හයවන කොටස.
ස්තාලින් - නව කර්මාන්ත ගොඩනැගීමේ මූලිකයා විය. ඔහු
විසින් පසුගාමී කර්මාන්ත ප්‍රතිසංස්කරණය හා සංවර්ධනය කලේය. ස්තාලින් ගල්අඟුරු -
ලෝහ පදනම් කරගත් ඉදිකිරීම් කුස්බාස්හී ආරම්භ කලේය. ස්තාලින් සමාජවාදී ඉදිකිරීම් ව්‍යාපෘති
වල සංවිධායක හා මෙහෙයුම්කරු වූයේය.
1927 වර්ෂයේ නොවැම්බර් මස 5 වන දින ජර්මනිය, ප්‍රංශය, ඔස්ට්‍රියාව,
චෙකොස්ලෝවැකියාව, චීනය, බල්ගේරියාව යන රටවල කම්කරු නියෝජිතයින් සමග ස්තාලින් දීර්ඝ
සාකච්ඡාවක් පැවැත්වුයේය. 1927 වර්ෂය අවසානයේ දී සමාජවාදී කර්මාන්තකරණය දේශපාලනය
තුල තීරණාත්මකව සාර්ථක වූ බව සනාථ විය.
15 වන පක්ෂ සම්මේලනයේ දී, ස්තාලින් පසුගාමී
කෘෂිකර්මාන්තය, කර්මාන්තකරණයෙන් වෙනස් වන ආකාරය හා ජාතික ආර්ථිකය තුල තර්ජනාත්මක
තත්ත්වයන්ගෙන් ඉවත් වන ආකාරය පැහැදිළි කළේය.
“ කුඩා හා පැතිරුණු විශාල ගොවිපලවල් සහ ඉඩම් වල සාමුහික
ක්‍රියාකාරිත්වය පදනම් කරගනිමින් ආර්ථිකය ඒකාබද්ධ කලයුතු වන්නේ ඉඩම් වල නව සාමුහික
ක්‍රියාකාරිත්වය පදනම් කරගනිමින් හා උසස් තාක්ෂණයෙන් යුක්තවයි. කුඩා හා ක්ෂුද්‍ර
ගොවිපලවල් ක්‍රමයෙන්, නමුත් ස්ථාවරව, පීඩනයක් නොමැතිව, ආදර්ශමත් හා පිළිගත් ක්‍රමයකට
පොදු පදනම මත විශාල ගොවිපලවල් සමග සම්බන්ධ කලයුත්තේ, සහෝදරත්ව, සාමුහීක ඉඩම් වල ක්‍රියාකාරිත්ව
මතයි. ඒ සඳහා යන්ත්‍ර සූත්‍ර හා ට්‍රැක්ටර් භාවිතය සමග කෘෂිකර්මය තීව්‍රකරණය කලයුතු
වේ. වෙනත් ක්‍රමයක් නැත්තේය.“
සෝවියට් දේශය සාමුහීක ගොවිපළවල් ගොඩනැගුවේ ඇයි?
15 වන සම්මේලනය පවත්වන කාලය තුලදී රට තුල කෘෂිකර්මය
ස්තාපනය කිරීම කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරන ලදී. ඉන් ප්‍රධාන අවධානය යොමු කලේ
ධානය වගාව සඳහාය. රටේ දළ ධානය නිෂ්පාදනය පෙර - යුධ මට්ටම දක්වා වර්ධනය වූ අතර
වෙළදාම සඳහා ධානය නිෂ්පාදනයේ කොටසක් නගර වලට සැපයූ අතර ඉතිරිය හමුදාව සඳහා විකුණන
ලදී. එවකට සෝවියට් දේශයේ කුඩා හා ක්ෂුද්‍ර ගොවිපොළවල් මිලියන 25 ක් පමණ විය. කුඩා
ගොවි පොළවල් අර්ධ යැපුම් මට්ටමේ ඒවා විය.
සෝවියට්
දේශයේ කෘෂිකර්මාන්තය මහ පරිමාණ නිෂ්පාදන කරා ගමන්කිරීමට අවස්ථා දෙකක් පැවති අතර,
පළමු අවස්ථාව ගමේ නිෂ්පාදන ධනේශ්වර මහ පරිමාණ නිෂ්පාදන බවට පරිවර්තනය කිරීම වූ
අතර, දෙවන අවස්ථාව කුඩා ගොවිපළවල් මහ පරිමාණ සමාජවාදී ආර්ථිකයට බද්ධ කොට සමූහ
ගොවිපළවල් නිර්මාණය කිරීමයි.
