Thursday, June 9, 2016

ප්‍රේමගීතය.

ආශා කරන්නට වූයෙමි මගේම සිහින,
රහස් ප්‍රාර්ථනයන් හා දවල් හීන
ප්‍රාණීන් තුල ආකර්ෂණීය වූයෝය කුසුමන්,-
එහෙත් ... ප්‍රජ්වලිත වන්නට වූයෝය සෙව්වන්දි!

ආශා කරන්නට වුයෙමි ලයරක් මම හිමිකරගැනීමට,
පපුකැනැත්ත තුල, හැඟීම්, නාඹරය සදහටම,
සේ ගීත,  හටගන්නේය ඒ තුල නාදනැගීම,-
එහෙත් ... කීතු කර හරින්නට විය හදේ තන්තු!

ආශා කරන්නට වූයෙමි මම මිනිත්තුවක් තුල සිහින
ග්‍රහණය කරගන්නේය මාධුර්යය අහ්ලාදයේ,-
එහෙත් ...මරණය පැමිණ තිබුනේය මා වෙත,
පැමිණෙන තුරු නොසිටින්නට පිබිදීම!

1889.
ලහ්වීත්ස්කයා මිර්රා.
රුසියන් බසින් සිංහල බසට,

ෆීලික්ස් ප්‍රනාන්දු.

Wednesday, June 8, 2016

දබරය.

දැන් පැහැදිළිය
අහෝ දකිමි මම,
කුමක්ද ගිනිසිළු ආදරයේ
බොහෝ කලක සිට නිවාදමන
පපුකැනැත්ත තුල ඔබගේ.
නමුත් කුමක්ද වැරැද්ද,
හැකිවේද මට දැනගැනීමට?
සමහරවිට, නුඹ -
සහමුලින් නොවේ ඒ!
එහෙත් දැන් - අකුසලය
හා තෙපලන්නේය,
කෙසේද ඔබ මා සමග
නිසරු, වියරු
හා අන්ධකාර!
අනාරාධිත අමුත්තා,
අංගනයෙන් එපිට!
නින්දිත මිතුර,
හඳුනා නොගන් මෙ මා!
අහ්, සතුට හා නොසතුට -
ඉවත්වගියේය හා මට
කියන්න කඳුලින්:
සමාවෙන්න - සමුදෙන්න,
ආදරණිය මිතුර
හා සතුර මගේ!

1828.
අලෙක්සේයි වසිලිවිච් කල්ත්සෝෆ්.
රුසියන් බසින් සිංහල බසට,

ෆීලික්ස් ප්‍රනාන්දු.

Tuesday, June 7, 2016

හේමන්ත සැඳෑව.

කුණාටුව අන්ධකාර අහස්කුස වසන්නේය.
සුළි සුළඟ තුසර කැටිකරන්නේය.
එවිට මෘගයා සේ කුණාටුව මොර දෙන්නේය.
එවිට හැඬිමට පටන්ගන්නේය, නොදරුවන් සේ,
එකල්හී පියස්ස මත, දිරාපත්,
එකෙනෙහිම පිදුරු හඬනගන්නට පටන්ගත්තේය.
එවිට යාත්‍රිකයෙක් සේ ප්‍රමාදවූ,
අප වෙත කවුළුතුලින් තට්ටුකරන්න පටන්ගත්තේය.

අපගේ ගරාවුටුණු පැළ,
නලංගුය හා අන්ධකාරය.
කිමෙක්ද නුඹ මගේ මහළු ළමාතැනියේ,
නිහඬවන්නේ කවුළුව අසල?
කැළඹීම් කැඳවන්නෙමුද,
වෙහෙසටපත් මගේ මිතුරියේ නුඹ.
නුඹ නිදිබරද කෙඳිරිල්ලත් සමග,
කෙසඟ ලියේ මාගේ.

සප්පායම්වෙමු කලණ මිතුරියේ,
අසරණ තාරුණ්‍ය මාගේ,
සප්පායම්වෙමු කම්පාවත් සමග. කොහේද ජෝගුව?
හද සතුටින් ඉපිලෙන්නේය.
ගයන්න මට ගීතයක් සූටික්කා සේ.
නිහඬව එතෙර විසුවාය.
ගයන්න මට ගීතයක්, ලමිස්සියක් සේ.
සලිල සමගින් ප්‍රභාතයේ පිටවුවාය.

කුණාටුව අන්ධකාර අහස්කුස වසන්නේය.
සුළි සුළග තුසර කැටිකරන්නේය.
එවිට මෘගයා සේ ඇය මොරදෙන්නේය.
හඬන්නට මුල පුරන්නේය ළදරුවන් සේ.
සප්පායම් වෙමු කළණ මිතුරියේ,
අසරණ තාරුණ්‍ය මාගේ,
සප්පායම්වෙමු කම්පාවත් සමග. කොහේද ජෝගුව?
හද සතුටින් ඉපිලෙන්නේය.

