Wednesday, September 28, 2016

දිළිඳුකම.



අප්‍රහතිව නැත, මගේ කුඩා මිතුරා.
කෝප නොවන්න කෝපාවිෂ්ඨ සුල්තානා සමග.
අපි නුඹ සමග නොයන්නෙමු දකුණු දෙසට.
අපි කිමිදෙන්නට අභිප්‍රාය නොකරන්නෙමු ඉංග්‍රීසි ඔඩයේ.

මම නුඹට එතරම්ම මෘදුව අාදරය කරමි,
සියළු හදිසි සංකල්පනා සුදානම්ය ඉටු කිරීමට මම.
නමුත්, අහෝ, මම නුඹට මිලදී නොගන්නෙමි
බ්‍රසල්ස් රේන්ද ගවුම්.

ඒ හෙයින්..... ඉසුරුමත් වුවත් මූසිකය,
පළායන්නී ආශ්චර්යමත් ගිනිදළු සමගින්?!
කුමක්ද නුඹ, මගේ මූසිකය, නිහඩවන්න?
හෝ, දුප්පත්, නුඹට මම නොපෑහෙ?

දුක් නොවන්න. එය මේ දක්වා පමණයි.
වෙනස් කල තම ගවුම වාටිය සමග,
හැඳගත් විට එය, ප්‍රභාමත්ය හා සැහැල්ලුය,
ත්වෙර්ස්කයා මත නුඹ පියමැන්නාය වසන්තයේ.

නුඹ පාළුවෙන්, බස් රථයට ගොඩ වෙමි
පොල්කේක් සොයා යමි!
මම නොවේද නුඹේ හුරතල් රසය,
දෙවියන්ට තුති, ටිකක් දන්නෙමි ....

ඇත්තටම ජීවිතය දැනටමත් අවසන්ය?
ඇත්තටම අපේ බලාපොරොත්තු නිෂඵලය?!
අවධානය යෙමුකරන්න මියුර්ශේ මහතාට,
නුඹට පෙනෙන්නේද, ජීවිතය ලකල්ය.

විඤ්ඤානය හා, කුමක්ද අපේ දෛවය
ඇත්තේය කවරාකාරයේ ප්‍රඥා සම්පන්න ගැහැට?!
ඇත්තටම එය අපහසාත්මක නොවේ නුඹට?
ඇත්තටම එවැනි විඥාන සුළුය?...

ජීවත්වීම, තේරුම් ගන්නාවූ, සියල්ල - හිස්ය!
ලොව දැකීමට, කැබලි වලට පත්වූ! ..
තේරුම් ගන්නේද නුඹ, ඒ දේ තෙක්
අපිට ඊර්ෂියා කරන්නෝය පැවත එන්නන්?!

උරණ නොවන්න කෝ, මගේ කුඩා මිතුර.
දඬුවම් කොනරන්න මට කොපාවිෂ්ඨ සුල්තානා.
අපි නුඹ සමග දකුණු දෙසට නොයන්නෙමු.
අපි නොකිමිදෙමු ඉංග්‍රීසි ඔඩයේ.




1920.
දොන් අමිනාදෝ.
රුසියන් බසින් සිංහල බසට,

ෆීලික්ස් ප්‍රනාන්දු. 

Tuesday, September 27, 2016

මම ජීවිතයට ආදරය කරමී.





මම ජීවිතයට ආදරය කරමි. වසන්තයේ සවසක,
කවදා රුක් සියල්ල මලින් බරවීද,
මම මතක් කරමි එම හමුව,
මකත් කරමි හමුව ඒ....

දැන් මම අපේක්ෂා කරමි වෙනත් හමුවක්,
තම අතින් රයිෆලය තදින් ග්‍රහණය කර ගනිමින්,
මම අපේක්ෂා කරමි එය, කෙසේ මම පිළිතුරු දෙම්ද,
කවදද ඇය පැමිණෙන්නේ මා සමගින්....



ව්ලදීමීර් හ්රිස්තිආනොවිච් ද්වාත්ස්.
රුසියන් බසින් සිංහල බසට,

ෆීලික්ස් ප්‍රනාන්දු.

Thursday, September 22, 2016

ආදරය.

ඇය ඉපදුනේ නුඹගේ මදහසිනි -
අනුත්තර, සෞම්‍ය, මෘදු,
සුදුමැළි තණ මෙන් හිමට යටවූ ......
ඇය උපන්නේ දොම්නසත් සමග මගේ.

