Monday, August 29, 2016

කැරකොප්පුවේදී.



 අර්සේනි අලෙක්සේවිච් ස්මිර්නෝෆ්.

ඔබේ සිහින සැබැවිය.
මැඩපැවැත්වෙන්නේය තම පෙළඹවීම්,
මම සිටියෙමි කළු කුරුසිය අසල
සිටිමි ඔබ ඔබ එනතුරු, හොල්මනක් සේ.

කුමක්දෝ අවතාර වදුලක් වටා
ශෛලමය සොහොන් කොත්, කුරුස, දේවස්ථාන,
රෑ අහසේ රාශි පවා
එම කැරකොප්පුව මත අසමානය.

එහිදී නම් කරන්නේය නියමයන්,
කොතැනද නියම කරන්නේ අවමගුල!...
නමුත් මෙන්න දකින්නේය සිහින - එසේ වුවත් යථාර්ථය -
මට ඇසෙන්නේය මර්මර නදේ මංතලව්ව.

නුඹ පැමිණියාය .... කපු රෙද්ද යටින්
මම හඳුනා ගනිමි ගති ලක්ෂණ රාජිනියගේ.
ඔහ්, මියගිය අප අතර ඔබ සමගින්
ජීවමාන වන්නෙමු උදාතරුව තෙක්!

අල්වින්ග් අර්සේනි.
( අර්සේනි අලෙක්සේවිච් ස්මිර්නෝෆ්.)
රුසියන් බසින් සිංහල බසට,

ෆිලික්ස් ප්‍රනාන්දු.

Sunday, August 28, 2016

අටවන කොටස.


එම වාර්තාවේදී ස්තාලින් විසින් යුද්ධයේ ඉදිරි මාස හතර සඳහා සාරාංශ ගත කලේය.
කුරිරු හා අවංක හමුදා ප්‍රධානින් හා ජනතාව කියා සිටියේ සෝවියට් දේශය මතින් ඉතා භයානක් තත්ත්වයක් පවතින බවයි. නාසිවරුන්ගේ සැළැස්ම වූයේ සෝවියට් දේශය තීරණාත්මකව අවසන් කිරීමට හා ඒ සඳහා තෝරාගත් ක්‍රමය වූයේ අකුණුසැරවන් යුද්ධයයි. ෆැසිස්ට්වරුන් යුක්තිසහගත නොවූ අතර ඔවුන්ගේ ආක්‍රමණය ඉතා කුරිරු විය. සෝවියට් රතු හමුදාව හා නාවික හමුදාව දුර්වල කිරීම ඔවුන්ගේ එකම අරමුණ විය. රතු හමුදාවේ පසුබෑමට හේතු පෙන්වා දෙමින් ස්තාලින් කියා සිටියේ මෙම සටන සඳහා යුරෝපයේ දෙවන පෙලේ හමුදාවක් නොමැතිවීම, රතු හමුදාව සතුව යුධ ටැංකු නොමැති වීම හා ප්‍රමාණවත් ගුවන් ප්‍රහාරක යානා නොමැති වීමයි. නාසි හමුදාවේ යුධ ටැංකි ප්‍රමාණය හා ප්‍රහාරක ගුවන් යානා ප්‍රමාණාත්මකව විනාශ කිරීම හා සෝවියට් හමුදාවේ ශක්තිය වර්ධනය කිරීම ස්තාලින්ගේ ප්‍රමුඛ අරමුණ විය. නායකත්වයේ එම වැදගත් නියෝගය යුද්ධයට ශ්‍රේෂ්ඨ අරුතක් එක් කලේය. එම නියෝගය ක්‍රියාවට නංවමින් සෝවියට් කර්මාන්තය දවසින් දවස ගුවන් යානා, යුධ ටැංකි නිෂ්පාදනය ඉහල නැංවුයේය. 




ස්තාලින් නාසි හමුදාවේ “ ජාතික -සමාජවාදී “ වෙස් මූණ ඉරා දැවේය. සමස්ථ ලෝකයටම එය නිරාවරණය කලේ ඔවුන් අතිශය කුරිරු කලහාකාරී කණ්ඩායමක් වශයෙන් හා මිනී මරුවන් ලෙසයි.

“ එම හමුදාව හෘදය සාක්ෂියෙන් තොරව, සත්ව ප්‍රජාවක් ලෙස, ප්ලෙහානොෆ්, ලෙනින්, බෙලීන්ස්කි, චෙර්නිෂෙව්ස්කි, පුෂ්කින්, තල්ස්තෝයි, චයිකෝව්ස්කි, ගෝර්කි, චේහෆ්, රේපින්, සූරිකෝෆ් හා කුතූසෆ් යන ශ්‍රේෂ්ඨ පුද්ගලයින්ගේ රුසියානු මහා ජාතිය විනාශ කිරීමට නොපැකලීව ඉදිරියට පැමිණ ඇත. ( ජෝසෆ් ස්තාලින්. සෝවියට් දේශයේ දෙවන ලෝක යුද්ධය, 5 වන මුද්‍රණය, පිටුව 30).

        යුධ හමුදාව හා නාවික හමුදාව තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා සමස්ථ සෝවියට් ජනතාව කැඳෙව්වේය.

“ නාසි ආක්‍රමිකයින්ට අවශ්‍ය වන්නේ සෝවියට් ජනතාව සමූල ඝාතනය කිරීමේ යුද්ධයක් නම්, ඔවුන්ට එම සමූල ඝාතක යුද්ධය නිසැකයෙන්ම ලැබෙනු ඇත.“ ( ජෝසෆ් ස්තාලින්. සෝවියට් දේශයේ දෙවන ලෝක යුද්ධය, 5 වන මුද්‍රණය, පිටුව 30).

        “ අපේ කටයුතු නිවැරදියි, - ජය අප සමගයි!“
( ජෝසෆ් ස්තාලින්. සෝවියට් දේශයේ දෙවන ලෝක යුද්ධය, 5 වන මුද්‍රණය, පිටුව 36). 

සෝවියට් ජනතාවගේ සිතිවිලි, අභිලාෂයන් හා ගැඹුරු විශ්වාසය සතුරා පරාජය කිරීමට රුකුලක්විය.

1941 වර්ෂයේ නොවැම්බර් මස 7 වන දින රතු චතුරශ්‍රය තුලදී, රතු හමුදාවේ පෙළපාලියක් පැවැත්විය. ලෙනින්ගේ සෙහොන් ගැඹ මත සිට ස්තාලින් රතුහමුදාවේ විමුක්තිය පිළිබඳව කතා කලේය, සෝවියට් සොල්දාදුවන්ට පක්ෂපාතීත්වය උදෙසා උපදෙස් දුන්නේය.

video

1941 වර්ෂයේ නොවැම්බර් මස 7 වන දින රතු චතුරශ්‍රයේ පැවති
හමුදා පෙළපාලිය.

