Saturday, December 31, 2016

උයන


 තුෂාරයෙන් වැසුනු උයන.


සියළු කාන්ති විහිඳුවන්නේය හා සවිමත්වන්නේය,
තුෂාරයෙන් වැසුනු උයන.
ඉවත්වන මා වෙතින් ශෝකී වන්නේය,
එහෙත් ආපසු මගක් නැත.

පඬුවන් හිරුගේ උදාසීන වත
වට කවුළුව පමණක් හා;
මම රහසින් දනිමි, කාගේ හෙවනැල්ල
ඇළුණේ ඔහු වෙත බෙහෝ කලක්.

මාගේ ශාන්තිය සදහටම ලබා ගත්තේය
කලින් හැඟුනු ගැහැට,
හීන් තුසර අතරින් නොකඩවා තවමත් බබළන්නේය
තුන්දා පා සටහන්.

වැටුනේය පහතට විඩාබර නීරස මුහුණ
ගොළුවා වෙත නින්ද ක්ෂේම භූමියකි,
නතර වන්නේය තියුණු වැලපීම
හා ආබාධිත කොකුන්.

ආන්නා අහ්මාතවා.
1911.
ත්සාර්කොයේ සිලෝ.
සිංහල බසින් රුසියන් බසට,

ෆීලික්ස් ප්‍රනාන්දු.

ආදරය.




 බියකරුය ඇයව අනුමාන කිරීම තවමත් නුපුරුදු සිනහවෙන්.

ඒ සර්පයාගේ, දරණෙ ගැසූනු,
ඔහුගේ හදවත වශී කරන්නේය,
ඒ මුළු දිනයේදිම පරවියා
ධවළ කවුළුව මත සිට කූජනය කරන්නේය,

මල් තුහින තුල ප්‍රභාවත්ව බබලන්නේය,
පෙලහර පාන්නේය අඩනින්දෙ සුවඳැති මල්.....
විශ්වසනීයව හා රහසිගතව හසුරවන්නේය
අහ්ලාදයෙන් හා ශාන්තියෙන්.

හැකිවන්නේය හැඬීමට එතරම් කන්කලුව
අයදීමේ ප්‍රාර්ථනය වීණාවේ,
බියකරුය ඇයව අනුමාන කිරීම
තවමත් නුපුරුදු සිනහවෙන්.

ආන්නා අහ්මාතවා.
1911 නොවැම්බර් 24,
ත්සාර්කොයේ සිලෝ.( ත්සාර්ගේ ගම්මානයේ)
රුසියන් බසින් සිංහල බසට,

ෆීලික්ස් ප්‍රනාන්දු.

Friday, December 30, 2016

දෙවියා.





යුවති නස්තාස්‍යා
යහපත් වෙනෙකෙක් රැකබලා ගත්තාය,
නිරුවත් දෙපා දිව ගියේ අයහපත් කාළගුණයේ දී
මහල්ලා වෙත වොඩ්කා රැගෙන ඒමට,

ඇයට විශ්වාසවන්ත වූයේය දෙවියා ළකල්
ගැබ තුල, හිරු කිරණින් පෙඟුනු,
හුරුබුහුටි, සාධාරණ,
රනින් නිමැවුනු පැරණි වස්ත්‍රය ඇඳි.

නමුත් බේබදු ඉක්කාව මැද,
අතරෙහි සියළු ආළාමුළාවන්
කළුවූ සුරුවම් දෙකක්
ප්‍රිය නොවීය ඔහුට.

ඒ පසුපස හදිස්සියේම විකසිත විය චිකරි මල්,
ප්‍රමුදිත වූයේය මුතු,
විසිර ගියේය, පල්ලියේ ගීතිකා සේ,
සරල නාමය මනාලයාගේ.

ඔහු එක්වරම වැඩුනේය වැට අද්දර,
රැගෙන ගියේය ඇයට කසාවන් පදක්කම
එතරම් යසට දෙවියා පසු පස ගියේය
තම තරුණ මහිමයෙන්.

හදවතේ ශුද්ධත්ත්වයෙන් ශුද්ධත්ත්වය ඇති වූයේ
ගිගුම්දෙන ඒ එකෝඩියනයෙන්
මුද්‍රිකපානයෙන්, ශ්‍රවණ මාධුර්්‍යය ගලපන්නාගෙන්
හා නිල් කමිසයෙන්.

ඔහු කලින්ම රැවටිලිකාර බැල්මක් හෙළුවේය,
ගෑස් ලේන්සුව ඉවත්කර
අසල්වාසියාගේ අටුව
ඇයගේ අඩපණ දෙඋරට ඉවත්කලේය....
  
