Saturday, May 13, 2017

අවදි වුනෙමි මම.






අවදි වුනෙමි මම.
හිමපියලි අසමත් විය
මිහිකත සිප ගැනීමට.
පළමු හිම පියළි....
ඒවා දැකීමෙන් විගසම කුමක් දෝ සුවයක් දැනෙන්නට වූවා සේය,
ඒවා දැකීමෙන් කුමක් දෝ මිදුනා සේය මා තුල.
හිම පියළි එඩිතර විය, එඩිතර විය, ඇද හැළුනි
ඔබගේ හා මේ දිසාවේ,
ඔබට මා හීනෙන් පෙනුනා වියහැක,
හිමිදිරියේ මට ඔබව හීනෙන් පෙනුනා සේ.


වික්තර් ඉවානවිච් ගෙරාසින්.
රුසියන් බසින් සිංහල බසට,
ෆීලික්ස් ප්‍රනාන්දු.

Tuesday, May 9, 2017

සිලෝන් ( සිහල ද්වීපය ).

මිහිමඬලේ ළඟ පාත,
විජන විවික්ත වෙරළබඩ,
ධ්‍රැවය තෙක් විවට සයුරයි....



මාතර - ඕලන්දක්කාරයින්ගේ බලකොටුවයි. අගල් හා ප්‍රකාර,
ඒවා තුළ ද්වාර... සෙවන ඇති මංපෙත්
පොල්රුප්පාවේ, පොල් අතරින් -
ගෙපැල් සිංහලයින්ගේ..දකුණු පසින් කාන්තිය විහිදෙන,
උණුසුම් තාපී වියළි මුහුදු වැල්ල හා සයුර ය.


තුඩුව දෙවුන්දර ඉපැරණි තාල ගස් තුළ ය. එහි නැවුම්ය,
මෝසම මිහිරට ඇදෙන්නේ ය, ආලින්දය යට
හෝටලයේ කණු මත - සිලිල හඬය :
එය, බමනය වෙමින්, සෝදාහරින්නේ ය අශ්මරී
කැකැරෙන්නේ ය සේද පෙණවලින්...



ඊලඟ අද්දර,
පිළිසරණක් නැති. වනයේ කුඩා,
කඳුකර, ඉමක් කොනක් නැති. ඕදාත දුහුවිල්ලෙන්
කණ වන්නේ ය දෑස්... මාරුකරති අශ්වයින්,
රැස් කන්නෝ ය දරුවන්, යාචක... හා නැවත
බලන්න නුඔ දැවෙන මාවත මතින්,
මුහුදු බොක්ක මත. කවුඩා,
හරිත - නීල පිහාටු වලින් යුත්, විවේක ගන්නේ ය
රන් හූයන් මත විදුලි ලිපියේ....

කළපුව රන්න අවට - ඉඳුනිලක් සේ ය.
හාත්පස රත් ගන්වන්නෝ ය රෝස රණහංසයින්,
මඩ කඩිති තුළ කිරති මී හරක්. ඒවා මතින්
සිටිති, සුදට දිළෙන කොක්කු, හා ගුමුගුමුව සමගින්
දිදුළති මැස්සෝ...ඉහලට, කොළ අතු අතරින්,
විසල් නෙත් සිසාරා විහිදුවමින් බලති වඳුරෝ....






පසුව නැවතත් කසඩ ගම්මණ්ඩියේ,
දුසිමක් දුගී නිවාස. සයුරේ,
බැසයන හිරුගේ කාන්තියෙන්, රෝස පැහැ ගෝමරය
නිසල රුවල්, පිටුපසින්, ලන්ද තුළ,
එළ නිල් කඳුය... රාත්‍රියේදී කවුළු තුළින්
එබි බලන්නේ ය තාරකපති ...එනමුදු හිමිදිරියේ නිල්වන්
හා නිකැළැල් අඹරේ - බමුණු ගිජුලිහිනි,
කෝපි වන්, මැටි හිසින් යුත් :
ලුහුබඳිති රළගෙඩි තුළ මත්සකයින්....



යළිත් මංපෙත :
ලා නීල විල, වලය
සුදු ලුණුවලින්, වැවී හා වැසී ඇත.