        ස්තාලින් පුද්ගලීකවම මොස්කව් නගරයේ ආරක්ෂාව මෙහෙයවන ලදී. රතු හමුදාව ඍජුවම යොමු කලේය. සටන්කරුවන් හා අණදෙන්නවුන් දිරිගැන්වූයේය. 1941 වර්ෂයේ දෙසැම්බර් 6 වන දින ස්තාලින්ගේ නියෝගය පරිදි මොස්කව් නගරය වටලා සිටි නාසි හමුදාව වෙත දරුණු ප්‍රහාරයක් එල්ල කලේය. මේ දරුණු ප්‍රහාරයෙන් පසු ජර්මානුවන් පසු බැස්සේය. සෝවියට් හමුදාව නාසි හමුදාවන්ගේ ඒකියත්වය බිඳ දැමුවේය. කිලෝමීටර් 400 වඩා වැඩි භූමි ප්‍රමාණයක් ශීත කාලයට හසුවීම ඊට රුකුලක් විය. මොස්කව් නගරය ග්‍රහණය කර ගැනීමේ හිට්ලර්ගේ කුරිරු සැළසුම් අසාර්ථක විය.මොස්කව් නගරය වටා කඳවුරු ලා සිටි නාසි හමුදාවේ පරාජය යුද්ධයේ පළමු වසර තුල තීරණාත්මක සිද්ධියක් විය. එය නාසි හමුදාවේ විශාලම පරාජය විය. නාසි හමුදාවේ මෙම පරාජය පුරාවෘත්ත නිර්මාණයට හේතු විය. නාසි හමුදාවේ මෙම පරාජය ස්තාලින්ගේ මූලෝපායික සැළසුම් වල ශ්‍රේෂ්ඨත්වය පෙන්නුම් කරනු ලබයි.

“ විස්මිත හා අනපේක්ෂිත මෙහොත ලද ප්‍රහාරයෙන්, සංචිතයක් ලෙසවූ නාසි හමුදා, සම්පූර්ණයෙන් හෙම්බත්විය. නාසි හමුදාව විසින් නිර්මාණය කල යුද්ධයේ කොන්දේසිවල අසමානතාවය ඔවුන්ගේ පරාජයත් සමග ඉවත් විය.“
( ජෝසෆ් ස්තාලින්. සෝවියට් දේශයේ දෙවන ලෝක යුද්ධය, 5 වන මුද්‍රණය, පිටුව 43).

Saturday, August 27, 2016


හත්වන කොටස.


යුධ පෙරමුණට යන සෝවියට් සොල්දාදුවන්.

1941 වර්ෂයේ ජූලි 3 වන දින ස්තාලින් ගුවන් විදුලිය ඔස්සේ සෝවියට් ජනතාව, රතු හමුදාව හා නාවික හමුදාව ආමන්ත්‍රණය කලේය. මෙම ‍ඓතිහාසික ආමන්ත්‍රණයේදී ස්තාලින් එවකට පැවති යුධ වාතාවරණය පිළිබඳව ගැඹුරු විශ්ලේෂණයක් කල අතර මව්බිම ආරක්ෂා කිරීමෙහි ලා සෝවියට් ජනතාවගේ හා හමුදාවේ කාර්යභාරය නිර්වචනය කලේය. ස්තාලින් එවකට පැවති යුධ තත්ත්වය පිළිබඳව කටුක සත්‍ය පැවසුවේය. සෝවියට් දේශය දරුණු අනතුරකට පත්ව ඇති බවත් සාමය සඳහා අත දිගු කිරීම නිසරු උත්සහයක් බවත් පැහැදිලි කලේය. ඔහු සෝවියට් ජනතාව උදාසීන නොවිය යුතු බවට, නොසැළකිලි නොවිය යුතු බවට, සටනට බිය නොවිය යුතු බවට, අඳෝනා නොනැගිය යුතු බවට, සන්ත්‍රාසය පැතිරවිය යුතු නොමැති බවට, යුද්ධයෙන් පලා නොයායුතු බවට අනතුරු ඇඟවූයේය.


        ස්තාලින් විසින් සෝවියට් සංගමයට එරෙහිව නාසි හමුදාව ආරම්භ කල යුද්ධයේ අරමුණ නිරාවරණය කලේය.
        “ සතුරා දරුණුය හා නිර්දය වේ. සතුරාගේ අරමුණ වන්නේ අප දේශය යටත් කර ගැනීමයි. පසුව අපේ ශ්‍රමයෙන් වගාකල තිරිඟු හා කණින ලද තෙල් කොල්ලකෑමයි. ඉඩම්හිමියන්ගේ බලය නැවත ස්ථාපනය කිරීම, ත්සාර්ගේ බලය නැවත ස්ථාපනය කිරීම, ජාතික සංස්කෘතිය හා ජාතික රාජ්‍ය රුසියානුවන්ගේ,උක්රායීනුවන්ගේ, බෙලෝරුසියානුවන්ගේ, ලිතෝවේනියානුවන්ගේ, ලත්වියානුවන්ගේ, එස්තෝනියානුවන්ගේ,උස්බෙක්වරුන්ගේ,තතාර්වරුන්ගේ,මල්දාවියන්වරුන්ගේ,ගෘසියානුවන්ගේ,ආර්මේනියානුවන්ගේ,අසර්බයිජාන්වරුන්ග හා සෝවියට් දේශයේ වෙනත් නිදහස් ජනතාවගේ විනාශ කිරීමයි. එම ජනතාව ජර්මානු රජුගේ හා සිටුවරුන්ගේ වහල්ලුන් බවට පත්කරාවි. මේ අයුරින් ජිවිතයත් මරණයත් ගෙවියාවි සෝවියට් රාජයයේ, සෝවියට් ජනතාවගේ. ( ජෝසෆ් ස්තාලින්. සෝවියට් දේශයේ දෙවන ලෝක යුද්ධය, 5 වන මුද්‍රණය, පිටුව 13)