නොසතුට, නොවේ හිරු ලාලනය කලේ ඇයව:
උදක්ම රාත්‍රිය දුටුවෝය නින්ද නැති -
කඳුළු හද තුල සැඟවුනු,
බයාදු මගේ වාසනාව.



ගලීනා ග්ලාෆිරා අදෝල්ෆෝව්නා.

රුසියන් බසින් සිංහල බසට,

ෆීලික්ස් ප්‍රනාන්දු.

Wednesday, September 21, 2016

තරුණ කෙසරෙක්.





ඉරමුදුන. නිහැඬියාව. සෙල්ලක්කාර
වළාකුළු අතරෙහි,
තරුණ කෙසරා රන්ආලේපිත
විසුරුවා හරින්නේය නිය.

පවන - එඬේරා
තෙරපුවේය පට්ටියට තුල රැල ගාල් කිරීමට
මද හස පාමින්, තරුණ කෙසරා
වාළා තුලට එබුනේය

සෙල්ලක්කාර ලෙස දිව පනින්නේය.
නිහඬ මර්මර නදින්.
ප්‍රභාෂ්වර කෙසර විහිදුනු.




1924 ජූලි 8වනදා,
දුදෙනේවෝ.
ව්ලාසොෆ් - අක්ස්කි නිකළායි ස්තේපානොවිච්.

රුසියන් බසින් සිංහල බසට,
ෆීලික්ස් ප්‍රනාන්දු.

Monday, September 19, 2016


දසවන කොටස.


ස්තාලින් දැඩි ලෙස ලෙනින්ගේ උපදෙස සිහිකලේය.

“ පළමුව - ජයග්‍රහණයෙන් මත් නොවි යුතුය හා පාරට්ටු නොකල යුතුය, දෙවනුව - ජයග්‍රහණය ආරක්ෂ කල යුතුය, තෙවනුව - සතුරාව අවසන් කල යුතුය“( ජෝසෆ් ස්තාලින්. සෝවියට් දේශයේ දෙවන ලෝක යුද්ධය, 5 වන මුද්‍රණය, පිටුව 94 -95)

ස්තාලින්ග්‍රාද් නගරය නිදහස් කර ගැනීමෙන් අනතුරුව සෝවියට් හමුදා සේනාංක ජර්මාණු හමුදාව විසින් යුද්ධය ආරම්භයේදී අත්පත් කරගත් පළාත් නිදහස් කර ගැනීමට කටයුතු කරන ලදී.

1943 වර්ෂයේ මාර්තු 6 වන දින ස්තාලින් මාෂල් තනතුරට උසස් කරන ලදී.

මෙම 1943 දරුණු පරාජය නොතකා ජර්මාණු හමුදාව නැවත නව ආක්‍රමණයක් ආරම්භ කලේය. මෙම සැළසුම් පිළිබඳ මූලික අවබෝධයෙන් සිටි ස්තාලින් ප්‍රහාරය බලාපොරොත්තු වූයේය. එම ප්‍රහාරයද සෝවිට් භට සේනාංක විසින් පරාජය කරන ලදී. 1943 වර්ෂය ලෝක යුද්ධයේ හැරවුම් වර්ෂය ලෙස හැඳින්විය හැකිය. සෝවියට් සේනාංකයන්ගේ මෙම ජයග්‍රහණය අන්තර්ජාතික වශයෙන් සෝවියට් දේශයට සුවිශේෂ ස්ථානයක් හිමි විය.

බර්ලින් නගරය කරා සෝවියට් සේනාංකයන්ගේ ගමනට සමස්ථ සෝවියට් ජනතාවගේ ආශිර්වාදය හිමි විය.

1945 වර්ෂයේ මැයි මස 2 වන දින සෝවියට් හමුදාව විසින් බර්ලින් නගරය යටත් කර ගන්නා ලදී. හිට්ලර්ගේ ජර්මනියේ අනාගතය තීරණය විය.



