Saturday, January 11, 2020

නෑඹුල් හිම පියළි.


හේමන්ත සිසිලෙන් සුවඳ හමා ගියේ ය
කෙත් හා අරණ මතින්
දීප්තිමත් දම් පාටින් දැල්වුනේ ය
අවර ගිරි තිදස ඉදිරියේ.

රැයේ කුණාටුව වියරු විය
හිමිදිරියත් සමගින් ගම්මන්ඩියේ
පොකුණු , නිරුවත් උයන්
නෑඹුල් හිමෙන් වැසුනේ ය

අද දින පැතිරුණු
ඕදාත පිළියෙන් වැසුණු කෙත මතින්
අපි සමු ගත්තෙමු ප්‍රමාද ව
පේළියට පැමිණි පාත්තයින් සමගින්.

ඉවාන් බුනින්.
රුසියන් බසින් සිංහලයට,
ෆීලික්ස් ප්‍රනාන්දු.

No comments:

Post a Comment