Monday, May 7, 2018

මාව එපා මරා දමන්න, අම්මේ.



මම මතු වුණේ ඉතා මෑතක. දැන් මම කල් ගෙවන්නේ අම්මාගේ කුසේ, එනමුත් දස මසකට පසු මම ලෝකයට බිහි වෙනවා. මට මෙහි එතරම් ම හොඳයි, සැප පහසුයි! අම්මා මං ගැන වද වෙනවා, නිතර ම ඇය මෘදු සංගීත කණ්ඩ වාදනය කරනවා හා මම ආස්වාදය කරනවා ඇයත් සමගින් සමහර දවසට නිදාගන්නවා. සෑම සවසක ම තාත්තා වැඩ ඇරිලා එනවා. ඔහු අම්මව වැළඳගන්නවා හා මම ජීවත් වන ඇගේ උදරය අතගානවා. මම මෙලෝ එළිය දකින දා, අපේ පවුල ඉතා වාසනාවන්ත එකක් වෙනවා, මම ඒ තරමට ම ඔවුන්ට ආදරෙයි.
        මගේ අම්මා වැඩි වේලාවක් ගෙදර ඉන්නේ. නමුත් එකේ සිට පහ දක්වා ඇය පාසැලේ වැඩට යනවා. ඇයට දැන් ගොඩක් සිසුන් නැහැ. නමුත් ඔවුන් ඉතා ආදරෙයි මගේ අම්මට. එ නමුත් කමක් නැහැ, මම උපදින දාට, මම තවත් වැඩියෙන් ඇයට ආදරය කරනවා. පාසැල ඇරිලා මගේ අම්මා ගෙදර එනවා, කෑම කනවා. ඇයත් සමග මමත් කෑම කනවා. හැමදා ම ඒ සියල්ල එ තරම් ප්‍රනීතයි! පසුව මගේ අම්මා රූපවාහිනිය බලනවා හා ගොතනවා. පසු ව පාඩම්වලට සූදානම් වෙනවා. රෑට තාත්තා ගෙදර එනවා හා ඔවුන් නින්දට යනවා.
        ඒ විදිහටයි දවස ගෙවෙන්නේ. මගේ තාත්තා උත්සාහ කරනවා සියල්ලෙන් ම අම්මව පිනවන්න. ඔහු එ තරම් ම දයාබරයි! ඉක්මනට මම ඉපදෙනව නම්, මම හැමදා ම සවසට ඔවුන් ව වැළඳගනීවි, සිපගනීවි, පසුව මම ඔවුන් සමගින් ඇඳට බඩගාවි. ඒ අය මා එක්ක සෙල්ලම් කරාවි. එහෙම වුනා නම් නියමයි!
        සෑම දිනක ම මම වැඩි වැඩියෙන් වැඩෙනවා. මගේ අත්, කකුල් ඇති වෙන්න පටන් ගන්නවා. මම සියල්ල දකිනවා, මට සියල්ල හැඟෙනවා. මගේ දෙමව්පියන්, සමහර විට, ඒ බව දන්නේ නැහැ. කොච්චර සිත්ගන්නාසුළු ද! මට හැකියි දකින්න, මොකක් ද එගොල්ලෝ කරන්නේ කියලා, ඔවුන්ට නො හැකියි කුස තුළට එබිලා බලන්න, මම ඔවුන්ට අත වනන සැටි සහ සිනහසෙන සැටි. මට එ තරම් ම සතුටුයි හා ඉතා යහපත්! සමහර දවස්වල මට හිතෙනවා අම්මාගේ කුසෙන් රාත්‍රියේ දී පහලට බහින්න, සිපගන්න අම්මාව තාත්තා සමගින් හා ආපසු යන්න, නමුත් මම තවමත් කුඩායි, පොඩ්ඩන්ට නියම වෙලා තියෙන්නේ කුස තුළ සිටින්නයි. සමහර දිනවල දී අම්මා ආච්චිව බලන්න යනවා. ඇය ඉතා මෘදුයි හා කරුණාවන්තයි. ආච්චි අම්මට කෑම ගෙනත් දෙනවා. අයගේ ගෙදර පිරෙන්න තිබුනත්. තවත් නැක්කිම හා ඇඳුම් මා සඳහා, ඔවුන් නො දැන සිටියත් කව්ද ඉපදෙන්නේ කොල්ලෙක් ද කෙල්ලක් ද කියා. මට එ තරම් ම ප්‍රසන්නයි, ඔවුන් සියල්ලන් මා පිළිබඳ සිතන නිසා හා මා රැකබලා ගන්නා නිසා. කෙසේ වෙතත් කුඩා දරුවෙක් වීම කොපමණ යහපත් ද හා සැප පහසු හා මෘදු කුස තුළ සිටීම.
