. ඔහු දැනටමත් නිවට තරුණයෙකු සේ නො වූයේ ය. ඔහු තාන්‍යව සතුටින් තැබීමට උත්සහ කළේ ය. උපහාසාත්මක හා කුතුහලය උපදවන ප්‍රායෝගික අත්දැකීම් සහිත භූ විද්‍යාඥයින්ගේ ඓතිහාසික කතා ඇයට කීවේ ය. ඉක්මනට ම තාන්‍යා ඔහුට “ ඔයා“ යනුවෙන් ඇමතීම ආරම්භ කළ අතර සිසාරා බැලීම නතර කළා ය. ඇවිද යමින් නේවාසිකාගාරයට, දීමා එකෙනෙහි ම නතර වූයේ ය, යුවතියගේ දෙඋරෙන් සන්සුන් ව අල්ලා ගත්තේ ය, දැඩි ව කීවේ ය.
-        කරුණාකරලා, හැසිරෙන්න එපා, ඔයා යමක් හොරා ගත්තා වගේ.
-        හිතනවා, නීනට මේ ගැන තේරුම් කරලා දෙන්න වෙයි ඔයාට. දෙනෙත් පහලට යොමු කරමින් තාන්‍යා කීවේ ය.
-        මට ඒක වුවමනා නැහැ. ඇයට කෙහොමටවත් නැහැ.
අඩ මසක් තාන්‍යාට, දීමා සමගින් වූ තම සම්භන්ධය වසන් කිරීමට වාසනාව උදා විය. යුවතියෝ සැක කළෝ ය, තාන්‍යා ආදරයෙන් වෙළි ඇති බව. එනමුත් ඔවුන් තම සිතට ගත්තේ නැත. සිදුවන දෙයට ස්වේත්කා ටීකනය දුන්නේ නැත. අන්ද්‍රේයි විසින් ඇයව අත්හැරිම ඉවසා වදාර ගත්තා ය. කැපවීමෙන් පාඨමාලාවේ අවසානය තෙක් සිටියා ය, වෙනත් එක් පළාතකට යාමට. එම නිසා කාලයෙන් වැඩි ප්‍රමාණයක් ඇය ගත කළේ පොත් සාප්පු වල ය, එකතු කර ගත්තා ය අත්‍යාවශ්‍ය පත පොත.
නීනා, අවධානය යොමු කරමින්, දීමා කලෙකින් නො පැමිණි බව, ඇය ම ඔහුට ඇමතුවා ය. පිළිතුරෙන් ඇයට ඇසුනේ, ඔහු උපාධි නිබන්ධනය සමගින් කාර්ය බහුල බව යි.
-        කමක් නැහැ, නිවාඩුවක් ඔබට ලැබුනොත්, දැනුම් දෙන්න. පුළුවන් නම් කොහේ හරි යමු දෙන්න ම, පෙර දී මෙන් ස්වයං විශ්වාසයෙන් දැනුම් දුන්නා ය නීනා.
මැයි මස සැනකෙළියට පෙරාතු ව නීනා නිවසට යැමට ලකලැහැස්ති වූවා ය. වේරා කාත්‍යා සමගින් දැනටමත් පිටත් වී අවසන් ය. එහෙත් ස්වෙත්කා තීරණය කළා ය පළාත මැද ජීවත් වූ මිතුරියන්ගේ දෙමව්පියන් සමගින් සැනකෙළි සමය ගත කිරීමට. ඔවුහු විටින් විට ස්වෙත්කාට නිවසට ආරාධනා කළෝ ය. තාන්‍යා දීමාට පොරොන්දු වූවා ය නිවසට පිටත් ව නො යාමට. ඔහු ඇයගේ දෙමව්පියන් හඳුනා ගැනීමට කැමැත්ත දැක්වූවේ ය. අම්මාගේ ඉල්ලීම මත මිලදී ගනිමින් භාණ්ඩ කීහිපයක් නේවාසිකාගාරයට ඉගිල ආවා ය, ගමන් මල්ලට හනිකට ඒවා ඇසිරීමට. දෙවන මහලේ තරප්පු පේළියේ දී ආන්‍යා මල්කෝවා ඇයව මුණගැසුනා ය.
