Wednesday, September 5, 2018

තුසර.



කෙසේවත් නිවා දැමීමට නොහැකි විය ළා හිරු බැස යාම.


තත්‍යානා පෙත්‍රෝව්නා ඔහුගේ නිවසේ පදිංචි වී මසක් පසුවෙත් ම, මහළු පතාපෆ් මිය ගියේ ය. තත්‍යානා පෙත්‍රෝව්නා දුව වාර්‍යා හා මහළු මෙහෙකාරිය සමගින් තනි වූවා ය.
කුඩා නිවස, කාමර තුනකින් සමන්විත, උතුරු ගංගාව මතින් වූ, නගරයේ ඈතින් ම පිහිටි කන්දේ උස ම තැන පිහිටා ඇත. නිවසින් එහා, පැතිර යන උයන වූ අතර ඊට එපිටින් , සුදට දිදුළුවේ ය මුර්ජ අරඹ. ඒ තුළ උදැහැනැක්කේ සිට ගොම්මන තෙක් කෑ ගැසුහ කවුඩු පනික්කියෝ. වළාකුළු ගියේ නිරුවත් මුදුන්වලට ය, එයින් නිවේදනය විය අයහපත් කාලගුණයේ සේයා.
මොස්කව් නුවර ජීවිතයෙන් පසු ව තත්‍යානා පෙත්‍රෝව්නාට දිගු කලක් මුඩු නගරයට හැඩ ගැසීමට නො හැකි වූවා ය, එහි නිවස්න වෙත, කිරි කිරි හඬ නගන දොරවල් වෙත, පාළු රාත්‍රියට, පට පට හඬින් පිපිරෙමින් ඇවිලෙන භූමිතෙල් ලාම්පුවේ ගින්දරට.
“ මා මොන වගේ මෝඩියක් ද? සිතුවා ය තත්‍යානා පෙත්‍රෝව්නා. මොකට මොස්කව්වලින් පිට වුනා ද? රඟමඬළ වීසි කළා, මිතුරන්. පුෂ්කිනෝවල විසූ සාත්තුකාරිය වෙත වේරව රැගෙන යාමට අවැසි වී තිබුණි. එහි කිසිදු ආක්‍රමණයක් නො වී ය, මොස්කව්වල නතර වීමට. දෙයියනේ, මා මොන මෝඩියක් ද? “
ඒ නමුත් මොස්කව් නුවරට නැවත පැමිණීමට නො හැකි ය. තත්‍යානා පෙත්‍රෝව්නා තීරණය කළා ය ගිලන් හලට ඇතුළත් වීමට. එවන් ගිලන් හල් කිහිපයක් නගරයේ පිහිටා තිබුණි. සන්සුන් වූවා ය. නගරය ඇයට ප්‍රියජනක වන්නට විය. වෙසෙසින් ම හේමන්තය උදා වූ විට හා හිමෙන් උතුරා ගිය විට. දිනයන් මෘදු හා ධුසර වේ.
ගංගාව දිගු කලකට මිදෙන්නේ නැත. එහි හරිතවන් ජලය වාෂ්ප විය.
තත්‍යානා පෙත්‍රෝව්නා නගරයට හා ආගන්තුක නිවස්නට අවැසි පරිදි හැඩ ගැසුනා ය. හැඩ ගැසුනා ය පාලනයෙන් ගිලිහුණු පියානෝවට, බිත්තියේ එල්ලී තිබූ පීත පැහැ ගත් ඡායාරූපවලට, විදහා දැක්වෙන අශෝබන වෙරළාරක්ෂක යුධ නැව්වලට. මහළු පතෝනෆ් අතීතයේ දී නාවික යාන්ත්‍රිකයෙකු විය. ඔහුගේ ලියන මේසය මත මිලින හරිතවන් රෙදි කඩක් සමගින්, ඔහු යාත්‍රා කළ “ ග්‍රාමබෝයි“ යුධ නැවේ ආකෘතිය පිහිටියේ ය. කිසිවෙකුටවත් එය ස්පර්ශ කිරීමට අවසර දුන්නේ නැත.
තත්‍යානා පෙත්‍රෝව්නා දැන සිටියා ය, පතෝනෆ්ගේ පුතෙක් නාවිකයෙකු බව හා ඔහු දැන් කළු මුහුදු නාවික බලඇණියේ සිටින බව. ලියන මේසය මත යුධ නැවේ ආකෘතිය ආසන්නයේ ම ඔහුගේ නාම පත පිහිටියේ ය. සමහර විට තත්‍යානා පෙත්‍රෝව්නා එය රැගෙන විමසිල්ලෙන් බලා, සිහින් දෙබැමි හකුලා ගැඹුරින් සිතන්නට වූවා ය. ඇයට හැඟී ගියා ය, කොහේ දී හෝ ඔහුව හමු වී ඇති බව, ඉතා ඈත දිනක දී, තමාගේ අවාසනාවන්ත විවාහයට පෙර දි. නමුත් කොතැනක දී ද? කවදා ද?
නාවිකයා බැලුවේ ය ඇගේ සන්සුන්, යන්තමට සිනහ උපදවන දෑස් දෙස. ඔහු ඇසුවා සේ ඇගෙන් “ ඉතිං, ඇත්තට ම මතක නැද්ද ඔයාට, කොහේ ද අපි මුණ ගැසුනේ කියලා? “
