Sunday, July 1, 2018

ගිම්හානය.




ගිම්හානය විසිර ගියේ
පැසුණු හුලංතලා මලක
පුළුන් විසිරෙන්නාක් මෙනි.


මරීයා අන්තෝනවා, හිරු නැගීමටත් පෙර අවදි වෙමින්, නිවසෙන් පිටතට ගියා ය. සෑම උදෑසනක ම, නිරත වෙමින් ගෙවත්තේ කටයුතුවල, ඇය පිරිසිඳු වාතය භුක්ති වින්දා ය. නමුත් දැන් ඇයට සුන්දර ගිම්හාන උදෑසනක අසිරිය භුක්ති විඳිමට කල් වේලා නැත්තේ ය. නම වන පංතියේ පුතාගේ ඇඳ සකස් කළා ය, නමුත් මේ වන තෙක් ඔහු නිවසට පැමිණියේ නැත. මරීයා අන්තෝනවා, තැතිගැන්වුණා ය එයින්, උත්සහ කළා ය අවදි කිරීමට සැමියව.
-        විත්යා! යූර්කා රෑ ගෙදර ඇවිල්ලා නැහැ. ැඬුමෙන් බිරිඳ කීවා ය.
-        මරූස්යා, සන්සුන් වෙන්න. ඔයාගේ යූර්කා උයන් කුටියේ නිදි. ඔයා කලින් ම වාගේ නින්දට ගියා නේ. සැමියා පිළිතුරු දුන්නේ ය හා අනෙක් අතට හැරුණේ ය.
මරීයා අන්තෝනවා ගැඹුරු හුස්මක් හෙළුවා ය. එ නමුත් මවගේ හදවත අදහස් අතර සලිත විය. කවරාකාරයේ ප්‍රතිවිපාකවලට මුහුණ දීමට තම පවුලට සිදු වේ ද, යූර්කා තමාව පාලනය කර නො ගන්නේ නම් හා අත්දැකීම් මද බව හේතුවෙන් සිදු කරන්නේ නම් යම් මෝඩකමක්.
        මරීයා අන්තෝනවා සැමියාගේ නො සැළකිලිමත්කම බෙදා නො ගත්තා ය නව යොවුන් පුත්‍රයාගේ සම්බන්ධකම් සමගින්. එම හේතුවෙන් ඇය තමාට ම අස්වැසිල්ලක් සොයා නො ගත්තා ය, යූර්කා උදෑසන දක්වා ඇවිදින තෙක්. ඇය කෙසේ වෙතත් තීරණය කළා ය උයනට ගොස් බැලීමට, ඇත්තට ම පුතා එතැන ද කියා.
        අලුයම ශක්තිය එක්රැස් කරගත්තේ ය, දැනටමත් පැහැදිලි ව දැකීමට හැකි විය පෑදි රේඛා පළතුරු ගස්වල හා ඒවා අතර පිහිටි කූඩාරම්වල.
        “ ඔන්න නැවත හිතුවා නිදාගන්න මෙතන! පිරිමියෙකු විදිහට හැදිච්චාවේ!“ මරීනා අන්තෝනවා තමාට ම කොඳුරා කීවා ය, කිට්ටු වෙමින් තම පුතා රාත්‍රිය ගත කළ නවාතැනට. පැමිණෙමින් කිට්ටුවට, මරීයා අන්තෝනවා තුෂ්ණිම්භූත වූවා ය: නවාතැනේ පිවිසුම අසල පාවහන් යුගල දෙකක් තිබුණි, එකක් පිරිමි පාවහන් ය හා අනෙක කාන්තා පාවහන් ය.
        “ අවසානයි! ගිලිහුනා ඔවුන්!“ අපහසුවෙන් හුස්ම හෙලා මරීයා අන්තෝනවා, අපහසුවෙන් අසල වූ බංකුව මත හිඳගත්තා ය. පසුව නො බලමින් සාතිශය සම්පූර්ණත්ත්වය දෙස, මහත් වේගයෙන් නිවස වෙතට ගියා ය. දුවමින් සැමියා නිදා සිටි කාමරයට, හතිලමින් ඇය, නැවත ඔහු ව අවදි කරවන්නට වූවා ය.
-        වීත්‍යා! යූර්කා නවාතැනේ තනියම නෙමෙයි!
-        සන්සුන් වෙනව ද නැද්ද උඔ. අසතුටින් අනෙක් පසට හැරෙමින් ස්වාමියා කීවේ ය. ඇයි උඔ නිදහසේ ඉන්න නො දෙන්නේ කාටත්?
-        ඔයාට සැනසිල්ල ලැබෙයි, සෙරෙබ්‍රෝවා අපි ලඟට අද ආපු දාට! බිරිඳ කෑගැසුවා ය. ඔයා ම දන්නව, ඉවාන් එයාගේ දුව ව යූර්කගේ ඔලුවේ ගහයි කියලා! දෙයියනේ, අපි අසල්වැසියන් විදිහටනේ ජීවත්වෙන්නේ: හැමදා ම මුණගැහෙන්නයි සිද්ධ වෙන්නේ...
-        දෙයියන්ට ම ඔප්පු වෙච්වාවේ, ඉතිං මෙකෝ? වික්තර් තම තරහව බිරිඳ මතට මුදා හැරියේ ය. ඇඳෙන් පැන මාර්ගයට දිව ගියේ ය.
-        ඔයා කොහේ ද යන්නේ? වික්ෂිප්ත ව බිරිඳ විමසුවා ය, දුවමින් ස්වාමියා පසුපසින්.
-        සුභ පතන්න තරුණ යුවලට! උපහසාත්මක ව වික්තර් කීවේ ය.
මරීයා අන්තෝනවා ඉක්මන් කළා ය සැමියා පසුපසින් උයනට යාමට. කූඩාරම අසල දී ඔවුහු, එකිනෙකා සමග කතා නො කළෝ ය, නතර වූවෝ ය. දෙදෙනා ම තීරණය නො කළෝ ය කූඩාරම ඇතුළත බැලීමට. එකෙනෙහි ම වැඩිමල් දියණිය, අවදි වූවා ය හඬින් හා පියසි දොරටුව වෙතට පැමිණියා ය. දකිමින් දෙමව්පියන්, ව්‍යාකූල ව සිටිමින් කූඩාරම තුළ, සිනාසුනා ය. “ දැක්ක ද අම්මගේ සිසුන් තම ගුරුවරිය ව: පුළුල් කසිකබල් නාන කබායක් ඇඳ සිටිනවා, නො පීරු, අළු පැහැ වකුටු කෙස් සියල්ල අවුල් වී ඇත. තාත්තගේ පෙනුම ද එතරම් ම හොඳ නැත: කෙසඟ, උස්, කොට කලිසම හා බැනියම හැඳ ගත්, අවුල් වූ හිසකෙස් සමගින්. ඔවුන් කිසි දිනෙක මෙතරම් කලබල වූ දිනයක් මට මතක නැත. යූර්කා නිසා. හිනත් යනවා!“ උස් හඬින් කීවා ය:
-        අම්මේ, යූර්කා නැවතත් මගේ කූඩාරමේ රෑ නතර වුනා. ගෙනියන්න එයාව කරුණාකරලා!
වික්තර් බිහිසුණු ලෙස බිරිඳ දෙස බැළුවේ ය. ඒ වැරදිකාරිනිය දෑස් පහලට හෙළුවා ය.
-        දෙයියනේ, මට තවත් නිදාගන්න තිබුනා! අද මට රේස් එකක් තියෙනවා! සැමියා තුෂ්ණිම්භූත වූවේ ය. ඔව්, ඔහු ඒ කාත්‍යාව කසාද බැඳපුදෙන්! මට නිදහසේ ඉන්න දෙන්න!
-        පියා නම් කරන්නේ ය! තුෂ්ණිම්භූත වුවා ය මරීයා අන්තෝනවා. වෙන කවරෙකු හෝ පුතාට නුවණ දුන්නාවේ.
-        ඔයා අපේ ගුරුවරිය, ඔන්න පුතාට නුවණ දෙන්න, වික්තර් කීවේ ය, අත වනමින්, පසු ව නිවසට ගියේ ය.

