Wednesday, May 3, 2017

පෙදරේරුවා.





පෙදරේරුවා, පෙදරේරුවා සුදු පිළිවැස්මේ,
කුමක් ද ඔබ එහි තනන්නේ ? කාටද ?

ඒයි, බාධා නොකරන්න අපිට, අපි කාර්ය බහුලයි,
ඉදිකරමු අපි, ඉදිකරමු සිපිරිගෙයක්.

පෙදරේරුවා, පෙදරේරුවා නිසි සවල සමගින්,
කවරෙක්ද ඒ තුල වැළපෙන්නේ?

විශ්වාසයි, ඔබ නොවේ හා ඔබේ සහෝදරයා නොවේ, ධනවත්.
අවැසි නොවේ ඔබගෙන් සොරකම් කරන්න.

පෙදරේරුවා, පෙදරේරුවා, දිගු රාත්‍රි
කවරෙක් ද ඒ තුල නිදි නැතිව ගෙවන්නේ ?

විය හැක, මගේ පුතා, එලෙසම කම්කරුවා.
අපේ කොටහ පිරුණ නිසා.

පෙදරේරුවා,පෙදරේරුවා, සිහිකරන්නේ ය, සමහර විට,
ඒ ඔහු, කවරෙක් රැගෙන යත්ද ගඩොල්!

එයි, පරෙස්සම් වෙන්න! ගස් යට හුරතල් නොවන්න ...
දනිමු සියල්ල තමන්ම, නිහඬවන්න!


1901 ජූලි 16,
වලේරී බෘසෆ්.
රුසියන් බසින් සිංහල බසට,
ෆීලික්ස් ප්‍රනාන්දු.

No comments:

Post a Comment