-        නීන්, ඔයාගේ කාමරය ඉතාමත් මිත්‍රශීලි බව යි පෙනෙන්නේ! මදහස පෑවා ය ඈ.
-        උඹ විතර ද දැන ගත්තේ?  නීනා සිනහව තද කර ගත්තා ය.
-        මෙන්න මෙතැන දී ඔයා නිවැරදි යි. මෑතක දී අහම්බෙන් දැන ගත්තා, දැක්කා. ඔබලාගේ සබඳකම එතරම් ත්‍යාගශීලි යි. තරුණයින් මාරු කරනවා. නියමයි!
-        උඹ මොකක් ගැන ද කියන්නේ? නිනාට තේරුම් ගියේ නැත.
-        මොකක් ද ඒ “ මොකක් ගැන ද?“ ඔයාගේ දීමා ගැන හා තාන්‍යා ගැන.
නීනාගේ මුහුණ වෙනස් විය. ආන්‍යාට කිසිවක් නො පවසමින් තමාගේ කාමරයට දිව ගියා ය. ඈ මහත් හඬක් උපදින්නට දොර තල්ලු කළා ය. ස්වේත්කාගේ අතින් පනාව බිම වැටුණී. ඈ කැඩපත අසල සිටගෙන සිටියා ය. තාන්‍යා තම කබඩ් පොඩ්ඩ  අස්පස් කළා ය.
-        ඉතිං, තානේච්කා, කොහොම වුනත් අඳුරු ගම්මානයට යන්න භය වුනා ද? තීරණය කළා ද බැබළෙන නගරයේ නවතින්නට?
-        නීන්, මොකද උඔ? ස්වේත්කා පුදුම වූවා ය.
-        උඹ ඒක ඇයගෙන් අහපං. නීනා, තාන්‍යාගේ දෙසට කිබිසුවා ය.
තාන්‍යා සන්සුන් ව පොත් එක ගොඩකට ඇසිරීම දිගින් දිගට ම සිදු කළා ය. එක ම දෙයක්, ඇයව සළිත කළා ය. ඒ සුදුමැලි බව. දැන් ඇය දීමා කෙරෙහි තරහෙන් සිටියා ය. “ සියල්ලට වඩා මම කීව්වා ඔහුට, සියල්ල ඇයට පැහැදිලි කළ යුතු බව.“ හඬ නගා ඈ උච්චාරණය කළා ය.
-        මොකක් ද උඹට තිබෙන පීඩාව, නීනා? ඔව් අපි එකිනෙකාව මුණගැහෙනවා. අපි විවාහ වෙන්න සුදානම් වෙනවා. එහෙම වුනා, උඹ ම යි, උඹලගේ සම්බන්ධය බිඳ ගත්තේ, දැන් හොයනවා ද වගකිව යුත්තන්?
-        තාන්‍යා! උඹ? ස්වෙත්කාට කිමට හැකි වූවා පමණයි.
-        නගරයේ ලියාපදිංචිය නිමිත්තෙන් එවැනි දෙයකට හැකියාවක් උඹට තියෙනවා කියලා හිතනවද, තරහින් දැල්වුනු දෙනෙතින් තාන්‍යා දෙස බලමින් නීනා කීවා ය.
-        නිරපරාදේ උඹ එහෙම හිතන්නේ. උපාධිය ගත්ත ගමන් ම මම දීමා එක්ක උතුරට යනවා. එයාට එහි ඉඩම් කොටහක් තියෙනව.
-        අහ්, එහෙම ද! උඹ එකඟ වෙලා මිදුනු පොළොව විදින්න. ලස්සන වදන් මාලාවක්! උපහාසයෙන් නීනා කීවා ය. බය වෙන්න එපා, කුඩාරමේ ඔබලට හීතල දැනෙන එකක් නැද්ද?
-        නීනා! ඇයට බාධා කළා ය ස්වේත්කා. උඹ මොකද තාන්‍යාගේ ඇඟට කඩා ගෙන පනින්නේ? තමා ම සියල්ල තෝරා ගත්තා. පශුවෛද්‍යවරයෙක් හෝ භූ විද්‍යාඥයෙක්, දැන් උඹ වියරු වැටිල ද? දන්නව ද, හාවුන් දෙදෙනෙක් පසුපස එළවනවා උඹ.
