Wednesday, December 27, 2017

පුවත්පත් හා සඟරා කියවන්නාගේ සිතුවිලි.


උෆීමිස්කි ප්‍රාදේශීය පුවත්පත


නො කියවන්න උෆීමිස්කි ප්‍රාදේශීය පුවත්පත් : ඒ අතරින් ඔබ ආකර්ශණීය නොවන්නේ ය කිසිම තොරතුරකට පිළිබඳ උෆිම්ස්කි පළාතේ.
රුසියානු මුද්‍රණ හිමිකර ගත්තේ ය තම නියාවන් බොහෝ ප්‍රභවයන් ලොවේ. රුසියානු මුද්‍රණ සතුවන්නේ ය:  කොමාරෝව්ස්කි ආලෝකය, අරුණෝදය, දේදුන්න, ආලෝකය, සෙවනැළි, කිරණ, පුළිඟුව, අරුණෝදය වැනි දෑ. නමුදු ඇයි ද එතරම් අඳුරු?
රුසියානු මුද්‍රණ හිමිකර ගත්තේ ය නිරීක්ෂකයා, ආබාධිතයා හා සයිබීරියාව.
මුද්‍රණය හිමි වන්නේ ය විනෝදාස්වාදය, ක්‍රීඩා භාණ්ඩ, එනමුදු එයින් අවශ්‍ය වන්නේ ය, එයට එතරම් සතුටු බව....
රුසියානු මුද්‍රණයට ඇත්තේ ය හඬ  හා  දෝංකාරය තමන්ට ආවේනික...සේ?
දිගු කලක් නො වන, නො හැක්කේ ය පාරට්ටු කරන්න තම සියවසෙන්...
රුසියාවට ඇත්තේ ය කුඩා සමූහයක් මොස්කව් සමගින්.
රුසියානු සංකල්පය  තද ආවරණයක් තුළ යවන්නේ ය.
හිමි වන්නේ ය නිරෝගී බව හා වෛද්‍යවරයා, එනමුදු ඒ අතරේ කොපමණ සොහොන් ද?


උෆීමිස්කි ප්‍රාදේශීය පුවත්පත්      -   සතිපතා නිකුත් වන පුවත්පතකි. 1864 වසරේ සිට ඌෆාහී දී නිකුත් විය. සංස්කාරකවරු, වේ. බුත්කේවිච්, ඊ. ගුරේවිච්. මොස්කව් හා පෙතෙර්බූර්ස්කි පත්තරවල ලිපි හා පණිවිඩ මූලික වශයෙන් නැවත මුද්‍රණය කරන ලදී.

ආලෝකය                             -            දිනපතා නිකුත් වූ දේශපාලනික, ආර්ථික හා සාහිත්‍ය යන කරුණු සාකච්ඡා කළ පුවත්පතකි. 1882 වසරේ සිට වේ.වේ. කමරෝෆ් විසින් පෙතෙර්බූර්ග් නගරයේ දී ප්‍රකාශයට පත් කෙරුණී.

අරුණෝදය                           -          දේපාලනික හා සාහිත්‍යමය තොරතුරු ඇතුළත් දිනපතා පුවත්පතකි. 1880 වසරේ සිට කීව් නගරයේ දී ප්‍රකාශයට පත් වූ අතර ප්‍රකාශක හා සංස්කාරක පේ.ආ. අන්ද්‍රේව්ස්කි විය.

දේදුන්න                               -             නිරූපිත සතිපතා නිකුත් වූ සඟරාවකී. මොස්කව්
නගරයේ දී නිකුත් වීමට ආරම්භ වූයේ 1883 වසරේ සිට ය. ප්‍රකාශක හා සංස්කාරක එන්.පේ. ගිල්යාරෆ්, ප්ලාතෝනෆ්.

ආලෝකය හා සෙවනැලි       -              කලාත්මක හා කාටූන් ඇතුළත් සතිපතා නිකුත්
වූ සඟරාවකී. 1878 – 1884 වර්ෂ තුළ දී මොස්කව් නුවර දී නිකුත් කරන ලදී. මෙය ප්‍රකාශ කරන ලද්දේ එන්. එල්. පුෂ්කරේෆ් විසිනි. 1882 වසරේ දී චේහෆ් විසින් සහයෝගීතාවයෙන් කටයුතු කරන ලදී.

කිරණ                                 -              සතිපතා නිකුත් වූ දේශපාලනික, සාහිත්‍යමය හා
සමාජයිය ජීවිතය පිළිබඳ කරුණු ඇතුළත් සඟරාවකී. 1880 වසරේදි හා 1881 සිට 1890 දක්වා කාලය තුළ පිතර්බුර්ග් නගරයේ දී නිකුත් වූ අතර, ප්‍රගතිශීලි ලේඛකයෙකු හා නවකතාකරුවෙකු වූ එස්.එස්. අක්‍රේයිත්ස් සංස්කාරක විය. චේහෆ් “ නාමපත්‍ර“ තුළ (1886) ඔහුව හැඳින්වූයේ ය “ යුදෝෆබ් යුදෝෆෝබෝවිච් අක්‍රේයිත්ස්“.

