Saturday, September 10, 2016

නමවන කොටස.


අණදෙන්නෙකු හා අරගලකරන්නෙකු ලෙස ස්තාලින් යුධ කළාවේ ප්‍රවීණත්වය විදහා දැක්වූයේය. 1942 මැයි මස 1 වන දින ස්තාලින්, රතු හමුදාව සතුව සතුරා විනාශ කිරීමටත්, සෝවියට් දේශයෙන් සතුරා පන්නා දැමීමටත් සියළු හැකියාව ඇති බව සනාථ කලේය. සටන් පුහුණුව තවදුරටත් වැඩි දියුණු කිරීමේ අවශ්‍යතාවය ස්තාලින් විසින් නිතර නිතර අවධාරණය කලේය. යුධ උපකරණ භාවිතා කිරීමට අවශ්‍ය වන දැනුම හා කුසළතා වර්ධනය කිරීම අනිවාර්ය කිරීම ස්තාලින්ගේ මූලික උපක්‍රමයකි.

        1942 වර්ෂයේ යුරෝපයේ දෙවන පෙරමුණක් නොමැති වීම ප්‍රයෝජනයට ගනිමින් ජර්මාණුවන් ඔවුන්ගේ සංචිත මාරු කරන ලදී. එහිදී ඔවුන්ගේ මිතුරන් හා භට පිරිස් ප්‍රධාන තැනක් ගත්තේය. ස්තලින් විසින් ජර්මාණුවන්ගේ විධාන සැළැස්ම කාලීනව අනුමාන කලේය. ස්තාලින්ගේ නියෝගය පරිදි සෝවියට් හමුදාව උතුරු වෙත ගමන් කරන සතුරාගේ මාර්ගය අවහිර කලේය. 1942 වර්ෂයේ ජූලි මස මධ්‍ය භාගයේදී ජර්මාණුවන් ස්තාලින්ග්‍රාද් නගරයට කඩා වැදීමට ආරම්භ කලේය. සෝවියට් පෙරමුණ බිඳ දැමීම හා දිගින් දිගටව උතුරු වෝල්ගා ප්‍රදේශය වෙත ආක්‍රමණය දියත් කිරීම වේ. කුමණ පිරිවැයක් හෝ දරා ස්තාලින්ග්‍රාද් නගරය ආරක්ෂා කරන ලෙස ස්තාලින් එම පෙරමුණේ අණදෙණ නිළධාරින්ට නියෝග කලේය.

“ මම නියෝග කරමි, ස්තාලින්ග්‍රාද් ආරක්ෂා කිරීමට ඔබ විසින් සියළුම ක්‍රියාමාර්ග ගතයුතු බව. ස්තාලින්ග්‍රාද් සතුරාට යටත්විය යුතු නැත.“ ( ප්‍රාව්දා, නො. 28, 1944 පෙබරවාරී 02.)




        යුධ ඉතිහාසයේ ශ්‍රේෂ්ඨතම සටන ලෙස රුසියානුවන් හඳුන්වන ස්තාලින්ග්‍රාද් සටන ආරම්භ විය. රතු හමුදාව වීරත්වයෙන් වොල්ගා නදිය මතවූ ප්‍රසිද්ධ නගරය ආරක්ෂා කලේ ස්තාලින්ගේ නමින් එම නගරය නම් කරමිනි. ස්තාලින්ග්‍රාද් යුධ පෙරමුණේ අණදෙන නිළධාරීන් හා දේශපාලන උපදේශකවරුන් ස්තාලින් වෙත ලිපියක් යොමු කලේය. එහි සෑම වදනක්ම දිවුරුමක් සේ විය.

“ අපගේ සටන ඉදිරියේ, සමස්ත සෝවියට් රට ඉදිරියේ අපි දිවුරා කියන්නෙමු, රුසියානු අවි වලට නිගා නොකරන්නෙමු, අපි අවසානය තෙක් සටන් කරන්නෙමු. ඔබගේ නායකත්වය යටතේ අපේ පියවරුන් ත්සාර්ට එරෙහි සටන ජයග්‍රහණය කලහ. ඔබගේ නායකත්වය යටතේ ජයගන්නෙමු හා දැන් මහ සටන ස්තාලින්ග්‍රාද් මතින් “ ( ප්‍රාව්දා, අංක 310, 1942 නොවැම්බර් 6 වනදා )

සතුරා ස්තාලින්ග්‍රාද් හා කොකේසියානු කදු පාමුල පරාජයෙන් ඇද වැටෙද්දි, සෝවියට් දේශය ශ්‍රේෂ්ඨ ඔක්තෝම්බර් සමාජවාදී විප්ලවයේ 25 වන වර්ෂ පූර්ණය සැමරුවේය.

