Thursday, March 23, 2017

කඳුළු.



කඳුළු ..... යලි ඒ කටුක කඳුළු,
වියෝගී උකටලීබව හා ශෝකයබව ;
නැවත අන්ධකාරය ... හා බුන් දවල් හීන
රැගෙන ගියෝ ය නිමක් නොපෙනෙන ඈතට.

කුමක් ද ඉක්බිතිව? යලි ඒ කම්කටොළු ?
නැත, ඇති පදමට .....විවේකයට කාලයයි
අමතක කිරීමට ඒ ශෝකී ස්වර,
මේ වන විටත් වෙහෙසට පත්විය ලපැත්ත.

කිවියා කවරෙක්ද ඒ බර්ච් සෙවන යට ?
ස්වර මට පුරුදුයි වාගේ
ඒ කඳුළු යලිත්..... ඒ කඳුළු
අභිරුචිය උපන්බිමේ.

එනමුදු මම ම සුන්දර උපන්බිමේ,
කඳුළු තුල මිලින කළෙමි තම ශෝකය.
ඔහ් පෙනෙන්නේය සීතල සෙහොන තුල
මාගේ කිරා වැටීමට හා නින්දයාම.

1915.
සෙර්ගේයි යෙසිනින්.
රුසියන් බසින් සිංහල බසට,

ෆීලික්ස් ප්‍රනාන්දු.

2 comments: