Saturday, November 30, 2019

සැන්දෑව.




දීප්තිමත් ඉවුර


රාවය නැගුණි පෑදී ගංතලය මතින්
නාදය පැතිරුණි වියැකුණු දෙනි බිම් තුළට
පා වී යන්නට විය ගොළු අරඹ මතින්
දීප්තිමත් විණි ඒ ඉවුර මත

ඈතින්, ගොම්මන් කිරණ සමගින්
දිව ගියේ ය නදිය අවරට.
රන්වන් අද්දර සමගින් දැවෙන
මේ කුළු දසත විහිදුනේ දුම් රොටු සේ ය.

කන්ද මුදුනේ විටෙක තෙත් ය, විටෙක උණුසුම් ය
සුසුම් ලෑවේ ය දිනය රාත්‍රියේ මද පවනෙන්
ගිම්හාන විජ්ජු ලතා දීප්තිමත් ව උණුසුම් විය
නීල හා හරිත ගිනි දැල්ලෙන්.


අෆනාසියි අෆනාසියෙවිච් ෆ්යෙත්.
1855.
රුසියන් බසින් සිංහලයට,
ෆීලික්ස් ප්‍රනාන්දු.
2011.

No comments:

Post a Comment