“ මම සිතනවා, වෙනත් රටකට හෝ වෙනත් හමුදාවකට ෆැසිස්ට් හමුදාව වළක්වන්නට නොහැකි වූ අතර සෝවියට් හමුදාව ඔවුන් වැළැක්වූ බව. අපේ සෝවියට් රජය, අපේ රතු හමුදාව පමණක් මෙවැනි අමානුෂික ප්‍රහාරයක් වැළැක්වීමට සමත්විය. නොනැසී සිටීමට පමණක් නොව ජයගැනීමට හැකිවිය. ( ජෝසෆ් ස්තාලින්. සෝවියට් දේශයේ දෙවන ලෝක යුද්ධය, 5 වන මුද්‍රණය, පිටුව 69 - 70).

        ස්තාලින් රතුහමුදාව ඉදිරියේ ඉලක්කයක් තැබුවේය. සතුරාට ඉදිරියට යාමට ඉඩ නොදිය යුතු බව හා සැළසුම් සහගත අනපේක්ෂිත ප්‍රහාරයක් එල්ල කලයුතු බව ස්තාලින් නියෝග කලේය.


        රතු හමුදාව හා සමස්ත සෝවියට් ජනතාව තම නායකයා හා සේනාධිපතියා නිතර නිතර සිහිපත් කලේය. මිලියන ගණනක් කම්කරුවන් හා ගොවීන් හමුදා උපකරණ නිෂ්පාදන හා යුධ පෙරමුණ හා හමුදාව වෙත ආහාර නිෂ්පාදනය වේගයෙන් ඉහල දැමුවේය. සෝවියට් ජනතා ජයග්‍රහණය ස්ථීර බව මහජන කොමසාරිස් ස්තාලින් 1942 වර්ෂයේ නොවැම්බර් 7 වන දින ප්‍රකාශ කරන ලදී.

        “රස්තොෆ් වලදී, මොස්කව් වලදී, තිහිවින් වලදී සතුරා රතු හමුදාවේ දැඩි ප්‍රහාරයට ලක්වන බව ස්ථීරය. ලඟම දිනකදී සතුරා රතු හමුදාවේ අළුත් ප්‍රහාරයේ ශක්තිය දකිනු ඇත.අපේ විදි මත උත්සව පවතිනු ඇත. ( ජෝසෆ් ස්තාලින්. සෝවියට් දේශයේ දෙවන ලෝක යුද්ධය, 5 වන මුද්‍රණය, පිටුව 81 ).

ස්තාලින්ගේ එම දිදුළන වදන් ජර්මානුවන්ගේ පරාජය තහවුරු කලේය.



        1942 වර්ෂයේ නොවැම්බර් 19 වන දින ස්තාලින්ගේ නියෝගය පරිදි සෝවියට් හමුදාව ස්තාලින්ග්‍රාද් ප්‍රහාරය දියත් කලේය. එහිදී ජර්මානු හමුදාවේ කොටසක් විනාශ වූ අතර ලක්ෂ 3 කට ආසන්න භට පිරිසක් යටත් වූහ. එය ලෝක යුධ ඉතිහාසයේ ශ්‍රේෂ්ඨ ජයග්‍රහණය වශයෙන් නම් කෙරුණි. ස්තාලින්ග්‍රාද් සඳහා සටන එවක යුධ කළාවේ කිරුළ ලෙස හැඳින්වේ. එය ඓතිහාසික ජයග්‍රහණයකි.


“ ස්තාලින්ග්‍රාද් ජර්මාණු හමුදාවේ පරිහානිය වූයේය. මෙම පරාජයෙන් පසු ඔවුන්ට නැවත නැගීසිටීමට නොහැකි විය. “( ජෝසෆ් ස්තාලින්. සෝවියට් දේශයේ දෙවන ලෝක යුද්ධය, 5 වන මුද්‍රණය, පිටුව 113 )

ස්තාලින්ග්‍රාද් අල්ලාගැනීමේ මුල් දිනයෙදීම යුද්ධයේ වාසිය තම දෑතට රතු හමුදා ලබාගත්තේය. සෝවියට් හමුදාව මෙහෙයුම තවදුරටත් ගෙනගිය අතර ජර්මාණු හමුදාව සම්පූර්ණයෙන් සෝවියට් දේශයෙන් පලවා හැරීමට කටයුතු කලේය.


“ සෙවස්තෝපල් හා ඔදෙස්සා වල වීරෝදාර ආරක්ෂක මතක සටහන් සදහටම අපේ ජනතාවගේ මතකයේ රැඳෙනු ඇත. මොස්කව් නගරය අසල කොකේසියානු කඳුපාමුල පැවතී දරුණු සටන, ලෙනින්ග්‍රාද් අසල සටන, ඓතිහාසික ස්තාලින්ග්‍රාද් සටන අප මතකයේ රැදෙනු ඇත.

Thursday, September 8, 2016

සිසිරයේදී.






යුර්ගීස් කසිමිරෝවිච් බාල්ත්‍රෂායිතිස්.


කරක් ගැසුවෙමි තනිකඩව වෙහෙසටපත් පියවරින්
බිහිරි බැදි පෙත්මගේ......
කන්කළු මර්මර නද කඳුර මතින්
තවත් කෙඳිරිගෑවෙන්නේ නැත මා සමගින් ......