        නාසි ජර්මනියට එරෙහිව යුද්ධයේ අරමුණ නිර්වචනය කරමින්, ස්තාලින්, එම යුද්ධය ජර්මානු නාසි හමුදාවට සෝවියට් ජනතාවගේ යුද්ධයක් වශයෙන් සළකුණු කලේය. එම යුද්ධය ජනතාවගේ අනතුර දියකර හැරීමක් පමණක්ම නොව, සමස්ථ යුරෝපයම ජර්මානු ෆැසිස්ට්වාදයෙන් නිදහස් කිරීමකි.
        මෙම යුද්ධයේදී සෝවියට් ජනතාව තනි නොවන බව ස්තාලින් අනාවැකි පලකලේය.
“ දේශය ගලවා ගැනීමේ අපේ යුද්ධය, යුරෝපීය සහ ඇමරිකානු ජනතාවගේ හා ඔවුන්ගේ නිදහස උදෙසා වේ. එසේම ප්‍රජාතන්ත්‍රවාදයේ නිදහස උදෙසාය. එය ජනතාවගේ ඒකාබද්ධ පෙරමුණකි. නාසි හමුදාවේ වහල් බවින් මිදීමක් වේ. ( ජෝසෆ් ස්තාලින්. සෝවියට් දේශයේ දෙවන ලෝක යුද්ධය, 5 වන මුද්‍රණය, පිටුව 16)


ස්තාලින්ගේ මෙම අනාවැකිය සනාථ විය. 1941 ජූලි මස 12 වන දින එංගලන්තය සෝවියට් දේශයත් සමග එකඟත්වය පැමිණියේය. එනම් ජර්මනියට එරෙහිව ඒකාබද්ධව යුධ මෙහෙයුම් කරන බවයි. ඇමෙරිකා එක්සත් ජනපදයද සෝවියට් දේශය සමග ඒකාබද්ධයුද මෙහෙයුම්වලට එකඟ විය. ස්තාලින් සෝවියට් ජනතාව යුධ මානසිකත්වය සඳහා කැඳෙව්වේ සතුරා පරාජය කිරීමට වේ. රතු හමුදාව,නාවික හමුදාවසහ සියළුම සෝවියට් පුරවැසියන් සෝවියට් දේශයේ සෑම බිම් අඟලක්ම ආරක්ෂා කල යුතුවේ.සියළුම නගර, ගම්දනව් ආරක්ෂා කිරීම සඳහා අවසන් ලේ බිඳුව දක්වා සටන් කලයුතු බව ස්තාලින් තදින් අවධාරනය කලේය. රතු හමුදාවට සියළුම අංශ වලින් උපකාර කලයුතු බව ස්තාලින් තහවුරු කලේය. හමුදාවට ආහාර සැපයීම,අවි සැපයීම තහවුරු කල යුතුවිය.

“ ජනතාවගේ සියළු ශක්තිය - සතුරා පරාජය කිරීමට! ඉදිරියට, අපේ ජයග්‍රහණය සඳහා “ ස්තාලින් කැඳෙව්වේය.
පක්ෂයේ එම කැඳවීමට අනුව සෝවියට් දේශය ආරක්ෂා කිරීම සඳහා සෝවියට් ජනතාව ඉදිරියට පැමිණියේය.
        කඩිනමින් හා තීරණාතමකව සමස්ත ආර්ථිකය ප්‍රතිව්‍යුහගත කරනලදී. හමුදාවේ පෙරමුණ හා පසුපස කාණ්ඩ වෙන්කල නොහැකි සේ එකම යුධ පෙරමුණකට පැමිණියේය.



        1941 වර්ෂයේ ජූලි 19 වන දින සෝවියට් දේශයේ ඉහල මන්ත්‍රණ සභාව විසින් ස්තාලින්ව සෝවියට් දේශයේ මහජන ආරක්ෂක කොමසාරිස් ලෙස පත්කලේය. ස්තාලින් සෝවියට් සන්නද්ධ ශක්තිය ඉතා කෙටි කාලයකදී ඉහත දැමුවේය. හිට්ලර්ගේ නියෝගය වූයේ සෝවියට් දේශය නිද්දිත ලෙස අත්පත්කර ගැනීමයි. මොස්කව්, ලෙනින්ග්‍රාද් යන නගර අත්පත් කරගැනීම සඳහා විශේෂ අවධානයක් යෙමු කරන ලදී. 1941 වර්ෂයේ ඉතාම භයානක පරිසරයක් ගොඩනැගුනේය. මොස්කව් නගරය මතින් මරණ තර්ජනය එල්ලුනේය. 1941 වර්ෂයේ ඔක්තෝම්බර් 19 වන දින සතුරු හමුදාව විසින් මොස්කව් නගරය වටලා ඇති බැවින් හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කලේය. මොස්කව් නගරයේ ආරක්ෂක සැළැස්ම වහා ක්‍රියාත්මකවූ අතර සතුරා පරාජය කිරීමේ සැළැස්මද සුක්ෂම ලෙස ක්‍රියාත්මක විය. සතුරා මොස්කව් නගරයේ එළිපත්තමත විය. නමුත් ඒ පිළිබඳ නොසලකා 1941 වර්ෂයේ නොවැම්බර් මස 6 වන දින ඔක්තෝම්බර් විප්ලවයේ 24 වන වර්ෂ පූර්ණ සංවත්සරය පවත්වන ලදී. එහිදී ස්තාලින් වාර්තාවක් සමගින් ප්‍රධානත්වය ඉසුලුවේය.

Wednesday, August 24, 2016

හයවන කොටස.




ස්තාලින් - නව කර්මාන්ත ගොඩනැගීමේ මූලිකයා විය. ඔහු විසින් පසුගාමී කර්මාන්ත ප්‍රතිසංස්කරණය හා සංවර්ධනය කලේය. ස්තාලින් ගල්අඟුරු - ලෝහ පදනම් කරගත් ඉදිකිරීම් කුස්බාස්හී ආරම්භ කලේය. ස්තාලින් සමාජවාදී ඉදිකිරීම් ව්‍යාපෘති වල සංවිධායක හා මෙහෙයුම්කරු වූයේය.

1927 වර්ෂයේ නොවැම්බර් මස 5 වන දින ජර්මනිය, ප්‍රංශය, ඔස්ට්‍රියාව, චෙකොස්ලෝවැකියාව, චීනය, බල්ගේරියාව යන රටවල කම්කරු නියෝජිතයින් සමග ස්තාලින් දීර්ඝ සාකච්ඡාවක් පැවැත්වුයේය. 1927 වර්ෂය අවසානයේ දී සමාජවාදී කර්මාන්තකරණය දේශපාලනය තුල තීරණාත්මකව සාර්ථක වූ බව සනාථ විය.