පුළිඟුව                                -              සතිපතා නිකුත් වූ නිරූපිත සඟරාවකී. සහිත්‍යය,
විද්‍යාව හා කලාව සඳහා වෙන් විය. 1879 සිට 1883 දක්වා කාලය තුළ පිතර්බූර්ග් නගරයේ දී නිකුත් විය. ගේ.දේ.ගොප්පේ ප්‍රකාශකයා වූ අතර එන්.පේ. අලෝවේර්ත් සංස්කාරක වූයේ ය.

අරුණෝදය                          -             සතිපතා නිකුත් වූ සඟරාවකී. රුසියානු යුදෙව්
ජනයා නියෝජනය කළ සඟරාවකි. 1879 වසරේ සිට 1883 දක්වා කාලය තුළ පීතර්බූර්ග් නගරයේ දී නිකුත් විය.

නිරීක්ෂකයා                          -             මාසිකව නිකුත් වූ සඟරාවකි. සාහිත්‍යමය හා
දේශපාලනික, අධ්‍යාපනික සඟරාවකි. 1882 වසරේ සිට පීතර්බූර්ග් නගරයේ දී ආ.පේ. පිතිකෝව්ස්කි විසින් නිකුත් කරන ලදී.

ආබාධිතයා                           -              රුසියානු ආබාධිතයා, යුධමය පුවත්පතකි, 1813
වසරේ සිට හා 1869 සිට පිතර්බූර්ග් නගරයේ දී නිකුත් විය. සේනධිපති මූලස්ථානය නියෝජනය කරන ලදී.

සයිබීරියාව                           -              සතිපතා නිකුත් වූ පුවත්පතකි.1873 සිට 1887
දක්වා කාලය තුළ යීර්කුත්ස්ක් හී දී නිකුත් විය.

විනෝදාස්වාදය                    -              සතිපතා නිකුත් වූ සාහිතයමය හා උපහාසාත්මක
සඟරාවකී. 1859 වසර ආරම්භයේ සිට 1880 වසර පුරා මොස්කව් නගරයේ දී නිකුත් වූ අතර සංස්කාරක ලෙස ෆේ.බේ. මිල්ලර් කටයුතු කළේ ය.

ක්‍රීඩාභාණ්ඩය                    -                 දරුවන් වෙනුවෙන් වෙන් වූ නිරූපිත සඟරාවකි.
තේ.පේ. පාස්සෙක් විසින් 1880 සිට සතිපතා පීතර්බූර්ග් නගරයේ දී නිකුත් කරන ලදී.

දෝංකරය                           -               දේශපාලනික හා සාහිත්‍යමය සතිපතා නිකුත් වූ
පුවත්පතකි. නිකුත් වූයේ පීතර්බර්ග් නගරයේ දී ය. ප්‍රකාශකයින් හා සංස්කාරකනරුන් ලෙස ඒ.ඒ. ක්රායෙව්ස්කි හා බේ.ඒ. බිල්බාසෆ් කටයුතු කරන ලදී. 1883 වසරේ දී නිදහස් මතධාරී දීසාවට මෙම පුවත්පත යොමු විය. 1884 වසරේ දී ප්‍රකාශ කිරීම නතර විය.

සියවස                             -                  මාසික සාහිතයමය, අධ්‍යාපනික හා
දේශපාලනික සඟරාවකි. ස්ලැවෝනියානු හැඟිමැති සඟරාවකි. 1882 වසරේ දී පීතර්බූර්ග් නගරයේ දී එම්.ඒ. ෆිලිප්පෝෆ් විසින් නිකුත් කරන ලදී.

රුසියාව                           -                  ස්ලැවෝනියානු පුවත්පතකි. 1880 සිට 1882
වසර දක්වා මොස්කව් නගරයේ දී ඊ.එස්. අක්සාකෆ් විසිනි.

මොස්කව්                        -                            සතිපතා නිකුත් වූ සාහිත්‍යය හා කලාත්මක
සඟරාවකි. 1882 වසරේ සිට 1883 දක්වා කාලය තුළ මොස්කව් නගරයේ දී ඊ.එස්. ස්තාලින්ස්කි විසින් නිකුත් කරන ලදී. මෙම සඟරාව ප්‍රජාතන්ත්‍රවාදී පිරිස් විසින් බලාපොරොත්තුවෙන් සිටියහ. 1882 වසරේ දි චේහෆ් විසින් මෙම සඟරවට ලිපි නිකුත් කරන ලදී.

රුසියානු සංකල්පය         -                    මාසික ව නිකුත් වූ විද්‍යාත්මක, සාහිත්‍යමය හා
දේශපානික තොරතුරු ඇතුළත් මධ්‍යස්ථ මතධාරි යොමුවක් තිබු සඟරාවකි. 1880 වසරේ දී මොස්කව් නගරයේ දී වී.එම්. ලව්රෝෆ් විසින් නිකුත් කළ අතර එස්.ඒ. යූරේෆ් සංස්කාරකවරයා විය.

ස්වස්ථතාව                     -                     විද්‍යාත්මක ප්‍රසිද්ධ පුවත්පතකි.
ස්වස්ථතාවයට මුල් තැන දුන් 1883 වසරේ දී පීතර්බූර්ග් නගරයේ දී නිකුත් කරන ලදී. 1874 වසරේදී එම නමින් ම සඟරාවක් නිකුත් විය.