-        නැහැ, මතක නැහැ. නිහඬ ව පිළිතුරු දුන්නා ය තත්‍යානා පෙත්‍රෝව්නා.
-        අම්මා, කා එක්ක ද කතා කරන්නේ? අල්ලපු කාමරයේ සිට වාරා කෑගැසුවා ය.
-        පියානො එකත් එක්ක. පිළිතුරු දෙමින් තත්‍යානා පෙත්‍රෝව්වා සිනාසුනා ය.
හේමන්තය අතරතුර දී පතාපෆ් නමින් ලියුම් ලැබෙන්නට විය, එක ම අත් අකුරෙන් ලියවුණු. තත්‍යානා පෙත්‍රෝව්නා ඒවා ලියන මේසය මත අඩුක්කු කළා ය. එක් දිනක් රාත්‍රියේ ඇය අවදි වූවා ය. තුසර මද දීප්තියෙන් කවුළුවෙන් එහා බැබළෙන්නට විය. කවිච්චිය මත පතානෆ්ගෙන් ඉතිරි වූ දයාදයක් වන අලු පැහැ බළලා “ අර්හිප් “ ගොරවමින් සිටියේ ය.
තත්‍යානා පෙත්‍රෝව්නා සළුව වීසි කර, පතානෆ්ගේ කාර්යාල කාමරයට ගොස් කවුළුව අසල සිට ගත්තා ය. ගස්වල සිට ශබ්දයක් නොමැති ව බාධා කළේ ය පක්ෂියෙක්. ගසා දැමුවේ ය හිම පියළි. දිගු කලක් නැහැවේ ය සුදු දූවිල්ලෙන්, පතුරු යැව්වේ ය වීදුරුවල.
තත්‍යානා පෙත්‍රෝව්නා මේසය මත වූ ඉටි පහනක් දැල්වූවා ය. ඇඳි පුටුව මත හිඳ ගත්තා ය. දිගු කලක් බැළුවා ය දැල්ල අග දෙස නෙත් යොමා සිටියා ය. දැල්ල නලියන්නේ ද නැත. පසුව ඇය පරෙස්සමට ලිපිවලින් එකක් රැගෙන, මුද්‍රාව කඩා විවර කර බලමින් කියවන්නට වූවා ය.
“ මගේ සෙනෙහෙවන්ත මහල්ලෝ,  තත්‍යානා පෙත්‍රෝව්නා කියෙව්වා ය, දැන් මාසයක් වුනා, මම ස්පිරිතාලයේ ඇඳට වෙලා. තුවාලය එතරම් බරපතල නැහැ. කෙහොමත් ඒක හොඳ වෙනවා. දෙයියන්ගේ පිහිටයි, කලබල වෙන්න එපා. සිගරට් බොන්න එපා, අයදිනවා. “
“ මම නිතර ම ඔයාව මතක් කරනවා, තාත්තේ. තත්‍යානා පෙත්‍රෝව්නා දිගට ම කියෙව්වා ය. අපේ නිවස හා අපේ නගරය. ඒ සියල්ල බිහිදුණු ලෙස දුර බැහැර, ලෝකයේ අන්තයේ මෙන්. මම ඇස් වහනවා, එවිට මට පෙනෙනවා, ඔන්න මම කඩුල්ල විවර කරනව, උයනට ඇතුල් වෙනවා. හේමන්තය, හිම, එනමුත් අඩි පාර පැරණි ගිම්හාන කුටිය වෙත පල්ලම මතින් පැහැදිලි, එළ නීල පදුරු සියල්ල මල් තුහිනෙන් වැසී ඇත. කාමරවල පුපුරා දැවෙන උඳුන්. දුමෙන් බර්ච් ගසේ සුවඳ හමයි. පියානෝව, අන්තීමට සුසර කර ඇත. ඉටි පහන් රඳවනයේ රැඳෙව්වේ ය ඔබ ඇඹරුණු ඉටි පහන්, මම ලෙනින්ග්‍රාද්වලින් ගෙනා. ස්වර සටහන් පියානෝව මත වැතිර පැවතීයේ ය සංධවනි “ ඉස්කෝප්පු රැජින “ හා ප්‍රේමවෘතාන්තයේ “ ඉවුරු වෙත ඈත නිජබිමේ “. සීනුව නාද වෙනවා ද දොර ලඟ? මට එය පුරුද්දන්න නො හැකි වුණා. සැබවින්ම මා ඒ සියල්ලම නැවත දකිනවා ද? සැබවින් ම නැවතත් කොතලෙන් සෝදා ගන්නවා මම අඩි පාරේ තියෙන ලිඳෙන්. උඹට මතක ද? උඹ දැනගෙන හිටිය නම්, මෙහි සියල්ලට මම ආදරය කළා, දුර ඉඳලා. ඔයා පුදුම වෙන්න එපා, මම ඔයාට ඉතා බැරෑරුම් ව කියනවා. මම සිහි කරනවා වඩාත් බිහිසුණු විනාඩි කීහිපය සටනේ. මම දැන සිටියා, රකින්නේ රට විතරක් නෙමෙයි කියලා, මගේ රටේ කුඩා හා ලස්සන පාරාදීස, ඔබ, අපේ උයන, අපේ ශක්තිමත් කොලු පැටව්, මුර්ජ අරඹ ගඟෙන් එහා, අර්හිෆ් අපේ බළලා පවා. කරුණාකරලා හිනා වෙන්න එපා, ඔළුව වනන්නත් එපා.