        මාසයක් ගෙවී ගියේ ය. මම තව තවත් විශාල වෙනවා. මට දැනටමත් ආසා හිතිලා තියෙනවා ප්‍රියතම කෑම පිළිබඳ ව. ඒවායින් මාගේ කුස පුරවනවා අම්මා හා සංගීතයට ඇය නිතර සවන් දෙනවා. තවත් මගේ තාත්තා කණ අම්මාගේ කුසට තියලා ඇහුම්කන් දුන්නා කෙසේ මම එහි ජීවත් වන්නේ ද කියා. ඒක අපූරුයි! මම අතින් ඇල්ලුවා අම්මගේ බඩ හා කැසුවා ඇඟිලිවලින්. තාත්තා කිව්වා මම හුස්ම ගන්නවා ඇහුණා කියලා. මෙන්න මෝඩයෙක්!


        අද අම්මට පාඩම් වැඩ තිබුනේ නැහැ. සිසුන් අධ්‍යාපන චාරිකාවකට සහභාගී වූ නිසා. ඇය කලින් ම ගෙදරට ආවා. ඇය දොර ඇරියා හා එහි දී තාත්තව දැක්කා කෙල්ලෙකු සමගින්. ඇය අම්මා වගේ මෘදු හා සුරතල් එකියක වූවා ය. ඇයි ද තාත්තා ඇයව වැළඳගත්, සිපගත්තා හා සිනාසුනා. නමුත් අම්මා ඇයට කැමැත්තක් දැක්වූයේ නැහැ. ඇය තාත්තාට කෑගහන්න පටන් ගත්තා. කෙල්ල ඒ වෙලාවේ ම කඩිනමින් ගෙනා දෑ එකතු කර ගත්තා, දිව ගියා. අම්මා, තාත්තා එක්ක රන්ඩු කරන්න පටන් ගත්තා. මම කවරදාක වත් දැකලා නැහැ, ඔවුන් රන්ඩු කරනවා. අම්මා සද්දෙට කෑගැහුවා, තාත්තාගේ මූණට ගැහුවා. තාත්තට කේන්ති ගිහිල්ල කොහේද ගියා. අම්ම කෑගැහලා කිව්වා තවත් එන්න එපා කියලා. පසුව ඇය ඇඳි පුටුවක වාඩි වුනා හා හොඳට ම ඇඬුවා. මට ඇය ගැන එ තරම් ම දුක හිතුනා. මට ගොඩක් වුවමනා වුනා ඇයට කවරෙකින් හෝ උදව් කිරීමට. නමුත් නො හැකි වුනා. මම එ විට තීරණය කළා, මම ලෝකයට බිහි වූ දාට, මම සෑමදා ම මගේ අම්මව සනසන්න. ඇය කවරදාක වත් අඬන්න සිදු වන්නේ නැහැ. මම ඇයට එ තරම් ම ආදරෙයි!
        පළමු වරට ඇගේ කුස තුළ මට මොකක් දෝ අපහසුවක් ඇති වුනා. ඇයි දන්නේ නැහැ වම් අත රිදෙන්නට වුනා. සමහර විට අම්මා හැඬුවා හා නො සන්සුන් වුන නිසා වෙන්න ඇති? ඇය හිටි ගමන් නැගිට්ටා ඇඳි පුටුවෙන් හා කාමරය පුරා ඇවිදින්න පටන් ගත්තා. නමුත් කඳුළු බිඳු ඇගේ දෑස්වලින් හැලුණා. මට කැම කන්න වුවමනා වුනා. අම්මට මුළුමනින් එය අමතක වූවා සේයි. පුදුමයි කවරදාක වත් පෙර නො වූ ලෙසට. කමක් නැහැ මම තවත් ඉවසන්නම්, වැදගත් වන්නේ අම්මට සැහැල්ලුව දැනෙන්න ඔනේ. අම්මා, තාත්තා එක්ක සමාදාන වෙන්න ඔනේ.