15 වන පක්ෂ සම්මේලනයේ දී, ස්තාලින් පසුගාමී කෘෂිකර්මාන්තය, කර්මාන්තකරණයෙන් වෙනස් වන ආකාරය හා ජාතික ආර්ථිකය තුල තර්ජනාත්මක තත්ත්වයන්ගෙන් ඉවත් වන ආකාරය පැහැදිළි කළේය.

“ කුඩා හා පැතිරුණු විශාල ගොවිපලවල් සහ ඉඩම් වල සාමුහික ක්‍රියාකාරිත්වය පදනම් කරගනිමින් ආර්ථිකය ඒකාබද්ධ කලයුතු වන්නේ ඉඩම් වල නව සාමුහික ක්‍රියාකාරිත්වය පදනම් කරගනිමින් හා උසස් තාක්ෂණයෙන් යුක්තවයි. කුඩා හා ක්ෂුද්‍ර ගොවිපලවල් ක්‍රමයෙන්, නමුත් ස්ථාවරව, පීඩනයක් නොමැතිව, ආදර්ශමත් හා පිළිගත් ක්‍රමයකට පොදු පදනම මත විශාල ගොවිපලවල් සමග සම්බන්ධ කලයුත්තේ, සහෝදරත්ව, සාමුහීක ඉඩම් වල ක්‍රියාකාරිත්ව මතයි. ඒ සඳහා යන්ත්‍ර සූත්‍ර හා ට්‍රැක්ටර් භාවිතය සමග කෘෂිකර්මය තීව්‍රකරණය කලයුතු වේ. වෙනත් ක්‍රමයක් නැත්තේය.“

සෝවියට් දේශය සාමුහීක ගොවිපළවල් ගොඩනැගුවේ ඇයි?



15 වන සම්මේලනය පවත්වන කාලය තුලදී රට තුල කෘෂිකර්මය ස්තාපනය කිරීම කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරන ලදී. ඉන් ප්‍රධාන අවධානය යොමු කලේ ධානය වගාව සඳහාය. රටේ දළ ධානය නිෂ්පාදනය පෙර - යුධ මට්ටම දක්වා වර්ධනය වූ අතර වෙළදාම සඳහා ධානය නිෂ්පාදනයේ කොටසක් නගර වලට සැපයූ අතර ඉතිරිය හමුදාව සඳහා විකුණන ලදී. එවකට සෝවියට් දේශයේ කුඩා හා ක්ෂුද්‍ර ගොවිපොළවල් මිලියන 25 ක් පමණ විය. කුඩා ගොවි පොළවල් අර්ධ යැපුම් මට්ටමේ ඒවා විය.

        සෝවියට් දේශයේ කෘෂිකර්මාන්තය මහ පරිමාණ නිෂ්පාදන කරා ගමන්කිරීමට අවස්ථා දෙකක් පැවති අතර, පළමු අවස්ථාව ගමේ නිෂ්පාදන ධනේශ්වර මහ පරිමාණ නිෂ්පාදන බවට පරිවර්තනය කිරීම වූ අතර, දෙවන අවස්ථාව කුඩා ගොවිපළවල් මහ පරිමාණ සමාජවාදී ආර්ථිකයට බද්ධ කොට සමූහ ගොවිපළවල් නිර්මාණය කිරීමයි.
       
සෝවියට් රජය මින් දෙවන අවස්ථාව කෘෂිකාර්මීක වර්ධනය සඳහා තෝරාගන්නා ලදී.

        “ කුඩා ගොවිපළවල් වලින් ඉවත්වීමේ අවශ්‍යතාවයක් නොමැත.“ ලෙනින් පෙන්වාදෙන ලදී. ( ව්ලදිමීර් ඉලිච් ලෙනින්. නිබන්ධන, වෙළුම 24, පිටුව 540.)

        වඩා මූලිකත්වය ලබාදිය යුතු ආර්ථික අවශ්‍යතාවය වූයේ ජනතාව විසින් සාමූහීකරණය සඳහා පිවිසීමයි. මේ සඳහා ස්තාලින් විසින් නායකත්වය ලබා දෙන ලදී.








1941 වර්ෂයේ ජූනි මස 22 වන දින හිට්ලර්ගේ අධිරාජ්‍යවාදී ජර්මනිය රළු ලෙස එකිනෙකා අක්‍රමණය නොකර ලෙස එළඹුනු ගිවිසුම පුදුම සහගත ලෙස කඩකරමින් සෝවියට් දේශය ආක්‍රමණය කරන ලදී. යුද්ධය සෝවියට් දේශයේ සංවර්ධනය කෙරෙහි බලපෑ හැරවුම් ලක්ෂය විය. සෝවියට් දේශය තුල ගොඩනැගෙමින් පැවති සාමකාමීවාතාවරනය අවසන් විය. විමුක්තිදායි දේශප්‍රේමි යුද්ධය (දෙවන මහ ලෝක යුද්ධය) ජර්මානු ආක්‍රමණයට එරෙහිව සෝවියට් ජනයා විසින් ආරම්භ කරන ලදී. සෝවියට් ජනතාව හා එහි සියළු බලවේග සතුරා පලවා හැරීමට ඒකරාෂි විය. රාජ්‍ය ආරක්ෂක කමිටුවේ සභාපති ලෙස ස්තාලින් පත්කරන ලදී. ස්තාලින් සෝවියට් දේශයේ සන්නද්ධ හමුදා ප්‍රධානි ලෙස යුද්ධයේ මූලිකත්වය දැරුවේය. ඔහු සෝවියට් ජනයා රුද්‍ර හා සටකපට හතුරාට, ජර්මානු ෆැසිස්ට්වාදයට එරෙහිව මෙහෙයවන ලදී. නාසි ජර්මානු හමුදාව හිට්ලර්ගේ නායකත්වය යටතේ සිය කොල්ලකාරී, ආක්‍රමණික යුද්ධය ආරම්භ කලේ ඉතා වාසි සහගත ත්ත්වයක් යටතේය. නාසි හමුදාව පූර්ණ ලෙස බලමුළුගැන්වී තිබු අතර බටහිර යුරෝපයේ යුද ජයග්‍රහණ වලින් පන්නරය ලබා තිබුනි. නාසි සේනාංක 170 ක්, සන්නද්ධ යුධ ටැංකි හා ප්‍රහාරක යානා දහසකට අධික සංඛ්‍යාවක් සෝවියට් දේශසීමා කරා ඇදුනු අතර අනපේක්ෂිතව සෝවියට් රාජ්‍ය වෙත කඩා වැදුනි.  යුද්ධයේ ආරම්භක අවස්ථාව සෝවියට් දේශයට ඉතා අවාසිදායක වූයේ ආයුධ සන්නද්ධ රටක් නොවීම හේතුවෙනි. නාසි සොල්දාදුවන්ගේ සංඛ්‍යාත්මක බලය, සුපිරි බලවේගය, තාක්ෂණය හා පීඩනයත් සමග හදිසි ප්‍රහාරයේ වාසිය ජර්මනිය ලබාගත්තේය. සෝවියට් හමුදාව රට තුලට පසුබැසීම අනිවාර්යයෙන් සිදු කල යුතුවිය. මේ හේතුවෙන් දස දිනක් තුල නාසි හමුදාව ලිත්වියාව, ලත්වියාවේ සැලකිය යුතු කොටසක්, බටහිර බෙලොරුසියාව හා බටහිර උක්රායීනය අත්පත් කර ගත්තේය. සෝවියට් දේශය බරපතල අවදානමකට ලක් විය.