සමහර විට, රෝහලෙන් පිටත් වුන දා, නිදහස් කරයි මාව ගෙදර එන්න කෙටි කාලෙකට.දන්නෙ නැහැ. කෙහොම වුනත් බලාපොරොත්තු වෙන්න එපා.“
තත්‍යානා පෙත්‍රෝව්නා දිගු වෙලාවක් පුටුවේ වාඩි වී සිටියා ය. ලොකුවට දෑස් විවර කර කවුළුවේන් බැළුවා ය. කොතැනින් ඝන නිල්වන් අරුණෝදය නැගේ ද කියා. සිතුවා ය, එදිනෙදා යුධ පෙරමුණේ සිට පැමිණීමට හැකි ය නාඳුනන ඒ නිවසට. ඔහුට මුණ ගැසීමට ඉතා අපහසු ය මෙහි දී වෙනත් මිනිසුන් හා තමන් දකින්නට කැමති සියල්ලන්.
උදෑසන තත්‍යානා පෙත්‍රෝව්නා වාරාට කීවා ය, දැව ඉස්කෝප්පු හැන්ද රැගෙන එන ලෙස හා එළි පෙහෙළි කළා ය, හෙල මතින් පිහිටි ගිම්හාන කුටිය වෙත විහිදුණු අඩි පාර. ගිම්හාන කුටිය මුළුමනින් ගරා වැටී ඇත. එහි ලී කණු අළු පැහැ ගැන්වී ඇත. පාසීවලින් වැසී ඇත. දොර මත පිහිටි සීනු පොඩ්ඩ තත්‍යානා පෙත්‍රෝව්නා විසින් ම යථාවත් කළා ය. එය මත උපහාසාත්මක වැකියක් වාත්තු කර තිබුණි. “ මම දොරේ එල්ලිලා ඉන්නේ - හඬවන්න තුටින් “ තාත්‍යානා පෙත්‍රෝව්නා ස්පර්ශ කළා ය සිනුව. එය උස් හඬින් නද දෙන්නට විය. බළලා අර්හිප් උකටලී ව දෙකන් හකුලා ගත්තේ ය, අමනාප ව, පිටවී ගියේ ය ශාලාවෙන්. සීනුවේ ප්‍රීතිමත් හඩ පාවෙනවාක් වැනි ය. ප්‍රත්‍යක්ෂ ලෙස, නො හික්මුණු.
දහවලේ දී තත්‍යානා පෙත්‍රෝව්නා, රෝස පැහැති, මහත් හඬ දෙන, අඳුර සමගින් සැළෙන දෑස්, කැඳවා ගෙන ආවා ය නගරයේ සිට මහළු සුසරකයාව රුසියානුවෙකු ලෙස කල් ගෙවන චෙකොස්ලෝවැකියානුවා ව, උඳුන් අළුත්වැඩියාකරන්ව. එමෙන්ම භූමිතෙල් උඳුන, බෝනික්කව, හාමොනිකාව, පියානෝ සුසරකය. සුසරකයාගේ පෙළපත් නාමය සිනහ උපදවනසුළුය. නේවීදාල්. සුසර කරමින් පියානෝව, පැරණි හා ඉතාමත් කදිම බව චෙකොස්ලෝවැකියානුවා කීවේ ය. ඔහු පැවසීමට පෙර තත්‍යානා පෙත්‍රෝව්නා එය දැන සිටියා ය.
ඔහු පිටත් ව ගිය පසු, තත්‍යානා පෙත්‍රෝව්නා පරෙස්සමට එබී බැළුවා ය සියළු ලාච්චු තුළට ලියන මේසයේ. සොයා ගත්තා ය ඇඹරුණු ඝන ඉටි පහන් පිරි ඇසුරුමක්. ඈ ඒවා රැඳෙව්වා ය පියානෝව මත වූ රඳවනයේ. සවස ඈ ඉටි පහන් දැල්වූවා ය, පියානෝව වාදනයට අසුන් ගත්තා ය. එහි නාදයෙන් නිවස පිරී ඉතිරිණි.
තත්‍යානා පෙත්‍රෝව්නා වාදනය නැවතූ දා, ඉටි පහන් නිවා දැමුවා ය. කාමර තුළ මිහිරි සුගන්ධයක් පැතිරිණි, දේවදාර ගස්වල මෙන්.
වාර්යා දරා ගත්තේ නැත.
-        මොකට ද ඔයා අනුන්ගේ දේවල් අදින්නේ? ඈ කීවා ය තත්‍යානා පෙත්‍රෝව්නට. මට ඉඩ දෙන්නේ නැහැ. හැබැයි තමා ම සීනුව, ඉටිපන්දම්, පියානෝව අල්ලනවා. ආගන්තුක ස්වර ප්‍රස්ථාර පියානෝව මත තබනවා.
-        මම වැඩිහිටියෙක් නිසා. තත්‍යානා පෙත්‍රෝව්නා පිළිතුරු දුන්නා ය.