සෝවියට්
රජය මින් දෙවන අවස්ථාව කෘෂිකාර්මීක වර්ධනය සඳහා තෝරාගන්නා ලදී.
“ කුඩා
ගොවිපළවල් වලින් ඉවත්වීමේ අවශ්‍යතාවයක් නොමැත.“ ලෙනින් පෙන්වාදෙන ලදී. ( ව්ලදිමීර්
ඉලිච් ලෙනින්. නිබන්ධන, වෙළුම 24, පිටුව 540.)
වඩා
මූලිකත්වය ලබාදිය යුතු ආර්ථික අවශ්‍යතාවය වූයේ ජනතාව විසින් සාමූහීකරණය සඳහා
පිවිසීමයි. මේ සඳහා ස්තාලින් විසින් නායකත්වය ලබා දෙන ලදී.
1941 වර්ෂයේ ජූනි මස
22 වන දින හිට්ලර්ගේ අධිරාජ්‍යවාදී ජර්මනිය රළු ලෙස එකිනෙකා අක්‍රමණය නොකර ලෙස එළඹුනු
ගිවිසුම පුදුම සහගත ලෙස කඩකරමින් සෝවියට් දේශය ආක්‍රමණය කරන ලදී. යුද්ධය සෝවියට්
දේශයේ සංවර්ධනය කෙරෙහි බලපෑ හැරවුම් ලක්ෂය විය. සෝවියට් දේශය තුල ගොඩනැගෙමින්
පැවති සාමකාමීවාතාවරනය අවසන් විය. විමුක්තිදායි දේශප්‍රේමි යුද්ධය (දෙවන මහ ලෝක
යුද්ධය) ජර්මානු ආක්‍රමණයට එරෙහිව සෝවියට් ජනයා විසින් ආරම්භ කරන ලදී. සෝවියට්
ජනතාව හා එහි සියළු බලවේග සතුරා පලවා හැරීමට ඒකරාෂි විය. රාජ්‍ය ආරක්ෂක කමිටුවේ
සභාපති ලෙස ස්තාලින් පත්කරන ලදී. ස්තාලින් සෝවියට් දේශයේ සන්නද්ධ හමුදා ප්‍රධානි
ලෙස යුද්ධයේ මූලිකත්වය දැරුවේය. ඔහු සෝවියට් ජනයා රුද්‍ර හා සටකපට හතුරාට, ජර්මානු
ෆැසිස්ට්වාදයට එරෙහිව මෙහෙයවන ලදී. නාසි ජර්මානු හමුදාව හිට්ලර්ගේ නායකත්වය යටතේ
සිය කොල්ලකාරී, ආක්‍රමණික යුද්ධය ආරම්භ කලේ ඉතා වාසි සහගත ත්ත්වයක් යටතේය. නාසි
හමුදාව පූර්ණ ලෙස බලමුළුගැන්වී තිබු අතර බටහිර යුරෝපයේ යුද ජයග්‍රහණ වලින් පන්නරය
ලබා තිබුනි. නාසි සේනාංක 170 ක්, සන්නද්ධ යුධ ටැංකි හා ප්‍රහාරක යානා දහසකට අධික
සංඛ්‍යාවක් සෝවියට් දේශසීමා කරා ඇදුනු අතර අනපේක්ෂිතව සෝවියට් රාජ්‍ය වෙත කඩා
වැදුනි. යුද්ධයේ ආරම්භක අවස්ථාව සෝවියට්
දේශයට ඉතා අවාසිදායක වූයේ ආයුධ සන්නද්ධ රටක් නොවීම හේතුවෙනි. නාසි සොල්දාදුවන්ගේ
සංඛ්‍යාත්මක බලය, සුපිරි බලවේගය, තාක්ෂණය හා පීඩනයත් සමග හදිසි ප්‍රහාරයේ වාසිය
ජර්මනිය ලබාගත්තේය. සෝවියට් හමුදාව රට තුලට පසුබැසීම අනිවාර්යයෙන් සිදු කල
යුතුවිය. මේ හේතුවෙන් දස දිනක් තුල නාසි හමුදාව ලිත්වියාව, ලත්වියාවේ සැලකිය යුතු
කොටසක්, බටහිර බෙලොරුසියාව හා බටහිර උක්රායීනය අත්පත් කර ගත්තේය. සෝවියට් දේශය
බරපතල අවදානමකට ලක් විය.
No comments:
Post a Comment