සියල්ල වනගත ය හා ළකල්  ය, ඒදන් උයනේ සේය:
නෙරන්නේ ය කූරු ඇකේෂියා, රක්ෂා කරමින්
රටාගත මෙළොක් අතු ඉති,
මලින් වැඩුණු සිහින් පතොක්, මිලින වන්නේ ය
සොඬ ඝන වැල් තුළ... ගින්නක් මෙන්
ජ්වලිත ගුරුලේත්තුව මානෙල් රූරා හැලෙන,
කළු සලබයෝ සසලවෙති... ඕවිටේ
වැතිරෙන්නේ ය මහ තලඑළලු : පිඹුරා....
මෙන්න හීන්සීරුවේ එතෙන්නේ ය, බඩගා යන්නේ ය අහකට

මුණ ගැසෙන්නේ ය බනේ කරත්ත. පියසි ඒවායේ,
පිදුරු හෙවිලි කර ඇත, ඈතට නෙරා යන්නේ ය
හා ඉදිරියට හා පසුපසට. ඊලය තුළ ගොන් බානේ,
පොරෝදුවේ අනින කොටු ය :
“ මෙක්, මෙක් “ හඬතලන්නේ ය බක්කිය, සියල්ල නිරුවත්,
ලකල් කාල සිරුරෙන් හෙබි... මෙහි වෙරලේ වැලි,
ගියේ ය තාලගස් - නීල ගැබේ එහා මෙහා යති
ඒවායේ පවන් සලන කොළ, ගයති
වනාන්තරවල කුකුළෝ, එනමුත් කේඩෑරි, අපූර්ව,
අපේ තරුණයින් සේ.... මුදුනේ
කරකැවෙති රාජාලි, සසල වන්නේ ය තියුණු ඇස් ඇති උකුස්සා
තණ බිස්සේ හරහා දුවති සුන්දරව
සිලිබිල්ලෝ, කැස්වටුවෝ...රුක් මත
සිටිති ඔටුනු මොණරු...හදිස්සියේ ම ලි කඳෙන්
දිව ගියේ  ය කිඹුලා, වැටෙනවා ඇසුණි වතුරට
හා ටක්කෙට ම වෙඩි බෙහෙත් පුපුරවා හැරියේ ය මසුන්මරන්නා!

එහිදී නිතර මුණගැසෙන්නේ ය අලියෙක් : සිටිමින්
හා කිරාවැටෙන්නේ ය ඕවිටේ, පුන් හිරු රැසේ ;
එහි දිවියා, ඌ කෑදරයෙකි, ඌ බුදින්නේ ය,
බල්ලෙක් මරා දමන විට, හදවත පමණක් ;
එහි ඌරෝ හා ඉතා අලස වලස්සු ;
එහි ඉත්තෑවෝ, දුවති දිය පානයට,
මතු කරමින් ඉපනැලි, බියකරු ලෙස කඩිසරය,
දොම්නස් ව, කනස්සල්ලෙන්....

මෙහි සිට,
ඒ වනරොදෙන්, ඒ වෙරළෙන්
ධ්‍රැවය තෙක් විවට සයුරයි ...


1916 ජූලි 27.
ඉවාන් බුනින්.
රුසියන් බසින් සිංහල බසට,
ෆීලික්ස් ප්‍රනාන්දු. 

Saturday, May 6, 2017

ගම්බද යාචකයා.



පාරෙන් එපිටහ, සින්දූර් ගහ යට,
කිරණින් දැවෙන පොළවේ නිදන්නේ ය
දිග් කබායක් ලා ගත්, කාලකන්නි ගොරහැඩි,
මහලු යාචකයා, පැසුණු හිසෙන් යුත් ආබාධිත ;

විඩාපත් ඔහු දුරස්තව මාවතේ සිට
වැතිරුණේ ය ගිමන් හැරීමට....
හිරු දවන්නේ ය කෙඩෙත්තු දෙපා,
නිරුවත් ගෙල හා ළපැත්ත .....

පෙනෙනයුරු, වඩාත් වුවමනා ය මැඩලන්නට දිළිඳුකම
පෙනෙනයුරු, කොහේවත් නැත අම්බලමක් සොයා ගැනීමට,
ඉරණම සිත් පිත් නැතිව යටත් කරගත්තේ ය
කදුළින් කවුළු තුළින් කෙඳිරිගාන්නේ ය.

ඔබ නොදකින්නේ ය එවැන්නක් අගනගරයේ :
මෙහිදී ඉඳුරාම වෙහෙසට පත් වූ අසරණභාවය!
යදඬු වලින් එහා දඟගෙය තුළ
කලාතුරකින් පෙනෙන්නේ ය විඳවන්නෙකු එවැනි.

දිගු සියවස් තුළ තම ශක්තිය ස්වල්ප නොවේ
කඨෝර රැකියාවෙන් මරා දැමුණේ ය,
එනමුදු, සිදුවිය යුත්තේ ම ය, සෙහොන අද්දරදී
සැබවින් ම ඔහුට ශක්තිය ප්‍රමාණවත් නොවී ය.

ඔහු ගමන් කරන්නේ ය ගමින් ගමට,
පෙරත්ත යන්තමට කටමැත දොඩවන්නේ ය,
ඉඳුරා ම මරණය ආසන්න ය, එනමුදු දුක් කන්දරාවකි
ඉවසන්නේ ය අවාසනාවන්ත මහල්ලා.