Sunday, August 21, 2016



අන්නෙන්ස්කි ඉන්නොකෙන්ති ෆෙදොරොවිච්.


ඉටිපහන නිවීයන්නේය.

අඳුරේ ඉටිපන්දම් දළු
ජනිත වන්නට වූයේ සජීවිව මෙන්,
ඇසිල්ලෙන් ගින්න නිවිගියේය,
හිරිකඩ සැලෙන රාත්‍රියේ,
නමුත් ගැඹුරු යැදීමත් සමග
උණුසුම් වන්නේය කිරණ දිගුකල්
අඳුරේ ඉටිපන්දම් දළු.

අහ්, වෛතාලයේ නින්දට වැටුනා වියහැක,
එසේය බිරාන්ත විය දිවයන සිහින,
උමතු අශාවන් සේ
නිහඩව දරාගන්න මියයාම
කිඳාබසින රළ.
ඉටිපහන නිවිගියන්නේය. වාතාශ්‍රය නොමැති රැයේ .............
එහ්, වෛතාලයේ නින්දට වැටුනා වියහැක ............

අන්නෙන්ස්කි ඉන්නොකෙන්ති ෆෙදොරොවිච්.
රුසියන් බසින් සිංහල බසට,
ෆිලික්ස් ප්‍රනාන්දු.

Wednesday, August 10, 2016

පස්වන කොටස.



රෝගී තත්ත්වය හේතුවෙන්, ලෙනින් මියගිය පසු සමාජවාදයේ සතුරන් විසින් බොල්ෂෙවික් පක්ෂයේ ලෙනින් ගමන්මග වෙනස් කිරීමට උත්සහ කළහ. ඔවුන්ගේ උත්සහය වූයේ නැවත රට තුල ධනවාදය ස්ථාපනය කිරීමයි. පක්ෂයේ පැවැත්මට විශේෂයෙන්ම ප්‍රචන්ඩ ලෙස බලපෑම් කලේ ත්‍රෝත්ස්කි හා ඔහුගේ අනුගාමිකයින් වේ. ත්‍රෝත්ස්කිවාදීන් පක්ෂය තුල නව කථිකාවක් ආරම්භ කළහ. සටන ඉතාමත් දරුණු විය. ස්තාලින් විසින් ත්‍රෝත්ස්කිවාදය පක්ෂය තුල පරාජය කරන ලදී.

1924 වර්ෂයේ නොවැම්බර් මස සියළු සංගම් මධ්‍යසභා වෘත්තීය සංගම් සැසිවාරයේදී ස්තාලින් “ ත්‍රෝත්ස්කිවාදය හා ලෙනින්වාදය “ යන මාතෘකාව යටතේ අදහස් ඉදිරිපත් කලේය.
“ මෙම මෙහොතේ, - ස්තාලින් කථා කරමින්, - ඔක්තෝම්බරයේ ජයග්‍රහණයෙන් පසු, නව වාතාවරණය යටතේ නව ආර්ථික දේශපාලනය ත්‍රෝත්ස්කිවාදීන් විසින් ඉතා භයානක ලෙස සළකන ලදී. ඔවුන් අපේ විප්ලවීය ශක්තිය විශ්වාසනීය නොවන බව ජනතාවට ඒත්තු ගැන්වීමට උත්සහ කරන ලදී. සංගමයේ කම්කරුවන්ගේ හා ගොවීන්ගේ කර්තව්‍යන් පිළිබඳ විශ්වාසය පළුදු කිරිමට උත්සහ කරන ලදී. රුසියානු සමාජවාදය තුල නව ආර්ථික දේශපාලන පරිවර්තනය කෙරෙහි විශ්වාස නොකරන ලෙසට ජනතාව මෙහෙයෙවීමට උත්සහ කරන ලදී. ( ජොසෆ් ස්තාලින්. නිබන්ධන, වෙළුම 7. පිටුව 32- 33 දක්වා )

ත්‍රෝස්කිවාදයේ දෘෂ්ටිමය බලවත් පරාජය සමාජවාදයේ ඉදිරි ජයග්‍රහණ කෙරෙහි බලවත් ලෙස බලපෑවේය. යනුවෙන් ස්තාලින් මෙසේ ලියා තැබුවේය.
“ ත්‍රෝත්ස්කිවාදය බිඳ නොහෙලා, නව ආර්ථික දේපාලනය ජයග්‍රහණය කිරීම උකහටය. වත්මන් රුසියාව, රුසියානු සමාජවාදයට පරිවර්තනය කිරීමට උකහටය.“ ( ජොසෆ් ස්තාලින්. නිබන්ධන, වෙළුම 7. පිටුව 33 )
ත්‍රෝත්ස්කිවාදයට එරෙහිව කල සටනේදී ස්තාලින් පක්ෂය මධ්‍යම කාරක සභාව වටා එක්රැස් කලේය. එලෙසම ඔහු පක්ෂය, ඉදිරි සටන් වලට හා සමාජවාදයේ ජයග්‍රහණ උදෙසා බලමුලු ගැන්වූයේය. එම ක්‍රියාව ලෙනින්වාදයට දීර්ඝ පදනමක් දැමු අතර ලෙනින් විසින් මාක්වාදී න්‍යාය දියුණු කිරීමට කටයුතු කලේය. ස්තාලින් විසින් ලෙනින්වාදය සඳහා සම්භාව්‍ය නිර්වචනයක් ලබාදුන්නේය.
        ජාතික ආර්ථිකය ස්ථාපනය කිරීමේ කර්තව්‍ය අවසානයට පැමිණියේය. සෝවියට් දේශයේ, දේශිය හා ජාත්‍යන්තර වාතාවරනය වෙනස්විය.

1924 වර්ෂයේ ස්තාලින් මෙසේ ලියා තැබුවේය.