එනමුත් යූර්කා බාධාවකින් තොර ව තම කුටියේ නිදාගත්තේ ය. නින්ද ඔහුගේ එතරම් ම ගැඹුරු ය. ඔහුට දෙමව්පියන්ගේ එකදු කටහඬක්වත්, කුරුල්ලන්ගේ ගායනයක්වත්, වෙනත් කිසිඳු හඩක්වත්, ගමේ සහචරයින්ගේවත් ඇසුනේ නැත.
පියා කුටිය තුළ රාත්‍රිය ගත කිරීමට අවසර දුන් හෙයින්, කොලුවා සතුටු වූවේ ය. යූර්කාගෙ නිවස තුළ ඉතා උණුසුම් ය. අක්කා, මුළු රාත්‍රිය පුරා ම නො නිඳන තම කුඩා දැරියව එහි රැඳෙව්වා ය. එය ඩිංගක් යූර්කාව පීඩාවට පත් කළේ ය. ඔහු අක්කාගෙන් විමසුවේ ය. “ ඕල්‍යා, නරක ද මෙහෙම කළොත්, අක්සානාට රෑට නාඬා ඉන්නට? ඈ පුදුමයෙන් තම දුඹුරු පැහැ සහෝදරයා දෙස බැළුවා ය, පියා මෙන් දෑස්වලින්, කීවා ය.“ ඉස්සෙල්ලා ම අක්සානට තව ම අවුරුද්දයි. දෙවනුව නිතර ම ඇය හඩන්නේ නැහැ!“
දැන් යූර්කා තුළ මතු ව ආවේ ය යම් නිදහසක්, ඔහු ප්‍රබෝධමත් විය. වෙසෙසින් ම පීඩනයට පත් කළා ය ඔහුව එතරම් ම කුඩා නො වන ලේලිය හා අම්මා. ඇය ඔහුගේ සෑම පියවරක් ම පාලනය කළා ය. ගත කරමින් රැය කූඩාරමේ, අඩු තරමින් ඔහුට හැකි විය ගැලවී සිටීමට මවගේ තියුණු දෘෂ්ටියෙන්. නමුත් වඩාත් රසවත් වන්නේ, ඔහුට කිසි සේත් තේරුම් ගැනීමට නො හැකි වීම, ඇයි මව තරම් ම ඔහුව සුරක්ෂා කරන්නේ කියා? පෙනෙන්නේ ගමේ මැරයින් සමග ඔහු ඇයි හොදැයිකම් නො පවත්වන බව යි.
තරුණයා සිහිනෙන් සිනාසුනේ ය. ඔහුට කාත්‍යා සෙරෙබ්‍රෝවාව සිහිනෙන් පෙනුණි, ඔහුගේ පංතියේ සිසුවියක්, ඇයත් සමග මිතුරු වූවා ය. ඔවුහු දිව ගියෝ ය මල් පිපුණු තණ බිස්ස මතින්. කාත්‍යාගේ තඹවන් හිසකෙස් මඳ සුළඟින් විසිර ගියේ ය. දෙදෙනා ම මිහි මත නො වන්නවුන් සේ, ඒ මතින් පියඹා ගියහ. හිරු දීප්තිමත් ව රැස් විහිදෙව්වේ ය, වළාකුළු රහිත අහසේ. හිරු කොපමණ තදින් දිදුලුවේ ද යන්න, කෙසේ ද කාත්‍යා දිව යන්නේ කියා බැළීමට යූර්කට බාධා කළේ ය. ඈ උස, මුදු කෙල්ලකී කාරුණීක සිනහවකින් යුත් වතක් හිමි. ඝෘජුව ම මුහුණ මතට රැස් වැටි යූර්කාගේ දෑස්, හිරු අන්ධකාර කළේ ය. ( කුටියේ විශාල නො වු සිදුරක් විය, අහසේ සිට වැටෙන හිරුකිරණ, හුරුබුහුටි කළු හිසකෙස්වලින් යුත් තරුණයාව පියකරු කළේ ය. )
යූර්කා ගැටිස්සියන්ට පියකරු වූවෙකි. වසරක් පාසා වැඩෙන දේහය, ඔහු තමා වෙත අන්‍ය සිත් ඇද ගත්තේ ය. සියළු ගැටිස්සියන් අතරින් නිහඬ, නිරහංකාර, ගෞරවනීය හැඟීම්වලින් යුත් කාත්‍යා ඔහුගේ සිත් ගත්තා ය. කලක සිට යූර්කා ද ඇයගේ සිත් ගත්තේ ය. එසේ වුවත්, ඇය ඒ බව ඇඟෙව්වේ නැත. අවසානයේ දී ඔහු තීරණයක් ගත්තේ ය, ඇරයුම් කළේ ය ඇයට රෑමුව සක්මන් කිරීමට. ඉන් පසු, තම නිවසේ සිර වී සිටිනවට වඩා, සෑම නිදහස් විනාඩියක් ම එකිනෙකා දැකීමට යොදා ගත්තෝ ය.
හිරුකිරණ යූර්කව අන්ධ කළේ ය. කත්‍යා මලින් පිරි තණබිස්ස සමගින් කොහේට දෝ අතුරුදහන් වූවා ය. තරුණයා දෑස් විවර කළේ ය, එකෙනෙහි ම අතකින් දෑස් ආවරණය කළේ ය. “ දෙයියනේ, හිල වහන්න ඕනේ, නැත්නම් ඉර නිදාගන්න දෙන්නේ නැහැ.“  පසු ව යූර්කා මිහිරට ඈනුමක් යැව්වේ ය, තවත් විනාඩි කීපයක් ඇඳ මත දිගා වී සිටිමින්. අවසානයේ නැගිට නිවසට ගියේ ය.
ඕල්‍යා අක්සානා සමග වූවා ය. දෙමව්පියන් රැකියාවට ගොසින් ය. අක්කා, උදේ ආහාරය පිළිගන්වමින් මල්ලිට, බැරෑරුම් ලෙස කීවා ය.
-        “ යූරා, ඔයා අම්මට අනුකම්පා කරන්න ඕනේ. “ සියල්ල අඩපණ කළා ය. “ ක්ලාවා සෙරෙබ්‍රෝවා නැන්දා අපේ පැත්තට නැමෙනවා. බයත් හිතෙනවා, ඔයා මෝඩයා වගේ එයාගේ කෙල්ල වෙතට නැමෙයි කියලා.“
-        ඒගොල්ලෝ, ඔක්කොට ම පිස්සු හැදිල ද? නිසල ව යූර්කා ඇසුවේ ය, වීදුරුවට තව කිරි වත් කරමින්. අපි මිතුරන් පමණයි!
-        කොහොම වුනත් ඔයා ටිකක් පරෙස්සමෙන්. ඇයි අපි සියල්ලන්ව ම භය කරන්නේ.

වැඩිහිටියන්ගේ ස්ථාවරය යූර්කව පුදුමයට පත් කළේ ය. දොස් තැබිය හැකි කිසිවක් ඔහු කළේ නැත. සෑම සවසක ම එකොළහ වන විට කාත්‍යා නිවසේ වූවා ය. නමුත් යූර්කා මිතුරන් සමගින් ඇවිදීමට ගියේ ය රාත්‍රි අන්දකාරය පැතිරුණු ගම වටා. සමහර විට ඔවුහු දඟ කෙරුවෝ ය. ඊයේ අසල්වැසියෙකු වූ ආදම් පෙත්‍රෝවිච්ගේ කොරටුවට රිංගුවෝ ය.
නිවැරදි කරමින් ස්වාමියා විසින් පැවරූ කටයුතු, යූර්කා නිවසට දිව ගියේ ය. ඕල්‍යා, අක්සානාව නිදා ගැනීම සඳහා ඇඳ මත වැතිරෙව්වේ ය.

-        නිහඬ වෙන්න! මල්ලිගේ ඇඟට කඩා පැන්නා ය. දවල්ට පොඩ්ඩක්වත් නිදාගත්තුදෙන්. මෙනවා දෝ අද රෑ දිගු වේලාවක් කඩා හැළුනේ. දැඩි රස්සනයක් තිබුනා.
-        චිහ්, රස්නෙයි! හෙමිහිට යූරා කිවේ ය. අහන්න, දෙමව්පියන් මට වැඩ ලයිස්තුවක් දීලා තියනවා, සින්ඩරෙල්ලට වගේ! ලූණු සුද්ද කරන්න. දැන් මට යන්න පුළුවන් ද කිමිදෙන්නට?
-        ඔයාට දැන් පුළුවන්! අක්කා සිනහ සුනා ය. තට්ටු කළා ය මල්ලිගේ ඝන හිසකෙස් මතට.

යූර්කා පියවරක් පස්සට ගත්තේ ය හා ද්වේෂයෙන් තොර ව මැසිවිලි නැගුවේ ය.

-        ඔයාගේ වදික්ටයි අවුල් වූ හිසකෙස් තියෙන්නේ, මගේ අල්ලන්න එපා..
-        අහ්, උඹ ඉත්තෑවෙකු වගේ! අක්කා සිනහ සුනා ය. පසු ව සුසුම්ලමින් කීවා ය. ඉක්මනට ම එයා එනව නම් අපි ව එක්කරගෙන යන්න. තව ම බැහැ. එයා තව ම පුහුණුවේ.
-        හමුදාවට ගියා කියලා මොකක්වත් වූනේ නැහැ. තමුන්ගේ අධ්‍යපන අයතනයේ රස්සාවක් හොයාගන්න බැරි වුනා ද?
-        ගොඩක් දේවල් ඔයාට තේරෙනවා! අපේ ගිණුම්කරණ දෙපාර්තමේන්තුවේ කෙල්ලන් පමණයි පුහුණු වෙන්නේ. කෙහොම වුනත් හදවත ඔබගේ අහන්නේ නැහැ කාට ද ආදරේ කියලා, සිහි කරමින් අක්කා කීවා ය.

යූර්කා අපහසුවෙන් සුසුම්ලැවේ ය. එනමුත් කිසිඳු පිළිතුරක් නො දෙමින් තම කාමරය වෙතට ගියේ ඇඳුම් මාරු කිරීමට ය. පොකුණට තම පංතියේ සිසුන් සමග කාත්‍යා පැමිණිය යුතු වුවා ය. ඔහුට දිව යාමට නො හැකි විය, දොරකඩින් ආදම් පෙත්‍රෝවිච් මතු වූයේ ය.

-        ඇතුළට එන්න අවසර ද? අසල්වැසියා ඇසුවේ ය.

ඕල්‍යා, පිඟන් සෝදමින් සිටි අතර, දෑත් පිසදමා ගත්තා ය. පසු ව තුවායත් සමගින් කාමරයෙන් පිටතට ආවා ය.

-        ආ ඔබ ද, ආදම් පෙත්‍රෝවිච්! ඇතුළට එන්න කරුණා කරලා!
-        ස්තූතියි, ඕල්ගා. ඔයා තනියම ද? අම්මලා නැද්ද? අමුත්තා ඇසුවේ ය, හිඳගනිමින් පාපුටුවේ.
-        ඒගොල්ලෝ වැඩට ගිහිල්ලා. තාත්ත ව නගරයට යැව්වා, අම්මා ඉක්මනට එයි.

මහළු ජර්මානුවා හිස සෙළෙව්වේ ය.

-        ඔව්,ඔව් මට තේරෙනවා.