වාර්යා, රවා බලමින්, සැකයෙන් ඇය දෙස බැලුවා ය. දැන් තත්‍යානා පෙත්‍රෝව්නා අඩු ම තරමින් වැඩිහිටි කාන්තාවකට සමාන වූවා ය. ඈ කාන්තිමත් වූවා ය. ඈ කදාමිණි පා වැස්ම මාළිගයේ දී අහිමි කර ගත්, කනක වරලසින් යුතු වූ යුවතියට සම වූවා ය. ඒ යුවතිය පිළිබඳ කතාව තත්‍යානා පෙත්‍රෝව්නා විසින් ම වාර්යාට කීවා ය.
දුම්රියේ දී ලුතිනන් නිකලායි පතාපෆ් සැළකුවේ ය, ඔහුගේ පියාට දවසකට වඩා රැඳි සිටීමට සිදු වන බව. නිවාඩුව ඉතා කෙටි විය. මගට සියළු කාලය ගත විය.
දවාලයේ දී දුම්රිය නගරයට සේන්දු විය. එහි දුම්රිය ස්ථානයේ දී ලුතිනන් හඳුනා ගත්තේ ය පෙර දැන සිටි දුම්රිය ස්ථානාධිපතිව. ඔහුගේ පියා මිය ගියේ ය මසකට පෙර. ඔවුන්ගේ නිවසේ පදිංචි වූවා ය මොස්කව් නුවර සිට පැමිණි තරුණ ගායිකාවක් සිය දියණිය සමගින්.
-        ගම හැර දමා යන තැනැත්තියක්. ස්ථානාධිපති කීවේ ය. පතාපෆ් නිහඬ වුවේ ය. බැලුවේ ය කවුළුවෙන් එහා, කොතැනට දිව ගියේ ද මගීන් කේතලයත් සමගින් බාච්චු පැළඳ ගෙන. ඔහුගේ හිස කැරකුණි.
-        ඔව්, කීවේ ය දුම්රිය ස්ථානාධිපති. යහපත් සිතක් ඇති පුද්ගලයෙක්. ඔහුට තම පුතාව දැකීමට සිදු වුයේ නැත.
-        කවදා ද ආපසු දුම්රියක් තියෙන්නේ. පතාපෆ් ඇසුවේ ය.
-        සවස පහට. දුම්රිය ස්ථානාධිපති කීවේ ය. නිහඬව සිට ඊට එකතු කළේ ය. ඔබ මා අත් හැර යන්න. මැහැල්ල මගේ, ඔබට තේ පොවන්නම්, කවන්නම්. ඔබගේ නිවසට යන්න හේතුවක් නැහැ.
-        ස්තූතියි, පිළිතුරු දුන්නේ ය පතාපෆ්. පිටවී ගියේ ය.
-        ස්ථානාධිපති බැළුවේ ය ඔහුගේ ගමන, හිස වැනුවේ ය.
පතාපෆ් නගරය මැදින් ගංගාව වෙත ගියේ ය. ගඟ මතින් නීල ගැබ එල්ලී තිබිණි. මිහිතලය හා අහස් ගැබ අතරින් තුනී හිම පියලි ඉගිලුණි. මාවතේ එහා මෙහා ගියෝ ය කවුඩු පනික්කියෝ. අඳුර වැටුණි. සුළං හමා ගියේ ය ඒ ඉවුරේ සිට අරණ තෙක්, දෑසෙන් කඳුළු වගුරුවමින්.
-        “ ඉතිං, පැවසුවේ ය පතානෆ්. ප්‍රමාද වුනා. මට ඒ සියල්ල ආධුනිකයි වගේ. මේ නගරය, මේ ගංගාව, මේ නිවස. “
හෙතෙම ආපසු හැරී බැළුවේ ය. නගරයෙන් එපිට වූ ප්‍රපාතය දෙස බැළුවේ ය. එහි මල් තුහින පිරි උද්‍යානය පිහිටියේ ය. නිවස අඳුරු විය. එහි බටයෙන් දුම නැගෙන්නට විය. සුළඟ මුර්ජ අරණට දුම රැගෙන ගියේ ය.
පතානෆ් සෙමින් නිවස දෙසට ගියේ ය. හෙතෙම තීරණය කළේ ය නිවසට ඇතළු නො වීමට, එහෙත් ඒ අසලින් ගමන් කිරීමට හා උයන දෙස බැලීමට හා පැරණි ගිම්හාන කුටියේ නැවතී සිටීමට. පියාගේ නිවසේ ආගන්තුකයෝ වෙසෙති. උදාසීන මිනිස්සු. දුර්ධර විය අදහස්. කිසිවක් නො දැක සිටීම වැදගත් ය. අනුකම්පා නොකිරීමට තම හදවතට, අතීතයෙන් පිටත් ව එය අමතක කිරීමට.
“ ඉතිං මොක ද, සිතුවේ ය පතාපෆ්. සෑම දිනක ම නුඹ මුහුකුරා වැඩෙනවා, නො ලිහිල් ව නුඹ බලනවා අවට.“
