Saturday, January 11, 2020

සිසිරය.



සිසිරය. වන ලැහැබ් ගොමු
වියළි වගුරු පෙඳ
විල සුදට හුරු
පිපිහළු අහස් කුස
මිලින ව ගියේ ය උපුල්
හා කසාවනෙන් මුකුලිත.
බිඳුනු මංතලව්
අරණ හා පාලු, නිරුවත්.
නුඹ විතරක් ළකල්
බොහෝ කල් වියළි වුවත්
මුහුදු බොක්කේ ගැටිති තුළ
ඇල්ඩර් ගස් වියපත්.
ඔබගෙන් ගැහැණු බවක් පිළිඹිඹු වන්නේ ය
ජලය අඩ නින්දේ ය
රිදියට හැරෙන්නේ ය
එක්වනුව වසන්තයට.

ඉවාන් බුනින්.
1905
රුසියන් බසින් සිංහලයට,
ෆීලික්ස් ප්‍රනාන්දු.

No comments:

Post a Comment