වෛද්‍යවරයා                  -                             සතිපතා නිකුත් වූ වෛද්‍ය සඟරාවකී. 1880
වසරේ දී පීතර්බූර්ග් නගරයේ දී කේ.එල්. රික්කෙර් විසින් නිකුත් කරන අතර මහචාර්ය වී.ඒ. මනස්සේයිනා විසින් සංස්කරණය කරන ලදී.



අන්තොන් පාව්ලොව්ච් චේහෆ්.
රුසියන් බසින් සිංහල බසට,
ෆීලික්ස් ප්‍රනන්දු.

Wednesday, December 20, 2017

ආහ්ලාදය.


අප්පුච්චා කැස්සේ ය, කියවීම ආරම්භ කළේ ය.

මධ්‍යම රත්‍රිය උදා වී තිබුණි.
මීත්‍යා කුල්දාරෝෆ්, වික්ෂිප්ත, පිළිවෙලක් නැති ව, ඉගිලුණේ ය මහල් නිවස තුළට තම මාපියන්ගේ, කඩිනමින් ඇතුළු වන්නට වූයේ ය කාමරයෙන් කාමරයට. දෙමව්පියෝ ඒ වන විටත් නින්දට ගොස් සිටියෝ ය. සහෝදරිය ඇඳ මත වැතිර සිටියා ය. නවකතාවක අවසාන පිටුව කියවා අවසන් කළා ය ඈ. පාසැල් ශිෂ්‍ය සහෝදරයෝ නින්දට වැටී සිටියෝ ය.
කොහේ ඉඳල ද එන්නේ? දෙමව්පියෝ පුදුම වූහ. මොකක් ද උඹට වෙලා තියෙන්නේ?
අයියෝ, අහන්න එපා! මම කවදාවත් බලාපොරොත්තු වුණේ නැහැ! ඒක කොහොමත් අදහගන්න බැහැ!
මීත්‍යා සිනාසෙන්න මූලපිරුවේ ය හා වාඩිවූයේ  ය අත්ඇඳි පුටුවේ. සතුට හේතු කොට ගෙන නො හැකි විය දෙපා මත නැගිට සිටීමට.
එය අදහගන්න බැහැ! ඔයගොල්ලන්ට හිතාගන්නවත් බැහැ! ඔයගොල්ල බලන්න!
සහෝදරිය එකවර ම ඇඳෙන් පැන්නාය, වීසි කරමින් තමා මත වූ පොරවනය හා සහෝදරයා වෙත ඇදී ආවා ය. පාසැල් සිසුවෝ අවදි වූහ.
මොකක් ද උඹට වෙලා තියෙන්නේ? උඹට මුහුණක් නැති ද?
ඒ මගේ සන්තෝෂය නිසා, අම්මණ්ඩි! දැන් මුළු රුසියාව ම මාව දන්නවා! මුළු රුසියාව ම! ඉස්සර ඔයාලා විතරයි දැන ගෙන සිටියේ, මේ ලෝකයේ සිටින්නේ ය විද්‍යාපීඨයේ ලේඛකාධිකාරි ද්මිත්රී කුල්දාරොෆ්. නමුදු දැන් මුළු රුසියාව ම ඒ බව දන්නවා! අම්මණ්ඩි! අහෝ දෙයියනේ!
මීත්‍යා පැන්නේ ය, දිව ගියේ ය කාමරයක් ගානේ හා නැවතත් අසුන් ගත්තේ ය.
මොකක් ද වෙලා තියෙන්නේ ? කියන්න පැහැදිලි ව!
ඔබලා ජීවත්වන්නේ වනසතුන් වගේ, පත්තරයක් කියවන්නේ නැහැ, කිසි ම අවදානයක් යොමු කරන්නේ නැහැ විවෘත බවට, පත්තරවල කොච්චර අපූරු දේවල් ද! මොකක් හරි සිද්ධ වෙලා වගේ! දැන් සියල්ල පසක් වී තිබේ, කිසිවක් වසන් වන්නේ නැත. මම කොච්චර තුටින් ද? අහෝ දෙවියනී! සියල්ලට වඩා ප්‍රසිද්ධ පුද්ගලයින් පිළිබඳවයි පත්තරවල මුද්‍රණය කරන්නේ, ඒ අය මා ගැන තොරතුරු ගත්තා, මුද්‍රණය කළා!
උඹ කොහේ ද?
අප්පුච්චා සුදුමැළි වූනේ ය. අම්මණ්ඩි බැලුවා ය රූපකාය දෙස හා සාන්ත කුරුසය ඇන්දා ය. පාසැල් සිසුවෝ පැන්නෝ ය කොට රාත්‍රී කමිස තුළට, කිට්ටු වුනෝ ය තම වැඩිමහල් සහෝදරයා වෙතට.
ඔව් මා පිළිබඳ මුද්‍රණය කළා! දැන් මා ගැන මුළු රුසියාව ම දැන ගන්නේ ය. ඔබ, අම්මණ්ඩි, සඟවන්න ඒ පත්තරය මතකයට! සමහර දිනවල කියවමු අපි. බලන්න!
මීත්‍යා සාක්කුවෙන් එළියට ගත්තේ ය පත්තරය, පිරිනැමුවේ ය පියාට හා වීසි කළේ ය ඇඟිලිවලින් නිල් පැන්සලෙන් ඇඳි රවුම තුළට.
කියවන්න!
පියා ඇස් කණ්නාඩි යුගල පැළඳ ගත්තේ ය.
කියවන්නකෝ!
අම්මණ්ඩි බැලුවා ය රූපකාය දෙස හා සාන්ත කුරුසය ඇන්දා ය. අප්පුච්චා කැස්සේ ය, කියවීම ආරම්භ කළේ ය.
“ උඳුවප් මහේ 29 වන දා, රාත්‍රී එකොළහට, විද්‍යා පීඨයේ ලේඛකාධිකාරි ද්මිත්‍රීයි කුල්දාරොෆ්......
දැක්ක ද, දැක්ක ද? ඉදිරියට!
විද්‍යා පීඨයේ ලේඛකාධිකාරි ද්මිත්‍රීයි කුල්දාරොෆ්, එළියට යමින් දොරටුවෙන් මාලයා බ්‍රෝන්‍යා, නිවසේ කසිහීනාගේ, හා බීමත් තත්ත්වයෙන් සිටිමින්.......
මම සෙමියොන් පේත්‍රොවිච් සමගින්..... සියළු තොරතුරු යා වී ඇත! කියවාගෙන යන්න! ඉදිරියට ම! ඇහුම්කන් දෙන්න!
සිටිමින් බීමත් තත්ත්වයේ, ලිස්සා ගියේ ය හා අසු යටට වැටුනේ ය. මෙහි නැගී සිටි ගැමි ගොවියා, දුරිකිනෝ, යූහ්නෝව්ස්කි පළාතේ, ඉවාන් ද්‍රෝතෆ්. බිය වූ අසු, ඉදිරියට පියමන් කරමින් කුල්දාරෝෆ් අතරින් හා මොස්කව් දෙවන පංතියේ වෙළෙන්දෙක් වන ස්තේෆාන් කුල්කෝෆ් සිටි ඔහුගේ හිම කරත්තය අතරින් ඇද ගෙන යමින්, වේගයෙන් දිව ගියේ ය පාර පුරා හා මුරකරුවන් විසින් රඳවා ගත්තේ ය. කුල්දරෆ් ආරම්භයේ දී අනුකම්පා රහිත තත්ත්වයේ සිටි අතර, පොලිස් ස්ථානයට රැගෙන ගිය අතර, වෛද්‍යවරයෙකු විසින් සහතික කරන ලදී. පිටිකරට වැදුණු පහර ඔහුට.....
ඒ මගේ රශ්මිය පිළිබඳ ව යි. අප්පුච්චා! ඔබ ඉදිරියට කියවගෙන යන්න!
....... පිටකරට වැදුණු පහර ඔහුට, සැහැල්ලුවෙන් සැහැල්ලුව වෙත රැගෙන ගියේ ය. සිදු වූ දේ පිළිබඳ කෙටුම්පත සකස් කරන ලදී. තුවාලකරුට වෛද්‍ය ආධාර ලබා දෙන ලදී.“...
හිස පිටුපසට සීතල ජලය වත් කළේ ය. දැන් කියෙව්වෝ ය? එහෙත්? මෙන්න? දැන් මුළු රුසියාවේ ම  ඇවිද ගියේ ය! දෙන්න මෙහාට!
මීත්‍යා උදුරා ගත්තේ ය පත්තරය, නැමුවේ ය සාක්කුවට ඔබා ගත්තේ ය.
දුවමින් මකරෝෆ් වෙතට, ඔහුට පෙන්වමි...... තවත් ඉවනිත්ස්කිට පෙන්වන්න වුවමනා යි, නතාලියා ඉවානෝවට, අනිසීම් වසීලිච්ට..... දුවමින්! සමු දෙන්න!
මීත්‍ය විශ්වාස කළේ ය මල සහිත තොප්පිය හා ජය ගත්, ප්‍රීතිමත්, සතර අත දිව ගියේ ය මාවත පුරා.