පතාපෆ් නිවස වෙත ගොම්මනේ ඇදුනේ ය. හෙතෙම අවධානයෙන් කඩුල්ල විවර කළේ ය. කෙසේ වුවත් කඩුල්ල කිරි කිරි හඬ නැගුවේ ය. උයන දෙදරා ගියා සේ ය. රිකිළිවලින් කඩා හැළුණි ය තුසර සර සර හඬින්. පතාපෆ් සිසාරා බැළුවේ ය. ගිම්හාන කුටිය වෙත දිව ගියේ ය අඩි පාර හිමෙන් පෙහෙළි වූ. පතාපෆ් ගිම්හාන කුටිය පසු කර ගියේ ය. දෑත් තැබුවේ ය පැරණි ගරාදි වැට මත. දුටුවේ ය අරණෙන් එහා පළොල් පැහැ ගත් අඳුරු අහසේ වළාකුළුවලට එහායින් සඳ මෝදු වනවා. පතාපෆ් හිස් වැස්ම ඉවත් කළේ ය, අතින් කෙස් පිරිමැද්දේ ය. ඉතා නිහඬව පැවතිණි, කන්ද පහලින් කාන්තාවෝ හිස් බේසම් සමගින් අඬ දබර කෙරුවෝ ය. මිදුණු කුහරයට ජලය සඳහා ගියහ.
පතාපෆ් ගරාදිය මත වැලමිට තබමින්, නිහඬ ව ම පැවසුවේ ය:
-        කොහොම ද ඒක එහෙම වුනේ ?
කවරෙකු හෝ පරෙස්සමට පතාපෆ්ගේ උරහිස ඇල්ලුවේ ය. හෙතෙම හැරී බැළුවේ ය. ඔහුගේ පසු පසින් සිටියා ය තරුණ කතක් දැඩි සුදුමැළි වතින් යුතු. ඇගේ හිස මත උණුසුම් සාටකය වැතිර තිබිණි. ඕ නිහඬ ව ම බැලුවා ය පතාපෆ් දෙස අඳුරු සාවධාන දෙනෙත්වලින්. දිරාපත් වන රිකිලි මත තිබිය යුතු, එහෙත් ඇගේ දෙබැමි හා කොපුල් මත වූ හිම දිය වී ය.
-        පැළඳ ගන්න හිස් වැස්ම. මද හඬින් කාන්තාව කීවා ය. ඔබ හීතලට හසු වෙයි. යමු ගෙදර. මෙතැන ඉන්න අවශ්‍ය නැහැ.
පතාපෆ් කිසිවක් කීවේ නැත. කාන්තාව ඔහුව දෑතින් අල්ලා ගත්තා ය. රැගෙන ගියා ය පෙහෙළි කළ අඩි පාර මතින්. පියැසි දොර අසලින් නැවතුනේ ය. මස් පිඩු පෙරළීම ඔහුගේ ගිරිය තද කළේ ය. ඔහුට හුස්ම ගැනීමට නො හැකි විය. කාන්තාව පෙර ලෙස ම මද හඬින් කීවා ය.
-        ඒක එච්චර දෙයක් නෙමෙයි. කරුණාකරල ඔයා මා ලැජ්ජා කරවන්න එපා. ඒක දැන් ඇරිලා යයි.
ඇය දෙපාවලින් තට්ටු කළා ය, සපත්තු වල රැඳි හිම කැඩී යාමට. එකෙනෙහි ම සීනුව නාද විය. පතාපෆ් ගැඹුරින් සුසුම් ලෑවේ ය, හුස්ම ගැනීමට පටන් ගත්තේ ය.
හෙතෙම නිවසට ඇතුළුවූයේ ය. කුමක් දෝ අපහසුතාවයකින් කෙඳිරි ගෑවේ ය. දොරකඩ හිම කබාය උනා දැමුවේ ය. දුර්වල මුර්ජ දුම් සුවඳ දනුණි ඔහුට. අර්හීප්ව දුටුවේ ය. අර්හිප් කවිච්චියේ හිඳගෙන සිටියේ ය. ඈනුම් යැව්වේ ය. කවිච්චිය අසල තනි කරලට ගෙතූ කෙස් වැටිය සමගින් යුවතියක් සිට ගෙන සිටියා ය. ඈ සතුටු දෙනෙතින් පතාපෆ් දෙස බැළුවා ය. බැළුවේ ඔහුගේ මුහුණ දෙස නො වේ, ඇඳුමේ අත මත වූ රන් ඉරි දෙස ය.
-        යමු. කීවා ය තත්‍යානා පෙත්‍රෝව්නා. මුළුතැන් ගෙය තුලට ඔහුව රැගෙන ගියා ය.
කොතලය සීතල ලිං ජලයෙන් පිරී ඇත. හුරු පුරුදු හණ නූලේ එල්ලා වැටුණි තුවායක් සින්දූර් පත්‍ර රටාවලින් නිමැවුනු.
තත්‍යානා පෙත්‍රෝව්නා පිටතට පැමිණියා ය. යුවතිය රැගෙන ආවා ය පතාපෆ් වෙත සබන්, බැලුවා ය, කබාය උනා ඔහු සෝදා ගත්තාක් මෙන්. සංකූලතාවය පතාපෆ්ගේ තවමත් පහ ව ගියේ නැත.
-        කවු ද උඹේ අම්මා? යුවතියගෙන් ඇසුවේ ය හෙතෙම. පතාපෆ් ලැජ්ජාවෙන් රත් පැහැ ගැන්වුනේ ය.
