Saturday, June 4, 2016

සිත්තරා.

ගල්ගැසුනේය සිත්තරා, ක්‍රමයෙන් දුර්වලවු,
සිතෙන්නේය සදාතනික ජිවිතය ගැන,
සිතුවම් මුල්ලකට දැමුවේ
කුමකින් හෝ සැළෙන හදවතින්මය.

රහස නිර්මාණශීලිත්වයේ  වියෝවන්නේය
අනිද්‍රාතාවයෙන් පිළිකුල්ව ලෑටි ගාන්නේය......
කොපමණ චිත්ත රූප, වගකීම් පිළිබඳ
ඔහු, සායම් තුල අවදිකිරීමට නොහැකිවන්නේය!

ආත්මය කඩිම්ඩියෙන්ම හා ඉරාදමන ලදී,
එය තුල නොහික්මුණු අභිලාෂයන්
සජීවි ගීතය උපන්නේය,
ප්‍රීතියෙන් ඉපිළුනු ආනුභාවය!

සුසුම්ලෑවේය රෑ ආලෝකය, හා අරුණොදයේ රත්පැහැය,
උතුරා ගැළුවේය පටු කවුළුව තුලින්.
එක්වුනේය නිර්මාපකයා පහසුවෙන් හා දිරිමත්ව
මිහිකතේ සදාතනික සළු පිළිතුලට.

ඉන්නා වලාදිමිරෝව්නා වස්කෝබොයිනීකවා.
රුසියන් බසින් සිංහල බසට,
ෆීලික්ස් ප්‍රනාන්දු.

No comments:

Post a Comment