අන්තොන් පාව්ලවිච් චේහෆ්.
රුසියන් බසින් සිංහල බසට,
ෆීලික්ස් ප්‍රනාන්දු.

Saturday, December 16, 2017

ඒකය තුළ බාන.


මුහුණ ඔහුගේ නිසැකව ම දොරට තද කොට එබුවා සේ.

විශ්වාස නො කරන්න ඒ ජූදාස්ව, බොහොඬව! අපේ කාලයේ විශ්වාසය පහසුවෙන් ගිලිහෙයි, පැරණි අත්වැස්මක් ගිලිහෙනවට වඩා, හා මම නැතිකර ගත්තමි!
සවස්වරුව උදා වී තිබුනේ ය. මම අස්රියෙන් ගියෙමි. මට උසස් පුද්ගලයෙකුට සේ, ගැලපෙන්නේ නැත අසුපිටින් ගමන් යාම. නමුත් එවර මම විසල් ලෝම කබාය තුල වූයෙමි හා හැකි විය මට වහන් වීමට මුගටි කරපටිය තුල. ලාභය, දැනුවත් බව, නො සලකා හරිමින් පැසුළු හා ශීත කාලය, කරත්තය තුල හිරට පිරී තිබුනේ ය. මාව කිසිවෙක් හඳුනා නො ගත්තේ ය. මුගටි කරපටිය මාව අප්‍රසිද්ධ වෙස්ගැන්වීමකට පත් කළේ ය. මම ඇවිද ගියෙමි, කිරා වැටුනෙමි මේ කුඩා.....
“ නැහැ, ඒ ඔහු නො වේ! සිතුවෙමි මම, බලමින් එක් කුඩා තැනැත්තෙක් දෙස සා ලෝම කබාය පැළඳ ගත්. ඒ ඔහු නො වේ! නැහැ ඒ ඔහු! ඔහු!“
සිතුවෙමි මම,විශ්වාස කරම් දෝ නො කරම් දෝ තම දෙනෙත්....
ලෝම කබාය පැළඳ ගත් තැනැත්තා අතිශයින් සමාන නො වේ ඉවාන් කපිතෝනිච්ට, මගේ එක් ලිපිකරුවෙක්.... ඉවාන් කපිතෝනිච් කුඩා, දුර්මුඛ, පැතලි නිමැවුම. ඔහු තරුණයි, ඔහුගේ උරහිස් චාපයක් සේ නැමුනේ ය, දණහිස් සදහට ම නැමී ඇත, දෑත් පැල්ලම් සහිත ය හා මුහුණ ඔහුගේ නිසැකව ම දොරට තද කොට එබුවා සේ හෝ තෙත රෙදිකඩෙන් පහර දුන්නා මෙනී. මුහුණ ඇඹුල් විය හා දුක්මුසු විය; ඇය දෙස බලමින්, ගායනා කිරීමට හිතෙන්නේ ය“ ලුචිනූෂ්කු “ හා කෙඳිරි ගෑම. මාව දැකීමෙන් ඔහු තැති ගැන්වෙන්නේ ය, සුදුමැලි වී ලජ්ජාශීලි වන්නේ ය. නිසැකව ම ඔහුව කා දැමීමට හෝ මරා දැමීමට මට කැමැත්තක් ඇති විය. මලානික වූයේ ය හා සසල වූයේ ය සියළුම අවයව ඔහුගේ.
තුච්ඡ බව, නිහඬ බව හා හිස් බව ඔහුගේ මෙන් නො දනිමි වෙනෙකෙකුගේ. එවන් සත්තු පවා නො දනිමි, ඔහු මෙන් දැඩි නිහඬ.
සා සමින් වූ කබාය හැඳගත් තැනැත්තා දැඩිව මට සිහි ගැන්වූයේ ය ඒ ඉවාන් කපිතෝනිච්ව. මුළුමනින් ම ඔහු! කිසිම පුද්ගලයෙක් තරම් ම නැමෙන සුළු නැත, ඔහු මෙන්,නො පෙනෙන්නේ ය දුර්මුඛ වීමෙන්. තමාව පාලනය කරගත්තේ ය බියසැක නොමැතිව සියල්ල වඩාත් සහසිකව. අසල්වාසියා සමග කතා කළේ ය දේශපාලනය. ඔහුට ඇහුම්කන් දුන්නේ ය මුළු රිය මැදිරියම.