1825.
අලෙක්සාන්දර් සිර්ගේවිච් පුෂ්කින්.
රුසියන් බසින් සිංහල බසට,

ෆීලික්ස් ප්‍රනාන්දු.

Monday, June 6, 2016

මහා රුසියානු කවි “ අලෙක්සාන්දර් සිර්ගේවිච් පුෂ්කින්. “


මහා රුසියානු කවි අලෙක්සාන්දර් සිර්ගේවිච් පුෂ්කින් 1799 වර්ෂයේදී මොස්කව් නුවරදී මෙලොව එළිය දුටුවේය. ඔහුගේ දෙමව්පියන් රදළයින්වූ අතර, ඔහුගේ මාමා වසීලී ල්වෝවිච් පුෂ්කින්ගේ සමීපතම නෑයා හා සාහිත්‍ය මගේ පුරෝගාමී ගුරුවරයා විය. ඔහු වයස අවුරුදු 8 සිට කවි ලිවිමට හා කියවීමට ආරම්භ කලේ ප්‍රංශ භාෂාවෙනි. එවකට වංශවත් රුසියානුවන් තම සාහිත්‍ය රසය වින්දේ ප්‍රංශ භාෂාවෙනි.
පුෂ්කින්ගේ නිවසෙහි ඉතා විශාල සාහිත්‍යමය වටිනාකමකින් යුත් පොත් ගුලක් විය. රුසියානු හා යූරෝපීය ගත්කතුවරුන්ගේ සම්භාවනීය නිර්මාණ මෙම පොත්ගුලේ විශේෂ ස්ථානයක් හිමිකර ගත්තේය. දාර්ශනික රූමෝගේ ලිපි පුෂ්කින්ගේ නිර්මාණවලට ඉමහත් රුකුලක් වූයේය.
          පුෂ්කින්ගේ මිත්තනිය වූ මරීයා අලෙක්සෝව්නා හා ඇයගේ මෙහෙකාරිය වූ අරීනා රිදියෝනවා පුෂ්කින්ගේ චරිත වර්ධනය හා ඔහුගේ නිර්මාණ කෙරෙහි විශාල බලපෑමක් කළෝය. මෙම රුසියානු ගැමි කාන්තාවන් දෙදෙනා නිතිර නිතර රුසියානු ජනකතා හා ජන ගීත කුඩා කලසිටම පුෂ්කින්ගේ දෙසවනට හුරු කළෝය.
          රුසියානු කූලීනයන්ගේ චාරිත්‍රයට අනුව වයස අවුරුදු 13 දක්වා පුෂ්කින් නිවසේම අධ්‍යාපන ලැබූ අතර ප්‍රංශ, ඉංග්‍රීසි, ජර්මානු භාෂා ඉන් ප්‍රධාන තැනක් ගන්නා ලදී. පාසැල් අධ්‍යාපනය අවසන් කල පසු විදේශිය කටයුතු වලට අදාල රැකියාවකට යොමු වූ ඔහු, එම රැකියාව සිත්සේ නොවු හෙයින්, බාල් නැටුම් වලට සහභාගිවීම, දූ කෙළියේ යෙදීම, නර්තන ශාලාවල කල් ගෙවීම ඔහුගේ විනෝදාංශ විය. එලෙසම බුද්ධිමය සංවාද වලට සහභාගිවීම ඔහු ප්‍රියකල අතර එහි බලපෑම හේතු කරගෙන නිදහස්කාමී අදහස් ඔහු තුල උද්දීපනය වූයේය.
          එහි ප්‍රතිඵලයක් ලෙස රුසියානු කාව්‍යය සාහිත්‍ය තුල ප්‍රචලිත වූ “ නිදහස“ , “ චාදායෙෆ් වෙත“, “ ගම්මානය“ යන ත්‍රිත්ව කාව්‍යයන් එළිදකින ලදී. ඒ අනුව රුසියානු නිදහස්කාමි පද්‍ය සාහිත්‍යයේ පුරෝගාමියා ලෙස පුෂ්කින් සැළකිය හැක.
          1820 වර්ෂය අවසානයේදී පුෂ්කින් තම ශ්‍රේෂ්ඨතම නිර්මාණය වන “ යෙවිගේනී අනේගින් “ කාව්‍ය අවසන් කරන ලදී.
1825 වර්ෂයේදී දෙසැම්බර්වාදීන්ගේ කැරැල්ල මැඩපැවැත්වීමත් සමගම එය මෙහෙයවූවන් සයිබීරියාවට පිටුවහල් කරන ලදී. ඔවුන්ගේ නොබිදෙන උත්සහය අගය කරමින් පුෂ්කින් විසින් “ ගැඹුරු සයිබීරියානු ආගාද තුළ “ නැමැති කාව්‍ය රචනා කරන ලදී. මෙය රුසියානු සාහිත්‍යයට එකතු වූ වැදගත් නිර්මාණයන් කීපයෙන් එකකි.