ඒ පැනය ඔහු සෑදුවේ, කුමක් හෝ ඇසිය යුතු නිසා ය.
-        ඈ සිතන්නී ය, ඇය මුහුකුරා ගිය තැනැත්තියක ලෙසට. රහසිගත ව හීන් හඬින් කෙඳිරුවා ය යුවතිය. එහෙත් ඇය පිරිපුන් ව මුහුකුරා ගිය අයෙකු නො වේ. ඇය කෙල්ලකට වඩා අයෙකු නො වේ, මට.
-        ඇයි? විමසුවේ ය පතාපෆ්.
එනමුත් යුවතිය පිළිතුරු නො දුන්නා ය. සිනා සෙන්නට පටන් ගත්තා ය පිටතට දිව ගියා ය මුළුතැන්ගෙයි සිට.
මුළු රාත්‍රියේ ම පතාපෆ්ට නො හැකි විය මිදෙන්නට භයංකාර සංවේදනයෙන්. සැහැල්ලුවෙන් ඔහු ජීවත් වනවා සේ, එනමුත් ඔහු නිත්‍ය දැඩි සිහිනෙක ය. නිවස තුළ සියල්ල එසේ විය, ඔහු දැකීමට කැමති අකාරයට. එම ස්වර ප්‍රස්ථාර පියානෝව මත විය, එම ඉටි පහන් හෙමිහිට පුපුරමින් දැල් වී, ආලෝක කළේ ය පියාගේ කන්තෝරු කාමරය. රෝහලෙන් ආ ඔහුගේ ලිපි ලියන මේසය මත විය. පැරණි මාලිමාව ඊට යට වී ඇත. ලිපි, ඒ මාලිමාව යටින් සැමදා පියා තැබුවේ ය.
තේ පානයෙන් පසු තත්‍යානා පෙත්‍රෝව්නා, පතාපෆ්ව පියාගේ අරණෙන් එහා සෙහොන වෙත කැඳවා ගෙන ගියා ය. මීදුම් බර සඳ ඉහලින් පායා තිබිණි. එහි දුබල රැස්වලින් මුර්ජ ගස් ආලෝකමත් වූ අතර සිහින් සෙවනැලි හිම තලාව මත වැටිණි.
පසු ව, රාත්‍රියේ දී, තත්‍යානා පෙත්‍රෝව්නා පියානෝව වාදනය කරමින් පරෙස්සමට තෝරා ගත්තා ය එහි තත්. හැරෙමින් පතාපෆ් වෙත කීවා ය:
-        මට හැඟෙනවා, කොතැනක දී හෝ මා ඔබ දැක තිබෙන බව.
-        ඔව්,සමහර විට. පිළිතුරු දුන්නේ ය පතාපෆ්.
හෙතෙම ඈ දෙස බැලුවේ ය. ඉටි පහන් එළිය පැත්තෙන් වැටී, ඇගේ මුහුණේ භාගයක් ආලෝකමත් විය. පතාපෆ් සිට ගත්තේ ය, කාමරයේ කොනක් කොනක් පාසා ඇවිද ගොස්, නතර වූවේ ය.
-        නැහැ, මට මතක් කර ගන්න අමාරුයි. කීවේ ය හෙතෙම පහත් හඬින්.
තත්‍යානා පෙත්‍රෝව්නා හැරුනා ය, බියපත් වන ලෙසට බැලුවා ය පතාපෆ් දෙස, නමුත් කිසිඳු පිළිතුරක් නො දුන්නා ය.
පතාපෆ්ට කාර්යාල කාමරයේ කවිච්චිය මත සයනය සකස් කළත් ඔහුට නිදා ගැනීමට නො හැකි වූවේ ය. එම නිවස තුළ සෑම විනාඩියක් ම අනර්ඝ යැයි ඔහුට හැඟී ගියේ ය. ඔහු එය අහිමි කර ගැනීමට අකමැති වූවේ ය.
හෙතෙම වැතිරුණේ ය, සවන් දුන්නේ ය අර්හිප්ගේ හොර අඩි හඬට, ඔරලෝසුවේ කටකටායනයට, කෙඳිරීමට තත්‍යානා පෙත්‍රෝව්නාගේ. ඈ කුමක් ගැන දෝ මෙහෙකාරිය සමග කතා කළා ය වැසුණු දොරින් එහා සිට. පසු ව කට හඩ මිලින විය. මෙහෙකාරිය පිටත් ව ගියා ය. නමුත් දොර යටින් වූ ආලෝක තීරුව මුකුලිත විය. පතාපෆ්ට ඇසුණි, කෙසේ මර්මර නද දුන්නේ ද කියා පිටු. තත්‍යානා පෙත්‍රෝව්නා යමක් කියෙව්වා විය යුතු යි. පතාපෆ් අනුමාන කළේ ය. ඇය නින්දට ගියේ නැත. අවදි ව සිටියා ය දුම්රියට යාම සඳහා ඔහුව අවදි කිරීමට. හෙතෙම කැමැත්තක් දැක්වූයේ ඇයට කීමට, තමා ද නො නිඳන බව. හෙතෙම තීරණය නො කළේ ය ආමන්ත්‍රණය කිරීමට තත්‍යානා පෙත්‍රෝව්නාට.
