අටවන කොටස.
එම වාර්තාවේදී ස්තාලින් විසින් යුද්ධයේ ඉදිරි මාස හතර සඳහා සාරාංශ ගත කලේය.
කුරිරු හා අවංක හමුදා ප්‍රධානින් හා ජනතාව කියා සිටියේ
සෝවියට් දේශය මතින් ඉතා භයානක් තත්ත්වයක් පවතින බවයි. නාසිවරුන්ගේ සැළැස්ම වූයේ
සෝවියට් දේශය තීරණාත්මකව අවසන් කිරීමට හා ඒ සඳහා තෝරාගත් ක්‍රමය වූයේ අකුණුසැරවන්
යුද්ධයයි. ෆැසිස්ට්වරුන් යුක්තිසහගත නොවූ අතර ඔවුන්ගේ ආක්‍රමණය ඉතා කුරිරු විය.
සෝවියට් රතු හමුදාව හා නාවික හමුදාව දුර්වල කිරීම ඔවුන්ගේ එකම අරමුණ විය. රතු හමුදාවේ
පසුබෑමට හේතු පෙන්වා දෙමින් ස්තාලින් කියා සිටියේ මෙම සටන සඳහා යුරෝපයේ දෙවන පෙලේ
හමුදාවක් නොමැතිවීම, රතු හමුදාව සතුව යුධ ටැංකු නොමැති වීම හා ප්‍රමාණවත් ගුවන් ප්‍රහාරක
යානා නොමැති වීමයි. නාසි හමුදාවේ යුධ ටැංකි ප්‍රමාණය හා ප්‍රහාරක ගුවන් යානා ප්‍රමාණාත්මකව
විනාශ කිරීම හා සෝවියට් හමුදාවේ ශක්තිය වර්ධනය කිරීම ස්තාලින්ගේ ප්‍රමුඛ අරමුණ විය.
නායකත්වයේ එම වැදගත් නියෝගය යුද්ධයට ශ්‍රේෂ්ඨ අරුතක් එක් කලේය. එම නියෝගය ක්‍රියාවට
නංවමින් සෝවියට් කර්මාන්තය දවසින් දවස ගුවන් යානා, යුධ ටැංකි නිෂ්පාදනය ඉහල
නැංවුයේය.
ස්තාලින් නාසි හමුදාවේ “ ජාතික -සමාජවාදී “ වෙස් මූණ ඉරා දැවේය. සමස්ථ
ලෝකයටම එය නිරාවරණය කලේ ඔවුන් අතිශය කුරිරු කලහාකාරී කණ්ඩායමක් වශයෙන් හා මිනී
මරුවන් ලෙසයි.
“ එම හමුදාව හෘදය සාක්ෂියෙන් තොරව, සත්ව ප්‍රජාවක් ලෙස,
ප්ලෙහානොෆ්, ලෙනින්, බෙලීන්ස්කි, චෙර්නිෂෙව්ස්කි, පුෂ්කින්, තල්ස්තෝයි,
චයිකෝව්ස්කි, ගෝර්කි, චේහෆ්, රේපින්, සූරිකෝෆ් හා කුතූසෆ් යන ශ්‍රේෂ්ඨ
පුද්ගලයින්ගේ රුසියානු මහා ජාතිය විනාශ කිරීමට නොපැකලීව ඉදිරියට පැමිණ ඇත. ( ජෝසෆ්
ස්තාලින්. සෝවියට් දේශයේ දෙවන ලෝක යුද්ධය, 5 වන මුද්‍රණය, පිටුව 30).
යුධ
හමුදාව හා නාවික හමුදාව තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා සමස්ථ සෝවියට් ජනතාව
කැඳෙව්වේය.