“ කම්කරුවනී පතමි ජවය. “

න්‍යායාත්මකව සාරාංශගත කල මහ ඔක්තෝම්බර් සමාජවාදි විප්ලවයේ අත්දැකීම් හා ධනේශ්වර පරිසරය තුල සමාජවාදය ගොඩනැගීමහිලා පළමු වර්ෂවල වල ලද අත්දැකීම් මත රටක් තුල සමාජවාදයේ ජයග්‍රහණය පිළිබඳ ලෙනින්ගේ ඉගැන්වීම් ස්තාලින් විසින් ආරක්ෂා කරමින් වර්ධනය කලේය.

        1924 වර්ෂයේදී ස්තාලින් විසින් “ ඔක්තෝම්බර් විප්ලවය හා රුසියානු කොමියුනිස්ට්වාදීන්ගේ උපක්‍රම “ යනුවෙන් ලිපියක් නිකුත් කරන ලදී. එක් රටක් තුල සමාජවාදයේ ජයග්‍රහණය සම්බන්ධයෙන් ලෙනින්ගේ ස්ථාවරය සාධාරණිකරනය කරමින් ස්තාලින් පෙන්වා දුන්නේ එම ගැටළුවේ පැති දෙකක් පැහැදිළිව තිබෙන බවයි. එය අභ්‍යන්තර හා ජාත්‍යන්තර යනුවෙනි. අභ්‍යන්තරය පැතිකඩ - පන්ති අතර සහයෝගිතාවය රට තුල සමාජවාදය ගොඩනැගීම සඳහා වූ ගැටළුව; ජාත්‍යන්තර පැතිකඩ - තවමත් එකම සමාජවාදි රට වූ සෝවියට් දේශය සමග සහයෝගිතාවය ඇති කරගත් ධනවාදී පරිසරය.

        1925 වර්ෂයේ දෙසැම්බර් මස පක්ෂයේ 14 වන සම්මේලනය පැවැත්විනි. සෝවියට් දේශය කෘෂිකර්මාන්තය කාර්මීකරණයට ලක් වූ බව එම සම්මේලනයේදී ඔහු කියා සිටියේය.


        ඒ අනුව නවීන යන්ත්‍ර වලින් හෙබි කෘෂිකාර්මීක කර්මාන්ත ශාලා ගොඩනැගීමට අවශ්‍ය විය. ඒ සඳහා විශාල අරමුදල් සම්භාරයක් අවශ්‍ය විය. එම අරමුදල් සෝවියට් දේශය තුලින් උපයා ගැනීමට ස්තාලින් විසින් කටයුතු කලේය.


        ලෙනින්ගේ පදනම මත මගපෙන්වමින් සිතාලින් විසින් සමාජවාදී කාර්මීකරණය දියුණු කිරීම සඳහා විධිවිධාන යොදවන ලදී. එහිදී ඔහු විසින් පහත කරුණු පෙන්වා දෙන ලදී.

1.   කාර්මීකරණයේ ආරම්භය කර්මාන්ත යන්හී සරල වර්ධනය මත රඳා නොපවතින අතර, බැර කර්මාන්තයන්හී වර්ධනයට හා සියල්ලට ප්‍රථම එහි හරය - ඉන්ජිනේරු විද්‍යාව වේ.

2.   ඉඩම් හිමියන් විසින් ඉඩම් බලහත්කාරයෙන් අත්පත්කර ගැනීම හා පුද්ගලීක ඉඩම්, කර්මාන්ත ශාලා හා බැංකු හිමිකාරිත්වය ඔක්තෝම්බර් සමාජවාදී විප්ලවයේ ප්‍රතිඵලයක් ලෙස අහෝසි කරන ලදී. එම දේපල, ජනතා දේපලක් ලෙස පර්වර්තනය කිරීම බලවත් සමාජවාදී ප්‍රභවයක් ගොඩනගන ලදී.

3.   සමාජවාදී කාර්මීකරනය සහමුලින්ම ධනවාදී කාර්මීකරණයෙන් වෙනස් වේ. එය එනම් ශ්‍රමය සුරාකෑමෙන් තොර එකකි.

4.   එම නිසා කාර්මීකරණය සඳහා වූ සටන ඉතා ඉහල ශ්‍රම ඵලදායිතාවයකින් යුක්තවු අතර පිරිවැය අවම විය.

5.   සෝවියට් දේශය තුල සමාජවාදය ගොඩනැගීමේ කොන්දේසිය වූයේ, කම්කරු පන්තියේ උද්යෝගයයි.

6.   කෘෂිකාර්මික සමාජවාදී පරිවර්තනය සඳහා වූ මග වැටී ඇත්තේ රටේ කාර්මීකරණය හරහාය.


රටේ සමාජවාදී කාර්මීකරණය සඳහා සෝවියට් දේශයේ ශ්‍රමිකයින් පැහැදිළි හා නිශ්චිත වැඩ සටහන් සඳහා සන්නද්ධ වූහ. 

Saturday, August 6, 2016

හතරවන කොටස



කම්කරු පුවත්පත



1924 වර්ෂයේ ජනවාරි 26 දින ශෝකජනක රැස්වීම ආරම්භ කරන ලදී. ඔහු එහිදී ප්‍රබල කතාවක් කලේය. ඔහු පක්ෂයේ නාමයෙන් දිවුරුමක්ලබා දුන්නේය.

“ අපි කොමියුනිස්ට්වාදීන්,- සුවිශේෂ වූ මිනිසුන් පිරිසක්. අපි සුවිශේෂ වූ අමුද්‍රව්‍යයෙන් නිම වූවෝය. අපි - ශ්‍රේෂ්ඨ කම්කරු උපාය මාර්ගික හමුදාක් ගොඩනැගුවෙමු. ලෙනින් සහෝදරයාගේ හමුදාවක්. මේ හමුදාවේ ගෞරවය තරම් වෙන කිසිවක් ඉහල නැත. පක්ෂයේ සාමාජිකයෙකු වීම තරම් වෙන කිසිවක් ඉහල නැත. නිර්මාතෘ හා නායකයා වූයේ සහෝදර ලෙනින් වේ........

අපෙන් ඉවත්වයමින්, ලෙනින් සහෝදරයා ඉහළ ජීවන තත්ත්වයෙන් විසීමට හා පක්ෂ සාමාජිකත්වයේ සුපිරිසිඳු හිමිකම් ආරක්ෂා කිරීම සඳහා අප කැඳවන ලදී. ඔබට දිවුරා කියමු ලෙනින් සහෝදරයා, අපි ගෞරවාන්විතව ඉටු කරන්නෙමු ඔබගේ ආඥාව! ......