හතරේ කණිසමට තත්‍යානා පෙත්‍රෝව්නා හෙමිහිට දොර විවර කර පතාපෆ්ට කතා කළා ය. හෙතෙම කැළඹුණේ ය.
-        පෝරා, ඔයා දැන් අවදි වෙන්න ඕනේ. කීවා ය ඈ. ඔයාව අවදි කරන්න මට ඉතා කණගාටුයි.
තත්‍යානා පෙත්‍රෝව්නා රාත්‍රී නගරය මැදින් පතාපෆ්ව දුම්රිය නැවතුම් පළ වෙත එක්කරගෙන ගියා ය. දෙවන වර සීනුව නාද වීමෙන් පසු ඔවූහු එකිනෙකාගෙන් සමු ගත්තහ. තත්‍යානා පෙත්‍රෝව්නා පතාපෆ් වෙත දෑත් දිගු කර කිවා ය,
-        ලියුමක් ලියලා එවන්න. අපි දැන් නෑයෝ වගේ නේ. බොරු ද?
පතාපෆ් කිසිඳු පිළිතුරක් නො දුන්නේ ය. හිස සෙළෙව්වා පමණී. දින කීපයකට පසු ව තත්‍යානා පෙත්‍රෝව්නාට පතාපෆ්ගෙන් ලිපියක් ලැබිණි අතර මග දී.
“ මම සිහිපත් කළා, ඇත්තට ම, කොහේ දී ද අපි හමු වුනේ කියලා. ලීවේ ය පතාපෆ්. නමුත් මම කැමති වුනේ නැහැ ඒ පිළිබඳ කතා කරන්න ඒ ගෙදර දී. මතක් කරන්න එක දහස් නමසිය විසි හතේ අවුරුද්දේ සරත් කාලය, ක්‍රිමියාවේ දී. පැරණි තල ගස ලිවාදියිස්කි උයනේ. අන්ද මන්ද අහස, සුදුමැලි සාගරය. මම ගියා අඩි පාර මතින් අරෙන්දාවල. අඩි පාර ලඟ බංකුව මත හිඳ ගෙන සිටියා යුවතියක්. එයාට ඒ වෙන කොට අවුරුදු දහ සයක් වෙන්න ඔනේ. ඈ මාව දැක්කා, නැගිටලා හමු වීමට පැමිණියා. අපි එකිනෙකා ලඟට ආ වෙලාවේ, මම ඈ දෙස බැළුවා. ඈ මගේ ලඟින් ගියා ඉක්මනට ම, සැහැල්ලුවෙන් අතේ තබා ගනිමින් දිග හැරුණු පොතක්, මම නැවතුනා, ගොඩ වෙලාවක් බලා ගෙන හිටියා ඈ ගමන් කරන දෙස. ඒ යුවතිය වුනේ ඔබයි. මට වරදින්න බැහැ. මම ඔබ දෙස බැලුවා. මට හැඟී ගියා එදා මා අසලින් ගියේ ය එක් කාන්තාවක්. ඇයට හැකියාව තිබුනා මගේ මුළු ජීවිතය ම විනාශ කරන්න හෝ මට සුවිසල් වාසනාවක් ලබා දෙන්න. මට තේරුණා, හැකි යි ආදරය කරන්නට ඒ කාන්තාවට මුළුමනින් ම මගෙන් මාව අත හැර. එදා මට දැනුනා, ඔබව සොයා ගත යුතු යි කියා, කුමක් හෝ පරිත්‍යාග කරලා. එදා මම එහෙම හිතුවා, සියල්ල ම එතැනින් එහාට ඇදී ගියේ නැහැ. ඇයි ද කියා මම දන්නේ නැහැ. එතැන් සිට මම ආදරය කළා ක්‍රිමියාවට හා ඒ අඩි පාරට, මෙහොතකට මම ඔයාව දැක්ක හා සැමදාට ම නැති කරගත්. නමුත් ජීවිතය මා වෙත අනුකම්පාව රැගෙන ආවා. මට ඔයාව මුණ ගැහුනා. සියල්ල යහපත් ලෙස අවසන් වනවා නම් ඔබට මගේ ජීවිතය අවැසි වෙනවා. ඇත්තට ම එය ඔයාගේ වෙනවා. ඔව්, මට හමු වුනා මේස මත තිබී තාත්තාගේ මුද්‍රිත ලිපිය. මට සියල්ල තේරුම් ගියා. ඈත සිට ඔබට තුති දක්වන්න විතරයි මට හැකි.“
තත්‍යානා පෙත්‍රෝව්නා ලිපිය පසෙක තැබුවා ය. බොඳ වූ දෙනෙතින් බැළුවා ය හිමෙන් පිරි උයන දෙස කවුළුවෙන්, කීවා ය.
-        මගේ දෙයියනේ, මම කවදාකවත් ක්‍රිමියාවට ගියේ නැහැ. කවදාකවත්. ඒක කිසිඳු තේරුම් ඇති දෙයක් නෙමෙයි.  විශ්වාස කරන්න වටිනව ද ඔහුව? තමාව ම?
සිනාසුනා ය. අල්ලෙන් දෑස් වසා ගත්තා ය. කවුළුවෙන් එහා දැවෙන්නට විය, කෙසේවත් නිවා දැමීමට නොහැකි විය ළා හිරු බැස යාම.