ගම්බෙත්තා මියැදුනේ ය! කීවේ ය ඔහු, දෑත් කරකවමින් හා වනමින්. එය බිස්මාර්ක්ට අත උඩින්. ගම්බෙත්තා ඉතා බුද්ධිමත් ය. ඔහු යුද්ධ කරන්නේ නම් ජර්මානුවන්ට එරෙහි ව හා ගත්තේ ය තම පංගුව, ඉවාන් මත්වේයිච්! ඇයි දැයි ඔහු වූයේ සමාර්ථයෙක්. ඔහු ප්‍රංශ ජතිකයෙක් වූයේ ය, නමුදු ඔහුගේ ආත්මය රුසියානු වූයේ ය. තලේන්තු!
අහ් නුඹ, ප්‍රලාපයක් සේ ය!
පාලකයා පැමිණි දා ඔහු වෙත ප්‍රෙව්ශ පත් සමගින්, ඔහු ඉඩ හැරියේ ය බිස්මාක්ට නිදහසේ සිටීමට.
කුමක් නිසා ද ඔබගේ රිය මැදිරිය තුල එතරම් කළුවර? පාලකයා වෙත ඔහු කඩා පැන්නේ ය. ඔබ ලඟ ඉටිපහන් නැද්ද? මොකක් ඒ? මොකක් ද මේ අපිළිවෙල? කියා දෙන්න ඔබට කෙනෙක් නැහැ? එතෙරෙන් ඔබව ඇසුවා සේ ය! ප්‍රෙක්ෂකයින් ඔබ වෙනුවෙන් නො වේ, ඔබ ප්‍රෙක්ෂක්යින් සඳහා ය! යකා ගත්තාවේ! නො තේරෙමි, ඇයි ද ප්‍රධානියා සේ බලන්නේ?
විනාඩියකට පසු ඔහු බල කරමින් ඉල්ලා සිටියේ ය අපගෙන්, අපි සියළු දෙනා ම වෙනතකට යොමු වීමට.
වෙනතකට යොමු වන්න! කියති ඔබට! දෙන්න මැඩම්ට තැනක්! ආචාරශීලි වන්න! පාලකයාණෙනී!
එන්න මෙහාට, පාලකය! ඔබ සල්ලි ගන්න, දෙන්න ඉඩක්! එය තුච්ඡයි.
මෙහි දුම්පානයට අවසර නැත! කෑගැසුවේ ය පාලකයා.
කව් ද එය තහනම් කලේ? කාට ද බලය තියෙන්නේ? එය නිදහස කඩ කිරීමක්! මම කටවත් ඉඩ හරින්නේ නැහැ කඩ කරන්න මගේ නිදහස! මම නිදහස් පුද්ගලයෙක්!
අහ් උඹ, මෘගයා වගේ! මම බැළුවෙමි ඔහුගේ මුහුණත්තහඩුව හා දෑස් ඔහුගේ විශ්වාස නො කළෙමි. නැහැ, ඒ ඔහු නො වේ! විය නො හැක්කේ ය! එවන් වචන දන්නේ නැත, “ නිදහස“ හා “ ගම්බෙත්ත“ සේ.
කියන්න කිසිවක් නැත, නියම පිළිවෙල! කීවේ ය ඔහු, වීසි කරමින් දුම්වැටිය. ජීවත් වෙයන් මෙන්න මේ මහත්වරුන් සමග! ඔවුන්ගේ සිතුම් පැතුම් බල පැවැත්විනි පිළිවෙලක් තුල, අකුරු මත! ආකෘතිවාදියෝ, අශිෂ්ටයා! යටත් වන්නේ ය!
මම දරා නො ගත්තෙමි හා හිනාවෙන්නට වීමි. මගේ හිනාවට ඇහුම්කන් දෙමින්, ඔහු යන්තමට මා දෙස බැළුවේ ය, ඔහුගේ හඬ දෙගිඩියාවෙන් වූයේ ය. ඔහු හඳුනා ගත්තේ ය මගේ සිනහව හා මගේ හිම කබාය. ඔහුගේ උරහිස් ඒ ක්ෂණයෙන් වකුටු වන්නේ ය. විගස ම වෙනස් විය! මම තවත් කුකුසක් ඇතිකර නො ගත්තෙමි. ඒ ඉවාන් කපිතෝනිච් වූයේ ය, මගේ ලිපිකරු. ඔහු අසුන් ගත්තේ ය හා සඟවා ගත්තේ ය නාසය සා ලෝම තුල.
දැන් මම ඔහුගේ මුහුණ දෙස බැළුවෙමි.
“ ඉඳුරා ම, සිතුවෙමි මම, එය දුර්මුඛ ය, පැතලි රූපයට හැකි විය කීමට මෙවන් වචන, “ අශිෂ්ටයා“ හා “ නිදහස“ සේ? සැබවින් ම එසේය හැකි ය. එය ඇදහිය නො හැක, නමුදු සත්‍යයි ..... අහ් නුඹ, ප්‍රලාපක් වාගේ!“
විශ්වාස කරන්න එයින් පසු තුච්ඡ මුහුණ ඒ බෙහොඬාගේ!
මම තවත් විශ්වාස නො කරමී. ගැස්ම, අමනාප නො වන්නේ නුඹ!