ඔල්ගා, ඔහු තවත් යමක් කියනකම් සිටියා ය. එනමුත් ආදම් පෙත්‍රෝචිච් නිහඬ ව සිටියේ ය. ඔහු සිත්ගන්නාසුළු පුද්ගලයෙකි. ඔහු ගමේ වෙනත් පිරිමින් අතරින් සියුම් ව වෙනස් වූවෙකි. අකමැති වුයේ ය බලවත් උච්චාරණයන්ට හා මත්බීමවලට, දුම්පානය කළේ නැත, තිර නිහඬ ජීවන රටාවක් ගත කළේ තම මුතුන්මිත්තන් වූ ලන්සින් ලෙසට ය. ඔහුගේ දරුවන් බෙහෝ කලකට පෙර වැඩි වියට පත් වූ අතර ඔවුහු විවිධ නගර කරා ඇදි ගියෝ ය. ඔහු බිරිඳ සමගින් ඉතා කැමැත්තෙන් තම කොරටුවේ ජීවිත් වන්නේ ය. කුකුළන් හා හාවුන් හැර කිසිඳු ජීවියෙකු රඳවා ගත්තේ නැත. ආදම් පෙත්‍රෝවිච් ගිම්හානයේ නිතර ම ගියේ පිදුරු තොප්පිය ලාගෙන ය. එය ඔහුගේ තුනී හිසකෙස් ආවරණය කළේ ය. එතරම් උස් නො වු, පිරුණු, සැමදා පිළිවෙලකට ඇදුම් පළඳින, ගිම්හානයේ නිවාඩුව ගත කිරීමට ගමට පැමිණි පුද්ගලයෙකුගේ හැඩරුව ඔහුගෙන් විද්‍යාමාන විය.

ඔහුට තම මව්බිම වූ ජර්මණිය හැර දැමීමට සිදු විය. ඔහු නැවතත් ජර්මණියට යන්නේ නැත. ඔහුගේ බිරිඳ, ඔහු මෙන් නො සලකා හරිමින් දිගු කලක් රුසියාවේ ගත කළ ජීවිතය, කතා කළේ උද්දීපනයත් සමගිනි. නමුත් ආදම් පෙත්‍රෝවිච්ගේ රුසියානු භාෂිතය ඩිංගක් යහපත් ය, එනිසා ගම්වැසියන් සමගින් වැඩියෙන් අදහස් හුවමාරු කරගත්තේ ඔහු විසින් ම ය.

-        ආදම් පෙත්‍රෝවිච්, ඔබ කුමක් ද කියන්නට කැමති ? ඔහුගේ සිතීම විච්ඡින්න කළා ය ඔල්ගා.
-        ඔව්..., හොඳ නැහැ..ගොඩක් හොඳ නැහැ.
-        මොකක් ද “ හොඳ නැත්තේ“ ආදම් පෙත්‍රෝවිච්?
-        ඔව්, හොඳ නැහැ. පිළිතුරු දුන්නේ ය ඔහු. නැවතත් නිහඬ වන්නට විය.
ඕල්ගා වික්ෂිප්ත ව බැළුවා ය අසල්වැසියා දෙස හා බලාපොරොත්තු වූවා ය, තවත් කුමක් ඔහු පවසයි ද කියා. නමුත් ආදම් පෙත්‍රෝවිච් හිස වනා නැවති කීවේ ය:
-        ඔව් එච්චර හොඳ නැහැ.. ගොඩක් හොඳ නැහැ. දන්නවනේ, අසල්වැසියන් වගේ අපි ජීවත් වෙන බව. ඔබේ පවුල වැදගත් පවුලක් නොවේ ද. හොඳ නැහැ, නැවතත් අසල්වැසියා හිස වැනුවේ ය.
ඔල්ගාගේ ඉවසීම අවසන් විය. එලෙස ම අක්සානාව ඇහැරවන්න බිය වූවා ය. තීරණය කළා ය පැහැදිලි කරවා ගැනීමට, කුමක් සඳහා අසල්වැසියා පැමිණියේ ද කියා.
-        ආදම් පෙත්‍රෝවිච් මොකක් ද සිද්ධ වුනේ ?
-        එච්චර හොඳ නැහැ.. බලන්න ඔල්ගා, ඔයා විද්‍යාපීඨය අවසන් කළා. කසාද බැන්දා. සැමියා යුධ පෙරමුණේ සාරගර්භ තරුණයෙක්. ඔව් හොඳ මදි යි.
-        හොඳ නැහැ. ඇයි සැමියා නරක ද? විස්මයට පත් වූවා ය ඔල්‍යා.
-        පිස්සු ද, නැහැ ඇත්තෙන් ම! මම කියන්නේ ඔයාලගේ පවුල යහපත්. ඔයාගේ මල්ලි, අවාසනාවට, හොඳ නැති ගැටව් සමග ආශ්‍රය කරනවා. හොඳ දෙයකට යොමු කරන්න ෆෙද්‍යා ෆෙරෙෆ්කීන්ට පුළුවන්නේ ?
-        ඒ මොකක් ද ඒ?
-        තේරුම් ගන්න, අද අහක දැම්මා පත්තක්කා. දින තුනක් ගණන් කළෙත් නැහැ. මට කිව්වා ෆෙරෙෆ්කීන්ට, ඔබලාගේ යූරි, ඒ බෝයිකො සමගින් රාත්‍රියේ පැනලා මගේ කොරටුවට. ඔව් හොඳ නැහැ.
-        ඔබ ඇත්ත කියන්නේ, ආදම් පෙත්‍රෝවිච්, ඒක ඇත්තට ම හොඳ නැහැ. එකඟ වූවා ය ඕල්‍යා හකුළුවමින් දෙබැමි.
-        ඔන්න මම කියනවා.. ආදම් පෙත්‍රෝවිච් සුසුම් හෙළුවේ ය. කමක් නැහැ, මම ඔබේ කටයුතුවලට බධා කරන්නේ නැහැ. කියන්න අම්මලට මම ඇවිත් ගියා කියලා.
-        නිසැක ව ම. ආදම් පෙත්‍රෝවිච්.

කාර්යාලයේ සිට පැමිණි මරීයා අන්තෝනවා මිදුලේ ඇපල් හෙවන යට වූ බංකුව මත හිඳගත්තා ය. ගමනේ දී වූ දාහය නිසා ඇය රත්පැහැ ගැන්වි සිටියා ය.

-        ඕල්‍යා, දුවේ, බොන්න මොනව හරි ගේන්නකෝ මට! අම්මා කැගැසුවා ය.

ඕල්‍යා ක්වාස් වත් කර ගෙන පැමිණියා ය වීදුරුව සමගින් අම්මා වෙතට.

-        මහන්සි ද? හැඟුම් බර ව දුව ඇසුවා ය.
-        අයියෝ, පිච්චුනා! අත වනමින් මරීයා අන්තෝනවා ඉතා ආසාවෙන් ක්වාස් බීමට පටන් ගත්තා ය.

ඩිංගිත්තක් අස්වැසිල්ලක් ලද පසු ඇය සැහැල්ලුවෙන් සුසුම් ලැවා ය.

-        සැහැල්ලුවක් ලැබුනා වගේ!
-        අම්මා, ආදම් පෙත්‍රෝවිච් ඇවිත් ගියා.
-        ඉතිං? මොනව ද එයාට ඕන වුනේ?
-        පැය භාගයක ඔහුගේ නිහැඬියාවෙන් පසු ව හා සුසුම් ලෑමෙන් මට තේරුම් ගියා, යූර්කා මිතුරන් සමගින් ඔහුගේ පත්තක්කා පාත්තිය තුනී කර ඇති බව. ඕල්‍යා සිනහසුනා ය.
-        ඔන්න පුතණ්ඩියා ත්‍රාඩ! වික්ෂිප්ත වූවා ය මරීයා අන්තෝනවා. ඒවට එයාට වෙලාව කොහෙන් ද? මම නිදා ගන්න එක නතර කළා! මට මොනව ද තවත් කරන්න පුළුවන්, අසල්වාසින්ගේ කොරටු ආරක්ෂා කරන්න ද?
-        ඇයි නැත්තේ? කෙහොමත් නිදා ගන්නේ නැහැ නේ. දුව උසුළුවිසුළු කළා ය.
-        ඔක්කෝ ම තාත්තගේ! ඔයාලට විහිළුවක් විතර යි. ඉක්මනට ම ගමේ සියල්ල නිහඬ ව ම වෙන එකක් නැහැ. නැහැ, ආදම් මම බලා ගන්නම්, එයා වෙලාවට ගෙදර එන්න ඕනේ.

රාත්‍රියේ දී, මුළු පවුල ම සැනසිල්ලේ ආහාර ගත් පසු, මරීයා අන්තෝනවා නිවහැනිල්ලේ පුතාගෙන් විමසුවා ය.

-        යූරා ඇයි උඔ අසල්වැසියන්ගේ කොරටුවලට රෑට රෑට රිංගන්නේ? ඒක වැඩක් ඇති දෙයක් නෙමෙයි?
-        අම්මා ඇත්ත කියන්නේ. වික්තර් බිරිඳ ව අනුමත කළේ ය. ගමේ එහා කෙළවරේ ගෙවතු හෝ කොරටු තිබුන නම් කමක් නැහැ. හිතුව ද ඔයගොල්ලෝ ඒ අසල්වැසියාගේ කොරටුවක් බව.

ඕල්‍යාගේ හා යූරාගේ සිනහව එළියට පැන්නේ ය. පියා ඕනෑකමින් දැඩි ව බැළුවේ ය ඔවුන් දෙස. මව අමනාප වූවා ය.

-        මම කියනවා, අද එකක්, හෙට තව එකක්. උඹට සියල්ල විහිළු. ස්වාමිපුරුෂයාට අවලාද නැගුවා ය.
-        යූර්කා උඹ උවමනාවට වඩා ඇවිදින්න එපා. මම බලන්නේ නැහැ. ඉක්මනට ම ළමා කාලය ඉක්ම වූ බව. මතක් කරන්නේත් නැහැ. දැඩි ව පියා කීවේ ය.

යූර්කා රවා බැළුවේ ය. රාත්‍රී ආහරයට තුති පුදා මගට බැස්සේ ය.

-        කියන්න එයාට, රෑ දොළහට ගෙදර එන්න කියලා! මරීයා අන්තෝනවා සිගරට්ටුවක් උරා බීමට එළියට යන්නට සැරසුනු සැමියාට කොඳුරා කීවා ය.