“ නාසි ආක්‍රමිකයින්ට අවශ්‍ය වන්නේ සෝවියට් ජනතාව සමූල
ඝාතනය කිරීමේ යුද්ධයක් නම්, ඔවුන්ට එම සමූල ඝාතක යුද්ධය නිසැකයෙන්ම ලැබෙනු ඇත.“ (
ජෝසෆ් ස්තාලින්. සෝවියට් දේශයේ දෙවන ලෝක යුද්ධය, 5 වන මුද්‍රණය, පිටුව 30).
“ අපේ කටයුතු
නිවැරදියි, - ජය අප සමගයි!“
( ජෝසෆ් ස්තාලින්. සෝවියට් දේශයේ දෙවන ලෝක යුද්ධය, 5 වන
මුද්‍රණය, පිටුව 36).
සෝවියට් ජනතාවගේ සිතිවිලි, අභිලාෂයන් හා ගැඹුරු විශ්වාසය
සතුරා පරාජය කිරීමට රුකුලක්විය.
1941 වර්ෂයේ නොවැම්බර් මස 7 වන දින රතු චතුරශ්‍රය තුලදී,
රතු හමුදාවේ පෙළපාලියක් පැවැත්විය. ලෙනින්ගේ සෙහොන් ගැඹ මත සිට ස්තාලින්
රතුහමුදාවේ විමුක්තිය පිළිබඳව කතා කලේය, සෝවියට් සොල්දාදුවන්ට පක්ෂපාතීත්වය උදෙසා උපදෙස් දුන්නේය.
1941 වර්ෂයේ නොවැම්බර් මස 7 වන දින රතු චතුරශ්‍රයේ පැවති
හමුදා පෙළපාලිය.
ස්තාලින්
පුද්ගලීකවම මොස්කව් නගරයේ ආරක්ෂාව මෙහෙයවන ලදී. රතු හමුදාව ඍජුවම යොමු කලේය. සටන්කරුවන්
හා අණදෙන්නවුන් දිරිගැන්වූයේය. 1941 වර්ෂයේ දෙසැම්බර් 6 වන දින ස්තාලින්ගේ නියෝගය
පරිදි මොස්කව් නගරය වටලා සිටි නාසි හමුදාව වෙත දරුණු ප්‍රහාරයක් එල්ල කලේය. මේ
දරුණු ප්‍රහාරයෙන් පසු ජර්මානුවන් පසු බැස්සේය. සෝවියට් හමුදාව නාසි හමුදාවන්ගේ
ඒකියත්වය බිඳ දැමුවේය. කිලෝමීටර් 400 වඩා වැඩි භූමි ප්‍රමාණයක් ශීත කාලයට හසුවීම
ඊට රුකුලක් විය. මොස්කව් නගරය ග්‍රහණය කර ගැනීමේ හිට්ලර්ගේ කුරිරු සැළසුම් අසාර්ථක විය.මොස්කව් නගරය වටා කඳවුරු ලා සිටි නාසි හමුදාවේ පරාජය යුද්ධයේ පළමු වසර තුල තීරණාත්මක
සිද්ධියක් විය. එය නාසි හමුදාවේ විශාලම පරාජය විය. නාසි හමුදාවේ මෙම පරාජය
පුරාවෘත්ත නිර්මාණයට හේතු විය. නාසි හමුදාවේ මෙම පරාජය ස්තාලින්ගේ මූලෝපායික සැළසුම්
වල ශ්‍රේෂ්ඨත්වය පෙන්නුම් කරනු ලබයි.
“ විස්මිත හා අනපේක්ෂිත මෙහොත ලද ප්‍රහාරයෙන්, සංචිතයක්
ලෙසවූ නාසි හමුදා, සම්පූර්ණයෙන් හෙම්බත්විය. නාසි හමුදාව විසින් නිර්මාණය කල යුද්ධයේ
කොන්දේසිවල අසමානතාවය ඔවුන්ගේ පරාජයත් සමග ඉවත් විය.“
( ජෝසෆ් ස්තාලින්. සෝවියට් දේශයේ දෙවන ලෝක යුද්ධය, 5 වන
මුද්‍රණය, පිටුව 43).
No comments:
Post a Comment