අන්තොන් පාව්ලවිච් චේහෆ්.
රුසියන් බසින් සිංහල බසට,
ෆීලික්ස් ප්‍රනාන්දු.

Thursday, December 7, 2017

වෙස් වලාගත්තෝ.


රත්‍රී ආහාර වේලෙන් පසුව පිටත් ව ගියේ ය අස්රියෙන් ඇය වෙත.



සවස. මාවතේ ඇවිද යති විචිත්‍රවත් ජන සමූහයා, බීමත්, බැටළු හමින් වූ කබා ලා ගත් හා උඩු කයට කොට ජැකට්ටු ලා ගත්. සිනහවෙන්, දෙඩවිල්ලෙන් හා නැටිල්ලෙන්, ජනයා ඉදිරියේ පැනයන්නේ ය කුඩා සොල්දාදුවෙක්, හම්පඩ හිම කබායක් හා ඇල වූ හිස් වැස්මක් ලා ගත්.
        ජන සමූහයා හමුවට යන්නේ ය “ අධිකාරය නො ලද්දා “.
-        මක්නිසා ද නුඹ මට ගෞරවය ලබා නො දෙන්නේ ? අධිකාරය නො ලද්දා කුඩා සොල්දාදුවා වෙතට කඩා පැන්නේ ය. ඇයි? හිටපන්! ඒයි උඹ? ඇයි?

-        ආදරවන්තය, අප කෝලම් කාරයන් වගේ නේ! ගැහැණු කටහඩින් සොල්දාදුවා කීවේ ය. ජන සමූහයා සමගින් කෝප්‍රල් දැවටී ගියේ ය උස් හඬින් යුත් සිනාවකින්....