-        කට වහපං! තියුණු ලෙස පිළිතුරු දුන්නා ය නීනා. මම ම කාවවත් නවත්තගත්තේ නැහැ.
-        කෙල්ලනේ, ඇති දැන්! තාන්‍යා මිතුරියන්ව නැවැත්වූවා ය. සමහර විට මම ඔයා ඉදිරියේ මොකකට හරි වැරදි ඇති. නීනා නමුත් ඔයාගේ වැරදිත් ඉවත් කරන්න එපා.
-        හොඳයි, තාන්‍යා දීමව ලඟින් ම තියා ගනින්.! මම තරුණයි, වඩා හොඳ කෙනෙක් තමන්ට හොයාගන්නවා. දරුවෙකු සේ තරහින් කෑ ගැසුවා ය නීනා. ඉක්මනින් සියල්ල මල්ලට ඔබාගත් ඈ කාමරයෙන් එළියට පැන්නා ය.
තාන්‍යා අසීරුවෙන් හුස්ම ගත්තා ය. ස්වේත්කා ලඟ තිබූ යහන මත යන්තමට අසුන් ගත්තා ය.
-        තාන්, උඹ දීමා එක්ක ඇත්තට ම ද ? පරෙස්සමට ඇසුවා ය ඈ.
-        අපි දැනටමත් විවාහ ලේකම්ට අයදුම්පත භාරදීලා තියෙන්නේ. හෙට එයාගේ දෙමව්පියන් හඳුනා ගන්න යනවා මම.
-        අහන්න, උඹ මාව පුදුම කළා! කියන්න පුළුවන් ද, ගෙයින් එළියට බහින්නේ නැතුව, සැමියෙක් හොයා ගත්බව. මම අන්තිම මෝඩි, නැටුම් හා සිනමා ශාලා පසුපස දිව්වා. තාන්, තරහ වෙන්න එපා, උඹගෙන් මෙවැන්නක් බලාපොරොත්තු වුනේ නැහැ. ඇත්ත ම කියනවා නම්, උඹ ඔහුව නීනාගෙන් ඩැහැගත්තා නේ?
-        ගොං කතා කියන්න එපා! උඹ ම දැක්කේ නැද්ද එගොල්ලන්ගේ සම්භන්ධය.
-        අවංක ව කියනව නම්, උඹ කසාද බඳින්න යනවා කියලා අහපු දා , මගේ පපුවේ ඉරිතලා ගියා. නමුත් මම උඹ නිසා සතුටු වෙනවා දැන්. මමත් වයසක කෙල්ලක් වෙන්නේ නැහැ, උඹ නිසා භ්‍රාන්ත වුනා.
-        ස්තූතියි, ස්වෙත්! උඹට හැකියි අනුන්ගේ වාසනාවේ දී සතුටු වෙන්න, ඒක ලොකු දෙයක්.

වෙසක් මස අවසානයේ දී තාන්‍යා දීමා සමගින් තම සබැඳියාව ලේඛනගත කළා ය. තරුණ බිරිඳ ස්වාමියා වෙත පැමිණියා ය. නිකිනි මාසයේ නගරයෙන් පිටත් ව යාමට සූදානම් වූහ. තාන්‍යා ඉදිරියේ දී පැමිණෙන පිටත් ව යාමට සතුටින් මුහුණ දුන්නා ය. තවත් වසර දෙකක් අධ්‍යාපන කටයුතු කිරීමට ඇති නීනව නැවත වරක් මුණගැසීමට ඇයට අවැසි නො වුවා ය.