නීළ වන් ඈත සුභ පැතිමෙන් තොරව .....
තිමිරය එතෙන මිහිකත වටා ........
කවර දුක්මුසු සළකුණක්ද,
ක්ෂණිකව ප්‍රභාවන කොකුන් බිරුසන්නි ......


පාවෙන්නේය ඔවුන්ගේ චංචල ත්‍රිකෝණය,
සංයෝගවෙමින් පිපිහළු නීළවන් සමගින් ......
යදින්නේය, හිරිප්පාඩු වහලුන්,
නිදහසේ පංගුව සරන්නේය!

යුර්ගීස් කසිමිරෝවිච් බාල්ත්‍රෂායිතිස්.
රුසියන් බසින් සිංහල බසට,

ෆිලික්ස් ප්‍රනාන්දු.

Sunday, September 4, 2016

ප්‍රභාතයේ පාසැලට පාගමනින්.



වළාකුළු අද්දර දැවෙන්නට වූයේය,
කඳුරෑන මුදුනින් දිදුලන්නට වූයේය,
නද දුන්නේය, දිනය පහන්විය.

මංපෙත් සියල්ල හිමෙන් යටවී ඇත දැන්,
දස දහසක් කැටපත් වැනී,
කවුළු විස්මිතය, විචිත්‍රව දිළෙන්නේය.

කොලුවන්ට නාස්තිකරන්න කල් නැත,
උණුසුම රඳවාගන්නට උඩපැන්නෝය,
වැඩිමහල්ලු තේපැන් සකසන්නේය ඔවුන්ට.

ඔවුන් පාසැල් බෑගය රැගෙන,
ආරක්ෂාකරමින් තමන්ව සෙම්ප්‍රතිශ්‍යාවෙන්,
මෙන් මුතු, ස්තෙප් තණබිමට වෑහුනු.

නීල තිදස පිරිසිඳුය පැහැදිළිය,
දැඩි සීතල රැගෙන එන්නේය සුළං,
හමන්නෝය පුන් ජවයෙන්.

ගැටවුන්ගේ දිවීම නතර කිරීම උකහටය,
දිවීමෙන් රක්ත වන් විය ඔවුන්ගේ දෙකොපුල්,
කඩිනමින් ඔවුන් පාසැලට දිවයන්නේය.



බසාරො න් චෝයිෂිල් - ල්හාමා.

1942.
බසාරොන් චෝයිෂිල් - ල්හාමා.
රුසියන් බසින් සිංහල බසට,

ෆීලික්ස් ප්‍රනාන්දු.

Monday, August 29, 2016

කැරකොප්පුවේදී.



 අර්සේනි අලෙක්සේවිච් ස්මිර්නෝෆ්.

ඔබේ සිහින සැබැවිය.
මැඩපැවැත්වෙන්නේය තම පෙළඹවීම්,
මම සිටියෙමි කළු කුරුසිය අසල
සිටිමි ඔබ ඔබ එනතුරු, හොල්මනක් සේ.

කුමක්දෝ අවතාර වදුලක් වටා
ශෛලමය සොහොන් කොත්, කුරුස, දේවස්ථාන,
රෑ අහසේ රාශි පවා
එම කැරකොප්පුව මත අසමානය.

එහිදී නම් කරන්නේය නියමයන්,
කොතැනද නියම කරන්නේ අවමගුල!...
නමුත් මෙන්න දකින්නේය සිහින - එසේ වුවත් යථාර්ථය -
මට ඇසෙන්නේය මර්මර නදේ මංතලව්ව.

නුඹ පැමිණියාය .... කපු රෙද්ද යටින්
මම හඳුනා ගනිමි ගති ලක්ෂණ රාජිනියගේ.
ඔහ්, මියගිය අප අතර ඔබ සමගින්
ජීවමාන වන්නෙමු උදාතරුව තෙක්!

අල්වින්ග් අර්සේනි.
( අර්සේනි අලෙක්සේවිච් ස්මිර්නෝෆ්.)
රුසියන් බසින් සිංහල බසට,

ෆිලික්ස් ප්‍රනාන්දු.

Sunday, August 28, 2016

අටවන කොටස.