වික්තර් අත වනා නිහඬ කරමින් තම පුතා පිටුපසින් ගියේ ය. මරීයා අන්තෝනවා හෙමිහිට කාමරයට ගොස් ඩිංගක් ජනනේලය විවර කළේ පියාගේ හා පුතාගේ සංවාදය ඇසෙනු පිණිස ය. යූර්කා කකුලක් කුළුණ මත තබා ගෙන සපත්තුව බඳින පටිය ගැට ගසමින් දොර ලඟ සිට ගෙන සිටියේ ය. පියා සිගරට්ටුව උරමින් නිහඩ ව පුතා දෙස බැළුවේ ය. යුර්කා දොර අසලින් ඉවත් ව යන විට දී, වික්තර් ඔහු ව කැඳෙව්වේ ය.

-        යූර්කා, උඹ ම බලාපන්, රෑ දොළහට ගෙදර එන්න ඕනේ, තේරුනා ද?
-        තේරුනා, බලවත් අසතුටින් ගිගුරුවේ ය.

මරීයා අන්තෝනවා, සටන මෙහෙයවමින් මුළු දිනය පුරා ම, රාත්‍රියේ දී දැඩි වෙහෙසට පත් වූවා ය. නමුත් කලින් නින්දට යාමට නො ලැබෙන්නේ ය ඇයට. ගිම්හානයේ සැදෑව දිගු ය. ඒ නිසා වැඩිමනත් දෙයක් කිරීමට කැමති ය. අවසානයේ දී නින්දට වැතිරෙන්නට හැකි වූවා ය. සැමියා දැනටමත් වැතිර සිටියේ ය. එනමුත් නින්දට වැටී නැත. ඇඳ අසලින් ම විවර ව තිබු කවුළුවෙන් තරු පෙනෙන්නට විය. ඔහු සිතමින් නබෝගැබ දෙස බැළුවේ ය. අවස්ථාව ලද සැනින් ඇයගේ ළදරුවා සන්සුන් ව හා සතුටින් නිදද් දී වැඩිහිටි දියණිය ද නින්දට වැතිරුණා ය. මරීයා අන්තෝනවා සැමියා අසලින් ම වැතිරුණා ය.

-        බලමු, එයා ඔයාට කොච්චර ඇහුම්කන් දෙනව ද කියලා? ඇය නො සතුටින් කීවා ය. රෑ දොළහ වෙන්න කිට්ටුයි.
-        ඇති දැන්, මරූස්! කොල්ලා දැනටමත් වැඩිලා, ඔයා එයා පස්සෙන් ම යි. කිකිළිය පැටවුන් පස්සෙන් වගේ. නිදා ගමු.
දෙමව්පියන් නින්දට වැටුණේ නැත. දොර නිහඩ ව විවර වී ඇත. මරීයා අන්තෝනවා මදහස පැවා ය. යූරා එයාට කිව්වට වඩා ටිකක් කළින් පැමිණියේ ය. පුතා තම කාමරයට ගියේ ය. එළාගෙන ඇඳ නින්දට වැතිරුණේ ය.
-        වීත්, මොක ද එයා අද රෑ ගෙදර ගත කරන්නේ? කොඳුරමින් බිරිඳ ඇසුවා ය.
-        තමන්ට උපයා ගන්නවා, තේරෙන්නේ නැද් ද? එලෙසින් ම කොඳුරමින් සැමියා පිළිතුරු දුන්නේ ය.

මරීයා අන්තෝනවා සැමියා ව තල්ලු කර, අනෙක් පසට හැරුණා ය. විනාඩි කීපයක් ගෙවි ගිය අතර, සැනෙකින් රාත්‍රී නිහැඬියාව, මිදුලේ දොර විවර වන හඬ බිඳ දැමුවේ ය. පසු ව තදින් දොර වැසෙන හඬ හා තරමක් දුරින් ජීවත් වන ස්තෙෆාන් වෙලිච්කෝගේ මොර දීම පැතිරුණේ ය.

-        හොඳයි,ඔව්! හොඳමයි. මොර දුන්නේ ය ඔහු. සියළු ශක්තිය යොදා දොරවල් වැසුවේ ය තමා අවට වූ.
-        යූර්කා! දෙමව්පියයෝ එක හඬන් මොර දුන්හ.
-        ඇයි මම නෙමෙයි? ඒ ෆියෙද්කා, දැන් සමාජ ශාලාවේ ඉඳලා ළමයින් සමග ආවා, ස්තෙෆාන් මාමාගේ ගෙදරට. දෙපාරක් කඩුළු දොර වැහුවා. ඇහැරෙව්වා එයා ව. සිනහවක් සමගින් යූර්කා කීවේ ය.

ඕල්‍යා ද ඇඳෙහි වැතිර සිටිමින්, සිනහවෙන් වෙවුලා ගියා ය.

-        ඔන්න, ෆියෙද්කා ස්තෙෆාන්ට ව්‍යායාමයක් හැදුවා! අපේ දොරවල් , වික්තර් කීවේ ය හා සිනහසුනේ ය.
-        ඔව් ස්තෙෆාන් මාමා, පැන්න දා, මට පදනම් ලෑවේ ය, මම තණ බිස්ස මතින් නිවසට ආපසු පැමිණෙන විට දී. ෆ්යෙද්කා හා වෙනත් ගැටව් දිව්වෝ ය.
-        ඇහුන ද? නැවතත් ඔහු අතීතයේ කරදරයට වැටිලා. දැඩි ලෙස කම්පා වූවා ය මරීයා අන්තෝනවා හා හෙමීහිට කවුළුවෙන් එබී බැළුවා ය, පාරේ ගමන් කරන්නේ කව්ද කියා.

ස්තෙෆාන් නැවත වරක් දොර හඬින් වැසුවේ ය හා මේස් බැනියම කොට කළිසමට යට කරමින් නිවසට ගියේ ය. මහත, නො පීරු ඇද වැටෙන හිසකෙස් සමගින්, පමණක් නො වේ කොට කළිසම හා මේස් බැනියම ඇඳගත් ඔහු සිනහව උපදවන සුළු ය. මරීයා අන්තෝනවාට සිනහව නවතා ගැනීමට නො හැකි විය.

උණුසුම් මධ්‍යහ්නයේ දී, කලින් කතා කර ගැනීමකින් තොර ව, යූරාගේ පංතියේ මිතුරෝ පොකුණ අසලට එකතු වූහ. කාත්‍යා හා යූරා ඉවුර මත හිඳගෙන කිමිදෙන මිතුරන්ගේ සංචලනයන් නැරඹුවෝ ය. යූරා ඇද කැමීලීයා මලක් කඩා කාත්‍යාට පිරිනැමුවේ ය. ඇය මදහස පෑවා ය.

-        මතක ද. යූරා වසන්තයේ දී ඔයාලගේ මිදුලේ පිපිලා තිබුණා ලස්සන ඩැෆඩීල් මල්. ඔයා දැන ගෙන හිටිය නේ මම ඒවාට කැමතියි කියලා. නමුත් ඉරා දැමුවා මල් තුනක්.
-        අයියෝ, එපා වෙලා. අම්මා දැක්කේ නැහැ. ඇය හරියට ආදම් පෙත්‍රෝවිච් වගේ, ඕනේ එකක විස්තර කියනවා, කොරටුවේ වවනවා. ලෝබකමට නෙමෙයි. කුතුහලයට. ඒ කාලයේ දී කොපමණ ආගන්තුක දේවල් වැවුව ද.
-        එයාට ඒක තමාගේ ජාතියේ සාධාරණ පෙළඹවීමක්. කාත්‍යා නිකට දණහිස මත තබා නිහඬ ව පොකුණ දෙස බලමින් කීවා ය.

පොකුණ පිහිටි තැන, ගමේ ඉතා ම මනස්කාන්ත ස්ථාන කිහිපයන්ගෙන් එකක් ලෙස සැලකේ. එක් පසකින් වනය පොකුණ වසා පැතිරුණි. අනෙක් පසින් බිම් තිරුව පැතිරිණි. එය වෙතට එකිනෙකට වෙනස් මාවත් දෙකක් ලඟා විය. එකක් දිගු ය, බීම් තීරුව හරහා වැටී තිබිණි. අනෙක කෙටි විය. වනය මැදින් වැටී ඇත. පොකුණට ජලය උල්පතකින් ගෙන ආවේ ය. එබැවින් උණුසුම් දිනවල දී ද පොකුණ සිසිල් ව පැවතියේ ය. ඉහල ස්ථරය පමණක් මීටර් භාගයක් රත් විය. පොකුණ ටෙනිස් පිත්තක හැඩය ගත්තේ ය. ඇතැමෙකු පමණක් පිහිනා පොකුණ තරණය කිරීමට තීරණය කළේ දැඩි සීතල වූ ජලකඳ හා ඉවුරු අතර දිගු දුරක් තිබූ නිසාවෙනි.
කාත්‍යා සිහි ගැන්වූවා ය, ඇය හය වසර පංතියට සමත් වූ දා, ඇයගේ යෙහෙළියන් සමග මෙම පොකුණට කිමිදීම සඳහා පැමිණි බව. පසු ව මිතුරියන් ස්ට්‍රෝබෙරි කෑමට කැලයට ගිය අතර, කාත්‍යා එහි රැඳීමට තීරණය කළා ය. පොකුණේ එතරම් ම ඈත නො වු ඉවුර මත සිටි යුවතියට නුදුරින්, බිලි බෑවේ ය කාත්‍යාගේ මස්සිනා. ඔහු නිවාඩුව ගත කිරීමට ගමට, දෙමව්පියන් වෙත පැමිණියේ ය. ඔහුට පෙනී ගියේ ය නෑනා තනි ව ම ඉවුර මත සිටිනා බව. කාත්‍යා මදක් හිරු රැස් නා පොකුණට වැදුනා ය. ඈ ඉවුරෙන් තරමක් ඈතින් මලක් දුටුවා ය, ජලය මතුපිට පැද්දෙන. “ සිත්ගන්නාසුළු යි, කව් ද එවන් සුන්දර කුසුමක් ජලයට වීසි කළේ “ සිතුවා ය යුවතිය, තීරණාත්මක ව මල වෙත පිහිනා යාමට පටන් ගත්තා ය. ඇය පිහිනීමට දක්ෂ නො වුවා ය, එනමුත් ඇයට ඒ මල තෙක් පිහිනා යාමට සිතිණි. එයට ලඟාවිමත් සමග ම ඇය යටින් පිහිනුවා ය, පිහිනීමෙන් මතු වන පෙරළෙන රැළි මල ඈත් කළේ ය. කාත්‍යා ආපසු හැරී බැළු විට ඉවුර ඉතා ඈතින් පිහිටියේ ය. ඈ ඉතා බියපත් වූවා ය, නො සන්සුන් ව ජලයේ සලිත වන්නට වූවා ය. දෑත් කොපමණ හිරිවැටුනේ ද, ඊයම් සේ ඝන විය. ඇගේ දෑස් තුළ කඳුළු මතු විය. කාත්‍යා ඉවුර වෙත පිහිනීම ආරම්භ කළා ය. මල ගැන තවත් සිතුවේ නැත.
ගොඩට පැමිණීමත් සමග යුවතිය, ශක්තිය අහිමි ව, වැල්ල මත දිගා වූවා ය. යන්තම් නො ගිලී බේරුණු බව යෙහෙළියන් නො දුටු නිසා කාත්‍යා සතුටු වූවා ය. නමුත් ඒ සියල්ල මස්සිනා දුටුවේ ය. කලිසම ගලවමින් හා බිලිපිත්ත අමතක කරමින්, ඔහු වතුරට පැනීමට සූදානම් වුවේ තම නෑනන්ඩිය ව බේරා ගැනීමට ය. ඇය ආරක්ෂිත ස්ථානයක් කරා පිහිනා ගිය බව දුටු ඔහු සැනසුම් සුසුමක් හෙළුවේ ය. නැවතත් කලිසම හැඳ ගනිමින් බිලි බෑම පටන් ගත්තේ ය. කාත්‍යා එතැන් සිට කිසි දිනෙක ඉවුරෙන් ඈතට පිහිනා ගියේ නැත, පෙළඹවීමකින් තොර ව.