වේරා හා කාත්‍යා සවිමත් ව සූදානම් වූහ ගිම්හාන සැසිවාරයට. ස්වෙත්කා උපාධිය හිමි කර ගැනීමට සුදානම් වූවා ය. කාමරය තුළ දවස පුරා ම කිසිවෙකු නො වී ය. නීනා දරාගනිමින් දීමාගෙන් වෙන් වීම, අවසානයට තීරණය කළා ය, ලේඛන දෙපාර්තමේන්තුවට ඇතුළත් වීමට හා පශු වෛද්‍යවරයා සමග කරකාර බඳින්නට. ඇගේ මව කිවාක් මෙන් “ පලයං, අඬගහනකං “. දීමා සමගින්, ඇගේ බඩුබාහිරාදිය රැගෙන යාමට විශ්වවිද්‍යලයට පැමිණි දිනයේ දී තාන්‍යා සමග ඇය කිහිපවතාවක් හමු වූවා ය. නීනා ඉතා අපහසුවෙන් ඇගේ භිරාන්ත වීම සඟවා ගත්තා ය. තාන්‍යා සැළකිලිමත් ව හා අලංකාර ලෙස නව විලාසිතා ඇඳුමෙන් සැරසී සිටියා ය. “ මම මොන වගේ මෝඩියක් ද? දැන් සේ ම සමාන ව පෙනෙනු ඇත.“ සන්තාපයෙන් නීනා සිතුවා ය. නමුත් ඇතුලාන්තයෙන් උත්සහ කළා ය පෙන්වීමට වෙනෙකෙකුගේ සතුටේ දී සැහැල්ලුවෙන් හා උපේක්ෂාවෙන් සිටින බව.
යුවතියන් විශ්වවිද්‍යාලය අවසන් කළ එවක් පටන් වසර පහළොවක් සම්පූර්ණයෙන් ම ගෙවී ගියේ ය. නීනා දැන් පළාත් මධ්‍යයේ ජීවත් වූවා ය. ඇගේ සැමියා පළාතේ ප්‍රධාන පශුවෛද්‍යවරයා විය. ඇය දියණියන් ඇති දැඩි කිරීම සිදු කළා ය. තව ද පාසැලේ දරුවන්ට ඉගැන්වීම් කටයුතු ද කළා ය. වේරා හා කාත්‍යා විවාහ වී රටේ විවිධ විවිධ නගරවල ජීවත් වූහ. තාන්‍යා, දීමා සමගින් උතුරුකරයේ සිට දරුවන් දෙදෙනෙක් ඇති දැඩි කළා ය. එසේ ම ස්වේත්කා අසල්වැසියෙකු ලෙස නීනා සමගින් පළාත මධ්‍යයේ ජීවත් වූවා ය. නීනා අහම්බෙන් දැන ගත්තා ය දන්නාඳුනන්නෙකුගෙන්, ස්වේත්කා විවාහ නො වූ බව හා පුතෙකුට ජන්මය ලබා දුන් බව. දරුවාගේ පියා, කිරි කර්මාන්ත ශාලාවක රියැදුරෙකු විය. ඔහු කඩවසම්, තරුණ පුරුෂයෙකු විය. ස්වේත්කා විශ්වාස කළා ය, ඇගේ හා දරුවාගේ සතුට වෙනුවෙන් ඔහු තම පවුල අත්හරී ය යන්න. නමුත් එය සිදු වූවේ නැත. ඔහු තවත් කාන්තාවන් කීහිපදෙනෙකු සමගින් සම්භන්ධකම් පැවැත්වූවේ ය. දික්කසාද වීමට බිරිඳගෙන් අකමැති විය. ස්වේත්කා ලිපි මගින් ඔහු සමග ගණු දෙනු කළා ය, වැඩට යන අතරමග දී හමු වූවා ය. එය ඔහුව වැඩි වැඩියෙන් කෝපයට පත් කළේ ය, ඔහු සදහට ම ඔවුන්ගේ බැඳියාව බිඳ දැමුවේ ය. පාසැලේ යෙහෙළියෝ උත්සහ කළෝ ය සිහි ගැන්වීමට ස්වේත්කාට, වෙනෙකෙකුගේ අවාසනාවේ දී, වාසනාව නො තකන ලෙස. “ මම මීට පෙර කොහේ දෝ එය අසා තිබෙනවා “ කඩා පැන්නා ය ස්වේත්කා. පුතාට වසර දෙකක් පූර්ණ වූ දා, ඈ හදිස්සියේ ම රියැදුරු වෙත වූ සබැඳියාව නතර කළා ය. දරුවා සමග හමු වීම ඔහුට තහනම් කළා ය. ඔහු ශාන්ත ව දෙඋර සොළවා සැහැල්ලු සිතින් ඉවත් වූවේ ය.