එම වාර්තාවේදී ස්තාලින් විසින් යුද්ධයේ ඉදිරි මාස හතර සඳහා සාරාංශ ගත කලේය.
කුරිරු හා අවංක හමුදා ප්‍රධානින් හා ජනතාව කියා සිටියේ සෝවියට් දේශය මතින් ඉතා භයානක් තත්ත්වයක් පවතින බවයි. නාසිවරුන්ගේ සැළැස්ම වූයේ සෝවියට් දේශය තීරණාත්මකව අවසන් කිරීමට හා ඒ සඳහා තෝරාගත් ක්‍රමය වූයේ අකුණුසැරවන් යුද්ධයයි. ෆැසිස්ට්වරුන් යුක්තිසහගත නොවූ අතර ඔවුන්ගේ ආක්‍රමණය ඉතා කුරිරු විය. සෝවියට් රතු හමුදාව හා නාවික හමුදාව දුර්වල කිරීම ඔවුන්ගේ එකම අරමුණ විය. රතු හමුදාවේ පසුබෑමට හේතු පෙන්වා දෙමින් ස්තාලින් කියා සිටියේ මෙම සටන සඳහා යුරෝපයේ දෙවන පෙලේ හමුදාවක් නොමැතිවීම, රතු හමුදාව සතුව යුධ ටැංකු නොමැති වීම හා ප්‍රමාණවත් ගුවන් ප්‍රහාරක යානා නොමැති වීමයි. නාසි හමුදාවේ යුධ ටැංකි ප්‍රමාණය හා ප්‍රහාරක ගුවන් යානා ප්‍රමාණාත්මකව විනාශ කිරීම හා සෝවියට් හමුදාවේ ශක්තිය වර්ධනය කිරීම ස්තාලින්ගේ ප්‍රමුඛ අරමුණ විය. නායකත්වයේ එම වැදගත් නියෝගය යුද්ධයට ශ්‍රේෂ්ඨ අරුතක් එක් කලේය. එම නියෝගය ක්‍රියාවට නංවමින් සෝවියට් කර්මාන්තය දවසින් දවස ගුවන් යානා, යුධ ටැංකි නිෂ්පාදනය ඉහල නැංවුයේය. 




ස්තාලින් නාසි හමුදාවේ “ ජාතික -සමාජවාදී “ වෙස් මූණ ඉරා දැවේය. සමස්ථ ලෝකයටම එය නිරාවරණය කලේ ඔවුන් අතිශය කුරිරු කලහාකාරී කණ්ඩායමක් වශයෙන් හා මිනී මරුවන් ලෙසයි.

“ එම හමුදාව හෘදය සාක්ෂියෙන් තොරව, සත්ව ප්‍රජාවක් ලෙස, ප්ලෙහානොෆ්, ලෙනින්, බෙලීන්ස්කි, චෙර්නිෂෙව්ස්කි, පුෂ්කින්, තල්ස්තෝයි, චයිකෝව්ස්කි, ගෝර්කි, චේහෆ්, රේපින්, සූරිකෝෆ් හා කුතූසෆ් යන ශ්‍රේෂ්ඨ පුද්ගලයින්ගේ රුසියානු මහා ජාතිය විනාශ කිරීමට නොපැකලීව ඉදිරියට පැමිණ ඇත. ( ජෝසෆ් ස්තාලින්. සෝවියට් දේශයේ දෙවන ලෝක යුද්ධය, 5 වන මුද්‍රණය, පිටුව 30).

        යුධ හමුදාව හා නාවික හමුදාව තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා සමස්ථ සෝවියට් ජනතාව කැඳෙව්වේය.

“ නාසි ආක්‍රමිකයින්ට අවශ්‍ය වන්නේ සෝවියට් ජනතාව සමූල ඝාතනය කිරීමේ යුද්ධයක් නම්, ඔවුන්ට එම සමූල ඝාතක යුද්ධය නිසැකයෙන්ම ලැබෙනු ඇත.“ ( ජෝසෆ් ස්තාලින්. සෝවියට් දේශයේ දෙවන ලෝක යුද්ධය, 5 වන මුද්‍රණය, පිටුව 30).

        “ අපේ කටයුතු නිවැරදියි, - ජය අප සමගයි!“
( ජෝසෆ් ස්තාලින්. සෝවියට් දේශයේ දෙවන ලෝක යුද්ධය, 5 වන මුද්‍රණය, පිටුව 36). 

සෝවියට් ජනතාවගේ සිතිවිලි, අභිලාෂයන් හා ගැඹුරු විශ්වාසය සතුරා පරාජය කිරීමට රුකුලක්විය.

1941 වර්ෂයේ නොවැම්බර් මස 7 වන දින රතු චතුරශ්‍රය තුලදී, රතු හමුදාවේ පෙළපාලියක් පැවැත්විය. ලෙනින්ගේ සෙහොන් ගැඹ මත සිට ස්තාලින් රතුහමුදාවේ විමුක්තිය පිළිබඳව කතා කලේය, සෝවියට් සොල්දාදුවන්ට පක්ෂපාතීත්වය උදෙසා උපදෙස් දුන්නේය.


1941 වර්ෂයේ නොවැම්බර් මස 7 වන දින රතු චතුරශ්‍රයේ පැවති
හමුදා පෙළපාලිය.