නාස්ත්‍යා හිස පීරුවාය,
දෙකොණින් ගවුම ගත්තාය,
නාස්ත්‍යා ගැයුවාය, කියෙව්වාය,
දෑත් මුහුණ මත තබාගත්තාය.

“ අහ්, කුමක්ද මා හට නුඹ සිදු කලේ,
කුමණ විපතක්ද මැව්වේ!
කුමකටද නුඹ පසුගිය ඉරුදින
මට ධවළ රෝස මල් තෑගි කළේ?

ආහ්, විලෝ ගස, විලෝ ගස, මගේ විලෝ ගස,
හේබාන්නේ නැත නුඹ, විලෝ ගස, ඩිංගක් ඉන්න!
කොතැනක වන්නේද මගේ විශ්වාසය -
කුරුසිය ළැම මත නතරවූයේය.“

හිරිපොද අවුරැල්ල වෙනස් කලේය,
කිසිවක් සිදුවූයේ නැත,
දෙවියා යුවතියට සිනාසුනේය,
සියල්ල ඔහුගේ නොවීය.


බෙල්ලා අහ්මාදුලීනා.
රුසියන් බසින් සිංහල බසට,

ෆීලික්ස් ප්‍රනාන්දු.

Sunday, December 25, 2016

සුදු මීදුම.


පා හඬ, පා හඬ,
සුදු මීදුම.
රැකියාවට ජනයා
කඩි මුඩියේ යති, කඩි මුඩියේ යති.
සකළ පා හඬ,
සකළ පාද සේ
ඔරුවක් යන්නා සේ
පන්ගාලක් මත මෙන්.

ඒ පියවරයන් තුල, පියවරයන්
හා නුඹේ පා සටහන්,
ඒ පියවරයන් තුල, පියවරයන්
හා මගේ සන්තාප.
අපි අතර, මිතුර,
සියළු පවුර, පවුර.
ඒ පවුර නොවේ,
කුමක්ද ගඩොලින් බැඳි.

නුඹ පිටවයන්නේය, මිතුර,
මගෙන්, මගෙන්.
නද දුනි හදිස්සියේම
රාත්‍රියේ ස්මාරක.
කොහේදෝ ඒ රැයේ
රැ කොවුලන් නද දුනි,
කොහේදෝ ඒ රැයේ
දියත්ත මිලින විය.

මුහුණු නොපෙනෙ
සියළු පා සටහන් එකාකාරය.
සියළු පා සටහන්, පා සටහන්,
සියල්ල මායාවකි,මායාවකි.
සයුරු පසෙකට වූවා නොවේ
එහෙත් අන්ධ වූ දින,
සුදු හිම නොවේ,
අළු මීදුම.

මිහායිල් අන්චාරෆ්.
රුසියන් බසින් සිංහල බසට,

ෆීලික්ස් ප්‍රනාන්දු.

Sunday, December 18, 2016

සිහින පිළිබඳ හෑල්ල.



ජර්මනියේ එපිටහ පළාතේ
වියැකී ගොස් ඇත මහ සටන.
ඇවිද යන්නේය දැවුනු ඉපනැල්ලේ
සොල්දාදුවා උත්තම.
වැතිර සිටින්නේය, සේ ගොරොක් කඳක්,
දැවෙන උණුසුමේ.
මිහිකත කෙඩෙත්තු විය. ඇයට දිගුකලක්
විවේක ගන්නට දැනටමත් කාලය එළඹ ඇත.

ගංඉවුරේ හා
මිහිකත අද්දර
වකුටු වූයේය සොල්දාදුවා. මකුළුවෝ
සැඟව ගියෝය ධූලි තුළ.
පසෙක තැබීය අවසාන සැතපුම,
සොල්දාදුවාට තවත් මගක්,
එකල්හී විඩාපත් සිහින
ඇන තියාගත්තේය වීවේක ගැනීමට,

ඔහු දුටුවේය, සිහිනයෙන් සේ,
එබඳු ලාලිත්‍යයක්,
කුමක්ද, කවරෙක්ද යුද්ධයට නොගියේ,
සදහටම නොපෙනෙන්න.
ඔහු දොරටුව අද්දර. ඔහු මෙහි. කාලය පැමිණ ඇත.
ඇතුල් වූයේය උණුසුම් නොවෙමින්.
සියළු බාලකයෝ මිදුලෙන් එහා
පලායන්නෝය හමුවීමට.