        අහිංසක අම්මා, ඇයට නිදාගැනීමට නො හැකි විය, නැවත ඇඬුවා ය. මට කොච්චර හිතුන ද කුසෙන් බසින්න, බැහැලා වැළඳගන්න ඇය ව මගේ කුඩා දෑත්වලින්. සමහර විට ඇයට සැහැල්ලුවක් දැනේවී.
        හිමිදිරිය උදා වුනා. අම්මා අවදි වුනා, නමුත් තවමත් කවිච්චිය මත වැතිර සිටියා. මට නැවතත් බඩගිනි වුනා. ඇයි ඇය මා ගැන අවධානය යොමු නො කරන්නේ? ඇයි එ තරම් ම නො සලකා හරින්නේ, ඉස්සර වගේ නෙමෙයි? කොහේ ද මගේ තාත්තා, මට ඔහු නො මැති ව තනිකම ගොඩක් දැනෙන්න පටන් ගෙන!
        ඔන්න, අවසානයේ දී අම්මා නැගිට්ටා කවිච්චියෙන් කුස්සියට ගියා. සමහර විට ඇය මට කවයි! නැහැ ඇය නැවතත් කොළොම්බුව මත වාඩි වුනා නැවතත් වැලපෙන්න වුනා. මට හිතුනා ඇයට කියන්න: “ අම්මේ අඬන්න එපා, මම ඔයාට ඉන්නවා, මට ඔයා නැතුව ජීවත් වෙන්න බැහැ, ගොඩක් ආදරෙයි. “ මම හීන් සීරුවේ ඇයගේ කුස අත ගෑව, මුදු වචනෙන් ඇයට මිමිණුවා. කොච්චර දුක ද ඇයට කිසිවක් ඇහෙන්නේ නැති එක.
        අම්මා විවර කළා ය පෙට්ටියක්, මොකක් ද ගත්තා, ලයිටරය පත්තු කළා. මොකක් ද ඇය කළේ.
        තූ..., හුස්ම හිර වෙනවා. මොකක් ද ඒ, දෙයියනේ, මොන ජරාවක් ද! මොකක් ද ඒ දුම! මම ජීවත් වන කුඩා සැප පහසු කුස තුළ කවදාවත් එ වැන්නක් වුනේ නැහැ! ඊයා මට එ තරම් ම අපහසුයි, දුම දෑස් පලුදු කරනවා, මට කැස්ස එනවා.
        අම්මේ, අනුකම්පා කරන්න මට, මොකක් ද ඔයා කරන්නේ මට එ තරම් ම අප්‍රසන්නයි! නමුත් නැහැ, ඇයට ඇහෙන්නේ නැහැ මාව. උරනවා මොනව ද ජරාවක්. මගේ හිත කලබල වෙනවා, මට ඇඬෙන්න එනවා. අම්මාව වැරෙන් අල්ලාගත්තා බඩින්. ඇය වමනය කරනවා. අවසානයේ ඇය සිගරට් උරන එක නතර කළා. එ නමුත් දුම තරම් ම ගොඩක් ඇයගේ කුස තුළ! මම දුමට පිඹිනවා, එවා හෙමිහිට ඉවත් වෙනවා. අම්මා නැවතත් අඬනවා. මමත් ඇයත් සමග ම අඬනවා. එයින් දරුණු දුම කැහැල ඉවත් කරනවා. මගේ පපුව රිදෙන්න පටන් ගන්වා.
        අම්මා කෑම කැව්වා මට, නමුත් නැවතත්, කණගාටු වන්නේ මම කැමති දෙයින් නෙමෙයි. ඇයි ද බලාපොරොත්තු නො වන ලෙස සියල්ල ඉක්මනින් වෙනස් වුනේ? සමහර විට මොකකින් හරි මගේ අම්මව කේන්ති ගැස්සුව ද මගේ ආදරණිය අම්මව? මොකකින් ද ? අම්මා අද පාසැලට ගියේ නැහැ. ඇය අද ගෙදර හිටියා, හඬා වැටුණා මුළු දවස ම! මගේ පපුකැනැත්ත තවත් තදට රිදෙන්න ගත්තා. ඇය නැවතත් ඉරුවා මොකක් දෝ ජරාවක්. මට වැඩි වැඩියෙන් වුවමනා වුනා ඇගේ කුසෙන් දුවලා යන්නට. මෙහි සම්පූර්ණයෙන් අපහසුවක් ඇති වුනා. මෙහි ගඳක් දැනෙනවා, දුම ඇස් සූරනවා, තව එකක් මට දැන් ගොඩක් කන්න ඕනා.
