Sunday, August 21, 2016



අන්නෙන්ස්කි ඉන්නොකෙන්ති ෆෙදොරොවිච්.


ඉටිපහන නිවීයන්නේය.

අඳුරේ ඉටිපන්දම් දළු
ජනිත වන්නට වූයේ සජීවිව මෙන්,
ඇසිල්ලෙන් ගින්න නිවිගියේය,
හිරිකඩ සැලෙන රාත්‍රියේ,
නමුත් ගැඹුරු යැදීමත් සමග
උණුසුම් වන්නේය කිරණ දිගුකල්
අඳුරේ ඉටිපන්දම් දළු.

අහ්, වෛතාලයේ නින්දට වැටුනා වියහැක,
එසේය බිරාන්ත විය දිවයන සිහින,
උමතු අශාවන් සේ
නිහඩව දරාගන්න මියයාම
කිඳාබසින රළ.
ඉටිපහන නිවිගියන්නේය. වාතාශ්‍රය නොමැති රැයේ .............
එහ්, වෛතාලයේ නින්දට වැටුනා වියහැක ............

අන්නෙන්ස්කි ඉන්නොකෙන්ති ෆෙදොරොවිච්.
රුසියන් බසින් සිංහල බසට,
ෆිලික්ස් ප්‍රනාන්දු.

4 comments:

  1. මේ වචන කියෝගෙන් යනකොට මාව ඉබේම ඒ පරිසරය ඇතුලේ ජීවත් වෙනවා වගේ දැනෙනවා.

    ඒ කියන්නේ ඔබේ පරිවර්තනය සාර්ථකයි.

    ReplyDelete
    Replies
    1. ඔබගේ අදහස් මම අගය කරනවා

      Delete
  2. හොඳ කවි අනුවර්තනයක්

    ReplyDelete