        ස්තාලින් පුද්ගලීකවම මොස්කව් නගරයේ ආරක්ෂාව මෙහෙයවන ලදී. රතු හමුදාව ඍජුවම යොමු කලේය. සටන්කරුවන් හා අණදෙන්නවුන් දිරිගැන්වූයේය. 1941 වර්ෂයේ දෙසැම්බර් 6 වන දින ස්තාලින්ගේ නියෝගය පරිදි මොස්කව් නගරය වටලා සිටි නාසි හමුදාව වෙත දරුණු ප්‍රහාරයක් එල්ල කලේය. මේ දරුණු ප්‍රහාරයෙන් පසු ජර්මානුවන් පසු බැස්සේය. සෝවියට් හමුදාව නාසි හමුදාවන්ගේ ඒකියත්වය බිඳ දැමුවේය. කිලෝමීටර් 400 වඩා වැඩි භූමි ප්‍රමාණයක් ශීත කාලයට හසුවීම ඊට රුකුලක් විය. මොස්කව් නගරය ග්‍රහණය කර ගැනීමේ හිට්ලර්ගේ කුරිරු සැළසුම් අසාර්ථක විය.මොස්කව් නගරය වටා කඳවුරු ලා සිටි නාසි හමුදාවේ පරාජය යුද්ධයේ පළමු වසර තුල තීරණාත්මක සිද්ධියක් විය. එය නාසි හමුදාවේ විශාලම පරාජය විය. නාසි හමුදාවේ මෙම පරාජය පුරාවෘත්ත නිර්මාණයට හේතු විය. නාසි හමුදාවේ මෙම පරාජය ස්තාලින්ගේ මූලෝපායික සැළසුම් වල ශ්‍රේෂ්ඨත්වය පෙන්නුම් කරනු ලබයි.

“ විස්මිත හා අනපේක්ෂිත මෙහොත ලද ප්‍රහාරයෙන්, සංචිතයක් ලෙසවූ නාසි හමුදා, සම්පූර්ණයෙන් හෙම්බත්විය. නාසි හමුදාව විසින් නිර්මාණය කල යුද්ධයේ කොන්දේසිවල අසමානතාවය ඔවුන්ගේ පරාජයත් සමග ඉවත් විය.“
( ජෝසෆ් ස්තාලින්. සෝවියට් දේශයේ දෙවන ලෝක යුද්ධය, 5 වන මුද්‍රණය, පිටුව 43).

Saturday, August 27, 2016


හත්වන කොටස.


යුධ පෙරමුණට යන සෝවියට් සොල්දාදුවන්.

1941 වර්ෂයේ ජූලි 3 වන දින ස්තාලින් ගුවන් විදුලිය ඔස්සේ සෝවියට් ජනතාව, රතු හමුදාව හා නාවික හමුදාව ආමන්ත්‍රණය කලේය. මෙම ‍ඓතිහාසික ආමන්ත්‍රණයේදී ස්තාලින් එවකට පැවති යුධ වාතාවරණය පිළිබඳව ගැඹුරු විශ්ලේෂණයක් කල අතර මව්බිම ආරක්ෂා කිරීමෙහි ලා සෝවියට් ජනතාවගේ හා හමුදාවේ කාර්යභාරය නිර්වචනය කලේය. ස්තාලින් එවකට පැවති යුධ තත්ත්වය පිළිබඳව කටුක සත්‍ය පැවසුවේය. සෝවියට් දේශය දරුණු අනතුරකට පත්ව ඇති බවත් සාමය සඳහා අත දිගු කිරීම නිසරු උත්සහයක් බවත් පැහැදිලි කලේය. ඔහු සෝවියට් ජනතාව උදාසීන නොවිය යුතු බවට, නොසැළකිලි නොවිය යුතු බවට, සටනට බිය නොවිය යුතු බවට, අඳෝනා නොනැගිය යුතු බවට, සන්ත්‍රාසය පැතිරවිය යුතු නොමැති බවට, යුද්ධයෙන් පලා නොයායුතු බවට අනතුරු ඇඟවූයේය.


        ස්තාලින් විසින් සෝවියට් සංගමයට එරෙහිව නාසි හමුදාව ආරම්භ කල යුද්ධයේ අරමුණ නිරාවරණය කලේය.
        “ සතුරා දරුණුය හා නිර්දය වේ. සතුරාගේ අරමුණ වන්නේ අප දේශය යටත් කර ගැනීමයි. පසුව අපේ ශ්‍රමයෙන් වගාකල තිරිඟු හා කණින ලද තෙල් කොල්ලකෑමයි. ඉඩම්හිමියන්ගේ බලය නැවත ස්ථාපනය කිරීම, ත්සාර්ගේ බලය නැවත ස්ථාපනය කිරීම, ජාතික සංස්කෘතිය හා ජාතික රාජ්‍ය රුසියානුවන්ගේ,උක්රායීනුවන්ගේ, බෙලෝරුසියානුවන්ගේ, ලිතෝවේනියානුවන්ගේ, ලත්වියානුවන්ගේ, එස්තෝනියානුවන්ගේ,උස්බෙක්වරුන්ගේ,තතාර්වරුන්ගේ,මල්දාවියන්වරුන්ගේ,ගෘසියානුවන්ගේ,ආර්මේනියානුවන්ගේ,අසර්බයිජාන්වරුන්ග හා සෝවියට් දේශයේ වෙනත් නිදහස් ජනතාවගේ විනාශ කිරීමයි. එම ජනතාව ජර්මානු රජුගේ හා සිටුවරුන්ගේ වහල්ලුන් බවට පත්කරාවි. මේ අයුරින් ජිවිතයත් මරණයත් ගෙවියාවි සෝවියට් රාජයයේ, සෝවියට් ජනතාවගේ. ( ජෝසෆ් ස්තාලින්. සෝවියට් දේශයේ දෙවන ලෝක යුද්ධය, 5 වන මුද්‍රණය, පිටුව 13)