අපෙන් ඉවත්වයමින්, ලෙනින් සහෝදරයා පක්ෂයේ ඒකීයත්වය ඇස සේ ආරක්ෂා කිරීමට අපව කැඳවන ලදී. ඔබට දිවුරා කියමු ලෙනින් සහෝදරයා අපි ගෞරවාන්විතව ඉටු කරන්නෙමු ඔබගේ ආඥාව! ......

අපෙන් ඉවත්වයමින්, ලෙනින් සහෝදරයා කම්කරු පන්තියේ අඥාදායකත්වය ආරක්ෂා කිරීම හා ශක්තිමත් කිරීම සඳහා අප කැඳවන ලදී. ඔබට දිවුරා කියමු ලෙනින් සහෝදරයා අපි ගෞරවාන්විතව ඉටු කරන්නෙමු ඔබගේ ආඥාව! ......

අපෙන් ඉවත්වයමින්, ලෙනින් සහෝදරයා කම්කරු හා ගොවීන්ගේ එකමුතුව ශක්තිමත් කිරීමට කැඳවන ලදී. ඔබට දිවුරා කියමු ලෙනින් සහෝදරයා අපි ගෞරවාන්විතව ඉටු කරන්නෙමු ඔබගේ ආඥාව! ......

ලෙනින් සහෝදරයා, රටේ ජනතාවගේ ස්වේච්ඡා එකමුතුවේ අවශ්‍යයැයි වෙහෙස නොබලා කියු අතර, සෝවියට් ජනපද අතර සහෝදරත්වය අවශ්‍ය යැයි කීවේය.

අපෙන් ඉවත්වයමින්, ලෙනින් සහෝදරයා සෝවියට් ජනපද ශක්තිමත් කිරීමට හා ව්‍යාප්ත කිරීමට ඉල්ලා සිටියේය. ඔබට දිවුරා කියමු ලෙනින් සහෝදරයා අපි ගෞරවාන්විතව ඉටු කරන්නෙමු ඔබගේ ආඥාව! ......

ලෙනින් එක් වතාවක් නොවේ තහවුරු කලේ අපට, රතු හමුදාව ශක්තිමත් කිරීම හා එහි තත්ත්වය උසස් කිරීම පක්ෂයේ ප්‍රධාන කාර්යයක් වන බව..... දිවුරාම කියමු, සහෝදරයා, අපි නොවලක්වා සියළු ශක්තිය යොදවමු ශක්තිමත් කිරීමට රතු හමුදාව, රතු පෙරමුණ!..

අපෙන් ඉවත්ව යමින්, ලෙනින් සහෝදරයා ජාත්‍යන්තර කොමියුනිස්ට් ප්‍රතිපත්තියට පක්ෂපාතිත්වය සඳහා කැඳෙව්වේය. ඔබට දිවුරා කියමු ලෙනින් සහෝදරයා, ශක්තිමත් කිරීමට හා ව්‍යාප්ත කිරීමට කම්කරුවන්ගේ සමීති දියතේ - කොමියුනිස්ට් ජාත්‍යන්තරයේ!“
( ජොසෆ් ස්තාලින්. නිබන්ධන, පිටුව 46 -51 දක්වා )

එම දිවුරුම බොල්ෂෙවික් පක්ෂය විසින් තම ගුරුවරයාට හා නිර්මාතෘවරයාට, ශතවර්ෂ ගණනාවක් ජීවත් වන ලෙනින් වෙත ලබාදුන් එකකි. එම දිවුරුමපක්ෂය හා පක්ෂයේ නායකයාවූ ස්තාලින් විසින් ගෞරවයෙන් ඉටුකරනලදී.

ලෙනින්ගේ පළමු වාර්ෂික අනුසමරණ දිනයේදීම ස්තාලින් විසින් “ කම්කරු පුවත්පත“ ලියු ලිපයේ මෙසේ සඳහන් විය.

“ මතක තබාගන්න, ආදරය කරන්න, ඉලීචාව අධ්‍යනය කරන්න, අපගේ ගුරුවරයාව, අපේ නායකයාව. සටන්කරන්න, දිනන්න හතුරාව, ඇතුලාන්තයෙන් හා බාහිරින් - ඉලීච්ට අනුව. ගොඩනගන්න නව ජීවිතයක්, නව ජීවිතයක්, නව සංස්කෘතියක්,- ඉලීච්ට අනුව. කවරදාවත් ප්‍රතික්ෂේප නොකරන්න කුඩා කටයුත්තක් පවා, කුඩා දෙයින් විශාල දේ ගොඩනැගෙන නිසා, - එය ලෙනින්ගේ එක් වැදගත් උපදෙසකි. ( ජොසෆ් ස්තාලින්. නිබන්ධන, වෙළුම 7. පිටුව 15 දක්වා )


සෝවියට් ජනතාව ස්තාලින්ගේ මේ උපදෙස් නිරන්තරයෙන් අනුගමන කලේය.

Tuesday, August 2, 2016

තෙවන කොටස

රතු හමුදාවේ නිර්මාතෘවරු වූයේ කම්කරුවන් හා ගොවීන්ය.

එමෙන්ම බොල්ෂෙවික් පක්ෂයේ නායකත්වය ලෙනින් හා ස්තාලින් විසින් හොබවන ලදී.

       රතුහමුදාවට කාර්යක්ෂම ජීවය ලබාදෙන්නා හා එහි සියළුම වැදගත් ජයග්‍රහණ වල සංවිධායක වූයේ ස්තාලින් වේ. විප්ලවය තීරණාතමක වූයේ කොතැනද එතැනට පක්ෂය විසින් ස්තාලින්ව පිටත්කර හැරියේය. ස්තාලින් වැදගත් උපාය මාර්ගික සැළසුම් වල මැවුම්කරු වූයේය. ස්තාලින් තීරණාත්මක යුධ මෙහෙයුම් මෙහෙයවූ අයෙකි. ඔහුගේ නම රතු හමුදාවේ සෑම වැදගත් ජයග්‍රහණයක් සමගම ඈදී පවතින්නේය.