රතු හමුදාව ස්තාලින්ගේ නියෝගය සම්පූර්ණ කරන ලදී. එනම් බර්ලීන් නගරය මත සෝවියට් ධජය එසවීමයි.
එම දිනදී ජෝශෆ් ස්තාලින් ගුවන් විදුලිය මගින් ජනතාව මෙසේ අමතන ලදී.
“ සහෝදරවරුනි! දේශප්‍රේමි පුරුෂයිනි,කාන්තාවෙනි, ජර්මානුවන් පරාජය කල එම මහ ජයග්‍රාහී දිනය පැමිණ ඇත. රතු හමුදාව ෆසිස්ට් ජර්මනිය දණ ගස්වන ලදි.“



1945 වර්ෂයේ ජූලි 16 වනදා ස්තාලින් බර්ලීන් නුවරට පැමිණියේය. එදිනට පසු දින සිට අගෝස්තු 02 දක්වා ත්‍රෛයිපාර්ශවීය සමුළුවක් පවත්වන ලදී. එහිදී ජර්මනිය, ඔස්ට්‍රියාව හා පෝලන්තය මත යුධ ජයග්‍රහණය ස්ථීර කර ගත්තේය.
ස්තාලින් නාමය දේශපාලන විශිෂ්ඨත්වයේ සංකේතයක් ලෙස සෝවියට් ජනතාව සලකන ලදී.

පළමුවන කොටස සිට දසවන කොටස දක්වා සැකසුම.

ෆීලික්ස් ප්‍රනාන්දු.

Saturday, September 17, 2016

ලියෝල්.


 ලියෝල්

කවර පීඩාවක්ද සිතීමට පසුගිය සන්තෘෂ්ටිය,
නොවන ප්‍රත්‍යාගමන, නමුත් සදීප්තිමත් කවර කල්හී හෝ,
කුමක්ද අපැහැදිළි සදාතනික සිලිල පියපතරින්
ඉවතට රැගෙන ගියාය, ඉවතට රැගෙන ගියාය නොමැතිව ප්‍රත්‍යාගමනක්.

ඒ සන්තෘෂ්ටිය පොරොන්දු විය මට කාමුක ලියෝල්,
ඒ සන්තෘෂ්ටිය පොරොන්දු විය මට ගිම්හානය.
කූට ස්වරය! සැළෙන හඬින් ගැයුම!
නුඔ ගයන්නේය හා පිළිතුරු නොඅසන්නේය!

මම ආලය කළෙමි හා ආලය කරමි, නොවෙමි විඩාපත් ආලය කිරීමෙන්,
මම පෙරදී මෙන් අයද සිටිමි,
නුඹ, සුන්දරය, හැකිය කිවියා අමතක කිරීමට
නුඹගේ සුන්දරත්වයෙන් ඉපිලයන්න!

කවදාද නුඹගේ ගීත වෑහෙන්නේ ඈතින්
නොසන්සුන්, කූට දිවුරුමෙන්,
සිහිකරමි මම, කෙසේ හඬතැල්වේද එදින කොකුන්
සරාකල අඳුරුවන අස්වැන්න මතින්.

( ලියොල් - යනු ස්ලාවයාන්වරුගේ ජන විශ්වාසයට අනුව ආදරයට හා  විවාහයට අදිගෘහිත දෙවියෙකි.)

1898 සැප්තැම්බර් 23.
අලෙක්සාන්දර් අලෙක්සාන්ද්‍රෝවිච් බ්ලොක්.
රුසියන් බසින් සිංහල බසට,

ෆිලික්ස් ප්‍රනාන්දු.

ඇය.



ඇය නාඹර හා ළකල් වූවාය
නිර්මල මැඩෝනා ලෙස රැඳුනේය හා,
සේ කැඩපතක් ගඟ නිසළ, දීප්තිමත්.
හදවත කඩා හැළෙන්නා සේය මගේ! ..

ඇය තැවුල් නැත්තියකි, නීල තිදස සේ,
සේය නිදිගත් හංසදේනුවක්, පෙනුනාය;
කවරෙක් දනිත්ද, විය හැක්කේය, වූවාය කනගාටු ....
හදවත කඩා හැළෙන්නා සේය මගේ! ..

කෙදිනකද ඇය මට ගැයුවේ ආදරය ගැන,
ඒ ගැයීම හදවතේ රැදුනේය,
එහෙත් ලාලසාව නොදැක්කේය දැවෙන රත ....
හදවත කඩා හැළෙන්නා සේය මගේ! ..


1898 ජූනි 27.
අලෙක්සාන්දර් අලෙක්සාන්ද්‍රෝවිච් බ්ලොක්.
රුසියන් බසින් සිංහල බසට,

ෆීලික්ස් ප්‍රනාන්දු.