1831 වර්ෂයේදී පුෂ්කින් නතාලියා ගන්චෙරෝවා නැමැති සුකුමාළ තරුණිය සමග විවාහ විය.



                                    නාතාලියා ගන්චෙරෝවා.



“ මා විවාහකයි. වාසනාවන්තයි. එකම ප්‍රාර්ථනය මගේ ජීවිතයේ කිසිම වෙනසක් නොවේවා යන්නයි. වඩා යහපත මම අපේක්ෂා නොකරමි.“ යනුවෙන් පුෂ්කින් තම මිතුරෙකුට ලියා යැව්වේය.
පුෂ්කින් 1830 වර්ෂයේ සිට රුසියානු සාහිත්‍ය විචාරයේ අගතැන්පත් සඟරාවක් වන “ සව්රිමෙන්නික් “ ( සමකාලිනයා ) හී ප්‍රධාන කතෘ ලෙස කටයුතු කලේය.
පුෂ්කින්ගේ දිවි මගේ අවසාන වර්ෂ කීපය තුලදී ඉස්කෝප්පු රැජින හා කපිතාන්ගේ දියනිය නැමැති ලෝක සාහිත්‍යට දායකකල විශිෂ්ඨ නිර්මාණ දෙකකි.

තම බිරිඳට සිදුකරන ලද අපහසයක් මත ප්‍රංශ ජාතික දන්තෙස් සමග ද්වන්දව සටනින් 1837 පෙබරවාරී මස 10 වන දින මියගියේය.


               පුෂ්කින් හා දන්තෙස් අතර ද්වන්දව සටන.


                      පුෂ්කින්ගේ සොහොන

“ පුෂ්කින් අසාමාන්‍ය ආශ්චර්යයකි. එවැන්නෙක් රුසියානු සාහිත්‍යට හිමිවන්නේ වසර දෙසියකිනි.“ වසීලී ගෝගල් එසේ පුෂ්කින් පිළිබඳ ලියා තැබුවේ. එහෙත් අද වනතෙක් රුසියානු සාහිත්‍යට පුෂ්කින් වැන්නෙක් බිහිවී නැත.

සටහන        -        ෆීලික්ස් ප්‍රනාන්දු.

Saturday, June 4, 2016

සිත්තරා.

ගල්ගැසුනේය සිත්තරා, ක්‍රමයෙන් දුර්වලවු,
සිතෙන්නේය සදාතනික ජිවිතය ගැන,
සිතුවම් මුල්ලකට දැමුවේ
කුමකින් හෝ සැළෙන හදවතින්මය.

රහස නිර්මාණශීලිත්වයේ  වියෝවන්නේය
අනිද්‍රාතාවයෙන් පිළිකුල්ව ලෑටි ගාන්නේය......
කොපමණ චිත්ත රූප, වගකීම් පිළිබඳ
ඔහු, සායම් තුල අවදිකිරීමට නොහැකිවන්නේය!

ආත්මය කඩිම්ඩියෙන්ම හා ඉරාදමන ලදී,
එය තුල නොහික්මුණු අභිලාෂයන්
සජීවි ගීතය උපන්නේය,
ප්‍රීතියෙන් ඉපිළුනු ආනුභාවය!

සුසුම්ලෑවේය රෑ ආලෝකය, හා අරුණොදයේ රත්පැහැය,
උතුරා ගැළුවේය පටු කවුළුව තුලින්.
එක්වුනේය නිර්මාපකයා පහසුවෙන් හා දිරිමත්ව
මිහිකතේ සදාතනික සළු පිළිතුලට.

ඉන්නා වලාදිමිරෝව්නා වස්කෝබොයිනීකවා.
රුසියන් බසින් සිංහල බසට,
ෆීලික්ස් ප්‍රනාන්දු.

Wednesday, June 1, 2016

හේමන්ත ප්‍රභාතය.


තුහින හා බාසුරු; දිනිති අසිරිමත්!
තවමත් නිදිවරද නුඹ, එය පුජනීයයි.
කාළය එළැඹී ඇත විලාසිනියේ, පිඹිදෙන්න.
විවර කරන්න ප්‍ර‍බොධමත් අගුළු,
හමුවට උත්තර අරුණාලෝකයේ,
උතුරු තරුව පායා එනවා.