     ආක්‍රමණිකයින් සමග වූ යුද්ධය ජයග්‍රහණයෙන් නිමාවූ අතර සෝවියට් බලය ලෝක ආර්ථිකයේ ගොඩනැගීමට විශාල රුකුලක් විය. සෝවියට් දේශය සිව් වසරක අධිරාජ්‍යවාදී යුද්ධයෙන් හා තුන් වසරක සිවිල් යුද්ධයෙන් හෙම්බත් වී තිබුනි. රටේ ආර්ථිකය ගොඩනැගීම, පක්ෂය ඉදිරියේ වූ ප්‍රධාන ප්‍රශ්නය විය. ඒ අනුව කම්කරුවන් හා ගොවීන් විසින් නව ආර්ථික පදනමක් ගොඩනගන ලදී. ස්තාලින් ලෙනින් සමග එක්ව නිරන්තරයෙන් පක්ෂයේ පිළිවෙත් ආරක්ෂා කල අතර සතුරන් විනාශ කිරීමට කටයුතු කලේය.

        ඔක්තෝම්බර් විප්ලවය හේතුවෙන් බලය අහිමි වූ ඉඩම් හිමියන් හා ධනවාදීන් වෙනත් රටවල ධනවාදීන් සමග රහස් සාකච්ඡා පැවැත්වූයේ සෝවියට් රාජ්‍යට එරෙහිව යුධ මැදිහත් වීමකට පිවිසීමටය. ඔවුන්ගේ ඉක්කය වූයේ කම්කරුවන් හා ගොවීන් පරාජය කිරීම, සෝවියට් බලය පරාජය කර යටත් කරගැනීමයි. පන්ති සතුරා විසින් ආරම්භයේදී සෝවියට් දේශය තුල පැවති අසතුටුදායක ආර්ථික තත්ත්වය ප්‍රයෝජනයට ගැනීමට උත්සහ කලේය. රටේ නව පසුබිම තුල උද්ගතවූ සියළුම ප්‍රශ්න විසඳා ආර්ථිකය ශක්තිමත් කිරීම නව රජය ඉදිරියේ වූ ප්‍රධානතම අභියෝගය වූයේය.

        පක්ෂයට එරෙහි වූ කණ්ඩායම් නව සමාජ ආර්ථික තත්ත්වය මත එහි ක්‍රියාකාරකම්වලට බාධා කිරීමට උත්සහ කළේය. 1920 වර්ෂයේ අවසානයේදී ඔවුන් පක්ෂයත් සමග වෘත්තීය සමීති ව්‍යාපාරයක් ආරම්භ කිරීමට සාකච්ඡා කරන ලදී.

        ස්තාලින් සංවිධානාත්මකව ලෙනින්වාදයට එරෙහි වූවන්ගේ අරගලය වෘත්තීය සමිති පිහිටුවීම සම්බන්ධයෙන්වූ සාකච්ඡා පවත්වන කාලය තුලදී කලමනාකරණය කලේය. ඒ අනුව එම පිරිසද ලෙනින් මතවාදී වේදිකාව වටා එක්රැස්විය. ස්තාලින් විසින් පක්ෂයේ ජයග්‍රහණ, පවත්වන ලද සාකච්ඡා වල ප්‍රතිඵල හා ජයග්‍රහණ, සටහන්, එදිරිවාදීන්ගේ පරාජයන් “ ප්‍රාව්දා “ ( සත්‍ය ) පුවත්පත මගින් ප්‍රසිද්ධ කරන ලදී. 1921 වර්ෂයේ ජනවාරි මස 19 වන දින “ අපේ වෙනස්කම්“ නමින් වූ ස්තාලින්ගේ ලිපිය ප්‍රසිද්ධ කරන ලදී. පක්ෂයේ 10 වන සමුළුවේදී ලෙනින්වාදීන් පක්ෂයේ තනතුරු වලට පැමිණියේය. එය මූලික ගැටළු විසඳා ගනිමින් විප්ලවයේ අනාගත ජයග්‍රහණ ඉදිරියට ගෙන යාමට රුකුලක්විය. 10 වන පක්ෂ සමුළුව විසින් රටේ බදු ප්‍රතිපත්තිය, නව දේශපාලන ආර්ථික ප්‍රතිපත්තිය යන වැදගත් තීරණ වලට එළඹිය. එහි මැවුම්කරු වූයේ ව්ලදීමීර් ඉලිච් ලෙනින් වේ. ස්තාලින් විසින් “ ජාතික ගැටළුව තුල පක්ෂයේ මූලික කර්තව්‍ය “ නමින් වාර්තාවක් පක්ෂ සමුළුව වෙත ඉදිරිපත් කරන ලදී. මෙම වාර්තාවෙන් පසු ජාතික ගැටළුව නිරාකරණය කිරීම සඳහා ගතයුතු තීන්දු තිරණ පැහැදිව සකස් විය. අපි ජාතික ප්‍රශ්නයේ පීඩනය දියකර හරින ලදී යනුවෙන් ස්තාලින් සටහන් කරන ලදී.

        ඉන් අනතුරුව ස්තාලින් ජාතික සෝවියට් සමූහආණ්ඩු ආරම්භ කිරීම සඳහා විශාල කාර්ය භාරයක් ආරම්භ කලේය. එම සියළුම සමූහආණ්ඩු එක් රජයක් යටතට ගනිමින් එම රට සෝවියට් සමාජවාදී සමූහආණ්ඩු සංගමය නමින් නම්කරන ලදී. සෝවියට් සමාජවාදී සමූහආණ්ඩු සංගමය නිර්මාණය කිරීම ලෙනින් - ස්තාලින් ජාතික දේශපාලනයේ සුවිශාල ජයග්‍රහණයක් විය. සෝවියට් සමාජවාදී සමූහආණ්ඩු සංගමය ජනතාවගේ මිත්‍රත්ත්වයේ ස්ථීරසාර පදනම මත ගොඩනැගිනි.


        1923 වර්ෂයේ අප්‍රේල් මස12 වන පක්ෂ සම්මේලනය පැවැත්විනි. ඔක්තෝම්බර් සමාජවාදී විප්ලවයේ ජයග්‍රහණයෙන් පසු පැවති ප්‍රථම පක්ෂ සමුළුව එය විය. රෝගාතුර වීම මත ලෙනින් ඊට සහභාගි නොවීය. එම සම්මේලනය පැවැත්වීමේදී ලෙනින් විසින් එතෙක් ලියන ලද සියළුම ලිපි වල සඳහන් කරුණු සැළකිල්ලට ගන්නා ලදී. එම සම්මේලනයේදී ස්තාලින් “ පක්ෂය හා රාජ්‍ය ගොඩනැගීමෙහිලා ජාතික නිමේෂයන් “ යනුවෙන් වාර්තාවක් ඉදිරිපත් කරන ලදී.


        1924 වර්ෂයේ ජනවාරි 21 වන දින බොල්ෂෙවික් පක්ෂයේ නායක හා එහි නිර්මාතෘ ලෙනින් මිය ගියේය.