Friday, September 16, 2016

ගොළු රැය.




ගොළු රාත්‍රියේ චමත්කාරය
මා ඉදිරියේ නුඹේ බැබළෙන වත.
වසඟ වන පැරණි ගීත
වැළඳගන්නෝය ආත්මය ඒ ඇසිල්ලේම.

තම පිපිහළු නීල මංපෙතේ
හෙමි හෙමීට පසුකර යන්නේය නුඹ,
ගිමන් හරින්නෝය නුඹ මස්තකයේ
නිහිත තාරකා යුගලක්.


අලෙක්සාන්දර් අලෙක්සාන්ද්‍රෝවිච් බ්ලොක්.

1900 ජූනි 13.
අලෙක්සාන්දර් අලෙක්සාන්ද්‍රෝවිච් බ්ලොක්.
රුසියන් බසින් සිංහල බසට,

ෆීලික්ස් ප්‍රනාන්දු.

Thursday, September 15, 2016

ආදරය.




නිහඬ හෝරාවක් විය. පාමුල රළ ඝෝෂා කලේය.
නුඹ මදහස පෑවාය, කටකතා වලට සමුදෙන්නේය:
“ අපි මුණ ගැසෙන්නෙමු ... නව හමුව තෙක් ....“
එය රැවටීමක් වුයේය. අපි දැන සිටියෙමු ඔබ සමගින්,

සදහටම එම රාත්‍රියේ අපි එකිනෙකාට සමුදුන්නේමු.
ලෝහිත ගිනි දළු රවාබලන්නට විය තිදස.
නෞකාවේ රුවල සුළඟට හසුවුනේය.
සයුර මත මුහුදු ළිහිණි ඝෝෂාව රැව්දෙන්නට විය.

මම ඈත බැළුවෙමි, ඇදුම් දෙන පිරුණු කම්පාවෙන්.
ප්‍රභාමත් විය නෞකාව, පහන් තරුව සමගින් පාවෙන
සමාචාර අතරේ, මරකත පච්ච පෙඳ,
ඔදාත හංසයින් සේ, පියාපත් විහිදා වැතිරුණු.

අන්න ඔහුගේ විශාලත්වය තුල රැගෙන යන.
නබෝ ගැබේ පසුබිම සුදු මැලි රන් වණින්
වළා අතරින් මීදුම් රෝස
දීප්තිමත්ය අමතෙස්ත ජාලාවන්ගෙන්.


1901 හෝ 1902
මොස්කව්.
අන්ද්‍රේයි බියෙලි.
රුසියන් බසින් සිංහල බසට,

ෆීලික්ස් ප්‍රනාන්දු.

Monday, September 12, 2016

සංකල්පනාව.



කරලීනා කර්ලෝව්නා පව්ලෝවා.


ශෝකීව සුළඟ හමන්නේය.
ක්ෂිතිජය අඳුරු වන්නේය,
සිසි නොවන්නේය එඩිතර
එබීකම් කරන්නේය මේකුළු අතරින්;
සිටිමි හුදකළාව මම,
මීදුම් පටල විටින් ගොඩින් ඝන විය,
කිඳා නොබසින්නේය
වැස්ස හඬනගන්නේය, ඇලක් සේ.

පපුකැනැත්තේ දුකය
අලසකම බලවත්,
ලාලසාව ළමැද්දේ නිර්ලජ්ජිතය,
පාවාදෙන්නේය මට,
සියල්ල නිෂ්ඵල සේය,
කුමක් අපි අයදිම්ද ලාලසි,
කුමක්ද, මන්දදීප්ත පැහැදිලි,
ආකර්ෂණීය වන්නේය අපට සිහිනයේ.

නොසන්සුන්තාවන් අතරේ සේය
නොහික්මුණු පරපුර
පිරිසිඳු චේතනාවන්
නොවේ ඉදුණු පළතුරු;
සේය සියල්ල පවිත්‍ර
හදවත තුල තරුණ
මුහුදු පතුල සේ,
කිසිවකින් වැටෙන්නේය!

1840 අගෝස්තු.
කරලීනා කර්ලෝව්නා පව්ලෝවා.
රුසියන් බසින් සිංහල බසට,

ෆීලික්ස් ප්‍රනාන්දු.