මිතුරෝ කෑගසන්නෝය ඔහුට: ආයුබෝවන්!
කවුළු වලින් අත වනන්නෝය.
බලන්නෝය ධූවිළි වැකුණු පිස්තෝලය දෙස,
බලන්නෝය පදක්කම් දෙස,
පසුව ඔහු සිපගන්නේය
බිරිඳව, පියාව හා මවව,
ඔහු මංගල දිනය සැමරීමට
හා දින තුනක් නිදාගැනීමට උත්සුක වන්නේය.

පසුව ඔහු පිරිසිඳු කරන්නේය කෙත
යුද්ධයේ කුණු කසළ වලින්.
කෙත, ධූළි කරත්තයෙන්,
ඒ පිළිබඳ අමතක කල යුත්තේමය.
වර්ෂය පුරාම හිරු තබන්නේය
කාන්තිමත්ව තුසිතයේ,
තුසර දියවන්නේය සාංකාවෙන්
පැරණි ධ්‍රැව මත.

සදහටම නතර කිරීමට යුද්ධය
කාලය වන්නේය,
ඔහු පෘථිවි ගෝලය ඔසවා තබන්නේය
එපිටහාට හා පුළුල්ව.
සිහිකරන්නේය ඔහු, සිහින දුටුවා සේ
මෙහි, ආගන්තුක ගඟ මත,
ඔහු යුධ තුනක පළපුරුදු ඇත්තෙකු සේය
බුද්ධිය විසංවාදීය.

මිහායිල් අන්චාරෆ්.
රුසියන් බසින් සිංහල බසට,

ෆීලික්ස් ප්‍රනාන්දු.

Tuesday, December 13, 2016

සමාප්තිය.


සෝදා නොහරින්නෝය ආදරය
නැත අඬදඹර,
නැත දුරක්.
පරිකල්පනීයයි,
ස්ථීරයි,
තහවුරුයි.
ඔසවමින් ගරුගාම්භීරව පැදි එළිවැටෙන්,
වඳිමි -
ආදරෙයි
නොවෙනස්ව හා විශ්වාසීව.

ව්ලාදිමීර් මයකොව්ස්කි.
“ආදරය“ කාව්‍ය සංග්‍රහයෙන්.
රුසියන් බසින් සිංහල බසට,
ෆීලික්ස් ප්‍රනාන්දු.

Monday, December 12, 2016

වොල්ගා.



අපි රුසියානුවෝ. අපි වොල්ගාවේ දරුවෝ.
අපිට පුන් අරුතක් ඇති
අගේ ලැසි රළ,
රළුය, ගල් පව්වක් සේ.


රුසියාවේ ආදරය ඇයට සදාකල් ය.
අය වෙත ඇදී එන්නේය ආත්මයන් සියල්ලගේ
කුබාන් හා ද්නේපර්, නේවා හි ලීනා,
අන්ගාරා,යෙනිසේයි.

ආදරය කරමි ඇයට ලොවේ සියළු කලංක තුල,
සියල්ල විලෝ පඳුරක් අද්දර......
නමුදු වොල්ගා රුසියාවට - එය
ගඟකට වඩා වැඩි යමකි.

ඇය - කෙටියෙන් කිව හැකි කතාවක් නොවේ.
දශකයන් සමග ඈඳුනා සේය,
ඇය - රාසින් හා නික්‍රාසෆ්,
හා ලෙනින් - ඒ සියල්ල ඇය.

මට විශ්වාසයි වොල්ගා හා රුසියාව -
මිහිකතේ දුක්ඛිත බලාපොරොත්තුවේ.
මාව විශාල පවුලක හදා වඩා ගත්තෝය,
මාව පෝෂණය කලෝය, හැකි අයුරින්.

හෝරාවකදී දුක්මුසුය හා උද්යෝගිමත්ය
ඒ අයුරින් මම ජීවත්වෙමි හා ගයමි,
ඉහල කඳු මුදුනක වැනි
මම වොල්ගා ඉදිරියේ දෙපයින් සිටිමි.

මම සටන් විදින්නෙට, වැරදි කරන්නට වීමි,
නොදැන දුක්ඛිත නින්දාවෙන්.
මම වේදනාකාරීව මටම රිදවන්නට වීමි,
නමුත් කිසිම දිනක හඬා නෙවැළපෙමි.


ජීවත්වීම මට නැඹුල්ය හා රැව්දෙන්නේය,
සදා මට හඬනැගෙන්නේය හා මලින්බර වන්නේය,
කොතැනකවත් නැත මිහිමත වොල්ගා,
කොතැනකවත් නැත නුඹ, රුසියාව, එයයි.

යෙව්ගේනි යෙෆ්තුෂෙන්කෝ.
රුසියන් බසින් සිංහල බසට,

ෆීලික්ස් ප්‍රනාන්දු.