Sunday, December 1, 2019

මම ඔබට කිසිවක් නො කියමි.




දිවා කාලය ම නිදති නිශාවේ පිබිදෙන කුසුම්.


මම ඔබට කිසිවක් ‍නො කියමි
ඔබට සන්ත්‍රාසය ඇති නො කරමි හාංකවිසියකින්
එතරම් ම මම නිහඬ ව නැවත කියමි
එඩිතර නො වෙමි කිසිම ඉඟි කිරීමට.

දිවා කාලය ම නිදති නිශාවේ පිබිදෙන කුසුම්
එනමුදු හිරු බැස යන්නේ ය අරඹෙන් එහා
නිසොල්මනේ ම විවර වෙති නෑඹුල් පත්
මම සවන් දෙමි,  හදවත පුබුදින්නේ කෙසේ ද කියා .

ගිලන්, විඩාබර ළපැත්ත තුළ
හමා යන්නේ ය රාත්‍රී දිය සීරාව.... වෙවුලමි සීතලෙන්
ඔබට සන්ත්‍රාසය ඇති නො කරමි හාංකවිසියකින්
මම ඔබට කිසිවක් ‍නො කියමි.

අෆනාසියි අෆනාසියෙවිච් ෆ්යෙත්.
1885.
රුසියන් බසින් සිංහලයට,
ෆීලික්ස් ප්‍රනාන්දු.
2000.

No comments:

Post a Comment