ඔහු නින්දට වැටුනේ ය.... පසුව කෙඳිරියත් සමග
ක්‍රිස්තුස්ගේ නාමයෙන් අයදින්නේ ය හා අයදින්නේ ය.....
බලන්න සෝචනීයයි, දුක් කන්දරාවක්
අභිරුචිය හා ඕනෑ එපාකම් රුසියාවේ!


1886.
( පළමු මුද්‍රිත කවිය )
ඉවාන් බුනින්.
රුසියන් බසින් සිංහල බසට,
ෆීලික්ස් ප්‍රනාන්දු. 

Wednesday, May 3, 2017

පෙදරේරුවා.





පෙදරේරුවා, පෙදරේරුවා සුදු පිළිවැස්මේ,
කුමක් ද ඔබ එහි තනන්නේ ? කාටද ?

ඒයි, බාධා නොකරන්න අපිට, අපි කාර්ය බහුලයි,
ඉදිකරමු අපි, ඉදිකරමු සිපිරිගෙයක්.

පෙදරේරුවා, පෙදරේරුවා නිසි සවල සමගින්,
කවරෙක්ද ඒ තුල වැළපෙන්නේ?

විශ්වාසයි, ඔබ නොවේ හා ඔබේ සහෝදරයා නොවේ, ධනවත්.
අවැසි නොවේ ඔබගෙන් සොරකම් කරන්න.

පෙදරේරුවා, පෙදරේරුවා, දිගු රාත්‍රි
කවරෙක් ද ඒ තුල නිදි නැතිව ගෙවන්නේ ?

විය හැක, මගේ පුතා, එලෙසම කම්කරුවා.
අපේ කොටහ පිරුණ නිසා.

පෙදරේරුවා,පෙදරේරුවා, සිහිකරන්නේ ය, සමහර විට,
ඒ ඔහු, කවරෙක් රැගෙන යත්ද ගඩොල්!

එයි, පරෙස්සම් වෙන්න! ගස් යට හුරතල් නොවන්න ...
දනිමු සියල්ල තමන්ම, නිහඬවන්න!


1901 ජූලි 16,
වලේරී බෘසෆ්.
රුසියන් බසින් සිංහල බසට,
ෆීලික්ස් ප්‍රනාන්දු.

Monday, May 1, 2017

ජනයාගේ ආහාරය.





යුක්තිය - එය ජනයාගේ ආහාරයයි.
බාගදා එය සෑහේ, බාගදා නොසෑහේ.
බාගදා එය රසවත්ය, බාගදා නුඹ මුවට ගන්නේ නැත.
ආහාරය නොසැහේ නම්, කුස ගින්න පාලනය කරන්නේ ය,
ආහාරය නරක් වී ඇත්නම්, පුපුරායන්නේ ය අමනාපය :
බංගවේවා අසාර යුක්තිය!
පිළිස්සීමට නොහැකිය යුක්තිය, යුක්තිය ආකූල නාස්තියකී
යුක්තිය සරක්කු විරහිතව, කළු පොත්ත සමගින්.
පණපෙව්වේ ය යුක්තිය, යුක්තිය පමාවී අපවෙත පැමිණියේ ය!

ආහාරය යහපත් නම් එය ප්‍රමාණවත්ය,
ආහාරයෙන් පමණක් ජීවත්විය හැක.
සම්පත්තියක් නැත්තේ මුත්,
එනමුදු යුක්තිය ඇත්තේය,
කා දමන්නේ ද ඔබ ඒ ආහාරය හා වැඩ කරපන් මෙලෙස,
සම්පත්තිය කුළුගන්වා ගැනීමට !

සෑම දිනකම අවශ්‍ය වන්නේ නම් ආහාරය,
සෑම දිනකම අවැසි වන්නේමය යුක්තිය,
එය අවැසිවන්නේ එක් වරක් නොවේ සෑම දිනකම.

අරුණොදයේ සිට ගොම්මන තෙක්, සතුටේ හා රැකියාවේ,
සතුට දනවන අපේ රුකියාවේ,
දුෂ්කර කාලයේදී හා ප්‍රීතිමත් කාලයේදී,
සෑම දිනකම හා කුළු ගැන්වීමට
ඒ ආහාරය ජනයාට ඕනෑමය
යුක්තිය - එය ආහාරය ජනයාගේ.
කවරෙක් ද ඒ ආහාරය පුළුස්සනනේ?
ඒ, සමදා ආහාර පිළිස්සු අයමය.

එය, කවරෙක්ද දිගු කලක සිට එය පිළිස්සුවේ.
හා ටක්කෙටම එසේම වන්නේ ය යුක්තියේ ආහාරය
අවශ්‍යයෙන්ම පිළිස්සිය යුත්තේය ජනයා!
ආහාරය නිතිපතා, හොඳම ආහාරය!

1948 – 1956
බර්තෝල් බ්‍රෙෂ්ට්.
රුසියන් බසට,
වී. කර්නිලෝවා.
රුසියන් බසින් සිංහල බසට,
ෆීලික්ස් ප්‍රනාන්දු.