        නාසි ජර්මනියට එරෙහිව යුද්ධයේ අරමුණ නිර්වචනය කරමින්, ස්තාලින්, එම යුද්ධය ජර්මානු නාසි හමුදාවට සෝවියට් ජනතාවගේ යුද්ධයක් වශයෙන් සළකුණු කලේය. එම යුද්ධය ජනතාවගේ අනතුර දියකර හැරීමක් පමණක්ම නොව, සමස්ථ යුරෝපයම ජර්මානු ෆැසිස්ට්වාදයෙන් නිදහස් කිරීමකි.
        මෙම යුද්ධයේදී සෝවියට් ජනතාව තනි නොවන බව ස්තාලින් අනාවැකි පලකලේය.
“ දේශය ගලවා ගැනීමේ අපේ යුද්ධය, යුරෝපීය සහ ඇමරිකානු ජනතාවගේ හා ඔවුන්ගේ නිදහස උදෙසා වේ. එසේම ප්‍රජාතන්ත්‍රවාදයේ නිදහස උදෙසාය. එය ජනතාවගේ ඒකාබද්ධ පෙරමුණකි. නාසි හමුදාවේ වහල් බවින් මිදීමක් වේ. ( ජෝසෆ් ස්තාලින්. සෝවියට් දේශයේ දෙවන ලෝක යුද්ධය, 5 වන මුද්‍රණය, පිටුව 16)


ස්තාලින්ගේ මෙම අනාවැකිය සනාථ විය. 1941 ජූලි මස 12 වන දින එංගලන්තය සෝවියට් දේශයත් සමග එකඟත්වය පැමිණියේය. එනම් ජර්මනියට එරෙහිව ඒකාබද්ධව යුධ මෙහෙයුම් කරන බවයි. ඇමෙරිකා එක්සත් ජනපදයද සෝවියට් දේශය සමග ඒකාබද්ධයුද මෙහෙයුම්වලට එකඟ විය. ස්තාලින් සෝවියට් ජනතාව යුධ මානසිකත්වය සඳහා කැඳෙව්වේ සතුරා පරාජය කිරීමට වේ. රතු හමුදාව,නාවික හමුදාවසහ සියළුම සෝවියට් පුරවැසියන් සෝවියට් දේශයේ සෑම බිම් අඟලක්ම ආරක්ෂා කල යුතුවේ.සියළුම නගර, ගම්දනව් ආරක්ෂා කිරීම සඳහා අවසන් ලේ බිඳුව දක්වා සටන් කලයුතු බව ස්තාලින් තදින් අවධාරනය කලේය. රතු හමුදාවට සියළුම අංශ වලින් උපකාර කලයුතු බව ස්තාලින් තහවුරු කලේය. හමුදාවට ආහාර සැපයීම,අවි සැපයීම තහවුරු කල යුතුවිය.

“ ජනතාවගේ සියළු ශක්තිය - සතුරා පරාජය කිරීමට! ඉදිරියට, අපේ ජයග්‍රහණය සඳහා “ ස්තාලින් කැඳෙව්වේය.
පක්ෂයේ එම කැඳවීමට අනුව සෝවියට් දේශය ආරක්ෂා කිරීම සඳහා සෝවියට් ජනතාව ඉදිරියට පැමිණියේය.
        කඩිනමින් හා තීරණාතමකව සමස්ත ආර්ථිකය ප්‍රතිව්‍යුහගත කරනලදී. හමුදාවේ පෙරමුණ හා පසුපස කාණ්ඩ වෙන්කල නොහැකි සේ එකම යුධ පෙරමුණකට පැමිණියේය.