        අද අම්මා කලින් ඇහැරුනා. ඇයට නින්ද ගියේ නැහැ. මොනව ද මන්දා ඇය මට කන්න දුන්නා. රසක් දැනුනේ නැහැ. කලින් දේට වඩා එය රසයි. මට දැන් පානයට යමක් ඔනේ. අම්මා මගේ අදහස තේරුම් ගත්තා සේ, ශීතකරණය වෙත ඇය යමින් ඇය මොකක් දෝ බෝතලයක් ගත්තා. ඇය වත්කළා පොඩි වීදුරුවකට විනිවද පෙනෙන දියරයක්. මට එ තරම් ම සතුටුයි. අවසානයේ අයට මාව මතක් වුනා, අවසානයේ දී ඇය මා ගැන හිතන්න ගත්තා පෙර සේ ම. ඇය වීදුරුව කට ලඟට ගත්තා තියුණු ලෙස කට ඇතුළට වත් කළා ය එහි වූ දෙය. දෙයියනේ මොන වසක් ද, මොන කටුක රහක් ද! මම එ වර ම ඉවත හෙළුවා එය. මට ගොඩක් පිළිකුල් හා අප්‍රසන්නයි. ඇයි අම්මා එ තරම් ම මට දුක් දෙන්නේ, මට මොකක් වුනත් ඇයට කමක් නැති ද? නැහැ එහෙම වෙන්න බැහැ. ඇය මට ගොඩක් ආදරෙයි, ඇයට මං වගේ. ඇයට බැහැ මට නපුරක් පතන්න. ඇයට හරියට අමාරුයි. කොහොම වුනත් මට තේරෙන්නේ නැහැ, ඇය පානය කරන මොනව දෝ වසක් නිසා ඇයට සැහැල්ලුවක් දැනෙනවා ද කියලා, මම සිටින කුස පිරී යනවා විස දුමෙන් ? එයින් කොහොම ද සැහැල්ලු වෙන්නේ මට වේදනාව ගෙන දෙනවා? නැහැ ඇය ඉස්සර එහෙම නැහැ. හැමදා ම මෙහෙම වෙයි ද? මම ඒකට ගොඩක් කැමති නැහැ, මට ඒක දරා ගන්න බැහැ.
        තව දවස් කීපයක් ගෙවී ගියා. සියල්ල තවත් නරක අතට හැරුණා. අම්මා මට මුකුත් කවන්නෙ ම නැහැ. දුම උරනවා විතරයි. මුළු දවස ම බොනවා, කවිච්චියේ වැතිර අඬනවා. මට ගොඩක් අමාරුයි. නිතර ම හිස, පපුව රිදෙනවා, සමහර දවස්වල වමනේ කරනවා මම. සෞම්‍ය හා මුදු කුස තුළ ඉන්න බැහැ වගේ! මම නිතර ම තට්ටු කරනවා ඇයට මගේ දෑතින් හා විශ්වාස කරනවා මෙහෙන් එළියට එන්න. නමුත් ඒක කරන්න බැහැ. මගේ හුස්ම හිර කරනවා මෙහි. තාත්තා එක වරක්වත් අපිව මුණගැසුනේ නැහැ. එයා අපිට ආදරේ නැහැ වගේ, අපිට එයාව ඔනේ නැහැ වගේ. නැහැ එහෙම වෙන්න බැහැ, අම්මත් එක්ක රන්ඩු කරන්න පෙර අපි ගැන එයා හොයලා බැලුවා. මොකක් ද සිද්ධ වුනේ? මා ගැන වගක් නැහැ. මම හිඳගෙන ඉන්නවා, අඬනවා. මට මෙහි තනියි.