එක් දිනක් නීනා දියණිය හා සැමියා සමග නගරයේ සිට දුම්රියෙන් ගමන් කළා ය. මඩින් පිරුනු, හිරිපොද වැටෙන, සිසිරය ප්‍රකෘති විය. යහළුවෝ ආරාධනා කළ හ සැමියාට උපන් දින සාදයට, ඔවුහු තීරණය කළෝ ය ගමන් නො කිරීමට තමන්ගේ වාහනවලින්, එනමුත් ගමන් කිරීමට දුම්රියෙන්. දුම්රිය ගමන ආරම්භ කළ විට, නීනාට ඇසුණි ළමා කටහඬක්. ඇය අවට බැලුවේ, කවර දෙසින් ඒ හඬ පැමිණියේ ද කියා දැන ගැනීමට ය. ඔවුන්ගෙන් තරමක් ඈතින් අසුන් ගෙන සිටියා ය ස්වේතා වසරක් වියැති ළදරුවා හා සැමියා සමග. ඔහු ඇයට සහය ලබා දුන්නේ ය ඔක්කේ හොවා ගැනීමට කොලුපැටියාව. නීනා සිනාසුනා ය. ඒ කියන්නේ ස්වේතාට කොල්ලෝ දෙන්නෙක්. දැන් ඇය විවාහ වෙලා. කිරි කම්හලේ රියැදුරුගේ තොරතුරු නො සලකා හරිමින්. සැමියා, ස්වේතාගේ රුචිකත්වයේ නො වන බව ඉතා පැහැදිලි ය. මන්ද ඇය සැම විට ම ප්‍රිය කළේ කඩවසම් තරුණයන්ට ය. කෙසේ වුවත් ඔහුගේ ඇතුලාන්තයේ හෘදයාංගම ආකර්ෂණීය බවක් පැවතියේ ය. ලිහිල් පරිපූර්ණත්වය, ඝන උඩුරැවුල. ස්වේත්කාට හැඟී ගියා ය කවරෙකු හෝ ඔවුන් දෙස බලන බව. ඈ නීනාගේ දෙනෙත් සමගින් තම දෙනෙත් ගැටුණු විට, ස්වේත්කා දෑස් වෙනතකට ගත්තා ය.
-        කාව ද දැක්කේ? නීනාගේ සැමියා ඇසුවේ ය.
-        දන්න කෙනෙක් කියලා හිතුවේ, සමහර විට මට වැරදිලා වෙන්න ඇති. පිළිතුරු දුන්නා ය නීනා. නැවතත් බැලුවා ය ස්වේතාගේ පවුලේ සාමාජිකයින් දෙස.
ස්වේතා, හඳුනා ගනිමින් නීනව රවා බැළුවා ය. ඈ කැමති නො වුවා ය ඔවුන් සමග කතා කිරීමට, කවරෙක් කව දා ඇයව දැන සිටියත්. ස්වේතා ද දැන සිටියා ය, නීනා තමාට වඩා කිලෝමීටර් හතලිහකට එහායින් ජීවත් වන බව. එනමුත් ඇයට කිසි දිනෙක නීනාව හමු වීමට සිත් දුන්නේ නැත. වසර දෙකකට පෙර කසාදය ලියාපදිංචි කරමින් ස්වේතා, තමාට ම ප්‍රිය නො වූ පෙර දිවියේ සියල්ල අමතක කළා ය. එහෙයින් දැන් නීනාව දකිමින් ඇගේ මානසිකත්වය අවුල් ව ගියේ ය. ඈ තීරණාත්මක ව නැගී සිටියා ය. කීවා ය සැමියට, වෙනත් මැදිරියකට යා යුතු බව. සැමියා වාදයකට පැටළුනේ නැත, නිහඬ ව ම දෑතට ළදරුවාව ගනිමින් බිරිඳ පසුපස ගියේ ය. නීනා සිනාසුනා ය. “ සාමාන්‍යයෙන්, මෙනවා ගැන කතා කරන්න ද? දැන් හැම කෙනාට ම තමන්ගේ ම ජීවිතයක් පවති යි“ නීනා සිතුවා ය, දුම්රිය කවුළුවෙන් එහා වෙනස් වන සිසිරයේ භූ දසුන් දකිමින්.

ලිත්වීනා ලිදියා වසීළියෙව්නා.
රුසියන් බසින් සිංහට,
ෆීලික්ස් ප්‍රනාන්දු.

No comments:

Post a Comment