-        කාත්‍යා ඔයා ගෙදර යනව ද? ඇගේ ස්මරණය බිඳ දැමුවේ ය යූරා.
-        යමු. එකඟ වූවා ය ඈ. යමු කැළැව මැදින් වැටුණු පාරෙන්. අද රස්නෙයි, ඊයේට වඩා.
-        ඔවුහු වනය තුළට ගියහ. පාර දිගේ සීනු හැඩැති මල් පිපුණේ ය. ඕවිටේ නානා ප්‍රකාර මල් පිපුණි.
-        ලස්සනයි නේ ද? කාත්‍යා විමසුවා ය.

යූර්කා නිහඩ ව ම හිස වැනුවේ ය. ඔවුහු කිසිවක් කතා නොකර ම, රළු මාවත මතින් එළිමහනට පැමිණියහ. යූර්කා කාත්‍යාට උපකාර කළේ ය කළඹකට මල් එකතු කිරීම සඳහා. වන රොදෙන් පිටතට වූ ඔවුහු, සිසාරා දර්ශණීය ව පෙනෙන කුඩා කඳු ගැටයක් මතට පැමිණියහ. තිරිඟු කෙත මඳ සුළඟින් ලෙලෙයි. ඩිංගක් එහායින් උපන් ගම්මානය යි. දෑත් අල්ලා ගනිමින් ගැටව් සිනහවත් සමගින් බැස්සෝ ය.
ගිම්හානය අවසන් ය. උයනේ දී, රාත්‍රී නින්දට යාම සීතල නිසා නුසුදුසු විය. යූර්කා නිවසට පිටත් වූයේ ය. එකෙනෙහි ම ඕල්‍යා දියණිය සමගින් ස්වාමියා සේවය කළ ස්ථානය වෙත පිටත් වූවා ය. කුඩා අක්සානා නොමැති නිවස පාළු ස්වභාවයක් ඉසුළුවේ ය. එහෙයින් උපරිම හඬින් සංගීතයට ඇහුම්කන් දීමට අවස්ථාව උදා විය. ඇත්ත, ඒ සඳහා නිතර නිතර දෙමව්පියන්ගෙන් අවස්ථාව ලැබුණු බව. ඇය වෙනුවෙන් වාදනය කළ ගීත කාත්‍යාගේ සිත් ගත්තේ ය. ඈ කවුළුව විවර කළා ය, ඒ ගීත අසමින් මදහස පෑවා ය. යුවතිය තේරුම් ගත්තා ය, ඒ ගීත තුළින් යූර්කා තම හැඟීම් ඇයට පැහැදිලි කිරීමට උත්සාහ කරන බව.
පළමු කහවන් බර්ච් පත්‍ර මතින් ඔවුහු පාසැලට ගියෝ ය. ගිම්හානය විසිර ගියේ පැසුණු හුලංතලා මලක පුළුන් විසිරෙන්නාක් මෙනි. ඔවුන්ට දුක දැනෙන්නට විය. අනෙක් පසින් සිසිරය ඔවුන් කුල්මත් කළේ ය. සෑම දිනක ම පාසැලේ දී ඔවුහු එකිනෙකා ව දකින්නෝ ය. පාසැල අවසන් වී දෙදෙනා එකට නිවසට යති. එය ඇත්තට ම වාසනාව නො වන්නේ ද?

ලීදියා වසීළියෙව්නා ලිත්වීනා.
රුසියන් බසින් සිංහල බසට,
ෆීලික්ස් ප්‍රනාන්දු.

Monday, May 7, 2018

මාව එපා මරා දමන්න, අම්මේ.



මම මතු වුණේ ඉතා මෑතක. දැන් මම කල් ගෙවන්නේ අම්මාගේ කුසේ, එනමුත් දස මසකට පසු මම ලෝකයට බිහි වෙනවා. මට මෙහි එතරම් ම හොඳයි, සැප පහසුයි! අම්මා මං ගැන වද වෙනවා, නිතර ම ඇය මෘදු සංගීත කණ්ඩ වාදනය කරනවා හා මම ආස්වාදය කරනවා ඇයත් සමගින් සමහර දවසට නිදාගන්නවා. සෑම සවසක ම තාත්තා වැඩ ඇරිලා එනවා. ඔහු අම්මව වැළඳගන්නවා හා මම ජීවත් වන ඇගේ උදරය අතගානවා. මම මෙලෝ එළිය දකින දා, අපේ පවුල ඉතා වාසනාවන්ත එකක් වෙනවා, මම ඒ තරමට ම ඔවුන්ට ආදරෙයි.
        මගේ අම්මා වැඩි වේලාවක් ගෙදර ඉන්නේ. නමුත් එකේ සිට පහ දක්වා ඇය පාසැලේ වැඩට යනවා. ඇයට දැන් ගොඩක් සිසුන් නැහැ. නමුත් ඔවුන් ඉතා ආදරෙයි මගේ අම්මට. එ නමුත් කමක් නැහැ, මම උපදින දාට, මම තවත් වැඩියෙන් ඇයට ආදරය කරනවා. පාසැල ඇරිලා මගේ අම්මා ගෙදර එනවා, කෑම කනවා. ඇයත් සමග මමත් කෑම කනවා. හැමදා ම ඒ සියල්ල එ තරම් ප්‍රනීතයි! පසුව මගේ අම්මා රූපවාහිනිය බලනවා හා ගොතනවා. පසු ව පාඩම්වලට සූදානම් වෙනවා. රෑට තාත්තා ගෙදර එනවා හා ඔවුන් නින්දට යනවා.
        ඒ විදිහටයි දවස ගෙවෙන්නේ. මගේ තාත්තා උත්සාහ කරනවා සියල්ලෙන් ම අම්මව පිනවන්න. ඔහු එ තරම් ම දයාබරයි! ඉක්මනට මම ඉපදෙනව නම්, මම හැමදා ම සවසට ඔවුන් ව වැළඳගනීවි, සිපගනීවි, පසුව මම ඔවුන් සමගින් ඇඳට බඩගාවි. ඒ අය මා එක්ක සෙල්ලම් කරාවි. එහෙම වුනා නම් නියමයි!
        සෑම දිනක ම මම වැඩි වැඩියෙන් වැඩෙනවා. මගේ අත්, කකුල් ඇති වෙන්න පටන් ගන්නවා. මම සියල්ල දකිනවා, මට සියල්ල හැඟෙනවා. මගේ දෙමව්පියන්, සමහර විට, ඒ බව දන්නේ නැහැ. කොච්චර සිත්ගන්නාසුළු ද! මට හැකියි දකින්න, මොකක් ද එගොල්ලෝ කරන්නේ කියලා, ඔවුන්ට නො හැකියි කුස තුළට එබිලා බලන්න, මම ඔවුන්ට අත වනන සැටි සහ සිනහසෙන සැටි. මට එ තරම් ම සතුටුයි හා ඉතා යහපත්! සමහර දවස්වල මට හිතෙනවා අම්මාගේ කුසෙන් රාත්‍රියේ දී පහලට බහින්න, සිපගන්න අම්මාව තාත්තා සමගින් හා ආපසු යන්න, නමුත් මම තවමත් කුඩායි, පොඩ්ඩන්ට නියම වෙලා තියෙන්නේ කුස තුළ සිටින්නයි. සමහර දිනවල දී අම්මා ආච්චිව බලන්න යනවා. ඇය ඉතා මෘදුයි හා කරුණාවන්තයි. ආච්චි අම්මට කෑම ගෙනත් දෙනවා. අයගේ ගෙදර පිරෙන්න තිබුනත්. තවත් නැක්කිම හා ඇඳුම් මා සඳහා, ඔවුන් නො දැන සිටියත් කව්ද ඉපදෙන්නේ කොල්ලෙක් ද කෙල්ලක් ද කියා. මට එ තරම් ම ප්‍රසන්නයි, ඔවුන් සියල්ලන් මා පිළිබඳ සිතන නිසා හා මා රැකබලා ගන්නා නිසා. කෙසේ වෙතත් කුඩා දරුවෙක් වීම කොපමණ යහපත් ද හා සැප පහසු හා මෘදු කුස තුළ සිටීම.
        මාසයක් ගෙවී ගියේ ය. මම තව තවත් විශාල වෙනවා. මට දැනටමත් ආසා හිතිලා තියෙනවා ප්‍රියතම කෑම පිළිබඳ ව. ඒවායින් මාගේ කුස පුරවනවා අම්මා හා සංගීතයට ඇය නිතර සවන් දෙනවා. තවත් මගේ තාත්තා කණ අම්මාගේ කුසට තියලා ඇහුම්කන් දුන්නා කෙසේ මම එහි ජීවත් වන්නේ ද කියා. ඒක අපූරුයි! මම අතින් ඇල්ලුවා අම්මගේ බඩ හා කැසුවා ඇඟිලිවලින්. තාත්තා කිව්වා මම හුස්ම ගන්නවා ඇහුණා කියලා. මෙන්න මෝඩයෙක්!