        තවත් දවස් කීපයක් ගෙවී ගියා. අපේ ගෙදරට ආච්චි ආවා. ඇය මොකක් ගැන ද අම්මා එක්ක වාද කළා. කඳුළු පුරවගෙන අපේ ගෙදරින් පිට වෙලා ගියා. අම්මා මෙකකින් ද ඇයට රිද්දෙව්වේ? මොක්ක දෝ වැඩක් නැති දෙයක් නිසා ඒගොල්ලෝ වාද කළා. මුලින් ම ඔවුන් සමාදානෙන් සාකච්ඡා කළා. පස්සේ අම්මා කිව්වා එක වචනයක්, ආච්චි අඬන්න පටන් ගත්තා. මට කිසිම දෙයක් තේරුනේ නැහැ. ඇය මොකක් ද කිව්වේ? “ කරන්න ඔනේ ගබිබාවක්“ නැතිනම් “ ගබ්සාවක් “. හරියට ම තේරුනේ නැහැ, ඒක එච්චර වැදගත් නැහැ. මෙකක් හරි නරකක් ද, ආශ්වාස කරන දුමෙන්, මෝඩ බීමෙන් වමනය යන? ඇය තමාව ම පාලනයට නතු කර ගත යුතු යි, සියල්ල සමග සමාදාන විය යුතු යි. සියල්ල යහපත් වෙයි හා නිශ්චල වෙයි ඉස්සර වගේ.


        අම්මා නැවතත් අවදි වුනා උදෙන් ම හා මට කෑම කවන්න අමතක කළා. මම තවත් අඬන්නේ නැහැ. මම හුරු වෙලා, මා ගැන ඇය අවදානය යොමු නො කිරීම ගැන. අම්ම ඇඳ ගත්තා. කොහේට ද ගියා. ඇය ගමන් කළා. ඇඬුවා. ගමන් කරමින් හැරි හැරි බැළුවා ඇය වට පිටාව හා මොනව දෝ මිමිනුවා. අම්මා පැමිණියා නො හඳුනන ගොඩනැගිල්ලක් වෙතට. එළිපත්තේ දී ඇය සාන්ත කුරුසේ ඇන්දා හා හිස වටා උත්තර සාටකය දාගත්තා. ඇතුළේ මිනිස්සු ගොඩක් හිටියා. සමහර අය ඉටිපන්දම් තිබ්බා, සමහර අය යාඤා කළා. අම්මා ඉටිපන්දමක් ගත්තා, සුරුවම ඉදිරියේ ඒක තිබ්බා. අයදින්න පටන් ගත්තා, ඇයට කමා කරන්න කියලා. ඇය කැමති නැහැ කරන්න ඒක. ඇයට වෙනත් දෙයක් ඉතුරු වෙලා නැහැ කරන්න. අම්මා හැසිරෙන විදිහ අමුතුයි. අම්මා කවදාවත් පෙර දී මෙහාට පැමිණ නැහැ. අමුතු තැනක්, නමුත් මම මෙහාට හරි කැමතියි. මොකට ද අම්මා සමාව ඉල්ලන්නේ ? සමහර විට මට රිදවපු නිසා, මට කෑම කවපු නැති නිසා. සැබවින් ම ඇය මනස වෙනස් කරගත්තා ද දන්නේ නැහැ තාත්තා වෙතට යාමට ? සැබවින් ම සියල්ල යහපත් වෙයි ද?
        අවසානයේ දී, අම්මා යාඤා කිරීම අවසන් කළා, ගොඩනැගිල්ලෙන් එළියට ආවා. මාවතේ දී ඇය උත්තර සාටකය ඉවත් කළා, කුඩා මල්ලේ දමා ගනිමින් ඇය මෝටර් රථයක් නවතා කොහේට ද ගියා.
