මහා රුසියානු කවි අලෙක්සාන්දර් සිර්ගේවිච් පුෂ්කින් 1799 වර්ෂයේදී මොස්කව් නුවරදී මෙලොව එළිය දුටුවේය. ඔහුගේ දෙමව්පියන් රදළයින්වූ අතර, ඔහුගේ මාමා වසීලී ල්වෝවිච් පුෂ්කින්ගේ සමීපතම නෑයා හා සාහිත්‍ය මගේ පුරෝගාමී ගුරුවරයා විය. ඔහු වයස අවුරුදු 8 සිට කවි ලිවිමට හා කියවීමට ආරම්භ කලේ ප්‍රංශ භාෂාවෙනි. එවකට වංශවත් රුසියානුවන් තම සාහිත්‍ය රසය වින්දේ ප්‍රංශ භාෂාවෙනි.
පුෂ්කින්ගේ නිවසෙහි ඉතා විශාල සාහිත්‍යමය වටිනාකමකින්
යුත් පොත් ගුලක් විය. රුසියානු හා යූරෝපීය ගත්කතුවරුන්ගේ සම්භාවනීය නිර්මාණ මෙම
පොත්ගුලේ විශේෂ ස්ථානයක් හිමිකර ගත්තේය. දාර්ශනික රූමෝගේ ලිපි පුෂ්කින්ගේ
නිර්මාණවලට ඉමහත් රුකුලක් වූයේය.
පුෂ්කින්ගේ
මිත්තනිය වූ මරීයා අලෙක්සෝව්නා හා ඇයගේ මෙහෙකාරිය වූ අරීනා රිදියෝනවා පුෂ්කින්ගේ
චරිත වර්ධනය හා ඔහුගේ නිර්මාණ කෙරෙහි විශාල බලපෑමක් කළෝය. මෙම රුසියානු ගැමි
කාන්තාවන් දෙදෙනා නිතිර නිතර රුසියානු ජනකතා හා ජන ගීත කුඩා කලසිටම පුෂ්කින්ගේ
දෙසවනට හුරු කළෝය.
රුසියානු
කූලීනයන්ගේ චාරිත්‍රයට අනුව වයස අවුරුදු 13 දක්වා පුෂ්කින් නිවසේම අධ්‍යාපන ලැබූ
අතර ප්‍රංශ, ඉංග්‍රීසි, ජර්මානු භාෂා ඉන් ප්‍රධාන තැනක් ගන්නා ලදී. පාසැල් අධ්‍යාපනය
අවසන් කල පසු විදේශිය කටයුතු වලට අදාල රැකියාවකට යොමු වූ ඔහු, එම රැකියාව සිත්සේ
නොවු හෙයින්, බාල් නැටුම් වලට සහභාගිවීම, දූ කෙළියේ යෙදීම, නර්තන ශාලාවල කල් ගෙවීම
ඔහුගේ විනෝදාංශ විය. එලෙසම බුද්ධිමය සංවාද වලට සහභාගිවීම ඔහු ප්‍රියකල අතර එහි
බලපෑම හේතු කරගෙන නිදහස්කාමී අදහස් ඔහු තුල උද්දීපනය වූයේය.
එහි ප්‍රතිඵලයක්
ලෙස රුසියානු කාව්‍යය සාහිත්‍ය තුල ප්‍රචලිත වූ “ නිදහස“ , “ චාදායෙෆ් වෙත“, “
ගම්මානය“ යන ත්‍රිත්ව කාව්‍යයන් එළිදකින ලදී. ඒ අනුව රුසියානු නිදහස්කාමි පද්‍ය
සාහිත්‍යයේ පුරෝගාමියා ලෙස පුෂ්කින් සැළකිය හැක.
1820
වර්ෂය අවසානයේදී පුෂ්කින් තම ශ්‍රේෂ්ඨතම නිර්මාණය වන “ යෙවිගේනී අනේගින් “ කාව්‍ය
අවසන් කරන ලදී.
