Monday, October 17, 2016

සෝවියට් සමාජවාදී සමූහආණ්ඩු සමූහයේ ගීතය.



සමූහය ආලංඝනීයයි සමූහආණ්ඩු නිදහස්
එක්සත්ය සදාකල් උදාර රුසියාව.
සදාකල් දිනේ ප්‍රභූත රිසි දනගේ,
එකම, තෙදැති සෝවියට් සමූහය!

යසස, නිදහස් ජන්මභූමිය අපගේ,
ජන මිතුදම් විශ්වසනීය බලකොටුවයි!
සෝවියට් පතාක, ජන පතාක
ඉඩහරින්න ජයෙන් ජයට රැගෙන යන්නේය!

අතරින් චණ්ඩ මාරුත දිදුළුනේය අපට නිදහසේ හිරු,
ලෙනින් උදාර අපට මග ආලෝකමත් කලේය.
හා අපව සඤ්ජාත කලේය ස්තාලින් - සරදය මත දනගේ,
දහදිය මත හා වික්‍රමයන් මත ජීවන සුසුම ‍හෙළුවේය.

යසස, නිදහස් ජන්මභූමිය අපගේ,
සුඛය දනගේ විශ්වසනීය බලකොටුවයි!
සෝවියට් පතාක, ජන පතාක
ඉඩහරින්න ජයෙන් ජයට රැගෙන යන්නේය!

අපි අපේ හමුදාව ඔසවා තබන්නෙමු සටනේදී,
ආක්‍රමණිකයින් නිවට මාවතේදීම නිමානය කරන්නෙමු!
අපි සටනේදී තිරණය කරන්නෙමු ඉරණම පරපුරේ,
අපි ජන්මභූමියේ මහිමය වෙත රැගෙන යන්නෙමු!

යසස, නිදහස් ජන්මභූමිය අපගේ,
මහිමය දනගේ විශ්වසනීය බලකොටුවයි!
සෝවියට් පතාක, ජන පතාක
ඉඩහරින්න ජයෙන් ජයට රැගෙන යන්නේය!

පබැඳුම     -       එස්.වි. මිහාල්කෝෆ් හා ග.ආ. එල් - රෙගිස්තාන්




සංගිතය    -       ආ.ව. අළෙක්සාන්ද්‍රෝෆ්.




රුසියන් බසින් සිංහල බසට,

ෆීලික්ස් ප්‍රනාන්දු.

2 comments:

  1. මේක තමයි තේරුම නේද ඉතින් . වෙනස් කරලා ගීතයක් කියනන් පුළුවන් වෙනේ විධිහට ලිව්වා නම් මොකද වෙන්නේ. අනුවර්තනයක්

    ReplyDelete
  2. ජාතික ගීයක් වෙනත් භාෂාවකට පරිවර්ථනය කර ගායනා කල හැකිද?

    ReplyDelete