        මෝටර් රථයේ දී මාව පැද්දෙන්න පටන් ගත්තා. ඔලුව තදින් කැරකෙනවා. මට නැවතත් අපහසුයි. අවසානයේ දී මෝටර් රථය නවතිනවා හා අම්මා ඇතුළු වෙනවා මොකක් දෝ ගොඩනැගිල්ලකට, තවත් ගොඩක් අරුම පුදුම පළමු එකට වඩා. හදිස්සියෙන් සුදු ලෝගු ලා ගත් මිනිස්සු දුවනවා, සිනහ උපදවන හිස් වැසුම් පැළඳ ගත්. මට ඇයි ද බයක් දැනෙන්නේ? මාව ගුලියකට හැකිළෙනවා. අම්මා ගොඩනැගිල්ලට ඇතුළු වෙනවා, දිග කොරිඩෝව මතින් කොහේට ද යනවා. ඇය සුදු ලෝගුවක් ලා ගත් පුද්ගලයෙකු වෙතට යනවා, ඔහු අයව අතින් අල්ලාගෙන කර්යාල කාමරය තුළට රැගෙන ගියා. එහි දොස්තරලා දෙන්නෙක් ඉන්නවා. කාර්යාල කාමරය තුළ සුදට හුරු මැද ඇඳක් වගේ එකක් තියෙනවා, ඒ මතින් විදුලි බුබුලක් දැල්වෙනවා. මම තව තවත් වැඩියෙන් භය වෙන්න පටන් ගන්නවා. මම ගොඩක් භයයි. අම්මේ.... ඇයි නැවතත් පපුව රිදෙන්න පටන් ගන්නේ. දොස්තරලා අම්ම ව ඒ අමුතු ඇඳේ වාඩි කරවනවා. ඒකට ඒ අය කිව්වේ “ ශල්‍යකර්ම ඇඳ “ කියලා. කාර්යාල කාමරයේ දොර වහනවා, මොකකට දෝ සූදානම් වෙනවා. එක දොස්තර කෙනෙක් රැගෙන එනවා යකඩ බන්දේසියක්. ඒ මත අතුරා තියෙනවා අප්‍රසන්න උපකරණ: මොනව දෝ පිහි හා විශාල අඬු. දෙයියනේ, මොනව ද ඒ අය කරන්න සුදානම් වෙන්නේ? මොකක් ද ඒ සියල්ලේ තේරුම. මගේ අම්මා මෙහෙ මොකක් ද කරන්නේ? ඇයට හිතුන ද මාව භය කරන්න. එපා, ආදරණීය අම්මේ, මම එ තරම් ම භය වෙලා ඉන්නේ. මට ඕනේ ඉක්මනට ඉපදෙන්න. ලොකු වෙන්න හා එයාට උදව් කරන්න. ඒ දොස්තරලට මට මොනවත් ම කරන්න දෙන්න එපා, ඉල්ලනවා ඔයාගෙන්, මම ඔයාට ගොඩක් ආදරෙයි නේ!
        බලාපොරොත්තු නො වන විදිහට දොස්තර අතට ගත්තා සිරිංජයක්, මොනව දෝ මගේ අම්මට විදිනවා. විනාඩි කිපයකට පසු ඇය නිදා වැටෙනවා. නමුත් මම නිදා ගන්නේ නැහැ. මට ඔක්කෝ ම පේනවා, දැනෙනවා. දොස්තරලා තම දෑතට ගත්තා ඒ අප්‍රසන්න උපකරණ හා අම්මා මතින් තිබ්බා. දෙයියනේ, මොකක් ද සිද්ධ වෙන්නේ? මට ඇයි මෙච්චර භය දැනෙන්නේ. ඇයි මගේ දෑසින් කදුළු ගලන්නේ. එ තරම් ම මගේ පපු පොඩ්ඩ කකියන්නේ ඇයි? මොවයින් ද එ තරම් ම භයංකාර විදුලි බුබුළු දැල්වෙන්නේ. එවායේ එළිය මාව මුළුමනින් ම දවාලනවා සේ ය? සුදු කබා හැඳගත් ඒ මිනිස්සු හිතුවේ මොකක් ද? මොනවට ද ඒ අය සුදානම් වන්නේ, ඇයි ඒගොල්ලෝ මගේ අම්ම ව නිදි කෙරෙව්වේ? ඇය කවදා වත් ඒකට ඉඩ නො දෙයි, මට මොනව හරි නරකක් කරනවට. ඇය මට ආදරෙයි නේ..