කවිච්චියේ හිඳ ගෙන සිටින්නේ ය රූමත් පිරිපුන් ළමාතැනි. ඇගේ වයස නිර්ණය කිරීමට අපහසු ය. නමුත් ඈ තරුණය, තව දුරටත් තරුණ ලෙස ම සිටින්නේ ය. ඈ ඉතා සුඛෝපබෝගී ලෙස වස්ත්‍ර දරා සිටියා ය. ඇගේ සුදුපැහැ ගත් දෑත් මත මහත් වළල්ලක් වූ අතර, ළැම මත දියමන්ති සාරිකටුවකි. ඇය අසලින් දහස්වෙනි ලෝම කබාය වැතිර තිබේ. ඇය පැමිණෙන තුරු කොරිඩෝවේ බලපොරොත්තුවෙන් සිටියේ ය සේවකයා රේන්ද සමගින්. මාවතේ කපුටු ජෝඩුවක් හා හිම කරත්තයකී. පැහැදුනු රූමත් වත හා තත්ත්වය කියති: “ මම වාසනාවන්ත හා ධනවත් “. නමුත් විශ්වාස නො කරන්න කියවන්නෙනි!

“ මම කොළම්කාරියක් “, සිතන්නී ය ඈ. හෙට හෝ අනිද්දා වංශාධිපතියා ගමන් කරන්නේ ය නාඩින් සමගින් හා ලිහා දමන්නේ ය මගෙන් ඒ සියල්ල.
කාඩ්පත් මේසයට එහායින් වාඩි වී සිටින්නේ ය කබායක් ලා ගත් පුෂ්ටිමත් මිනිසෙක්, තට්ටු තුනකින් යුත් නිකටකින් හා සුදු දෑත්වලින් යුත්. ඔහුගේ දෑත් ආසන්නයේ සල්ලි රොත්තකි. ඔහු පරාජිත වූයේ ය, එහෙත් පසුබට වූයේ නැත. ඊට වඩා වෙනස් විය, ඔහු, මද සිනහ පාන්නේ ය. ඔහුට දහසක් හා වෙනත් දෑ පරාජය වීම කිසිඳු වටිනාකමක් නො වීය. කෑම කාමරය තුළ සේවකයින් කීපදෙනෙකු විසින් ඔහු සඳහා බෙල්ලෝ මාළුවක්, ෂැම්පෙන් හා කළුකුම් මස් සූදානම් කරන ලදී. ඔහු ජයට රාත්‍රී ආහර අනුභවය ප්‍රිය කළේ ය. රත්‍රී ආහාර වේලෙන් පසුව පිටත් ව ගියේ ය අස්රියෙන් ඇය වෙත. ඈ ඔහු පැමිණෙන තුරු සිටියා ය. බොරුවක් නේද, ඔහු යසට දිවි ගෙවන බව? ඔහු වාසනාවන්තයි! එනමුත් බලන්න, කවරාකාරයේ ප්‍රලාපයක් ද කැළඹෙන්නේ ඔහුගේ මොළ ගෙඩිය තුළ!
“ මම කොළම්කරයෙක්. විශ්වාස කරන්‍න දියුණුව, ඔවුහු දනිති මා කොළම් කාරයෙකු බව.“

උසාවියේ ඇඩ්වකේට් ආරක්ෂා කරන්නේ ය විත්තිකාරිනියව. ඈ යස පෙනුමකින් යුත් ගැහැනියක්. මුළුමනින් වගේ දුක්මුසු වතින්, නි දොස් අයෙක්! දෙවියන් දකින්නේ ය, ඇය නි දොස් අයෙකු බව! දෑස් ඇඩ්වකේට්ගේ දැවෙයි, කම්මුල් ඔහුගේ දිස්නෙ දෙයි, හඬ තුළ ඔහුගේ ඇසෙන්නේ ය කඳුළු. ඔහු පීඩා විඳියි විත්තිකාරිනිය වෙනුවෙන්, ඇයව වරදකාරිය කරන්නේ නම්, ඔහු මියැදෙනු ඇත ශෝකයෙන්! ජනයා ඇහුම්කන් දෙති ඔහුට, නිශ්චල වන්නේ ය සොම්නසින් හා ත්‍රාසයෙන්. “ ඔහු කවියෙක් “, කොඳුරති සවන්දෙන්නෝ. නමුත් ඔහු සැරසි සිටින්නේ කවියෙකුට!

“ දෙන්න මට පැමිණිලිකරුවන් සියයකට වඩා, මම ඇයව පිළිස්සුවා සේ ය! සිතන්නේ ය ඔහු. වරදකරු භූමිකාවේ මම සිටියා නම් වඩාත් ඵලදායි වේ.“

ගම වටා ගමන් කරයි බීමත් පිරිමි පරානයක්, ගායනා කරන්නේ ය හා බෙරිහන් දෙන්නේ ය නලාවෙන්. ඔහුගේ මුහුණේ බීමත් කරුණාව වෑහෙයි. ඔහු බූරු සිනහවක් පාන්නේ ය හා ඇඹරෙමින් නටන්නේ ය. ඔහු සතොසින් දිවි ගෙවන්නේ ය, නැද්ද? නැහැ ඔහු කෝළම්කාරයෙක්.

“ බුදින්න කැමතියි“ සිතෙයි ඔහුට.
       