        1941 වර්ෂයේ ජූලි 19 වන දින සෝවියට් දේශයේ ඉහල මන්ත්‍රණ සභාව විසින් ස්තාලින්ව සෝවියට් දේශයේ මහජන ආරක්ෂක කොමසාරිස් ලෙස පත්කලේය. ස්තාලින් සෝවියට් සන්නද්ධ ශක්තිය ඉතා කෙටි කාලයකදී ඉහත දැමුවේය. හිට්ලර්ගේ නියෝගය වූයේ සෝවියට් දේශය නිද්දිත ලෙස අත්පත්කර ගැනීමයි. මොස්කව්, ලෙනින්ග්‍රාද් යන නගර අත්පත් කරගැනීම සඳහා විශේෂ අවධානයක් යෙමු කරන ලදී. 1941 වර්ෂයේ ඉතාම භයානක පරිසරයක් ගොඩනැගුනේය. මොස්කව් නගරය මතින් මරණ තර්ජනය එල්ලුනේය. 1941 වර්ෂයේ ඔක්තෝම්බර් 19 වන දින සතුරු හමුදාව විසින් මොස්කව් නගරය වටලා ඇති බැවින් හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කලේය. මොස්කව් නගරයේ ආරක්ෂක සැළැස්ම වහා ක්‍රියාත්මකවූ අතර සතුරා පරාජය කිරීමේ සැළැස්මද සුක්ෂම ලෙස ක්‍රියාත්මක විය. සතුරා මොස්කව් නගරයේ එළිපත්තමත විය. නමුත් ඒ පිළිබඳ නොසලකා 1941 වර්ෂයේ නොවැම්බර් මස 6 වන දින ඔක්තෝම්බර් විප්ලවයේ 24 වන වර්ෂ පූර්ණ සංවත්සරය පවත්වන ලදී. එහිදී ස්තාලින් වාර්තාවක් සමගින් ප්‍රධානත්වය ඉසුලුවේය.

Wednesday, August 24, 2016

හයවන කොටස.




ස්තාලින් - නව කර්මාන්ත ගොඩනැගීමේ මූලිකයා විය. ඔහු විසින් පසුගාමී කර්මාන්ත ප්‍රතිසංස්කරණය හා සංවර්ධනය කලේය. ස්තාලින් ගල්අඟුරු - ලෝහ පදනම් කරගත් ඉදිකිරීම් කුස්බාස්හී ආරම්භ කලේය. ස්තාලින් සමාජවාදී ඉදිකිරීම් ව්‍යාපෘති වල සංවිධායක හා මෙහෙයුම්කරු වූයේය.

1927 වර්ෂයේ නොවැම්බර් මස 5 වන දින ජර්මනිය, ප්‍රංශය, ඔස්ට්‍රියාව, චෙකොස්ලෝවැකියාව, චීනය, බල්ගේරියාව යන රටවල කම්කරු නියෝජිතයින් සමග ස්තාලින් දීර්ඝ සාකච්ඡාවක් පැවැත්වුයේය. 1927 වර්ෂය අවසානයේ දී සමාජවාදී කර්මාන්තකරණය දේශපාලනය තුල තීරණාත්මකව සාර්ථක වූ බව සනාථ විය.

15 වන පක්ෂ සම්මේලනයේ දී, ස්තාලින් පසුගාමී කෘෂිකර්මාන්තය, කර්මාන්තකරණයෙන් වෙනස් වන ආකාරය හා ජාතික ආර්ථිකය තුල තර්ජනාත්මක තත්ත්වයන්ගෙන් ඉවත් වන ආකාරය පැහැදිළි කළේය.

“ කුඩා හා පැතිරුණු විශාල ගොවිපලවල් සහ ඉඩම් වල සාමුහික ක්‍රියාකාරිත්වය පදනම් කරගනිමින් ආර්ථිකය ඒකාබද්ධ කලයුතු වන්නේ ඉඩම් වල නව සාමුහික ක්‍රියාකාරිත්වය පදනම් කරගනිමින් හා උසස් තාක්ෂණයෙන් යුක්තවයි. කුඩා හා ක්ෂුද්‍ර ගොවිපලවල් ක්‍රමයෙන්, නමුත් ස්ථාවරව, පීඩනයක් නොමැතිව, ආදර්ශමත් හා පිළිගත් ක්‍රමයකට පොදු පදනම මත විශාල ගොවිපලවල් සමග සම්බන්ධ කලයුත්තේ, සහෝදරත්ව, සාමුහීක ඉඩම් වල ක්‍රියාකාරිත්ව මතයි. ඒ සඳහා යන්ත්‍ර සූත්‍ර හා ට්‍රැක්ටර් භාවිතය සමග කෘෂිකර්මය තීව්‍රකරණය කලයුතු වේ. වෙනත් ක්‍රමයක් නැත්තේය.“

සෝවියට් දේශය සාමුහීක ගොවිපළවල් ගොඩනැගුවේ ඇයි?



15 වන සම්මේලනය පවත්වන කාලය තුලදී රට තුල කෘෂිකර්මය ස්තාපනය කිරීම කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරන ලදී. ඉන් ප්‍රධාන අවධානය යොමු කලේ ධානය වගාව සඳහාය. රටේ දළ ධානය නිෂ්පාදනය පෙර - යුධ මට්ටම දක්වා වර්ධනය වූ අතර වෙළදාම සඳහා ධානය නිෂ්පාදනයේ කොටසක් නගර වලට සැපයූ අතර ඉතිරිය හමුදාව සඳහා විකුණන ලදී. එවකට සෝවියට් දේශයේ කුඩා හා ක්ෂුද්‍ර ගොවිපොළවල් මිලියන 25 ක් පමණ විය. කුඩා ගොවි පොළවල් අර්ධ යැපුම් මට්ටමේ ඒවා විය.