        අද අම්මට පාඩම් වැඩ තිබුනේ නැහැ. සිසුන් අධ්‍යාපන චාරිකාවකට සහභාගී වූ නිසා. ඇය කලින් ම ගෙදරට ආවා. ඇය දොර ඇරියා හා එහි දී තාත්තව දැක්කා කෙල්ලෙකු සමගින්. ඇය අම්මා වගේ මෘදු හා සුරතල් එකියක වූවා ය. ඇයි ද තාත්තා ඇයව වැළඳගත්, සිපගත්තා හා සිනාසුනා. නමුත් අම්මා ඇයට කැමැත්තක් දැක්වූයේ නැහැ. ඇය තාත්තාට කෑගහන්න පටන් ගත්තා. කෙල්ල ඒ වෙලාවේ ම කඩිනමින් ගෙනා දෑ එකතු කර ගත්තා, දිව ගියා. අම්මා, තාත්තා එක්ක රන්ඩු කරන්න පටන් ගත්තා. මම කවරදාක වත් දැකලා නැහැ, ඔවුන් රන්ඩු කරනවා. අම්මා සද්දෙට කෑගැහුවා, තාත්තාගේ මූණට ගැහුවා. තාත්තට කේන්ති ගිහිල්ල කොහේද ගියා. අම්ම කෑගැහලා කිව්වා තවත් එන්න එපා කියලා. පසුව ඇය ඇඳි පුටුවක වාඩි වුනා හා හොඳට ම ඇඬුවා. මට ඇය ගැන එ තරම් ම දුක හිතුනා. මට ගොඩක් වුවමනා වුනා ඇයට කවරෙකින් හෝ උදව් කිරීමට. නමුත් නො හැකි වුනා. මම එ විට තීරණය කළා, මම ලෝකයට බිහි වූ දාට, මම සෑමදා ම මගේ අම්මව සනසන්න. ඇය කවරදාක වත් අඬන්න සිදු වන්නේ නැහැ. මම ඇයට එ තරම් ම ආදරෙයි!
        පළමු වරට ඇගේ කුස තුළ මට මොකක් දෝ අපහසුවක් ඇති වුනා. ඇයි දන්නේ නැහැ වම් අත රිදෙන්නට වුනා. සමහර විට අම්මා හැඬුවා හා නො සන්සුන් වුන නිසා වෙන්න ඇති? ඇය හිටි ගමන් නැගිට්ටා ඇඳි පුටුවෙන් හා කාමරය පුරා ඇවිදින්න පටන් ගත්තා. නමුත් කඳුළු බිඳු ඇගේ දෑස්වලින් හැලුණා. මට කැම කන්න වුවමනා වුනා. අම්මට මුළුමනින් එය අමතක වූවා සේයි. පුදුමයි කවරදාක වත් පෙර නො වූ ලෙසට. කමක් නැහැ මම තවත් ඉවසන්නම්, වැදගත් වන්නේ අම්මට සැහැල්ලුව දැනෙන්න ඔනේ. අම්මා, තාත්තා එක්ක සමාදාන වෙන්න ඔනේ.
        අහිංසක අම්මා, ඇයට නිදාගැනීමට නො හැකි විය, නැවත ඇඬුවා ය. මට කොච්චර හිතුන ද කුසෙන් බසින්න, බැහැලා වැළඳගන්න ඇය ව මගේ කුඩා දෑත්වලින්. සමහර විට ඇයට සැහැල්ලුවක් දැනේවී.
        හිමිදිරිය උදා වුනා. අම්මා අවදි වුනා, නමුත් තවමත් කවිච්චිය මත වැතිර සිටියා. මට නැවතත් බඩගිනි වුනා. ඇයි ඇය මා ගැන අවධානය යොමු නො කරන්නේ? ඇයි එ තරම් ම නො සලකා හරින්නේ, ඉස්සර වගේ නෙමෙයි? කොහේ ද මගේ තාත්තා, මට ඔහු නො මැති ව තනිකම ගොඩක් දැනෙන්න පටන් ගෙන!
        ඔන්න, අවසානයේ දී අම්මා නැගිට්ටා කවිච්චියෙන් කුස්සියට ගියා. සමහර විට ඇය මට කවයි! නැහැ ඇය නැවතත් කොළොම්බුව මත වාඩි වුනා නැවතත් වැලපෙන්න වුනා. මට හිතුනා ඇයට කියන්න: “ අම්මේ අඬන්න එපා, මම ඔයාට ඉන්නවා, මට ඔයා නැතුව ජීවත් වෙන්න බැහැ, ගොඩක් ආදරෙයි. “ මම හීන් සීරුවේ ඇයගේ කුස අත ගෑව, මුදු වචනෙන් ඇයට මිමිණුවා. කොච්චර දුක ද ඇයට කිසිවක් ඇහෙන්නේ නැති එක.
        අම්මා විවර කළා ය පෙට්ටියක්, මොකක් ද ගත්තා, ලයිටරය පත්තු කළා. මොකක් ද ඇය කළේ.
        තූ..., හුස්ම හිර වෙනවා. මොකක් ද ඒ, දෙයියනේ, මොන ජරාවක් ද! මොකක් ද ඒ දුම! මම ජීවත් වන කුඩා සැප පහසු කුස තුළ කවදාවත් එ වැන්නක් වුනේ නැහැ! ඊයා මට එ තරම් ම අපහසුයි, දුම දෑස් පලුදු කරනවා, මට කැස්ස එනවා.
        අම්මේ, අනුකම්පා කරන්න මට, මොකක් ද ඔයා කරන්නේ මට එ තරම් ම අප්‍රසන්නයි! නමුත් නැහැ, ඇයට ඇහෙන්නේ නැහැ මාව. උරනවා මොනව ද ජරාවක්. මගේ හිත කලබල වෙනවා, මට ඇඬෙන්න එනවා. අම්මාව වැරෙන් අල්ලාගත්තා බඩින්. ඇය වමනය කරනවා. අවසානයේ ඇය සිගරට් උරන එක නතර කළා. එ නමුත් දුම තරම් ම ගොඩක් ඇයගේ කුස තුළ! මම දුමට පිඹිනවා, එවා හෙමිහිට ඉවත් වෙනවා. අම්මා නැවතත් අඬනවා. මමත් ඇයත් සමග ම අඬනවා. එයින් දරුණු දුම කැහැල ඉවත් කරනවා. මගේ පපුව රිදෙන්න පටන් ගන්වා.
        අම්මා කෑම කැව්වා මට, නමුත් නැවතත්, කණගාටු වන්නේ මම කැමති දෙයින් නෙමෙයි. ඇයි ද බලාපොරොත්තු නො වන ලෙස සියල්ල ඉක්මනින් වෙනස් වුනේ? සමහර විට මොකකින් හරි මගේ අම්මව කේන්ති ගැස්සුව ද මගේ ආදරණිය අම්මව? මොකකින් ද ? අම්මා අද පාසැලට ගියේ නැහැ. ඇය අද ගෙදර හිටියා, හඬා වැටුණා මුළු දවස ම! මගේ පපුකැනැත්ත තවත් තදට රිදෙන්න ගත්තා. ඇය නැවතත් ඉරුවා මොකක් දෝ ජරාවක්. මට වැඩි වැඩියෙන් වුවමනා වුනා ඇගේ කුසෙන් දුවලා යන්නට. මෙහි සම්පූර්ණයෙන් අපහසුවක් ඇති වුනා. මෙහි ගඳක් දැනෙනවා, දුම ඇස් සූරනවා, තව එකක් මට දැන් ගොඩක් කන්න ඕනා.
        අද අම්මා කලින් ඇහැරුනා. ඇයට නින්ද ගියේ නැහැ. මොනව ද මන්දා ඇය මට කන්න දුන්නා. රසක් දැනුනේ නැහැ. කලින් දේට වඩා එය රසයි. මට දැන් පානයට යමක් ඔනේ. අම්මා මගේ අදහස තේරුම් ගත්තා සේ, ශීතකරණය වෙත ඇය යමින් ඇය මොකක් දෝ බෝතලයක් ගත්තා. ඇය වත්කළා පොඩි වීදුරුවකට විනිවද පෙනෙන දියරයක්. මට එ තරම් ම සතුටුයි. අවසානයේ අයට මාව මතක් වුනා, අවසානයේ දී ඇය මා ගැන හිතන්න ගත්තා පෙර සේ ම. ඇය වීදුරුව කට ලඟට ගත්තා තියුණු ලෙස කට ඇතුළට වත් කළා ය එහි වූ දෙය. දෙයියනේ මොන වසක් ද, මොන කටුක රහක් ද! මම එ වර ම ඉවත හෙළුවා එය. මට ගොඩක් පිළිකුල් හා අප්‍රසන්නයි. ඇයි අම්මා එ තරම් ම මට දුක් දෙන්නේ, මට මොකක් වුනත් ඇයට කමක් නැති ද? නැහැ එහෙම වෙන්න බැහැ. ඇය මට ගොඩක් ආදරෙයි, ඇයට මං වගේ. ඇයට බැහැ මට නපුරක් පතන්න. ඇයට හරියට අමාරුයි. කොහොම වුනත් මට තේරෙන්නේ නැහැ, ඇය පානය කරන මොනව දෝ වසක් නිසා ඇයට සැහැල්ලුවක් දැනෙනවා ද කියලා, මම සිටින කුස පිරී යනවා විස දුමෙන් ? එයින් කොහොම ද සැහැල්ලු වෙන්නේ මට වේදනාව ගෙන දෙනවා? නැහැ ඇය ඉස්සර එහෙම නැහැ. හැමදා ම මෙහෙම වෙයි ද? මම ඒකට ගොඩක් කැමති නැහැ, මට ඒක දරා ගන්න බැහැ.
        තව දවස් කීපයක් ගෙවී ගියා. සියල්ල තවත් නරක අතට හැරුණා. අම්මා මට මුකුත් කවන්නෙ ම නැහැ. දුම උරනවා විතරයි. මුළු දවස ම බොනවා, කවිච්චියේ වැතිර අඬනවා. මට ගොඩක් අමාරුයි. නිතර ම හිස, පපුව රිදෙනවා, සමහර දවස්වල වමනේ කරනවා මම. සෞම්‍ය හා මුදු කුස තුළ ඉන්න බැහැ වගේ! මම නිතර ම තට්ටු කරනවා ඇයට මගේ දෑතින් හා විශ්වාස කරනවා මෙහෙන් එළියට එන්න. නමුත් ඒක කරන්න බැහැ. මගේ හුස්ම හිර කරනවා මෙහි. තාත්තා එක වරක්වත් අපිව මුණගැසුනේ නැහැ. එයා අපිට ආදරේ නැහැ වගේ, අපිට එයාව ඔනේ නැහැ වගේ. නැහැ එහෙම වෙන්න බැහැ, අම්මත් එක්ක රන්ඩු කරන්න පෙර අපි ගැන එයා හොයලා බැලුවා. මොකක් ද සිද්ධ වුනේ? මා ගැන වගක් නැහැ. මම හිඳගෙන ඉන්නවා, අඬනවා. මට මෙහි තනියි.
        තවත් දවස් කීපයක් ගෙවී ගියා. අපේ ගෙදරට ආච්චි ආවා. ඇය මොකක් ගැන ද අම්මා එක්ක වාද කළා. කඳුළු පුරවගෙන අපේ ගෙදරින් පිට වෙලා ගියා. අම්මා මෙකකින් ද ඇයට රිද්දෙව්වේ? මොක්ක දෝ වැඩක් නැති දෙයක් නිසා ඒගොල්ලෝ වාද කළා. මුලින් ම ඔවුන් සමාදානෙන් සාකච්ඡා කළා. පස්සේ අම්මා කිව්වා එක වචනයක්, ආච්චි අඬන්න පටන් ගත්තා. මට කිසිම දෙයක් තේරුනේ නැහැ. ඇය මොකක් ද කිව්වේ? “ කරන්න ඔනේ ගබිබාවක්“ නැතිනම් “ ගබ්සාවක් “. හරියට ම තේරුනේ නැහැ, ඒක එච්චර වැදගත් නැහැ. මෙකක් හරි නරකක් ද, ආශ්වාස කරන දුමෙන්, මෝඩ බීමෙන් වමනය යන? ඇය තමාව ම පාලනයට නතු කර ගත යුතු යි, සියල්ල සමග සමාදාන විය යුතු යි. සියල්ල යහපත් වෙයි හා නිශ්චල වෙයි ඉස්සර වගේ.