        තරුණ වෛද්‍ය මහචාර්යවරයා කියවන්නේ ය හඳුන්වා දීමේ දේශණය. ඔහු විශ්වාස කරන්නේ  ය, නැත්තේ ය තවත් වසනාවක්, විද්‍යාවට සේවය කරන්නා සේ. “ විද්‍යාව සියල්ල වේ“ ඔහු කියන්නේ ය, විද්‍යාව ජීවිතයයි!“ ඔහුට විශ්වාස වෙයි... නමුදු ඔහුව නම් කළෝය කෝළම්කාරයෙකු සේ. ඇහුම්කන් දුන්නේ නම් ඔවුන්, පැවසුවේ ය ඔහු තම බිරිඳට දේශණයෙන් පසු. කීවේ ය ඔහු ඇයට : දැන් මම, අම්මා, මහචාර්යය. මහචාර්යවරයා සතුව දස වාරයකට වඩා පුහුණුව ඇත, සාමාන්‍ය වෛද්‍යවරයෙකුට වඩා. දැන් මම ගණින්නෙමි වසර විසිපන්දහසක්.

        පිවිසුම් හයක්, දහසක් ගිනි, ජන සමූහය, භට පිරිස්, සමපේක්ෂකයින්. එය රඟමඩලකි. ඔහුගේ දොරකඩවල් ඉහලින්, එර්මිතාෂය ( සේනාසනය, නමින් ඇති කෞතුකාගාරය ) තුළ මෙන් ලෙන්තෝව්ස්කිගේ, ලියා තබයි: “ උපහාසය හා චිත්ත ධෛර්යය“. මෙහි ගෙවති විශාල මුදලක්, ලියති දිගු විචාර පිටපත්, බෙහෝ අත්පොළසන් දෙති හා කලාතුරකින් හීන් හඬ නගති.. දෙවොල!

        ඒ දෙවොල කෝළමක් ය. ඔබ ඉවත් කරන්නේ නම් “උපහාසය හා චිත්ත ධෛර්යය“, ඔබට අපහසු නො වන්නේ නම් කියවන්න: “ කැන්කැන් ( ස්ත්‍රීන් පාද විහිදුවා කරන නැටුම ) හා සරදම“.

අන්තොන් පාව්ලොවිච් චේහෆ්.
රුසියන් බසින් සිංහල බසට,
ෆීලික්ස් ප්‍රනාන්දු.

Thursday, November 30, 2017

ලෙනින්ගේ ගීතය ගැයුණු වගයි.


2017.11.29 දින “ ඔක්තෝබර විප්ලවයෙන් උපන් සෝවියට් සාහිත්‍ය “ යන තේමාව කොටගෙන ශ්‍රේෂ්ඨ ඔක්තෝම්බර් සමාජවදී විප්ලවයට සියවසක් පිරීම නිමිති කොටගෙන කොළඹ රුසියානු කේන්ද්‍රයේ දී, රුසියානු සාහිත්‍ය කවය විසින් රුසියානු සාහිත්‍ය උත්සවයක් පවත්වන ලදී. එය පෙරවරු පෙරවරු 10.00 සිට පවත්වන ලදී. ඡායාරූප හා පොත් ප්‍රදර්ශනයක් හා පස්වරු 4.00 ට සාහිත්‍ය උත්සවය හා ග්‍රන්ථ එළිදැක්වීමේ උත්සවය ආරම්භ විය. එහිදි මා විසින් පරිවර්තිත “ ලෙන්න්ගේ ගීතය “ නම් වූ කාව්‍ය සංග්‍රහය එළිදක්වන ලදී.

එලෙසම “ ලොව කැළඹූ දස දවසක්“ නමින් එච්.ජයරත්න මහතා විසින් පරිවර්තිත කෘතිය, සිරිමාන්න කරුණාතිලක මහතා විසින් රචිත “ ඔක්තෝම්බර් විප්ලවය හා සෝවියට් දේශයේ මූලාරම්භය “ යන කෘතිය, චූලානන්ද සමරනායක මහතා විසින් පරිවර්තිත “ උත්තම ආලයක කතාවක් “ යන කෘති ත්‍රීත්වයද හිදී එළිදක්වන ලදී.



කොළඹ සෞන්දර්ය විශ්වවිදයාලයේ සිසුවියන් ඉදිරිපත් කල රංගනය.






ආරාධිතයින් සඳහා පොත පිලිගැන්වීම.

Sunday, October 8, 2017

අර්නෙස්තෝ ග්වාරා.




මම ඔවුන්ගෙන් ඉල්ලුවෙමි, කෑ ගසා: “ එපා “
දෙදනින් සිට හා දෙපා නැමද
දන්නව ද ඔබ, මිනිස්සු සල්ලිවලට කෑදරයි
නුඔ - සළකුණකි හා බෙහෝ දෙනෙකු සඳහා නොවේ

ලෝහිත කමිස කළු සිතුවමක් සමගින්
ලෝහිත තාරුකා පදික වේදිකා මත
මෘදු හදවත වේදනාවෙන් රිදුම් දෙන
අතරතුරේදී අත්හැර දැමූ “ අණදෙන ගුවාරා “

නිදහසේ දූපත එසේම පැවතින්නේ ය
ගීත පබැඳුවේ ය ඔබේ නාමයට වික්තර් හාරා
ඔබ ජයගත්තේ ය, ඩිංගක් පමාවී...
සැතපෙන්න සමාදානයේ, අර්නෙස්තෝ ග්වාරා!


යූලියා සලවියෝවා.
2005.12.29
රුසියන් බසින් සිංහල බසට,
ෆීලික්ස් ප්‍රනාන්දු.