Sunday, September 4, 2016

ප්‍රභාතයේ පාසැලට පාගමනින්.



වළාකුළු අද්දර දැවෙන්නට වූයේය,
කඳුරෑන මුදුනින් දිදුලන්නට වූයේය,
නද දුන්නේය, දිනය පහන්විය.

මංපෙත් සියල්ල හිමෙන් යටවී ඇත දැන්,
දස දහසක් කැටපත් වැනී,
කවුළු විස්මිතය, විචිත්‍රව දිළෙන්නේය.

කොලුවන්ට නාස්තිකරන්න කල් නැත,
උණුසුම රඳවාගන්නට උඩපැන්නෝය,
වැඩිමහල්ලු තේපැන් සකසන්නේය ඔවුන්ට.

ඔවුන් පාසැල් බෑගය රැගෙන,
ආරක්ෂාකරමින් තමන්ව සෙම්ප්‍රතිශ්‍යාවෙන්,
මෙන් මුතු, ස්තෙප් තණබිමට වෑහුනු.

නීල තිදස පිරිසිඳුය පැහැදිළිය,
දැඩි සීතල රැගෙන එන්නේය සුළං,
හමන්නෝය පුන් ජවයෙන්.

ගැටවුන්ගේ දිවීම නතර කිරීම උකහටය,
දිවීමෙන් රක්ත වන් විය ඔවුන්ගේ දෙකොපුල්,
කඩිනමින් ඔවුන් පාසැලට දිවයන්නේය.



බසාරො න් චෝයිෂිල් - ල්හාමා.

1942.
බසාරොන් චෝයිෂිල් - ල්හාමා.
රුසියන් බසින් සිංහල බසට,

ෆීලික්ස් ප්‍රනාන්දු.

No comments:

Post a Comment