1825 වර්ෂයේදී දෙසැම්බර්වාදීන්ගේ කැරැල්ල මැඩපැවැත්වීමත්
සමගම එය මෙහෙයවූවන් සයිබීරියාවට පිටුවහල් කරන ලදී. ඔවුන්ගේ නොබිදෙන උත්සහය අගය
කරමින් පුෂ්කින් විසින් “ ගැඹුරු සයිබීරියානු ආගාද තුළ “ නැමැති කාව්‍ය රචනා කරන
ලදී. මෙය රුසියානු සාහිත්‍යයට එකතු වූ වැදගත් නිර්මාණයන් කීපයෙන් එකකි.
නාතාලියා ගන්චෙරෝවා.
“ මා විවාහකයි. වාසනාවන්තයි. එකම ප්‍රාර්ථනය මගේ ජීවිතයේ
කිසිම වෙනසක් නොවේවා යන්නයි. වඩා යහපත මම අපේක්ෂා නොකරමි.“ යනුවෙන් පුෂ්කින් තම
මිතුරෙකුට ලියා යැව්වේය.
පුෂ්කින් 1830 වර්ෂයේ සිට රුසියානු සාහිත්‍ය විචාරයේ
අගතැන්පත් සඟරාවක් වන “ සව්රිමෙන්නික් “ ( සමකාලිනයා ) හී ප්‍රධාන කතෘ ලෙස කටයුතු
කලේය.
පුෂ්කින්ගේ දිවි මගේ අවසාන වර්ෂ කීපය තුලදී ඉස්කෝප්පු
රැජින හා කපිතාන්ගේ දියනිය නැමැති ලෝක සාහිත්‍යට දායකකල විශිෂ්ඨ නිර්මාණ දෙකකි.
තම බිරිඳට සිදුකරන ලද අපහසයක් මත ප්‍රංශ ජාතික දන්තෙස්
සමග ද්වන්දව සටනින් 1837 පෙබරවාරී මස 10 වන දින මියගියේය.
පුෂ්කින් හා දන්තෙස් අතර ද්වන්දව සටන.
පුෂ්කින්ගේ සොහොන
“ පුෂ්කින් අසාමාන්‍ය ආශ්චර්යයකි. එවැන්නෙක් රුසියානු
සාහිත්‍යට හිමිවන්නේ වසර දෙසියකිනි.“ වසීලී ගෝගල් එසේ පුෂ්කින් පිළිබඳ ලියා තැබුවේ.
එහෙත් අද වනතෙක් රුසියානු සාහිත්‍යට පුෂ්කින් වැන්නෙක් බිහිවී නැත.
සටහන - ෆීලික්ස් ප්‍රනාන්දු.
හොඳ ලිපියක් පුෂ්කින් ගැන. "කපිතාන් ගේ දියණිය " මම කැමති කතාවක්.
ReplyDeleteමමත් ඉතා අභිරුචියෙන් කියෙව්වා. “ හිම කුණාටුව “ ඊට දෙවැනි නැහැ.
ReplyDeleteඔය ද්වන්ධ සටන පුශ්කින් මරන්න හිතාගෙන ඇතිකරගත් එකක් කියලා අහලා තියෙනවා.
ReplyDeleteඒවගේ කථා ඒකාලෙත් පැතිරිලා තිබුනාලු. අදටත් විවිධ අදහස් එළිදකිනවා.
DeleteThis comment has been removed by the author.
Deleteවැදගත් පුද්ගලයෙකුගේ නොවැදගත් නික්ම යාමක්
ReplyDeleteඒත් ඒ කාලෙ නම්බුව සෑහෙන්න බලපාල තියේ වගේ
එකල පැවති සමාජක්‍රමය අනුව වංශවත් කුල ස්ත්‍රීයකට අපහාස කිරීම ඇගේ සැමියාට අතුල් පහරක්දීමක් වැනිය. ඇයගේ හා තමාගේ ආත්ම ගරුත්වය තකා අපහසකරු මරා දැමීම සඳහා ද්වන්දව සටන් කිරීමට අභියෝකිරීම එකලපැවති සිරිතකි. ඒ අනුව නම්බුව සෑහෙන්න බලපැවා.
ReplyDelete