        මෙන්න දොස්තර ගන්නවා අඬු හා අම්මාගේ සිරුර ඇතුළට දානවා. දෙයියනේ දැනටමත් අඬු මා ලඟට ඇවිල්ලා. මම තවත් තදින් ඇකිළෙනවා මුවා වෙන්න. නමුත් ඔවුන් තුවාල කරනවා මගේ කකුලක්, එයින් ලේ වැහෙනවා. දෙයියනේ, කොච්චර රිදෙනව ද? මම අල්ලා ගන්නවා මගේ කකුලෙන් හා උත්සාහ කරනවා වෑහෙන ලේ නවත්වන්න. නමුත් සියල්ල නිශ්ඵලයි, තුවාලය ගැඹුරුයි. කෙහොම ද ඔවුන්ට පුළුවන් වෙන්නේ මගේ සිනිඳු සම පසාරු කරන්න තමන්ගේ යකඩ අඬුවලින්? මට ගොඩක් රිදෙනවා. ඇයි ඔවුන් නපුරු හා හදවතක් නැති අය වෙන්නේ? අම්මා කොහේ ද ඔයා? ඇයි ඔයා නිදි? ඒගොල්ලන්ව නවත්වන්නේ නැත්තේ ඇයි? මට හොඳයි ඉන්න අපිරිසිඳු හා පිළිකුල් ලෙස ගඳ හමන කුසේ, මම කැමති නැහැ මැරෙන්න. කරුණාකරලා එපා. මම නැවතත් හඬමි. අකාරුණික අඬු ගෙන දෙනවා ඊලඟ පහර, එවර අනාරක්ෂිත ළපැත්තට.
        ලේ තවත් වැඩියෙන්. මට දැනෙනවා, මම මැරෙනවා. මට කොච්චර රිදෙනව ද, දෙයියනේ ඇයි මට එගොල්ලෝ එහෙම කරන්නේ, මගේ වැරැද්ද මොකක් ද? මට ඇය මේ වගේ දුකක්? මම දැනටමත් අඬන්නේ නැහැ, කෑ ගහනවා, මගේ ශක්තිය එන්න එන්න අඩු වුනත්. මට දැනෙනවා ජීවිතය ටිකෙන් ටික මගෙන් ඈත් වෙනවා වගේ.
        ඔන්න දැන් අඬු නැවතත් එනවා. අවසාන ශක්තිය යොදවා ඒවා වීසි කරනවා. නමුත් ඩිංගක් ශක්තිය මගේ දුර්වල අතක තියෙනවා. අඬු අල්ලා ගන්නවා මගේ සිහින් බෙල්ල, අදිනවා මාව එළියට.
        විරුද්ධ වෙන්න හා අඬන්න මට ශක්තිය නැහැ. කොහොම වුනත් මාව කාටත් ඇහෙන්නේ නැහැ. මගේ හුස්ම සිර වෙනවා, මගේ සිරුරෙන් ලේ වෑහෙනවා. දොස්තරලා මාව එළියට ඇදලා ගන්නවා අම්මගේ කුසෙන්, නමුත් මැරිලා.
        දොස්තරලා උදාසීන ව බලනවා මගේ මෘතශරීර කොටස් දෙස, හෘදසාක්ෂියට පටහැනි ව වීසි කරනවා ඒවා කුණු භාජනයට. ටික වේලාවක් ගිය පසු අම්ම ව වෙනත් වාට්ටුවකට ගෙන යනවා. ඉක්මනට ම ඇය අවදි වෙනවා, ගෙදර යයි. සියල්ල පෙර සේ ම වෙයි. ඇගේ කුස තුළ මම කවදාවත් ජනිත වෙන එකක් නැහැ. මම ඉපදෙන්නේ නැහැ, වැඩෙන්නෙත් නැහැ. මා සැමදාට ම මෙහි වනු ඇති, කුණු භාජනයේ. මට කවදාවත් බැරි වෙයි ඇය ව වැළඳගන්න, මා වෙතට ඇදගන්න, සිඹින්න. මම කිසි දිනක යන්නේ නැහැ උද්‍යානයට හා පාසැලට. මගේ අම්මා කවදාවත් නො දකියි මගේ පළමු පියවරයන්, නො ඇසෙයි මගේ මුල් වදන්. ඇය දැනගන්න එකක් නැහැ මම කොච්චරක් ඇයට ආදරය කළා ද කියලා.

අලෙක්සාන්දර් බරීසෝවිච් අන්ද්‍රියානෆ්.
රුසියන් බසින් සිංහල බසට,
ෆීලික්ස් ප්‍රනාන්දු.

2 comments:

  1. කතාව සංවේදියි , හැබැයි ගබ්සාවට විරුද්ධව ලියන ආගමික චින්තනත් ඔය වගේමයි .

    ReplyDelete