        අම්මා නැවතත් අවදි වුනා උදෙන් ම හා මට කෑම කවන්න අමතක කළා. මම තවත් අඬන්නේ නැහැ. මම හුරු වෙලා, මා ගැන ඇය අවදානය යොමු නො කිරීම ගැන. අම්ම ඇඳ ගත්තා. කොහේට ද ගියා. ඇය ගමන් කළා. ඇඬුවා. ගමන් කරමින් හැරි හැරි බැළුවා ඇය වට පිටාව හා මොනව දෝ මිමිනුවා. අම්මා පැමිණියා නො හඳුනන ගොඩනැගිල්ලක් වෙතට. එළිපත්තේ දී ඇය සාන්ත කුරුසේ ඇන්දා හා හිස වටා උත්තර සාටකය දාගත්තා. ඇතුළේ මිනිස්සු ගොඩක් හිටියා. සමහර අය ඉටිපන්දම් තිබ්බා, සමහර අය යාඤා කළා. අම්මා ඉටිපන්දමක් ගත්තා, සුරුවම ඉදිරියේ ඒක තිබ්බා. අයදින්න පටන් ගත්තා, ඇයට කමා කරන්න කියලා. ඇය කැමති නැහැ කරන්න ඒක. ඇයට වෙනත් දෙයක් ඉතුරු වෙලා නැහැ කරන්න. අම්මා හැසිරෙන විදිහ අමුතුයි. අම්මා කවදාවත් පෙර දී මෙහාට පැමිණ නැහැ. අමුතු තැනක්, නමුත් මම මෙහාට හරි කැමතියි. මොකට ද අම්මා සමාව ඉල්ලන්නේ ? සමහර විට මට රිදවපු නිසා, මට කෑම කවපු නැති නිසා. සැබවින් ම ඇය මනස වෙනස් කරගත්තා ද දන්නේ නැහැ තාත්තා වෙතට යාමට ? සැබවින් ම සියල්ල යහපත් වෙයි ද?
        අවසානයේ දී, අම්මා යාඤා කිරීම අවසන් කළා, ගොඩනැගිල්ලෙන් එළියට ආවා. මාවතේ දී ඇය උත්තර සාටකය ඉවත් කළා, කුඩා මල්ලේ දමා ගනිමින් ඇය මෝටර් රථයක් නවතා කොහේට ද ගියා.
        මෝටර් රථයේ දී මාව පැද්දෙන්න පටන් ගත්තා. ඔලුව තදින් කැරකෙනවා. මට නැවතත් අපහසුයි. අවසානයේ දී මෝටර් රථය නවතිනවා හා අම්මා ඇතුළු වෙනවා මොකක් දෝ ගොඩනැගිල්ලකට, තවත් ගොඩක් අරුම පුදුම පළමු එකට වඩා. හදිස්සියෙන් සුදු ලෝගු ලා ගත් මිනිස්සු දුවනවා, සිනහ උපදවන හිස් වැසුම් පැළඳ ගත්. මට ඇයි ද බයක් දැනෙන්නේ? මාව ගුලියකට හැකිළෙනවා. අම්මා ගොඩනැගිල්ලට ඇතුළු වෙනවා, දිග කොරිඩෝව මතින් කොහේට ද යනවා. ඇය සුදු ලෝගුවක් ලා ගත් පුද්ගලයෙකු වෙතට යනවා, ඔහු අයව අතින් අල්ලාගෙන කර්යාල කාමරය තුළට රැගෙන ගියා. එහි දොස්තරලා දෙන්නෙක් ඉන්නවා. කාර්යාල කාමරය තුළ සුදට හුරු මැද ඇඳක් වගේ එකක් තියෙනවා, ඒ මතින් විදුලි බුබුලක් දැල්වෙනවා. මම තව තවත් වැඩියෙන් භය වෙන්න පටන් ගන්නවා. මම ගොඩක් භයයි. අම්මේ.... ඇයි නැවතත් පපුව රිදෙන්න පටන් ගන්නේ. දොස්තරලා අම්ම ව ඒ අමුතු ඇඳේ වාඩි කරවනවා. ඒකට ඒ අය කිව්වේ “ ශල්‍යකර්ම ඇඳ “ කියලා. කාර්යාල කාමරයේ දොර වහනවා, මොකකට දෝ සූදානම් වෙනවා. එක දොස්තර කෙනෙක් රැගෙන එනවා යකඩ බන්දේසියක්. ඒ මත අතුරා තියෙනවා අප්‍රසන්න උපකරණ: මොනව දෝ පිහි හා විශාල අඬු. දෙයියනේ, මොනව ද ඒ අය කරන්න සුදානම් වෙන්නේ? මොකක් ද ඒ සියල්ලේ තේරුම. මගේ අම්මා මෙහෙ මොකක් ද කරන්නේ? ඇයට හිතුන ද මාව භය කරන්න. එපා, ආදරණීය අම්මේ, මම එ තරම් ම භය වෙලා ඉන්නේ. මට ඕනේ ඉක්මනට ඉපදෙන්න. ලොකු වෙන්න හා එයාට උදව් කරන්න. ඒ දොස්තරලට මට මොනවත් ම කරන්න දෙන්න එපා, ඉල්ලනවා ඔයාගෙන්, මම ඔයාට ගොඩක් ආදරෙයි නේ!
        බලාපොරොත්තු නො වන විදිහට දොස්තර අතට ගත්තා සිරිංජයක්, මොනව දෝ මගේ අම්මට විදිනවා. විනාඩි කිපයකට පසු ඇය නිදා වැටෙනවා. නමුත් මම නිදා ගන්නේ නැහැ. මට ඔක්කෝ ම පේනවා, දැනෙනවා. දොස්තරලා තම දෑතට ගත්තා ඒ අප්‍රසන්න උපකරණ හා අම්මා මතින් තිබ්බා. දෙයියනේ, මොකක් ද සිද්ධ වෙන්නේ? මට ඇයි මෙච්චර භය දැනෙන්නේ. ඇයි මගේ දෑසින් කදුළු ගලන්නේ. එ තරම් ම මගේ පපු පොඩ්ඩ කකියන්නේ ඇයි? මොවයින් ද එ තරම් ම භයංකාර විදුලි බුබුළු දැල්වෙන්නේ. එවායේ එළිය මාව මුළුමනින් ම දවාලනවා සේ ය? සුදු කබා හැඳගත් ඒ මිනිස්සු හිතුවේ මොකක් ද? මොනවට ද ඒ අය සුදානම් වන්නේ, ඇයි ඒගොල්ලෝ මගේ අම්ම ව නිදි කෙරෙව්වේ? ඇය කවදා වත් ඒකට ඉඩ නො දෙයි, මට මොනව හරි නරකක් කරනවට. ඇය මට ආදරෙයි නේ..
        මෙන්න දොස්තර ගන්නවා අඬු හා අම්මාගේ සිරුර ඇතුළට දානවා. දෙයියනේ දැනටමත් අඬු මා ලඟට ඇවිල්ලා. මම තවත් තදින් ඇකිළෙනවා මුවා වෙන්න. නමුත් ඔවුන් තුවාල කරනවා මගේ කකුලක්, එයින් ලේ වැහෙනවා. දෙයියනේ, කොච්චර රිදෙනව ද? මම අල්ලා ගන්නවා මගේ කකුලෙන් හා උත්සාහ කරනවා වෑහෙන ලේ නවත්වන්න. නමුත් සියල්ල නිශ්ඵලයි, තුවාලය ගැඹුරුයි. කෙහොම ද ඔවුන්ට පුළුවන් වෙන්නේ මගේ සිනිඳු සම පසාරු කරන්න තමන්ගේ යකඩ අඬුවලින්? මට ගොඩක් රිදෙනවා. ඇයි ඔවුන් නපුරු හා හදවතක් නැති අය වෙන්නේ? අම්මා කොහේ ද ඔයා? ඇයි ඔයා නිදි? ඒගොල්ලන්ව නවත්වන්නේ නැත්තේ ඇයි? මට හොඳයි ඉන්න අපිරිසිඳු හා පිළිකුල් ලෙස ගඳ හමන කුසේ, මම කැමති නැහැ මැරෙන්න. කරුණාකරලා එපා. මම නැවතත් හඬමි. අකාරුණික අඬු ගෙන දෙනවා ඊලඟ පහර, එවර අනාරක්ෂිත ළපැත්තට.
        ලේ තවත් වැඩියෙන්. මට දැනෙනවා, මම මැරෙනවා. මට කොච්චර රිදෙනව ද, දෙයියනේ ඇයි මට එගොල්ලෝ එහෙම කරන්නේ, මගේ වැරැද්ද මොකක් ද? මට ඇය මේ වගේ දුකක්? මම දැනටමත් අඬන්නේ නැහැ, කෑ ගහනවා, මගේ ශක්තිය එන්න එන්න අඩු වුනත්. මට දැනෙනවා ජීවිතය ටිකෙන් ටික මගෙන් ඈත් වෙනවා වගේ.
        ඔන්න දැන් අඬු නැවතත් එනවා. අවසාන ශක්තිය යොදවා ඒවා වීසි කරනවා. නමුත් ඩිංගක් ශක්තිය මගේ දුර්වල අතක තියෙනවා. අඬු අල්ලා ගන්නවා මගේ සිහින් බෙල්ල, අදිනවා මාව එළියට.
        විරුද්ධ වෙන්න හා අඬන්න මට ශක්තිය නැහැ. කොහොම වුනත් මාව කාටත් ඇහෙන්නේ නැහැ. මගේ හුස්ම සිර වෙනවා, මගේ සිරුරෙන් ලේ වෑහෙනවා. දොස්තරලා මාව එළියට ඇදලා ගන්නවා අම්මගේ කුසෙන්, නමුත් මැරිලා.
        දොස්තරලා උදාසීන ව බලනවා මගේ මෘතශරීර කොටස් දෙස, හෘදසාක්ෂියට පටහැනි ව වීසි කරනවා ඒවා කුණු භාජනයට. ටික වේලාවක් ගිය පසු අම්ම ව වෙනත් වාට්ටුවකට ගෙන යනවා. ඉක්මනට ම ඇය අවදි වෙනවා, ගෙදර යයි. සියල්ල පෙර සේ ම වෙයි. ඇගේ කුස තුළ මම කවදාවත් ජනිත වෙන එකක් නැහැ. මම ඉපදෙන්නේ නැහැ, වැඩෙන්නෙත් නැහැ. මා සැමදාට ම මෙහි වනු ඇති, කුණු භාජනයේ. මට කවදාවත් බැරි වෙයි ඇය ව වැළඳගන්න, මා වෙතට ඇදගන්න, සිඹින්න. මම කිසි දිනක යන්නේ නැහැ උද්‍යානයට හා පාසැලට. මගේ අම්මා කවදාවත් නො දකියි මගේ පළමු පියවරයන්, නො ඇසෙයි මගේ මුල් වදන්. ඇය දැනගන්න එකක් නැහැ මම කොච්චරක් ඇයට ආදරය කළා ද කියලා.