සැඳැසාදය, මතකද නුඹට හිම කුණාටුව,
මහත් වේගයෙන් පැතිරගිය.
ගුප්ත නබෝගැබ හීන් මීදුම පළදින්නේය.
පුන්සිසි, පිපිහළු ලපයක් සේය.
නොනැවතී වළාකුළු උග්‍ර පඬුවන්විය.
නුඹ දුක්මුසුව වාඩිවී සිටින්නීය.
එවිට එබී බලන් කවුළුවෙන්,

නීල තිදස යට,
උත්තම බුමුතුරුණුවන්,
හිරුකැන් යට, හිම වැතිර ඇත.
විනිවිද පෙනෙන අරණ, එකලාව කළුවන් වන්නේය.
ෆර් ගස් ( නත්තල් ගස් ) අතරින් හැළෙන තුසර හරිතවන් වන්නේය.
ආර මිදුනු ජල කඳ යටින් දිදුළන්නේය.

කුටි සියල්ල තෘණමණීවන් කාන්තියෙන් ප්‍රදීප්තය.
ඉපිළෙන සරදමකින් පුපුරන්නේය උතුරායන උඳුන.
ප්‍රියයි සිතිමටත් සයනය මත.
නමුත් නුඹ දන්නෙහිද: නියෝග නොකරන්නේද යකුලට.
තලඑළලු තුරුණු වෙළඹට තහනම් කරන්නේද?

ලිස්සායන්නට ප්‍රභාතයේ හිම මත.
ප්‍රිය මිතුර. ඉඩදෙම්ද පලායාමට,
නොඉවසිලිමත් තුරඟාට,
දැකීමට යන්නෙමු මුඩු කෙත.
අරණ, නොබෝදා එතරම් මුඩු විය.
ඉවුරු ප්‍රියයි මා හට.

අලෙක්සාන්දර් සිර්ගේවිච් පුෂ්කින්.
රුසියන් බසින් සිංහල බසට,
ෆීලික්ස් ප්‍රනාන්දු.

Monday, May 30, 2016

චින්ගීස් අයිත්මාතෆ් හා ගුරු ගීතය. 1 කොටස

බ්ලොග් අඩවි කීපයක චින්ගීස් අයිත්මාතෆ්, දුයිෂෙන් හා ගුරු ගීතය පොත පිළිබඳව සඳහන් කල හෙයින් පරිවර්ථන වලට පමණක් සීමා වන්නට සිතූ මම අවශ්‍යතාවය අනුව යම් යම් සටහන් තැබිමටද ආරම්භ කරමි.

        දැදිගම වී. රොද්‍රිගු මහතා විසින් රුසියන් බසින් සිංහල බසට පරිවර්තනය කල “ ගරු ගීතය “ නම් වූ නව කතාව චින්ගීස් අයිත්මාතෆ් විසින් ලියු බව ඔබ කවුරුත් දන්නා කරුණකි. එහි රුසියානු නම “ පියෙර්වි උචීතිල් “ වේ.

රුසියානු භාෂාවෙන් ගුරුවරයා හඳුන්වන වදන් දෙකකි.

1.   උචීතිල්

2.   ප්‍රිපදවාතිල්


“ උචිතිල් “ යන වචනය  “ උචිත් “ යන ක්‍රියා පදය හා බැඳේ. උචිත් යන්නෙහි අර්ථය වන්නේ යම් දෙයක් ගොඩනැගීම සඳහා ඉගැන්වීම හෝ පුහුණු කිරිමයි. ඒ අනුව “ උචිතිල් “ යනු යම් දෙයක් ගොඩනැගීම සඳහා උගන්වන හෝ පුහුණු කරන පුද්ගලයා වේ.


“ ප්‍රිපදවාතිල් “ යන වචනය “ ප්‍රිපදවාත් “ යන ක්‍රියා පදය හා බැඳේ. එහි තේරුම වන්නේ මනාලෙස ලබාදීම යනුවෙනි. ඒ අනුව ප්‍රිපදවාතිල් යනු මනාලෙස ලබාදෙන්නාය. කුමක්ද? දැනුම.

තවද  “ උචිතිල් “ වරු සෝවියට් හා රුසියානු ප්‍රාථමික හා කණිෂ්ඨ පාසල් වල සිටින ගුරුවරු පිරිසකි. “ ප්‍රිපදවාතිල් “ වරු ජේෂ්ඨ පාසැල්වල, විශ්ව විද්‍යාල හා අධ්‍යාපන ආයතන වල අධ්‍යාපනය ලබා දෙන ගුරුවරු පිරිසකී.
ඒ අනුව කුඩා අල්තීනායිට දුයිෂෙන් වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම උචීතිල් කෙනෙක් වූයේය. මන්ද දුයිෂෙන් ඇයට ජීවිතය ගොඩනගා ගැනීමට ඉගැන්වූ නිසාවෙනි.

තවද පියෙර්වී උචිතිල් යනු වෙන් අදහස් වන්නේ “ මුල් ගුරුතුමා “ ලෙස වේ.

සටහන - ෆීලික්ස් ප්‍රනාන්දු.