කන්ස්තන්තීන් පවුස්තෝව්ස්කි.
රුසියන් බසින් සිංහල බසට,
ෆීලික්ස් ප්‍රනාන්දු.

2 comments:

  1. අනේ මචෝ සොරි බන්...
    කාලෙකින් අවේ නැති එකට.

    උඹේ පොස්ට් එකට කමෙන්ට් නැති එක දැකලා බොහොම දුක හිතුනා..
    ============

    උඹේ මේ රුසියන් කතා කවි කියෝනකොට මොකක්දෝ අමුතු හුරුපුරුදු බවක් හිතට දැනෙනවා. පැහැදිලි කරන්න අමාරුයි.

    සමහරවිට පෙර ආත්මෙක රුසියාව වගේ පැත්තක අපි ජීවත් වෙලා හිටියාවත් ද දන්නේ නැහැ.


    කොහොම වෙතත්කා ලෙකට පස්සේ බ්ලොග් වලට ආපු ගමන්ම හොයාගෙන ඇවිත් උඹේ බ්ලොග් එකට ගොඩවුනේ අන්න ඒ අමුතු රසය වින්දින්ම කියලම තමයි.

    මොනා වුනත් මගේ බලාපොරොත්තුව ඒ අකාරයෙන්ම ඉෂ්ට වුනා..

    තව ලියපන් තව ලියපන්.

    හැමදාම එන්නම් කියවන්න..

    ReplyDelete
  2. ස්තූතියි. ඔබගේ වදන් මා දිරිමත් කරයි.

    ReplyDelete