අලෙක්සාන්දර් බරීසෝවිච් අන්ද්‍රියානෆ්.
රුසියන් බසින් සිංහල බසට,
ෆීලික්ස් ප්‍රනාන්දු.

Friday, January 12, 2018

අන්ධකාර රාත්‍රිය.


වැස්ස චිරි චිරි ගා බේරෙන්නේ ය.

සඳ පායා නැත, තරු දිදුළන්නේ ද නැත.... නැත රේඛාවන්, නැත සිලුවටයන්, ඩිංගක් හෝ දීප්තිමත් තිතක් නැත්තේ ය. සියල්ල නිරන්තර ව ගිලි ගියේ ය, කුට්ටි කැපෙන අන්ධකාරයේ. ඔබ බලන්න, බලන්න ඔබට කිසිවක් නො පෙනෙන්නේ ය, නියත ව ම ඔබේ දෙනෙත් උදුරා දමයි...වැස්ස චිරි චිරි ගා බේරෙන්නේ ය, බාල්දියකින් සේ. බිහිසුනු කිළි..
ගම්බද මග ඔස්සේ ඇදි යන්නේ ය තැපැල් අස් ජෝඩුවක්. තනි අසු බැඳි කරත්තයේ අසුන් ගෙන සිටියේ ය පිරිමියෙක් දුම්රිය ඉංජිනේරු හිම කබාය ලා ගත්. ඔහු අසලින් ඔහුගේ බිරිඳ වූයේ ය. දෙදෙනා ම තෙතබරියන් වී. අසරුවා ඉතා බීමත් ව සිටියේ ය. උපතින් කොර ගසන්නේ ය, හඩින් සුසුම් හෙළන්නේ ය, වෙවුලන්නේ ය හා ඇදි යන්නේ ය ලෙඩ කපුටෝ වැල කන්නා සේ, ලැජ්ජාවේ මුදුනෙන් කාරිය ඇන හිටින්නේ ය, නවතින්නේ ය හා වීසි වෙන්නේ ය පැත්තකට. මග බිය උපදවන සුළු ය, පියවරක් පසා, මඩ වලවල්, ගොඩැලි, පැහැදිලි නැති පාලම් පොඩ්ඩක්. වම් පසින් වෘකයෙක් උඩු බුරන්නේ ය. දකුණු පසින් කතා කරයි ගිරිකඳුරු.

-        අතරමං නො වුනේ ද අපි මාවතේ? ඉංජිනේරුවා සුසුම් ලන්නේ ය. බිහිසුනු මගක්! අපිව පිටට ඇදලා ගන්න එපා!

-        මොකකින් ද ඇදලා ගන්නේ? අහ්! මොන ප්‍රාකාරයෙන් ද මාව ඔබ ඇදලා ගන්නේ? එහ් නින්දිත අයුරින්! සැලෙන්න! සුරතළියේ!

-        පෙනෙන විදිහට , අතරමං වෙලා අපි මාවතේ, ඉංජිනේරුවා කියන්නේ ය. කෙහේට ද අපිව අරගෙන යන්නේ, යක්ෂයන්? පේන්නේ නැති ද? මේක පාරක් ද?

-        පාරක් වුනා!

-        පොළොව එය නො වේ, බේබදු හොම්බ! දකුණට හැරියන්! ඉතිං ලුහුබැඳපන්! කොහේ ද සබුක්කුව?

-        මංමුළාව පරිදි, ඔබේ ප්‍රධානත්වය...

-        මරනවා, අනිනවා, මතක තියාගනින්! එලවා දමනවා දුර්ජනයා! නැවතියන් කොහේ ද යන්නේ? එතන පාරක් ද?

අශ්වයෝ නැවතෙති. ඉංජිනේරුවා පිම්මේ යන්නේ ය, එල්ලෙමින් අසරුවාගේ උරහිසින්, අදිමින් තෝන් ලණුව දකුණට. මඩේ කලවම් කරන්නේ ය, හදිස්සියේ ම හැරෙමින් එකෙනෙහි ම, එයින් නො වේ සියල්ලෙන් නො වේ. උද්දාමයට එහා ආරම්භ වන්නේ ය කුමක් දෝ බියකරු. අසරුවා ඇකිලෙන්නේ ය හා වියැකෙන්නේ ය, එල්ලි සිටින්නේ ය ප්‍රපාතයක මුදුනින්. ඉංජිනේරුවට දැනෙන්නේ ය, තනි අශ්වයා යෙදු කරත්තය මගීන් සමගින් පියඹා යයි අපාය වෙතට.
        ගිරිකඳුර ගැඹුරු නො වේ. ඉංජිනේරුවා නැගිටින්නේ ය, රැගෙන යන්නේ ය  දර මිටිය බිරිඳට හා ඉහලට බඩ ගෑවේ ය. ඉහලට, ගිරිකඳුර මුදුනට, අසරුවා වාඩි වී සිටින්නේ ය හා ලතෝනි දෙන්නේ ය. උල් කුළ පනින්නේ ය ඔහු වෙතට හා මුෂ්ටිය ඉහලට ඔසවමින්, කැබලිවලට ඉරා දැමීමට සූදානම්, විනාශ කිරීමට, මඩින්නට.
        මරනවා, පල් හොරා! කෑ ගසන්නේ ය ඔහු.

මුෂ්ටිය ඔසවාගෙන හා දැනටමත් මගේ අඩක් අසරුවාගේ බුදලයක් සේ ය. තව විනාඩියක්

මීෂා, මතක් කරන්න කුකුයෙෆ්කා!( ජනවාසයක නම ) බිරිඳ කීවා ය.

මීෂා වෙවුලන්නේ ය හා ඔහුගේ බිහිසුනු මුෂ්ටිය නවතියි මාවතේ අඩක. අසරුවා රැකුනේ ය.


අන්තොන් පාව්ලොව්ච් චේහෆ්.
රුසියන් බසින් සිංහල බසට,
ෆීලික්ස් ප්‍රනාන්දු.