        සෝවියට් දේශයේ කෘෂිකර්මාන්තය මහ පරිමාණ නිෂ්පාදන කරා ගමන්කිරීමට අවස්ථා දෙකක් පැවති අතර, පළමු අවස්ථාව ගමේ නිෂ්පාදන ධනේශ්වර මහ පරිමාණ නිෂ්පාදන බවට පරිවර්තනය කිරීම වූ අතර, දෙවන අවස්ථාව කුඩා ගොවිපළවල් මහ පරිමාණ සමාජවාදී ආර්ථිකයට බද්ධ කොට සමූහ ගොවිපළවල් නිර්මාණය කිරීමයි.
       
සෝවියට් රජය මින් දෙවන අවස්ථාව කෘෂිකාර්මීක වර්ධනය සඳහා තෝරාගන්නා ලදී.

        “ කුඩා ගොවිපළවල් වලින් ඉවත්වීමේ අවශ්‍යතාවයක් නොමැත.“ ලෙනින් පෙන්වාදෙන ලදී. ( ව්ලදිමීර් ඉලිච් ලෙනින්. නිබන්ධන, වෙළුම 24, පිටුව 540.)

        වඩා මූලිකත්වය ලබාදිය යුතු ආර්ථික අවශ්‍යතාවය වූයේ ජනතාව විසින් සාමූහීකරණය සඳහා පිවිසීමයි. මේ සඳහා ස්තාලින් විසින් නායකත්වය ලබා දෙන ලදී.








1941 වර්ෂයේ ජූනි මස 22 වන දින හිට්ලර්ගේ අධිරාජ්‍යවාදී ජර්මනිය රළු ලෙස එකිනෙකා අක්‍රමණය නොකර ලෙස එළඹුනු ගිවිසුම පුදුම සහගත ලෙස කඩකරමින් සෝවියට් දේශය ආක්‍රමණය කරන ලදී. යුද්ධය සෝවියට් දේශයේ සංවර්ධනය කෙරෙහි බලපෑ හැරවුම් ලක්ෂය විය. සෝවියට් දේශය තුල ගොඩනැගෙමින් පැවති සාමකාමීවාතාවරනය අවසන් විය. විමුක්තිදායි දේශප්‍රේමි යුද්ධය (දෙවන මහ ලෝක යුද්ධය) ජර්මානු ආක්‍රමණයට එරෙහිව සෝවියට් ජනයා විසින් ආරම්භ කරන ලදී. සෝවියට් ජනතාව හා එහි සියළු බලවේග සතුරා පලවා හැරීමට ඒකරාෂි විය. රාජ්‍ය ආරක්ෂක කමිටුවේ සභාපති ලෙස ස්තාලින් පත්කරන ලදී. ස්තාලින් සෝවියට් දේශයේ සන්නද්ධ හමුදා ප්‍රධානි ලෙස යුද්ධයේ මූලිකත්වය දැරුවේය. ඔහු සෝවියට් ජනයා රුද්‍ර හා සටකපට හතුරාට, ජර්මානු ෆැසිස්ට්වාදයට එරෙහිව මෙහෙයවන ලදී. නාසි ජර්මානු හමුදාව හිට්ලර්ගේ නායකත්වය යටතේ සිය කොල්ලකාරී, ආක්‍රමණික යුද්ධය ආරම්භ කලේ ඉතා වාසි සහගත ත්ත්වයක් යටතේය. නාසි හමුදාව පූර්ණ ලෙස බලමුළුගැන්වී තිබු අතර බටහිර යුරෝපයේ යුද ජයග්‍රහණ වලින් පන්නරය ලබා තිබුනි. නාසි සේනාංක 170 ක්, සන්නද්ධ යුධ ටැංකි හා ප්‍රහාරක යානා දහසකට අධික සංඛ්‍යාවක් සෝවියට් දේශසීමා කරා ඇදුනු අතර අනපේක්ෂිතව සෝවියට් රාජ්‍ය වෙත කඩා වැදුනි.  යුද්ධයේ ආරම්භක අවස්ථාව සෝවියට් දේශයට ඉතා අවාසිදායක වූයේ ආයුධ සන්නද්ධ රටක් නොවීම හේතුවෙනි. නාසි සොල්දාදුවන්ගේ සංඛ්‍යාත්මක බලය, සුපිරි බලවේගය, තාක්ෂණය හා පීඩනයත් සමග හදිසි ප්‍රහාරයේ වාසිය ජර්මනිය ලබාගත්තේය. සෝවියට් හමුදාව රට තුලට පසුබැසීම අනිවාර්යයෙන් සිදු කල යුතුවිය. මේ හේතුවෙන් දස දිනක් තුල නාසි හමුදාව ලිත්වියාව, ලත්වියාවේ සැලකිය යුතු කොටසක්, බටහිර බෙලොරුසියාව හා බටහිර උක්රායීනය අත්පත් කර ගත්තේය. සෝවියට් දේශය බරපතල අවදානමකට ලක් විය.